සන්දීප් පුංචි කාලයේ ඉඳන්ම අන් අයව බේරගන්න ඉදිරිපත් වුණ කෙනෙක්. ඉගෙනීමට ඉතා දක්ෂතාවයක් දැක්වූ සන්දීප්, එයාගේ දෙමව්පියෝ හොඳින් ඉගෙනගෙන හොඳ රස්සාවක් කරනවා දකින්න ආස කලා. ඒත් එයාගේ හීනය වුණේ නාවික හමුදා සෙබලෙක් වෙන එක. පොඩිකාලේ ඉඳන්ම එයාගේ හීනය හැබෑ කරගන්න පෙළඹීමක් ලැබෙන ආකාරයේ වාතාවරණයක් ලැබුණා. සන්දී…

සන්දීප් පුංචි කාලයේ ඉඳන්ම අන් අයව බේරගන්න ඉදිරිපත් වුණ කෙනෙක්. ඉගෙනීමට ඉතා දක්ෂතාවයක් දැක්වූ සන්දීප්, එයාගේ දෙමව්පියෝ හොඳින් ඉගෙනගෙන හොඳ රස්සාවක් කරනවා දකින්න ආස කලා. ඒත් එයාගේ හීනය වුණේ නාවික හමුදා සෙබලෙක් වෙන එක. පොඩිකාලේ ඉඳන්ම එයාගේ හීනය හැබෑ කරගන්න පෙළඹීමක් ලැබෙන ආකාරයේ වාතාවරණයක් ලැබුණා. සන්දීප් රහසේම නාවික හමුදාවට අයදුම්පත් යැව්වත් එයාගේ ඇස් වල ප්‍රශ්නයක් නිසා එයාව ප්‍රතික්ෂේප වෙනවා. මේක දැනගත්ත සන්දීප්ගේ තාත්තා සන්දීප්ට බැන වදිනවා. නාවික හමුදාවට යන්න බැරි වුණා කියලා නතර වුණේ නැති සන්දීප් යුධ හමුදාවට අයදුම් කරනවා. ඉන් ඔහුව යුධ හමුදාවට බඳවා ගන්නවා. රට වෙනුවෙන් සටන් කිරීමට ඉතා දරුණු පුහුණුවීම් වල යෙදෙනවා. සෙබලෙක් කියන්නේ කවුද කියන එක එයාට ප්‍රශ්නයක් වුණා. හැබැයි මේ ප්‍රශ්නයට උත්තරයක් ලැබෙන විදියට ජීවත් වෙන්න සන්දීප් හිතා ගත්තා. සන්දීප්ගේ දැඩි කැපවීමෙන් ජාතික ආරක්ෂක බළකායේ පුහුණු නිලධාරියෙකු වනවා. අම්මා තාත්තා නෙවෙයි ඔහුගේ බිරිඳ වෙනුවෙන් ගත කිරීමට පවා හිමි වෙලා තිබුණෙ ඉතාමත් සීමිත වෙලාවක්. සන්දීප් රට වෙනුවෙන්ම කැපවෙලා හිටියා. රට ගැන දේශප්‍රේමය තිබුණත් සන්දීප් සතුරන් කෙරෙහි පවා මානුෂීය හැඟීමක් ඔහුට තිබුණ වෙනස්ම කෙනෙක්. සන්දීප්ට තිබුණ ප්‍රශ්නයට උත්තරය ලැබෙන විදියට එයා ජීවිතය ගත කරාද කියන එකයි මේ කතාව.

මේජර් හි කතාව, තිරරචනය ශේෂ් විසින් රචනා කරනවා. අධ්‍යක්ෂණය කරන්නේ ශෂි කිරන් ටික්කා විසින්. ඒ වගේම මහේෂ් බාබුගේ G. Mahesh Babu Entertainment සහ Sony Pictures Internationals Production, A + S Movies යන නිෂ්පාදන ආයතන විසින් මෙය නිෂ්පාදනය කරනවා. මෙහි ශෙෂ් සමඟින් ප්‍රකාෂ් රාජ්, රේවතී, මුරලි ශර්මා, සායි මන්ජ්‍රෙකාර්, සෝභිතා දුලුපාලා, අනිශ් කුරුවිලා යන අය රංගනයෙන් දායක වෙනවා. ශ්‍රීචරන් පකලා මීට සංගීතය සපයනවා.

