ආයුබෝවන් යාලුවනේ නිවාඩුවක් ගෙවීගෙන යන වෙලාවක අපේ සිසිල ප්‍රසාද් සොහොයුරාගේ ආරාධනාවට IMDb 7ක් තිබුණ චිත්‍රපටයක් බාරගත්තා උපසිරැසියක් කරන්න. අයත් වෙන්නෙ නම් Comedy, Drama ගණයට. පැය 1 කුත් විනාඩි 56ක් පුරා දිවෙන 2021 මැයි 28 දින තිරගතවීම ආරම්භකරන ලද Vaibhav Reddy, Karunakaran, M.S. Bhaskar, Vani Bhoja…

ආයුබෝවන් යාලුවනේ නිවාඩුවක් ගෙවීගෙන යන වෙලාවක අපේ සිසිල ප්‍රසාද් සොහොයුරාගේ ආරාධනාවට IMDb 7ක් තිබුණ චිත්‍රපටයක් බාරගත්තා උපසිරැසියක් කරන්න. අයත් වෙන්නෙ නම් Comedy, Drama ගණයට. පැය 1 කුත් විනාඩි 56ක් පුරා දිවෙන 2021 මැයි 28 දින තිරගතවීම ආරම්භකරන ලද Vaibhav Reddy, Karunakaran, M.S. Bhaskar, Vani Bhojan රංගන දායකත්වයෙන් යුත් සිනමා පටයකුයි අද ඔයාලට අරගෙන එන්නෙ. චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක් හා චිත්‍රපට රචකයෙක් වන Radha Mohan තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. Kaatrin Mozhi (2018), 60 Vayadu Maaniram (2018), යන චිත්‍රපට කලින් උපසිරැසිය ලබාදිල තියෙනව වගේම මොහුගේ චිත්‍රපට සෑම එකක් පාහේම IMDb 6න් ඉහල අගයක් ගැනීමත් විශේෂත්වයක්. චිත්‍රපටය ගැන පොඩි හැදිවීමක් කරල බලන්න ආරාධනා කරන්නම්.

අරුන් රෙදිපිළි කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙක්. ඔහුට සුජා නම් ලස්සන බිරිදක්ද, නිවී නම් හුරුබුහුටි ළමයෙක්ද ප්‍රභූ නම් කළ්‍යාණ මිතුරෙක්ද සිටිනවා. හැබැයි අරුන් වැරැද්දකට කරගෙන යන වැඩක් තමයි භාවනා නම් තරුණ කාන්තාවක් සමඟ අනියම් ඇසුරක් පවත්වාගෙන යන එක. මේ කාරණාව පොඩි කාළේ ඉදන් ඉන්න කළ්‍යාණ මිත්‍ර ප්‍රභූ වත් දන්නෙ නෑ. ඒ තරම්ම පුද්ගලික රහසක් විදියට තියාගත්ත දෙයක්. භාවනාට කතා කරන ෆෝන් එකත් ඔෆිස් එකේ ලාච්චුවේ දාලයි යන්නෙ. දවසක් භාවනා එක්ක කතා කරද්දි එයා බැංගලෝරයේ අයියලගෙ ගෙදර යනව දවස් 4කින් තමයි ආපහු එන්නෙ කියනකොට අරුනුත් කැමති වෙනවා භාවනා එක්ක බැංගලෝරයට යන්න. ඔය අතරෙ තමයි සුජාගේ මාමා කෙනෙක් එයාලගෙ ගෙදර එන්නෙ දවස් ගානකට නවතින්න බලාගෙන. මිනිහ හෙන අමාරු කාරයා, ඒ එන්නෙත් එයාගෙ ලොකු දුව බදින්න ඉන්න කොල්ල ගැන ඔත්තු බලන්න හිතාගෙන. අරුන් හෙට මැලේසියාවට ව්‍යාපාරික රැස්වීමකට යනව කියල තමයි සුජාට කියන්නෙ, මොකද සුජාගේ නැන්දා කෙනෙක් ඉන්නව බැංගලෝරයේ. ඉතින් ඒක සුජා දැනගත්තොත් අනිවාර්යයෙන් නැන්දට කියල අරුන්ව එහෙට සම්බන්ධ කරනව. එතකොට භාවනා එක්ක එකට ඉන්න වෙන්නෙ නෑ. අරුන් මැලේසියාවට යනව කියපුවාන සුජාගෙ මාමගෙන් ප්‍රශ්න කෝටියයි. කොහොමද එක දවසින් ටිකට් හදාගත්තෙ? කීයටද යන්නෙ? කීයටද ගොඩ බාන්නේ? කොහෙද නවතින්නෙ? ඔය වගේ දේවල් අහනව ඉවරයක් නෑ. කොහොම හරි මැලේසියාවට යනව කියල භාවනා එක්ක පිටත් වුණා. දෙන්න එක්ක කාමරේක නැවතිල විනෝද වෙලා පහුවදා උදේ අරුන් නැගිටලා තේ එකක් බොන්න යන ගමන් ප්‍රවෘත්ති දාල බලද්දි තමයි නියම වැඩේ වෙලා තියෙන්නෙ. ප්‍රවෘත්ති වලට කියනව මැලේසියාව බලා පිටත්වුණ ගුවන් යානය අභිරහස් විදියට අතුරුදහන් වෙලා කියල. ඔන්න එතකොට අරුන්ගෙ දෙලොව රත් වෙන්න ගන්නවා. දැන් කොහොමද ගෙදර යන්නෙ ? මොනවද ගෙදරට කියන්නෙ? එහෙනම් ඉතින් බලන්න පටන් ගන්න.

හැමෝටම තෙරුවන් සරණයි !
කොරෝනා වසංගතයෙන් මුළු ලොවම සුවපත් වේවා !

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB/HD පිටපත් සඳහා අදාළ වේ.

6,488 downloadsDownload MTA-2021.zip80 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ඔෂධ ධනංජය

Subtitles

6,488 downloadsDownload Subtitles80 KB

17 comments

  1. chandana

    thanks

  2. මයිකි

    අයියේ මිට කලින් ඔයා දුන්නා නෙද ෆිල්ම් එකක් එකේ වැරදි සබ් එකක් තිබ්බේ. එත් එක හදලා දැම්මේ නැ නේ. මං එකේ ෆිල්ම් එක ඩව්න්ලොඩ් කරලා තියෙන්නේ. එත් සබ් එක නැ. එ ගැන ටිකක් බලන්නකො. මෙ සබ් එකට තැන්ක්ස්

    1. oshanda

      thanks malli.. e sub eka hadala dala thiyenne..

  3. malith madhushan

    බොහොම ස්තුතියි අයියේ උපසිරසට ඔයාගේ එකක් නම් අනිවා බලනවා. සුපිරි කතාවක් වගේ.

    1. oshanda

      thanx malli

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  5. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි ....... Oshada Dananjaya

  6. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  7. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  8. Bandara

    Thanks lot.. Dananjaya

  9. DILmin

    Thanks for subtitles!

  10. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  11. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  12. Hashan Chamara

    Thanks For Sub.

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  15. Anonymous

    h,nfnndkkdndkdkkdkkdvm vm v v vmb dmnv mdm bv m,d ,d mdbbd jd mmbd j d,,hs b dhdlz,n bd,dha,dbbdnmmmsh bnsk kbs,djja ,zjdmmd,sh ,sjjd mammsb mshbnd ,shhvbs c bcb