Spadikam (1995) Sinhala Subtitles ආයුබෝවන්, බයිස්කෝප් 15 වන සංවත්සරය වෙනුවෙන් ගෙන එන මලයාලි සිනමා ඉතිහාසයේ සුවිශේෂිතම සංධිස්ථානයක් වුන තවත් චිත්‍රපටයක් තිලිණ කරනවා. ඇත්තටම මලයාලි නෙමෙයි මුළු ඉන්දියානු සිනමා ඉතිහාසයේම චංඩියා කියන සුප්‍රසිද්ධ චරිතයට පසුකාලීනව ලොකු බලපෑමක් උන චංඩියෙක් තමයි ආඩු තෝමා කි…
Spadikam (1995) Sinhala Subtitles
ආයුබෝවන්, බයිස්කෝප් 15 වන සංවත්සරය වෙනුවෙන් ගෙන එන මලයාලි සිනමා ඉතිහාසයේ සුවිශේෂිතම සංධිස්ථානයක් වුන තවත් චිත්‍රපටයක් තිලිණ කරනවා. ඇත්තටම මලයාලි නෙමෙයි මුළු ඉන්දියානු සිනමා ඉතිහාසයේම චංඩියා කියන සුප්‍රසිද්ධ චරිතයට පසුකාලීනව ලොකු බලපෑමක් උන චංඩියෙක් තමයි ආඩු තෝමා කියන මෝහන් ලාල් රඟපාන මෙම චරිතය. සමහර මලයාලම් චිත්‍රපට වල මේ ආඩුතෝමා වචනය අහල තිබුනත් මොකක්ද කියල තේරුනේ මේකෙ. ඒ තරම්ම ඒක ජනවහරටත් කා වැදිලා. ඉතා සාර්ථකව තිර ගත උන මේ චිත්‍රපටිය IMDB 8.6 සටහන් වී තිබෙනවා. ගිය වසරෙත් නව 4K පිටපතක් සහිතව තිර ගත උන මේ චිත්‍රපටය එකල ශාලාවල දින 100 ඉක්මවා ප්‍රදර්ශනය වූනා. 43 වන ඉන්දියානු ෆිල්ම් ෆෙයාර් උළෙලේ හොඳම අධ්‍යක්ෂණය (භරතන්) සහ හොඳම නළුවා මෝහන් ලාල් සම්මාන දිනා ගත්තා.
Spadikam (1995) Sinhala Subtitlesමෙය දෙමළ, තෙළිඟු, කන්නඩ භාෂා තුනෙන්ම පසු කාලීනව ප්‍රති නිමාණය උනා. අමතරව මේ චරිතයෙන්ර් inspaire වුන චිත්‍රපට රාශියක් පසු කාලීනව බිහි උනා.
Spadikam (1995) Sinhala Subtitlesකතාව කියැවෙන්නේ පියෙක් සහ පුතෙක් අතර. ඉතා දක්ෂ සියළු දෙනා ගරු කරන ගණිත ගුරුවරයෙකුගේ ලොකුම අපේක්ෂාව තම පුත්‍රයා ගණීතඥයෙකු හෝ ඉංජිනේරුවෙක් කිරීම. එහෙත් ගණිතයට එතරම් දක්ෂයෙක් නොවෙන ඔහු විවිධ නව නිපයුම් වලට සමත් කම් දක්වනවා. කිසි විටෙකත් ඔහුගේ අභිලාෂයන් සහ සිහින තේරුම් නොගත් නිසාත්, ඒ වෙනුවට ඔහුව අනෙකුත් සිසුන් සමඟ සංසන්දනය කර නිරන්තරයෙන් ඔහුව හෑල්ලු කළ නිසාත් පුත්‍රයා නිවසින් පැන යනවා. තෝමස් චාකෝ නම් මේ සිසුවා ආඩුතෝමා නම් චංඩියා බවට පත් වෙන්නෙ ඒ නිසා. සිය පුත්‍රයා යක්ෂයෙක් ලෙස දකින පියාත් පියා කොටියෙක් ලෙස දකින පුතාත් අතර සිදුවන ගැටුම අතර ඔවුන්ට එක සේ ආදරය කරන මවත් නැගණියත් මැදි වෙනවා. අවසානයේදී මේ ගැටුම කෙසේ විසඳෙයිද?
Spadikam (1995) Sinhala Subtitlesවෙනත් චංඩි කතා වලට වඩා මලයාලින්ගේම යතාර්ථවාදී ආකෘතිය මෙහි සටන් වල පවා දකින්න පුළුවන්, මෝහන් ලාල්ගේ ජනප්‍රියතාව ඉතා ඉහලට නංවපු මේ චරිතය නිසාම එහි දෙවන කොටසක් කිරීම සඳහා අධ්‍යක්ෂකවරයාට මොහාන් ලාල් විසින් රථයක් පිරිනමන්න උත්සාහ කල නමුත් ඔහු එය නැවත ඉදිරියට ගෙන ඒම ප්‍රතික්ෂේප කල බව පවසෙනවා. මෙහි පියා ලෙස තිලකන් සහ පුතා ලෙස මෝහන් ලාල් ගෙන එන රඟ පෑම අතිවිශිෂ්ඨයි.
Spadikam (1995) Sinhala Subtitlesඉතිං ඔබගේ ප්‍රතිචාර මත ඉදිරියේදීත් මෙවැනි මලයාලම් මිණි කැට ඔබට ගෙන එන්නට අදහස් කරනවා, මේ සඳහා මට මුලින්ම දී ඒ සඳහා චිත්‍රපට පවා යොමු කර මා පිටුපසින් සිටි කාන් ප්‍රනාන්දු සහෝදරයාගේ සහයෝගය ස්තූති පූර්වකව සිහිපත් කරනවා, එයා නැතිනම් මේවා එන්නෙ නෑ.
තවත් නව උප සිරසියකින් හමු වෙමු. ජය වේවා!
Spadikam (1995) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත සඳහා වලංගු වේ.
790 downloadsDownload Spadikam-1995-Sinhala-Subtitles.zip43 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Spadikam (1995) Sinhala Subtitles
Subtitles
- #BANDULA K
- #Editor's Pick
- #Indian Box Office Hits
- #Indrans
- #K.P.A.C. Lalitha
- #Mohanlal
- #Must Watch
- #Nedumudi Venu
- #Rajan P. Dev
- #Silk Smitha
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Spadikam
- #Spadikam (1995)
- #Spadikam (1995) Sinhala Sub
- #Spadikam (1995) Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #Thilakan
- #Urvashi
- #අඩි
- #අඩි සිංහල සබ්
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
5 comments
Kasun
Isuru Madawala
උපසිරැසියට බොහෝම ස්තූතියි!
CIA චිත්‍රපටයේ Spadikam නම කියවුණාට පස්සේ හොයාගෙන බැලුවා. සබ් එක්ක ආයේ බලන්න ඕනේ. ❤️❤️❤️Manoj
අද බැලුවා පරණ ෆිලුමක් වුනත් මරු. උපසිරැසියට ස්තූති වේවා.
රංගික සිනෙත් කාරියවසම්
නියම වැඩක් .ජය
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement


උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️