තෙළිඟු සිනමාවේ ස්වෝත්සාහයෙන් නැගී සිටින සිනමාවේදීන් අතර ශෙෂ් ද ඉන් කෙනෙක්. මොකද තෙළිඟු සිනමාවේ නළුවන්, අධ්‍යක්ෂකවරුන්ගේ ඥාතීන් උරුමයෙන් සිනමාව දිනනවා දකින්න පුළුවන්. සමහර අය අසාර්ථක වන අවස්තා පවා තියෙනවා. කොහොම වුණත් අදිවි ශෙෂ්ගේ නම දැන් ඉන්දියාවම වගේ දන්න නමක්. මේජර් එයා සිහින දැක්ක ව්‍යාපෘතියක්. එයාගේ වෘත්තීය ජීවිතයේ වඩාත් වැදගත්ම ව්‍යාපෘතියයි. ශේෂ්ගේ පවුල ඇමරිකාවේ හිටියේ. ශෙෂ්ට සිනමාවට ලොකූ ප්‍රේමයක්, පිස්සුවක් තිබුණා. ශෙෂ් කුසලතා පරීක්ෂණය වෙනුවෙන් වීඩියෝවක් ක්‍රිශ්ණා වම්සිට එවා, එයින් ඔහුට ප්‍රධාන නළුවා විදියට චිත්‍රපටයකට අවස්ථාවක් ලැබුණා. ගෙදරින් ඉගෙනීම ඉවර කරලා ඉන්න කියද්දිත් ඉන්දියාවට ඇවිත් මේ මල්ලෙ පූවු චිත්‍රපටය කරනවා. දවස් දෙකක් රූ ගත කිරීමෙන් පස්සෙ නිමවුම පිළිබඳ තෘප්තිමත් නොවීම හා වෙනත් හේතු නිසා මේ ව්‍යාපෘතිය අත් හරිනවා. ඊට පස්සෙ සුළු චරිත කිහිපයකුත් කරනවා. ආයෙත් ඇමරිකාවට ගිහින් දෙමව්පියෝ කිව්ව විදියටම ඉගෙනීම අවසන් කරනවා. ඔහු කර්මා නම් චිත්‍රපටය ඇමරිකාවේ නළුවන් යොදා රූගත කර නිෂ්පාදනය කරනවා. කර්මා චිත්‍රපටය ඔහු විසින් අධ්‍යක්ෂණය කරනු ලැබුවා වගේම රඟපෑවා. ඇමරිකාවේ නිපදවූ මේ චිත්‍රපටය ඉන්දියාවේ තිරගත කරනවා. මේ චිත්‍රපටය සාර්ථක වුණේ නම් නැහැ. ඒත් මේ චිත්‍රපටයේ සින්දුවක් දැකපු පවන් කල්‍යාන් හා විශ්ණුවර්ධන් Panjaa (2011) චිත්‍රපටයේ ප්‍රධාන දුෂ්ඨ චරිතය රඟ්පාන්න ශෙෂ්ට අවස්ථාවක් ලබා දෙනවා. මේ අවස්ථාව අරගෙන, දුන්න චරිතය විශිෂ්ඨ විදියට ඉදිරිපත් කරනවා. ත්‍රිලර් ප්‍රභේදය ඔස්සේ යන ශේෂ් රවිකාන්ත් එක්ක එකතුවෙලා Kshanam (2016) චිත්‍රපටයේ කතාව ලියනවා. මේ චිත්‍රපටයේ වැය ඉ.රු. කෝටියක් පමණයි. ඒත් ආදායම ඉ.