බයිස්කෝප් වාසී නොවාසී සියලුම දෙනාව ආයුබෝවන් කියලා පිළිගන්නවා. ගොඩක් කාලෙකට පස්සේ තමයි සිංහල සබක් ගේන්න හිතුවේ. ඒ නිසා අද මම හිතුවේ තවත් ඉංග්‍රීසි ෆිලුමක සබක් ගේන්න කියලා. එහෙනම් ෆිල්ම් එක පැත්තට යමු නේද ? ෆිල්ම් එකේ කථාව දිහාට හැරුණොත් , මේ ෆිල්ම් එක ටිකක් වෙනස් කියලා කියන්න ඕනේ. සමස්ත ෆිල්ම් එකේ ක…

බයිස්කෝප් වාසී නොවාසී සියලුම දෙනාව ආයුබෝවන් කියලා පිළිගන්නවා. ගොඩක් කාලෙකට පස්සේ තමයි සිංහල සබක් ගේන්න හිතුවේ. ඒ නිසා අද මම හිතුවේ තවත් ඉංග්‍රීසි ෆිලුමක සබක් ගේන්න කියලා. එහෙනම් ෆිල්ම් එක පැත්තට යමු නේද ?
ෆිල්ම් එකේ කථාව දිහාට හැරුණොත් , මේ ෆිල්ම් එක ටිකක් වෙනස් කියලා කියන්න ඕනේ. සමස්ත ෆිල්ම් එකේ කථාව මේ හා සමාන අනිත් ෆිල්ම් වල කථාවලට සමාන වුවත් film flow එකේ සමහර අවස්ථාවන් එකිනෙකට පරස්පර ස්වභාවයක් ගන්නවා. ඒ නිසා උපසිරැසි නිර්මාණයේදී එය වඩාත් ගැටලුකාරී මුහුණුවරක් ගන්නා ලදි. 🙁 . කෙටියෙන්ම කියනවනම් ෆිල්ම් එක පටන් ගන්නේ එක විදිහකට ඉවර වෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් තවත් ආකාරයට කිව්වොත් නිවැරදියි. ෆිල්ම් එකේ කථාව ගැන පොඩ්ඩක් කිව්වොත් “විලියම් ග්‍රැහැම්” (විල්) කියන්නේ FBI ආයතනයේ වැඩ කරපු දක්ෂ අපරාධ පරීක්ෂණ නිලධාරියෙක්. ඒත් ඔහු මුහුණ දුන් යම් සිදුවීමකට පස්සේ අඩු වයසින් විශ්‍රාම ගන්න තීරණය කරනවා. දවසක් එයාගේ හිටපු බොස් එනවා සීරියස් වැඩකට විල් මුණගැහෙන්න . ඒ වෙලාවෙදි තමන්ගේ බොස්ගේ ඉල්ලීම අහක දාන්න බැරි හින්දා ඔහුත් මේ මිනීමරුවාව හොයාගන්න වැඩේට උදව් කරන්න එනවා. වැඩේ කරගෙන යද්දි තමයි විල්ට තේරුම් යන්නේ මේ කේස් එකට උදව්වක් ගන්න පුළුවන් කෙනෙක් තමන් ළඟම ඉන්නවා කියන එක. ඊට කලින් මේකට උත්තරයක් දෙන්න , ඔයාලා මොකක්හරි දේකට ගොඩක් වෙලාවට උදව්වක් ඉල්ලන්නේ හිතවත් කෙනෙක්ගෙන්නේ, එත් කවදහරි ඔයාට සීරියස් වෙලාවක ඔයාගේ පරමසතුරාගෙන් උදව්වක් ලබා ගන්න අවශ්‍ය වුණොත් මොකද කරන්නේ,? ( එහෙම කෙනෙක් ඉන්නවා නම් විතරයි, හරිද? ) මොකක් ? පරමසතුරාගෙන් උදව්වක් ? සිටියා හෝ නොසිටියා, ඒ ප්‍රශ්නෙට උත්තරේ ඔයාම තීරණය කරන්නකෝ! අපේ විලියම්ටත් තමන්ගේ පරමසතුරා ළඟට යන්න සිදු වෙනවා. ඉතින් මීට වඩා කියන්න මම බලාපොරොත්තු වෙන්නේ නැනැ. ඊට පස්සේ මොකද වෙන්නේ කියන එක ඔයාලා ෆිල්ම් එක බලලම තීරණය කරන්න. විල් කලින් විශ්‍රාම ගියේ ඇයි ? ඔහුගේ පරම සතුරා කවුද ? ඔහු විල්ට උපකාර කරයිද , මිනීමරුවා දාන සෙල්ලම් මොන වගේ වේවිද? අවසානයේ මිනීමරුවාට මොකද වෙන්නෙ යන මේ වගේ කුතුහලයක් සහිත ප්‍රශ්නවලට උත්තරත් ෆිලුමේම ඇති.
