සුබ දවසක් බයිස්කෝප්වාසී හැමෝටම. ඇත්තටම මේ සබ් එක නම් අහඹු සිදුවීමක්.. මම සාමාන්‍යයෙන් සබ් එකක් කරන්නේ මගෙ හිතට වැදුන, සිංහල සබ්ටයිට්ල් නැති ෆිල්ම් එකක් හම්බුණොත් විතරයි. අන්තිමට සබ් කරපු When Trumpets Fade කියන්නෙත් ඒ වගේ සුපිරි ෆිලුමක්. ඒක ඉවර කරපු ගමන්ම වගේ තවත් සබ් එකක් කරන්න අදහසක් හීනෙකින්වත්…

සුබ දවසක් බයිස්කෝප්වාසී හැමෝටම. ඇත්තටම මේ සබ් එක නම් අහඹු සිදුවීමක්.. මම සාමාන්‍යයෙන් සබ් එකක් කරන්නේ මගෙ හිතට වැදුන, සිංහල සබ්ටයිට්ල් නැති ෆිල්ම් එකක් හම්බුණොත් විතරයි. අන්තිමට සබ් කරපු When Trumpets Fade කියන්නෙත් ඒ වගේ සුපිරි ෆිලුමක්. ඒක ඉවර කරපු ගමන්ම වගේ තවත් සබ් එකක් කරන්න අදහසක් හීනෙකින්වත් තිබුණෙ නෑ. හැබැයි ඒ සබ් එක කරන දවස් වලම මට බලන්න හොද ෆිල්ම් එකක් තෝරගන්න බයිස්කෝප් එකේ පොඩ්ඩක් එහාට මෙහාට කැරකුනා. කණාවට වගේ අහුවුණා ලිපියක් විතරක් තිබුණ සබ් නොතිබුණ ෆිල්ම් එකක් (මාත් පස්සෙ තමා දැනගත්තෙ බයිස්කෝප් එක පටන් ගත්ත මුල් කාලේ සබ් දාලා නෑ ලිපි විතරයි දාලා තියෙන්නේ කියලා). ලිපියෙ වැඩි විස්තරයක් තිබුණෙ නෑ, හැබැයි කියෙව්වම ට්‍රේලර් එක බලන්න පොඩි ආසාවක් ආවා. බැලුව ඒ ගමන්ම… වැඩි කතා ඕනේ නෑ, මම නම් කියන්නෙ මේ ලිපිය කියවන එක මෙතනින් ටිකකට නවත්තන්න. ඕපන් කරන්න වෙබ් බ්‍රව්සර් එකේ අලුත් ටැබ් එකක්. ගූගල් කරන්න The International 2009 Trailer කියලා… Trailers ගොඩක් එයි. තෝරන්න දෙයක් නෑ, බලන්න පලවෙනි එකම… ට්‍රේලර් එක බැලුවට පස්සේ ෆිල්ම් එක බලන්න ආසාවක් ආවේ නැත්නම් ඇවිත් කියවන්න.. මේක සත්‍ය සිදුවීමක් යම් වෙනසකට භාජනය කරමින් නිර්මාණය කරන ලද ප්‍රබන්ධයක්. බැලුවට කිසිම පාඩුවක් වෙන්නේ නෑ.. ට්‍රේලරේ බැලුවොත් තේරෙයි! කැටගරිය ඕනෙ අයට මෙන්න>>> Action/Thriller, රේටින්ග්ස් ඕනෙ අයට මෙන්න>>> IMDB 6.5/Rotten Tomatos 81%..
දැන් යමු කතාව පැත්තට. මුලින්ම කියන්නම් සත්‍ය සිදුවීම. අහල තියනවද BCCI කියල බැංකුවක් ගැන. අහල නෑ නේද… පුදුම වෙන්න දෙයක් නෑ, මොකද ඒ බැංකුව අතීතයේ ලෝකප්‍රසිද්ධ බැංකුවක් උනත් 1990 දී තමන්ගේ අවසන් ගමන් ගියා. ආරම්භ කරේ 1972 දී පාකිස්තානු ජාතික “අගා හසන් බෙහෙඩි” නම් පුද්ගලයා. පටන් අරන් දශකයක් ගෙවෙන්නටත් මත්තෙන් ලොව පුරා රටවල් 78 ක ශාඛා 400 කටත් වැඩි ගණනක් පිහිටුවමින් එවකට ලොව ප්‍රමුඛතම බැංකු 10 අතරට පැමිණෙන්නටත් මේ බැංකුව සමත්කම් ලැබුවා. පුදුමයි නේද ඒ තරම් ඉක්මනින් මේ තරම් ලොකු ගමනක් ආවේ කොහොමද කියලා… අන්න අපිට ආපු ඒ ප්‍රශ්නෙම ඇමරිකාවේ මෑන්හැටන් හි හිටපු දිස්ත්‍රික් නීතිඥ “රොබර්ට් මොන්ටේගෝ” ටත් එනව. මෙයා ජාත්‍යන්තර පොලීසියේ සහයෝගයත් ඇතුව අවුරුදු 2 ක් පුරාවට කරන විමර්ෂණයේ ප්‍රතිඵලයක් විදිහට BCCI බැංකුව නීතිමය ගැටලු ගණනාවකට මූණ පාලා අන්තිමේදී 1990 දී වහල දාන්න සිද්ධ වෙනවා. ඔන්න ඕක තමා මේ චිත්‍රපටයට පාදක උන සත්‍ය සිදුවීම.