රු. කෝටි 12ක් උපයා ගන්නවා. තෙළිඟු සිනමාවේ බොහෝ අධ්‍යක්ෂවරු එකම රාමුවක හිර වෙද්දි ශේෂ් අද්විතීය ප්‍රභේදයකට අවදානය යොමු කරා. Godachari (2018) තෙළිඟු සිනමාවේ මෙතෙක් බිහිවුණ හොඳම Spy-Thriller චිත්‍රපටයක්. ඒ වගේම Film Companion දශකයේ විශිෂ්ඨම චිත්‍රපට 25 අතරට ගොඩාචාරි ඇතුලත් වුණා. මේ ගොඩාචාරි චිත්‍රපටියට වැය වුණේ ඉ.රු. කෝටි 5ක් කියන්නේ අදහාගන්නත් බැහැ. ගොඩාචාරි ආදායම විදියට ඉ.රු. කෝටි 24ක් පමණ එකතු කරගන්නවා. මේ වෙද්දි ගොඩාචාරි දෙවන කොටස නිර්මාණය කරන බවට නිවේදනය කරලා තියෙනවා. 2008 ප්‍රහරය සිද්ද වෙද්දි ශේෂ් ඇමරිකාවේ හිටියේ. එයට මේජර් සන්දීප් ගැන උනන්දුවක් ඇති වුණා. මේජර් සන්දීප් ගැන පර්යේෂණය කරන්න ගත්තා. මේජර් සන්දීප් ගත කරපු විශිෂ්ඨ ජීවිතය මිනිස්සු හැමෝටම පෙන්වන්න හිතුවා. ශේෂ් මේජර් සන්දීප්ගේ දෙමව්පියන් හමුවෙලා අවසරය ඉල්ල ගන්නවා. පොඩියට චිත්‍රපටිය කරන්න හැදුවත් මහේෂ් බාබුගේ සහයෙන් විශාල ව්‍යාපෘතියක් විදියට නිෂ්පාදනය වෙනවා වගේම ඉන්දියාව පුරාම වගේ තිරගත කෙරෙනවා. ශෙෂ් මුලින්ම මේජර් සන්දීප් විදියට කෙටි වීඩීයෝවක් කරලා බලලා තියෙනවා. ඒකෙන් ශෙෂ්ට අසම්පූර්ණ බවක් දැනිලා තියෙනවා. ඒ නිසාම මේජර් සන්දීප්ගේ දෙමාපියන් සමඟ සාකච්ඡා කර, මේජර් සන්දීප්ව අධ්‍යයනය කරලා තියෙනවා. විශේෂයෙන්ම මේජර් සන්දීප්ගේ කතාව සිනමාවට නගන්න කීප දෙනෙක් ඉල්ලීම් කර තිබුණත් දෙමාපියන් එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කරා. මොකද එම පාර්ශවයන්ගේ අරමුණ වාණිජමය නිසා. ඒ වගේම මේ ආශ්‍රයේදී ශෙෂ්, මේජර් සන්දීප්ගේ පවුලට පුතෙක් විදියට සමීප වුණා. මේජර් චිත්‍රපටයේ නිමවුම දුටු මේජර් සන්දීප්ගේ දෙමව්පියන් ඉතා සතුටට පත් වුණා. ඒකම ශෙෂ්‍ට විශාල ජයග්‍රහණයක්.


