එහෙනම් ඔන්න අද අරගෙන එන්නෙ 3D ඇනිමේෂන් චිත්‍රපට හතරක තනි එකතුවක්. මේ හැම එකක්ම එකකට එකක් මීට කලින් නිකුත් වුන දැවැන්ත චිත්‍රපටවල කතාවට පෙර හො පසු සම්බන්ධ වනවා. දැන් බලමු මේ චිත්‍රපට හතර මොකක්ද කියලා. 01. Puppy! (2017) 2018 වසරේදී නිකුත් වුන Hotel Transylvania 3: Summer Vacation චිත්‍රපටයෙ පෙර සිදුව…

එහෙනම් ඔන්න අද අරගෙන එන්නෙ 3D ඇනිමේෂන් චිත්‍රපට හතරක තනි එකතුවක්. මේ හැම එකක්ම එකකට එකක් මීට කලින් නිකුත් වුන දැවැන්ත චිත්‍රපටවල කතාවට පෙර හො පසු සම්බන්ධ වනවා. දැන් බලමු මේ චිත්‍රපට හතර මොකක්ද කියලා.
01. Puppy! (2017)
2018 වසරේදී නිකුත් වුන Hotel Transylvania 3: Summer Vacation චිත්‍රපටයෙ පෙර සිදුවීම් විදිහට තමයි මේ කෙටි චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ. Hotel Transylvania සිනමා අධ්‍යක්ෂක Genndy Tartakovsky යටතේ තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය වෙලා තියෙන්නෙ වගේම 2017 වසරේදී තිරගත කෙරුන The Emoji Movie චිත්‍රපටයෙ තිරගත කිරීම සිදුවෙන අතරවාරේ තමයි මේ කෙටි චිත්‍රපටය ප්‍රේක්ෂක ප්‍රදර්ශනයට ලබා දීලා තියෙන්නෙ.
මේවිස්ගෙත්, ජොනතන්ගෙත් ළමයා ‘ඩෙනිස්ට’ ඕන වෙනවා හුරතලේට බලු පැටියෙක්ව හදන්න. ඉතිං ඒකට මේවිස්, ජොනතන් දෙන්නම කැමති වෙන්නෙ නැති නිසා එයා මේ ඉල්ලීම කරන්නෙ ඩ්‍රැකියුලා සීයගෙන්. මේ හුරතලා ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනෙ. ටිංකල්ස් තමයි හුරතලා වෙන්නෙ. හැබැයි මෙයාව බලාගන්න එක ලේසි වෙන්නෙ නැහැ.
මේ කෙටි ඇනිමේෂන් චිත්‍රපටයට IMDb දර්ශකයෙ 6.2/10 ක අගයක් ලැබිලා තියෙනවා.
02. Lamp Life (2020)
1999 වසරේදී නිකුත් වුන Toy Story 2 චිත්‍රපටයත්, 2019 වසරේදී නිකුත් වුන Toy Story 4 චිත්‍රපටයත් කියන චිත්‍රපට දෙක අතරවාරේ සිදුවුණ සිදුවීම් පාදක කරගෙන තමයි මේ කෙටි චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ. Toy Story 4 සිනමාපටයෙ මුල් පිටපත් රචක Valerie LaPointe යටතේ තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය වෙලා තියෙන්නෙ වගේම 2020 වසරේදී කෙටි චිත්‍රපටයක් ලෙසින් කෙලින්ම Disney+ හරහා චිත්‍රපටය නිකුත් වෙලා තියෙනවා.
Toy Story 4 චිත්‍රපටය අවසන් වෙද්දී මතක ඇතිනෙ වූඩි වගේම බෝ දෙන්නා එකට ඉන්න තීරණය කලා. ඇන්ඩි එයාගෙ පරණ සෙල්ලම් බඩු ටික වෙනත් කෙනෙකුට දීලා අතින් අතට ගිය ලිට්ල් බෝ-පීප් (බෝ) මේස ලාම්පුවකට කොටුවෙලා හිටිය කාලෙ ඉදන් නිදහස් වෙලා යන කාලය පුරාවට සිදුවුන සිදුවීම් පාදක කරගෙන තමයි චිත්‍රපටයෙ කතාව ගොඩනැගිලා තියෙන්නෙ
මේ කෙටි ඇනිමේෂන් චිත්‍රපටයට IMDb දර්ශකයෙ 6.7/10 ක අගයක් ලැබිලා තියෙනවා.
