ආයුබෝවන්… සුබ දවසක් යාළුවෝ හැමොටම.. ඉතින් ඔන්න අද මං ඔයාලට තවත් පරණ ක්‍රියාදාම චිත්‍රපටයකට සිංහල සබ් අරන් ආවා. 1980 සහ 90 දශක කියන්නේ ලංකාවේ බටහිර ක්‍රියාදාම චිත්‍රපටිවලට හොඳ කාලයක්. ක්‍රියාදාම කිව්වම මාර්ෂල් ආර්ට්, ඒ කියන්නේ ආත්මාරක්ෂක සටන් පිරි චිත්‍රපට. අද වගේ අන්තර්ජාල, DVD නැති කාලේ VHS කැසට්…

ආයුබෝවන්… සුබ දවසක් යාළුවෝ හැමොටම..
ඉතින් ඔන්න අද මං ඔයාලට තවත් පරණ ක්‍රියාදාම චිත්‍රපටයකට සිංහල සබ් අරන් ආවා. 1980 සහ 90 දශක කියන්නේ ලංකාවේ බටහිර ක්‍රියාදාම චිත්‍රපටිවලට හොඳ කාලයක්. ක්‍රියාදාම කිව්වම මාර්ෂල් ආර්ට්, ඒ කියන්නේ ආත්මාරක්ෂක සටන් පිරි චිත්‍රපට. අද වගේ අන්තර්ජාල, DVD නැති කාලේ VHS කැසට් එකකින් බලන්නත් ඩෙක් එකක් ඕනේ. ඒ කාලේ ඒකත් මිලෙන් වැඩි නිසා ගොඩක් දෙනෙක් මේ වගේ චිත්‍රපටි රස විදින්න සිනමා ශාලා වලටම ආවා. ඒ නිසාම ඒ කාලේ මෙවැනි චිත්‍රපට හවුස් ෆුල් වෙලා ප්‍රදර්ශණය වුණා. Martial Law 1991
ෂෝන් තොම්සන් පොලිස් නිලධාරියෙක්. ඔහු පියාගේ මරණින් පස්සේ හොංකොං ගිහින් සටන් කලාව හොඳින් ප්‍රගුණ කරපු කෙනෙක්. පොලිසියේ ඇතැම් ගිණි අවි පාවිච්චිකරන්න අපහසු මෙහෙයුම් වලට යවන්නේ ෂෝන්ව. ඒ ජීවිත හානියක් නැතිව අපරාධකරුවන් මෙල්ල කරගන්න. ඔහුගේ සහයකයා බිලී නම් තරුණ පොලිස් නිළධාරිනියක්. රාජකාරියේදී වගේම ජීවිතයේ සහයකයාත් බිලී. මේ අතර ඩෝල්ටන් රොඩ්ස් කියන දරුණු ගණයේ අපරාධකරුවෙක් සමාජයට හොඳ මුහුණ පෙන්නමින් ගිණි අවි, මෝටර් රථ ජාවාරමේ යෙදෙනවා. අවාසනාවට ඔහුගේ ෂෝන්ගේ මල්ලි මයිකල්, ඩෝල්ටන්ගේ කණ්ඩායමට එක්වෙන්නේ ඉක්මණින් මුදල් උපයන්න වගේම පියාගේ මරණින් පස්සේ තමන්ව දාලා ගිය සහෝදරයාට වඩා තමන් ලොක්කෙක් කියලා පෙන්නන්නයි. චිත්‍රපටයේ ඉතිරිය ඔයාලම බලලා රස විඳින්න.
චිත්‍රපටය මුලින්ම ප්‍රදර්ශණය වෙන්නේ 1991 මැයි 16 වෙනිදා ඇමරිකාවේ. ඒ සමඟම වාගේ මෙහි VHS කැසට් නිකුත් වෙලා තියනවා. පසුව යුරෝපයේ DVD නිකුත් කරලා. චිත්‍රපටයේ ෂෝන් තොම්සන් ලෙස Chad McQueen, බිලී ලෙස එකල සුරූපී සරාගී සටන් නිළියක් වන Cynthia Rothrock සහ ඩෝල්ටන් රොඩ්ස් ලෙස David Carradine රංඟනය ඉදිරිපත් කරනවා. චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Steve Cohen වන අතර නිෂ්පාදනය Kurt Anderson. විනාඩි 89ක් පුරා දිවෙන මෙම චිත්‍රපටයට IMDb 4.7ක අගයක් සහ Rotten Tomatoes 30%ක අගයක් ලැබී ඇත.
මේ චිත්‍රපටය ලංකාවට ගෙන්වන්නේ නිව් ඉම්පීරියල් ටෝකීස් සමාගමයි. 1910 වසරේ ආරම්භ කල මේ සමාගම මුලින්ම චිත්‍රපට ප්‍රදර්ශණය කරන්නේ ටෙන්ට් සිනමාහල් ඉදිකරමිනුයි. එය එකල ජංගම සිනමා හල්ය. පසුව ලංකාව පුරා ස්ථිර සිනමාහල් 30ක් පමණ ඉදිකරන ඉම්පීරියල් සමාගම විදෙස් චිත්‍රපට ගෙන්වීමද ආරම්භ කර ඇත. මෑත කාලයේ ඔවුන් සිංහල චිත්‍රපටද නිෂ්පාදනය කල අතර එයින් සිකුරු හතේ සහ පහ සමත් චිත්‍රපට බොහෝ ජනප්‍රිය විය.

නිව් ඉම්පීරියල් සමාගමේ නිර්මාතෘ
හාන්ස් ඇන්ඩෘෘ වැන්ස්ටාරෙක්ස් මහතා.
එකල ගෙන්වූ චිත්‍රපට අතර Under Police Protectin, China O’brien I & II, The Banker, River Bend, Blood Ring I & II, American Hunter, Blood Fist I & II, Melody in Love, Ultra Force I & II, Fist of Glory, Eternal Fist, The Raiders of the Sun, The Big Boss, The Way of the Dragon වැනි චිත්‍රපට බොහෝ ජනප්‍රිය විය. නමුත් අද ඒ ඇතැම් චිත්‍රපට සොයා ගැනීම ඉතා අපහසුය. මේ චිත්‍රපට වල මුල් පෝස්ටර් අදටත් ඉතාමත් සුරක්ෂිතව කුරුණෑගල නිව් ඉම්පීරියල් සිනමා ශාලාවේ ප්‍රදර්ශනයට තියලා තියනවා. ඔයාල ඒ පැත්තේ ගියොත් අනිවාර්යයෙන් මේ ටික බලන්න.
එහෙනම් අදට මං ගිහින් එන්නම්. ආපහු දවසක මේ වගේම තවත් චිත්‍රපටයකට සිංහල සබ් අරන් එනකන් ඔයාල හැමෝටම නිරෝගිමත් සුබ දවසක් වේවා…
~ ජය වේවා ~

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
981 downloadsDownload Martial-Law-1990.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොෂාන් ශමීර ජයසිංහ
Subtitles
8 comments
Akila
Anonymous
thanks
Anonymous
Mewage torrent link denne nththe ai
indika75
thanks..
Chaminda Lakruwan
ස්තූති සබ් එකට
Buddhika Lakmal
ස්තූතියි මචං සබ් එකට
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
thanks for sub
please primal fear 1996 sub ekat dennko