එතකොට මේ චිත්‍රපටය හදලා තියෙන්නේ ඔන්න ඔය කතාව පාදක කරගනිමින් නිර්මාණය වූ, කුතුහලය, ත්‍රාසය සපිරි වගේම ක්‍රියාදාම ද ඇතුලත් වූ ප්‍රබන්ධයක් විදිහට. මේ චිත්‍රපටයේ ඉන්නවා ඉන්ටර්පෝල් එකේ එහෙමත් නැත්නම් ජාත්‍යන්තර පොලීසියේ නියෝජිත වරයෙක්. ඔහු නමින් “ලුවී සැලින්ජර්”. මෙයාගේ සහයට මෑන්හැටන් දිස්ත්‍රික් නීතිඥ කාර්‍යාලයෙන් සහය දිස්ත්‍රික් නීතිඥවරියක් වන “එලිනෝර් විට්මන්”. මේ ලුවී සැලින්ජර් විදිහට රගපාන්නේ Children of Men, Inside Man, Closer වැනි සුපිරිම ෆිලුම් වල ප්‍රධාන චරිත වලට රගපෑ ප්‍රවීණ නලුවෙකු වන Clive Owen. මේ නලුවගේ රගපෑම් ඉතාම තාත්විකයි කියන එක ඒ ෆිල්ම් බලල තියන අයට අමුතුවෙන් මතක් කරලා දෙන්න ඕනෙ නෑනේ. එතකොට මේ එලිනෝර් විට්මන් විදිහට රගපාන්නේ අපි හැමෝම දන්න King Kong(2005) ෆිලුමේ ප්‍රධාන නිලියට රගපෑ Naomi Watts. මේ දෙන්න එකතු වෙලා IBBC බැංකුවේ රහසිගත මූල්‍යමය ගනුදෙනුවක් ගැන සිදු කරන විමර්ෂණයකදී මේ දෙන්නටම මූණ දෙන්න වෙන ත්‍රාසය, කුතුහලය පිරි සිදුවීම් මාලවක් මේ චිත්‍රපටයට අන්තර්ගතයි. ඔව්, මේ ප්‍රබන්ධය තුලදී බැංකුවේ නම BCCI නෙමේ IBBC. ලිපිය දිග වැඩි වෙනවා කියලා හිතෙන නිසා කතාවෙන් චූටිම චූටි කොටසක් කියලා ෆිලුමට පොඩි ආරම්භයක් දීලා ලිපිය නතර කරන්නම්.
ඉන්ටර්පෝල් එකේ ඒජන්ට්(නියෝජිත) ලුවී තමන්ගේ කණ්ඩායමේ සගයෙක් වන “ෂූමර්” සමග නිර්නාමික ඔත්තුකරුවෙක් හමුවෙන්න ජර්මනියේ බර්ලින්හි සෙන්ට්‍රල් ස්ටේෂන් වෙත ගිහින්… ඔත්තුකාරයව මුණගැහෙන්නේ ෂූමර්, ඔත්තුකරුගේම කාර් එක තුලදී. මේ හමුවෙදී ෂූමර් දැනගන්නවා IBBC ය අවි ආයුධ නිපදවන සමාගමක් සමඟ අවි ගනුදෙනුවකට එලඹිලා කියලා. අවි ගනුදෙනුවකට..??? බැංකුවක්..!!! එහෙම හිතුනා නේ…? අන්න ඒකම තමයි මෙයාට එන ප්‍රශ්නෙත්.. කෝම හරි කාර් එකෙන් බැහැලා මේ තොරතුරු දුරකතනයෙන් දැනුම් දෙන ගමන් එන මේ පුද්ගලයා හිටි ගමන් මහ පාර මැද මැරිල වැටෙනවා. නිකන්ම… කිසිදු අනතුරක් සිදු නොවි…!!!