03. 22 vs. Earth (2021)
2020 වසරේදී නිකුත් වුන Soul චිත්‍රපටයෙ දැකගන්න ලැබෙන ’22’ කියන චරිතය පාදක කරගෙන Soul චිත්‍රපටයෙ සිදුවුණ සිදුවීම් වලට පෙර කතාවක් පාදක කරගෙන තමයි මේ කෙටි චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ. Soul සිනමාපටයෙ සංස්කරණ කටයුතු කල Kevin Nolting යටතේ තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය වෙලා තියෙන්නෙ වගේම 2021 වසරේදී කෙටි චිත්‍රපටයක් ලෙසින් කෙලින්ම Disney+ හරහා චිත්‍රපටය නිකුත් වෙලා තියෙනවා.
Soul චිත්‍රපටයෙ ජෝ ගාඩ්නර්ගෙ සිදුවීම් වලට පෙර සිදුවීම් ඇසුරින්, Soul චිත්‍රපටයෙ ප්‍රධාන චරිතයක් ලෙස දැකගන්න ලැබුණු 22 නම් ආත්මය ඇසුරින් කරගෙන චිත්‍රපටයෙ කතාව නිර්මාණය වෙලා තියෙනවා. Soul චිත්‍රපටයෙදී දකින්න ඇතිනෙ 22 කියන ආත්මය මොන තරම් තනිවුන, පෘතුවියට අකමැති චරිතයක්ද කියලා. ඉතිං එයා පෘතුවියට නොයා ඉපදීමට පෙර ලෝකයට (ග්‍රේට් බිෆෝර් වලට) වෙලා කාලය ගත කරද්දී සිද්දවෙන අකරතැබ්බ ඇසුරින් තමයි මේ චිත්‍රපටයෙ කතාව පාදක වෙලා තියෙන්නෙ.
මේ කෙටි ඇනිමේෂන් චිත්‍රපටයට IMDb දර්ශකයෙ 6.5/10 ක අගයක් ලැබිලා තියෙනවා.
04. Monster Pets (2021)
Hotel Transylvania චිත්‍රපට වලට එකතු වුන ටිංකල්ස් පාදක කරගෙනයි මේ කෙටි චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ. මේ වසරේදී නිකුත් වීමට නියමිත හතරවන (අවසන්) Hotel Transylvania චිත්‍රපටය ලෙස සැලකෙන Hotel Transylvania: Transformania සිනමා අධ්‍යක්ෂකවරුන් වන Derek Drymon හා Jennifer Kluska යටතේ තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය වෙලා තියෙන්නෙ.
අද අරගෙන ආව කෙටි චිත්‍රපට එකතුවේ මුල්ම නිර්මාණය හරහා චිත්‍රපට අතරට එකතු වන ‘ටිංකල්ස්’ නම් ආදරණිය සුරතලාට සෙල්ලම් කරන්න කෙනෙක් නැති වුනාට පස්සෙ ඒකට විසදුම් හොයන ඩ්‍රැකියුලට මොනවයින් කරදර වලට මුහුණ දෙන්න සිද්දවෙනවද කියන එක පාදක කරගෙන චිත්‍රපටයෙ කතාව නිර්මාණය වෙලා තියෙනවා.
මේ කෙටි ඇනිමේෂන් චිත්‍රපටයට IMDb දර්ශකයෙ 6.7/10 ක අගයක් ලැබිලා තියෙනවා.
ගිහින් එන්නම්. ජය!

Due to copyright issues, we do not provide any torrent links.
‘Puppy!’ චිත්‍රපටයෙ ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත සඳහා පමණක් අදාළ වන අතර, අනික් චිත්‍රපට ත්‍රිත්වය WEB පිටපත් සඳහා අදාළ වේ.
3,003 downloadsDownload Animated-Short-Films.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
14 comments
Supun Kaushalya
gihan
niyamai macho....
Anonymous
පොඩි නිවැරදිකිරීමක්: Soul 1999යෙ නෙවෙයි ආවෙ.
BLA©K TIGE®
ගොඩාක් තෑන්ක්ස් සහෝ!
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Thathsarani Nimsara
Good job
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
D.Chamara
බොහොම ස්තූතියි .... !
Sachintha
Hotel transylvania 4th subtitle dannakooo
Pleaseරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Lasitha
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
තෑන්ක්ස් සහෝ