ඔන්න ආපහු චිත්‍රපටයක උපසිරසක් අරගෙන ආවා. මේ අරගෙන එන්නේ මායා: පුංචි වීර මැස්සිගේ තුන්වෙනි වික්‍රමාන්විත කතාවයි. කලින් චිත්‍රපට දෙකට ඍජු සම්බන්ධයක් නැති නිසා මේක කිසිම ගැටළුවක් නැතුව බලන්න පුලුවන්. හැබැයි ඒවාත් බලන්න පුලුවන්නම් තමයි වටින්නේ. ඉතින් කලින් චිත්‍රපටි දෙක වගේම මේකත් ඉතාමත් ලස්සන, ආදර්ශමත…

ඔන්න ආපහු චිත්‍රපටයක උපසිරසක් අරගෙන ආවා. මේ අරගෙන එන්නේ මායා: පුංචි වීර මැස්සිගේ තුන්වෙනි වික්‍රමාන්විත කතාවයි. කලින් චිත්‍රපට දෙකට ඍජු සම්බන්ධයක් නැති නිසා මේක කිසිම ගැටළුවක් නැතුව බලන්න පුලුවන්. හැබැයි ඒවාත් බලන්න පුලුවන්නම් තමයි වටින්නේ. ඉතින් කලින් චිත්‍රපටි දෙක වගේම මේකත් ඉතාමත් ලස්සන, ආදර්ශමත් කතාවක් කියලා අවිවාදයෙන් පුලුවන්.
මේක අධ්‍යයක්ෂණය කරලා තියෙන්නේ Noel Cleary විසින්. ප්‍රධාන චරිතවලට හඬකැවීමෙන් Coco Jack Gillies, Benson Jack Anthony, සහ Jimmy James Eaton දායක වී තිබෙනවා.
හරි, ඔයාලා දන්නවා ඇති මායා කියන්නේ පොඩි වුණත් කොයි තරම් නිර්භීත සහ එඩිතර මී මැස්සියක්ද කියලා. කරදරයක වැටුණු කෙනෙක්ව දැක්කොත් අහක නොබලා ඉන්න කෙනෙක් තමයි ඇය. මායාගේ අඹ යාළුවා තමයි විලී. විලීනම් මායා වගේ නෙමෙයි. හැමදේටම හරිම බයයි. හැබැයි මායාගේ නිර්භීතකම නිසා පටලගන්න කරදර නිසා විලී විතරක් නෙමෙයි මුළු මී වදයේම ඉන්නා මී මැස්සො පවා අමාරුවෙ වැටෙනව. හැබැයි ඉතින් පහු ගිය කතා දෙකේදි හැමදේම හොඳ දේකින් තමයි කෙළවර වුණේ.
ඉතින් මේ කතාව පටන්ගන්නෙ වසන්තය උදාවීමෙන්. වසන්තය උදා වෙනකොට මී මැස්සො වසන්ත උත්සවය පවත්වනව. මායා වේලාසනින්ම අවදි වෙලා, කම්මැලි විලීවත් කොහොමහරි කරලා කූද්දන්නෙ හිරු උදාව දැකගන්නයි. හැබැයි අනපේක්ෂිත විදිහට ඉර පායලා එක පාරට ආපහු එළිය නැතුව යනව. මේක මායාට හරි ප්‍රශ්ණයක්. මොකද හිරු උදාව නැතුව වසන්තය උදා වෙන්නෙත් නෑ. වසන්තය උදා නොවී, වසන්ත උත්සවය පැවැත්වෙන්නෙත් නෑ. මේ නිසා මායා තීරණය කරනවා විලී එක්ක එකතු වෙලා මේ ප්‍රශ්ණයත් හරි ගස්සන්න. හරි ගස්සන්න ගියාට මොකද හැමදේම වැරදිලා තමයි මේ පාරත් මායායි විලීයි ආපහු මී වදයට එන්නෙ…
ඉතින් මොකක්ද ඇත්තටම මේ පාර මායායි, විලීයි වරද්දගත්තේ? මේ පාර මී වදේ මොන කරදරේක වැටෙයිද? එතකොට කොහොමද මේ මාතෘකාවෙ තියෙන රත්තරන් ගෝලය කතාවට සම්බන්ධ වෙන්නේ? කොහොමවුණත්, මායාට පුලුවන් වෙයිද ඉර ආපහු ගෙන්නගන්න? මේ ප්‍රශ්ණ ටික ඉතිරි කරන්නම් චිත්‍රපටය බලලාම දැනගන්න.
යන්න කලින් අපේ පුංචි වීර මී මැස්සි මායාගේ චිත්‍රපටි ටික පහළින් පෙළගස්වන්නම්.
- Maya the Bee Movie (2014)
- Maya the Bee: The Honey Games (2018)
- Maya the Bee 3: The Golden Orb (2021)
තවත් උපසිරසකින් හමුවෙමු…

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
4,336 downloadsDownload Maya-the-Bee-3-The-Golden-Orb-2021.zip41 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2015-02-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
එල්. සී. දමැල්
Subtitles
16 comments
Anonymous
ශාමල් මනෝජන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
පුලුවන් නම් Who Framed Roger Rabbit - 1988 ෆිල්ම් එකට උපසිරැසි දෙන්නකෝ. Trailer එක බලලා හොඳයි නම් සබ් දෙන්නකෝ.
PCVENOM
sthuthiii
Nilush Angana
Sub ekata thanx
Tharusha Dilnayana
Ammoo hoya hoya hitiye...Thankz sub ekata ayye...
Pulwnnm "Fatherhood" film ekatath sub eka dennakoo...eka 2021 film ekak...mama beluwe nehe....hodada danneth ne...hodanam sub eka denawada plz?එල්. සී. දමැල්
ළඟදිම ලැබෙයි ඕක :)
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Ash
Thank you
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Sandeep
Thanx saho sub ekata..
D.Chamara
බොහොම ස්තූතියි .... !
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Tnx