IMDb මීටරය 7.2 ක් තරම් අගයකට කරකවපු Rotten Tomatoes අගය 68% ක් වූ Drama කියන category එක යටතේ වර්ෂ 2002 දී පළමු වරට තිරගත වූ සාර්ථක ෆිලුමක් කියලා කියන්න පුළුවන් . මේ ෆිලුම ටිකක් සයිකෝ(Psycho) පැත්තටත් බරයි. 1981 දී “Thomas Harris” විසින් රචිත “Red Dragon” නවකතාවක පාදක කරගෙන තමයි මේ ෆිලුම නිෂ්පාදනය කරලා තියෙන්නේ. සිංහල සබක් ඇඩ් කරන්න මේ ෆිල්ම් එක වෙන් කරලා දුන්නු ‘සිසිල’ සහෝට ස්තූති වන අතරම බයිස්කෝප් කාර්‍ය මණ්ඩලයටත් ස්තුතිය පුද කර සිටිමි. කට්ටියගේ ප්‍රතිචාර කොමෙන්ට් බොක්ස් එකේ කොටාගෙන යන්න. මම මීට වඩා වැඩි යමක් නොකියමි. අවසාන වශයෙන් කියන්න ඕනේ මේ දවස්වල තිබෙන කොරෝනා වසංගත තත්වයෙන් කට්ටිය හැකිතාක් දුරට ප්‍රවේසම්වන්න කියලා. නැවත තවත් සිංහල උපසිරැසියකින් හමුවෙනතුරු සමුගන්නවා . ඔබට ජයෙන් ජය! ජේසු පිහිටයි! .

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
5,084 downloadsDownload Red-Dragon-2002-1.zip59 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිලුපුල් වික්‍රමාරච්චි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-07-18
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නිලුපුල් වික්‍රමාරච්චි
Subtitles
21 comments
tharindu
Anonymous
ඕක Hannibal සීරිස් එකේ ෆිලුමක්. සීරිස් එකටම දෙමුකො
Lakshansilva18
thanks for subtitles
requests :-
in the name of the father
primal fear
arlington roadශාමල් මනෝජන්
අම්මෝ ඈති යන්තන් මේ ෆිල්ම් එකට සබ් දුන්නා. කාලාන්තරයක් තිස්සේ බලා හිටියේ.
බොහොම ස්තූතියි උපසිරැසියට සහෝ.Hannibal Series එකටම සබ් දෙමු එහෙනම්.
මේකේ ඉතුරු ෆිල්ම් සෙට් එක.....Manhunter - 1986
Hannibal - 2001
Hannibal Rising - 2007Shaggy
බොහොම ස්තූතියි
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Anonymous
niyama sub ekak
aluthin apu FREE GUY film ekata sub denne naddaAnonymous
Thank you!
Anonymous
Ade thanks bn .goda kalayak balan hitiya denakn.ithuru film tikatath sub eka demu.jayawewa..!!
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Daneesha
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට..
Hanibal සීරියස් එකටම සබ් ඕන..indika75
thanks..
Pramukmili
Thanxxxxxxxx bro.............
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
Anonymous
Thanks Bro
Dewadithya
Thanks for sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Anonymous
manhunter ekath denna
Ishan Madusha
බොහෝම ස්තූතියි...
Advertisement
Hannibal series ekama oni.patta filumak