Watch Trailer

Manorama Six Feet Under (2007) Sinhala subtitles | මනෝරමාගේ අභිරහස [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගේ දොළොස්වෙනි උපසිරැසියත් අරගෙන ආවා මේ පැත්තේ. PIHU දෙනකොට කිව්වනේ අවුරුදු තුනකින් විතර එන්නම් කියලා, ඒත් තව එකක් කරන්න ආසාවක් ආවා. සුපුරුදු පරිදි මේ පාරත් හින්දි චිත්‍රපටයක්… තරමක පැරණි එකක්, නම Manorama Six Feet Under, 2007දී තිරගත වුණු චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අනුෂ්කා ශර්මා අද්විතීය රංගනය…

ඔන්න මගේ දොළොස්වෙනි උපසිරැසියත් අරගෙන ආවා මේ පැත්තේ. PIHU දෙනකොට කිව්වනේ අවුරුදු තුනකින් විතර එන්නම් කියලා, ඒත් තව එකක් කරන්න ආසාවක් ආවා. සුපුරුදු පරිදි මේ පාරත් හින්දි චිත්‍රපටයක්… තරමක පැරණි එකක්, නම Manorama Six Feet Under, 2007දී තිරගත වුණු චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අනුෂ්කා ශර්මා අද්විතීය රංගනයක නියැලුණු NH10(2015) චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ නව්දීප් සිංගේ ප්‍රථම අධ්‍යක්ෂණය. මේ චිත්‍රපටය රහස්පරීක්ෂක, ත්‍රිලර් කාණ්ඩයට ගැනෙන චිත්‍රපටයක්. Neo-Noir Mystery Thriller චිත්‍රපටයක් විදිහට තමා වැඩිපුර සඳහන් වෙන්නේ,මේ චිත්‍රපටය IMDB දර්ශකයේ 5,560කගේ මනාපයෙන් 7.7ක අගයක් ලබාගෙන හොඳම ඉන්දියානු චිත්‍රපට ලැයිස්තුවේ 148වැනි තැන රඳවාගෙන තියෙනවා. ප්‍රධාන නළුවා විදිහට රංගන දායකත්වය සපයන්නේ අභේ ඩියෝල්, ඔහුට අමතරව රයිමා සෙන්, ගුල් පනාග්, විනේ පතක්, සාරිකා, නවාසුදීන් සිද්දීකි රංගනයෙන් දායක වෙනවා… රෝමන් පොලන්ස්කිගේ චයිනා ටවුන් නැමති හොලිවුඩ් චිත්‍රපටය අනුසාරයෙන් නිපදවූ චිත්‍රපටයක්. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ චිත්‍රපටය සාමාන්‍ය බොලිවුඩ් රිද්මයෙන් බැහැරවුණු නිර්මාණයක්.

කතාව කෙටියෙන් කිව්වොත්, මුළු කතාවම යන්නේ ඉන්දියාවේ රාජස්තාන් ප්‍රදේශයේ ලාකෝට් කියන ගමක… රහස්පරීක්ෂක නවකතාවක් ලියලා ඒක අසාර්ථක වුණු, ලේඛකයෙක්ව හොයාගෙන එක්තරා කාන්තාවක් එනවා, තමන්ගේ ගැටළුවක් ඒ ලේඛකයාට විසඳන්න දෙන්න, ඉතිං මේ ගැටළුව විසඳන්න යන ඒ ලේඛකයාට මුහුණ දෙන්න වෙන කතාව තමා චිත්‍රපටය තුළ තියෙන්නේ, ප්‍රශ්නෙකින් තවත් ප්‍රශ්නයකට මැදිවෙන මොහු මේ ගැටළුවේ අග-මුල සොයාගනීද? මම කතාවෙන් බොහොම ටිකයි කිව්වේ, වෙනස් රසාස්වාදනයක් සොයන්නන්ට විශේෂයි… කතාව ගලාගෙන යන ආකාරය, කැමරා කෝණ වගේ දේවල් වෙනස්ම ලක්ෂණ ගන්නවා.

මනහර වූ ගීත දෙකක් පමණ චිත්‍රපටයේ අන්තර්ගතයි, එහෙනම් ගිහින් ආයේ දවසක උපසිරැසියකින්ම මුණ ගැහෙන්නම්, උපසිරැසිය බාගෙන යනගමන් අදහසකුත් පළ කරගෙන යන්න, එහෙනම් ගිහින් එන්නම්.

“හම්හේ රහී ප්‍යාර් කේ, ෆීර් මිලේන්ගී, චල්තේ චල්තේ”

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා ගැළපේ.

4,351 downloadsDownload Manorama-Six-Feet-Under-2007.zip51 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සිසිත සමරතුංග

Subtitles

4,351 downloadsDownload Subtitles51 KB

21 comments

  1. Mayura

    නියමයි නියමයි සයිට් එකේ තිබ්බ ලොකු අඩුවක් සම්පූර්ණ කරා

  2. Gathsara Umesh

    Bhooooooooom Sthuthi ❤️

  3. SadeepaT

    ammo thanks mchn.mekata sahenna reviews hodai.sinhala sub eka nathi nisa baluwe na.dn balanna ona.godak thanks. abhay supiri

  4. Bandara 1976

    Thanks Bro. Old is Gold

  5. malithmadhushan45

    පැරණි හින්දි එකක් නම් නියමයි සහෝ තව මෙ වගෙ සබ් නැති හින්දි එවා තියේනව එවටත් කරමු බොහොම ස්තුතියි සබ් එකට

  6. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  7. Eranda Malith 2.0

    බොහොම ස්තූතියි මචන්

  8. Madhura prasad

    තුති වේවා බ්‍රෝ

  9. Kulanjana Maduranga

    subata thanks

  10. Nirosh C

    ස්තුතියි සිසි.ජයවේවා !

  11. shanuka900

    ස්තූතියි .Junoon (1992) පැරැණි චිත්‍රපටියෙත් උපසිරැසි ලබාදෙන්න.

  12. palithadesilva

    thankyou..

  13. wajira

    Thanks for sub

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. N_R

    Thank You.

  16. indika75

    thanks..

  17. Saranga J. Liyanagama

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…

  18. kusal lakindu

    ස්තූතියි.

  19. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!

  20. Chathu_OO

    මෙව්වානේ චිත්‍රපටි...
    පට්ටම පට්ට...
    ගොන් ආතල් දෙන සිංදුත් නෑ...
    මරේ මරු...
    මේ වගේ ඒවා හොය හොයා දැම්මාත් කමක් නෑ...

  21. Anonymous

    thanks