මේ තමයි කතාවේ ආරම්භය. ආරම්භයේ පටන්ම අපේ හිත් වලට කාවද්දන කුතුහලය නොනසා පවත්වාගන්න මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ඉහලින්ම සමත් වෙලා තියනවා. අවසානය වෙනතෙක්ම කුතුහලය සපිරි කතාවක් කිව්වොත් ඒක අතිශෝක්තියක් නෙමෙයි. ඒ වගේම කතාව ඉවර වෙලා Credits යන්න කලින් පුවත්පත් සිරස්තල ටිකක් පලවෙනවා. මම ඒ ටිකත් සිංහලට හරවලා යටින් දාලයි තියෙන්නෙ. ඒකත් අනිවාර්‍යයෙන්ම කියවන්න. මොකද සැබෑ පුවත්පත් වල පලවූ ඒවා නොවුනත්, කතාවේ අවසානයට ඒ ටික සම්බන්ධ නිසා… මිස් කරගන්න එපා.. නම වගේම මේක ඇත්තටම ජාත්‍යන්තර ෆිලුමක්.. ලිපිය කියවපු අය ඔයාලගේ අදහස් කමෙන්ට් එකකින් දාගෙන යන්න. ෆිල්ම් එක බලල ඇවිල්ල ෆිල්ම් එක ගැන කමෙන්ට් එකක් දැම්මත් අමනාපයක් නෑ.. එහෙනම් ලිපිය අවසානය වෙනකම් කියවපු හැමෝටම බුදු සරණයි!!! දෙවි පිහිටයි!!! මම ගියා……
2009 මැයි 7 පොතේ ගුරා සොහොයුරා විසින් පළ කළ ලිපිය.
මේ කියන්න යන්නෙ නමේ තියෙන හැටියටම ලොව වටාම විහිදුනු චිත්‍රපටයක් ගැන..කතාව නම් ටිකක් සංකීර්ණයි..ඒත් තේරුම් යද්දි බලන්න ආස හිතෙනව..ෆිල්ම් එක සුවිශේෂී එකක් කියන්න අමාරුයි..කතාව ගැන කෙටියෙන් කියනව නම් පටන් ගන්නෙ මෙහෙමයි..එක්තරා පුද්ගලයෙක් වාහනයක් ඇතුලෙ කතා කරමින් සිටිනව තවත් කෙනෙක් සමග..මේ පුද්ගලය වාහනෙන් බැස තත්පර කීපයක් ගතවීමටත් පෙර මැරී වැටෙනව..මේ බව ඔහුගේ යාලුව දකිනව..ඔන්න ඔතනින් තමයි සියල්ල ඇරඹෙන්නෙ..මේ මැරී වැටුන කෙනත්,ඔහුගේ යාලුවත් පොලිස් පරීක්ෂකවරුන්..මෙම මරණයත්,මුලු ලෝකය පුරාම අතුපතර විහිදුනු බැන්කුවකුත්,ඩොලර් බිලියන ගනනක අවි ගනුදෙනුවකුත් වටා තමයි මේ කතාව ගෙවෙන්නෙ..මුලු ලොවම සම්බන්ද කරගෙන සිදුවන සිදුවීම් නිසා ගොඩක් රටවල් වල රූප රාමු මෙහි අන්තර්ගතව තියෙනව..ෆිල්ම් එක හොදයි.. 🙂

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
8,278 downloadsDownload The-International-2009-1.zip88 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/08/Sapthaka-Arthasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සප්තක අර්ථසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සප්තක අර්ථසාද්
Subtitles
49 comments
Uraj Deemantha
රොයිලි
මචං ඔයා දීලා තියෙන mininova එකේ torrent එක අයින් කරල. මේ ලින්ක් එකෙන් ගියොත් seed බලලා කැමති එකකින් බා ගත්ත හැකි.
*****
පොතේ ගුරා
@Uraj! හික් හික්..ඉඩ ලැබෙන හැටියට බලන්නකො.. :)
@රොයිලි ! ඔන්න මම Pirate bay එකේ ටොරන්ට් එක දැම්ම..ඒක නම් ඇත්ත මචන්..ඒ උනාට මම මේ දෙන්නෙ මම බාපු කොපිය.. :)ඒකයි කෙලින්ම ටොරන්ට් එකට ලින්ක් එක දෙන්නෙ..අනික මම බාන්නෙ හොයල හොයල තියන හොදම එක! :DMeth Gamage
අයියේ ඔයාගෙ සයිට් එක නමි සිරා. මම 10 විතර බෑවා.මෙකත් බානව
2012 film eka daanna adahasak nadda?
mokada hama thanama thiyenne 2012 dooms day kiyala wena film ekak 2012 orignal eka hoyaganna amarui......mama deparakma pirate eken bawa,waradi kilm eka....
puluwannam roland emmerich ge 2012 eekath dannaරාම් රාජ්
මේකත් මෙන්න බානවා.
රාම් රාජ්
ලින්ක් එක නම් වැඩ නෑ.
dananjaya
sinhala sub eka nathuwa wada na appa...........
dananjaya
sinhala sub eka nathuwa wadak na appa...........