ශෙෂ්, මේජර් සන්දීප් උන්නික්‍රිෂ්ණන්ගේ දෙමව්පියන් සමඟ.

මෙය තෙළිඟු හා හින්දි භාෂා දෙකින්ම සමගාමීව රූගත කල චිත්‍රපටයක්. මෙය නිෂ්පාදනයේදී වගේම තිරගත කිරීමේදීත් කොරෝනා හා එහි ප්‍රභේද නිසාවෙන් විවිධ බාධා ඇති වුණා. හින්දි චිත්‍රපටය 53වන ඉන්දීය අන්තර්ජාතික සිනමා උළෙල සඳහා ඉදිරිපත් කෙරුණා. ඒ වගේම මෙය මලයාලම් බසින්ද හඬ කවනු ලැබුවා.සීමාසහිත ප්‍රදර්ශනය සඳහා මේජර් 2022 වසරේ මැයි 24 දින නිකුත් කෙරුණා. එම වසරේම ජුනි 03 දා ලොව පුරාම ප්‍රදර්ශනය කරනු ලැබුවා.

මේජර් සන්දීප් උන්නික්‍රිෂ්ණන්.

2008 මුම්බායි වෙත එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේදී දිවි පිදූ මේජර් සන්දීප් උන්නික්‍රිෂ්ණන්ගේ ජීවිත කතාව මීට පාදක කරගෙන තියෙනවා. ඉන්දීය ජාතික ආරක්ෂක බළකායේ 51 විශේෂ සටන් කණ්ඩායමේ සේවය කළ මේජර් සන්දීප් උන්නික්‍රිෂ්ණන් 2008 නොවැම්බර් 26 දින සිද්ද වුණ මුම්බායි ප්‍රහාරයේදී, බ්ලැක් ටොනාඩෝ මෙහෙයුම අතරතුර දිවි පිදූවා. මේ ජීවිත පරිත්‍යාගය වෙනුවෙන් ඔහු හට ඉන්දියාවේ සාමකාලයේ ඉහළම සම්මානය වන අශෝක චක්‍ර සම්මානය පිරිනමනු ලැබුවා. “Don’t Come Up. I’ll Handle Them.” (උඩට එන්න එපා මම එයාලව බලාගන්නම්.) මේක තමයි මේජර් සන්දීප්ගේ අවසන් වචන කීපය. මේජර් සන්දිප්ට තමන්ට කලින් අනිත් හැමෝම සතුටින් ඉන්නවා දකන්න උවමනා වුණා. ඔහු සතුන්ට ආදරය කල කෙනෙක්. සෙබලෙක්ගේ ජීවිතයේදී දෙමව්පියෝ, බිරිඳ, දරුවෝ ආදීන්ගෙන් ඈත් වෙලා විශාල කැප කිරීම් කරන්න සිද්ද වෙනවා. සෙබලෙක් රට වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැප කරද්දි, ඔහුගේ බිරිඳ, දරුවන් හා දෙමව්පියන් ඔහු නිසාවෙන් තමන්ගේ පවුලට කැපකිරීම් කරනවා. ඒ ගැනත් මේ චිත්‍රපටයෙන් පෙන්වා දෙනවා. මේජර් සන්දීප් මෙහෙයුමේදී සෘජුවම ප්‍රාණ ඇපකරුවන් 14 දෙනෙක් බේරා ගත්තා. ඒ වගේම ඔහුගේ තීරණ නිසා 137 දෙනෙකුගේ ජීවිතය බේරාගන්නට හැකි වුණා. මේජර් සන්දීප්ව සිහි කරන්න ඕනේ එයා මැරුණු විදිය ගැන නෙවෙයි, එයා ජීවත් වුණ විදිය ගැනයි.

මේජර් සන්දීප් හා ඔහුගේ බිරිඳ නෙහා උන්නික්‍රිෂ්ණන්.

මේජර් චිත්‍රපටය වෙනුවෙන් වැය වූ මුදල ඉ.රු. කෝටි 32ක් පමණ වන අතර බොක්ස් ඔෆිස් ආදායම ඉ.රු. කෝටි 64ක් පමණ ලබාගෙන බ්ලොක්බස්ටර් සාර්ථකත්වයක් අත් කර ගන්නවා. 2022 වසරේ ඉහලම ආදායම් ලැබූ චිත්‍රපටි අතරටද එය එක් වෙනවා.

මේ චිත්‍රපටයට විචාරකයන්ගේ ඉහළම පැසසුම් හිමි වුණා. මේ චිත්‍රපටයට ලැබුණ Imdb රේටින් අගය 8.1/10ක්. TOI වෙතින් 3.5/5ක්, The Quint වෙතින් 3.5/5ක්, Deccan Chronicle වෙතින් 3.5/5ක්, The Indian Express වෙතින් 3/5ක් ආදී විදියට මෙයට අගය කිරීම ලබා දෙනවා. ඒ වගේම Imdb හි 2022 වසරේ වඩාත් ප්‍රසිද්ධම චිත්‍රපට 10 අතරට මේජර්ද ඇතුලත් වුණා. 2022 වසරේ ජූලි 3 දින සිට නෙට්ෆ්ලික්ස් හරහා මේජර් විකාශනය කෙරුණා.

ඉතින් තවත් උපසිරැසියකින් හැකි ඉක්මනින්ම හමුවෙන්නම්. අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා. හැමදාම වගේ අදහස් දක්වන හැමෝටම ස්තූතියි!

බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB / HQ HDRip පිටපත සඳහා අදාළ වේ.

6,743 downloadsDownload Major-2022.zip48 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිඳු නවින්

Subtitles

6,743 downloadsDownload Subtitles48 KB

12 comments

  1. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  2. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි රවිඳු සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. බියංකා කැස්ටෆියුරේ Mbr

    රෂ්මිකාගේ ගුඩ්බායි දෙන්නකෝ.

    1. Naveen Mbr

      ඔව් ඉක්මනට දෙන්න මයුර අයියේ.

    2. Anonymous

      Godfather තෙලිගු චිත්‍රපටිය දෙන්න කෝ

  4. Anonymous

    Patta filuma
    Hbai kalin bluwa

  5. Kushan

    Sub akta thanks

  6. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  7. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි සිංහල සබට..ජයවේවා !!

  8. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  9. Vinuth thejake

    Supiriyak thank you sub eka dunnata

  10. Anonymous

    thank you.good work