It's me
සිංහල සබ් එක ඔය උඩින් තියෙන්නේ....
It's me
හප්පට... 2013 දාපු කමෙන්ට් එකක්.... Hkzzzz......
D.Chamara
bohoma sthuthi
It's me
Thamkz
Dhanushka Dilranga
Thankssssssssssssssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
It's me
U R Welcome!
bandara
Thanks Young Boy..Good Luck.Naomi Watts..my Favorite Actress
It's me
Glad to hear that.. Happy watching...
U R Welcome
jimosedar
thanks
It's me
U R welcome
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!It's me
ඔබටත් එසේම වේවා!
raviz
Thank you....!
It's me
U R Welcome!
Udaya Fdo
Thank you
It's me
U R Welcome!
suranuwan
thanks bro....
It's me
U R Welcome!
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට...
It's me
එලම...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
It's me
ජය..
Upeksha Morahela
ෆිල්ම් 1 ගැන ලොකු කුතුහලයක් ඇති වෙන විධියට මේ ආර්ටිකල් 1 ලියලා තියනවා..ඉතිං ඒ නිසාම ආර්ටිකල් 1 කියවපු ගමන්ම ෆිල්ම් 1 ඩවුන්ලෝඩ් කරන් බලන්න හිතුණා...ආර්ටිකල් එකේ කියලා තියනවා වගේම ෆිල්ම් එකේ මුල ඉඳන් අවසානය වෙනකම්ම කුතුහලය පිරුණු ෆිල්ම් එකක් කියලා කියන්නම ඕනේ..ඇත්තටම ගොඩක් විශේෂ ෆිල්ම් එකක්.ෆිල්ම් එකේ උපරැසි ගැනත් දෙයක් කියන්න ඕනේ...ඔයා උපරැසි ඉදිරිපත් කරලා තියන විධිය ගොඩක් විශේෂයි.ෆිල්ම් එකේ තියන දෙබස් විතරක් නෙවෙයි..ෆිල්ම් එකේ තේරුම් ගන්න ඕනේ තැන් ඒම ගොඩක් හොඳට විස්තර කරලා තියනවා..ඒක ෆිල්ම් 1 බලන කෙනාට ගොඩක් වටිනවා.මේ වගේ ලස්සන ෆිල්ම් 1කට උපරැසි දුන්නට ගොඩක් ස්තූතියි! ඉදිරියටත් මේ වගේම වෙනස් විධියේ ලස්සන ෆිල්ම්වලට උපරැසි කරන්න මම සුභ පතනවා!!
It's me
තැන්කූ තැන්කූ.... ගොඩාක්ම ස්තූතී දිරිගැන්වීමට...!
Sumith
supun
tz sub ekata...
nilanka_baiscop
thanks
hisarashanaka
thanks sub ekata
චරිත් වීරසිංහ
film එක නම් සුපිරි ආ...
මොහාන්
film එක සුපිරි.. පොඩ්ඩක් විතර ෂර්ලොක් හෝම්ස් ගතියකුත් තියනවා.. එක තැනකදි ජේම්ස් බොන්ඩ් ගතියකුත් එනවා.. ගොඩක්ම දුරට මේ ෆිල්ම් එකටම අනන්‍ය උන ගතියක් තමා තියෙන්නෙ.. තැම්ක්ස් සහෝ මේ වගේ ෆිල්ම් වලට සබ් කරනවට...
Iresha Madumali
Thank you.... Keep it up... Good Luck!!!!
nish47
ස්තූතියි සහෝ
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
සාලින්ද ජයසේකර
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ... දිග ගමනක් ප්‍රාර්ථනා කරනවා... ජය වේවා!!!!
Pramukmili
Thanx bro................
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
MAALNATH
Thanks ...........good luck ...............
කැමියා
පට්ටයො බ්‍රෝ
නිමන්ත පෙරේරා
අඩේ සුපිරි බං.... සෑහෙන ආසාවකින් බලන්න ඩවුන්ලෝඩ් කරපු ෆිල්ම් එකක්. ඇත්තටම ෆිල්ම් එක බලල තියනවා කඩ්ඩ සබ් එක්ක. එච්චර තේරුණේ නෑ. දැන් තමා ගැම්මට බලන්න යන්නෙ. ගොඩාක් ස්තූතියි මේම ෆිල්ම් වලට සබ් කරල අපේ රසවින්දනය නංවන්න දරන මහන්සියට. වැඩි වැඩියෙන් මේ වගේම ෆිල්ම් වලට සබ් දාන්න ලැබේවා!!!!
Rishantha
Thanks Brother
Amila Vithanage
great job
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බානවා බානවා............!! බලා ගන්න වෙලාවක් තමා නැත්තේ..........!! :D