Watch Trailer

The Maze Runner (2014) | වංකගිරියේ ධාවකයා…. [සිංහල උපසිරැසි සමඟ]

සමාවෙන්න ඕනේ ප්‍රමාදයට මේ සතියේ 100 කොටස ගෙන්න වෙන්නේ මට. පොඩ්ඩක් චරිත නම් මාරු වෙනවා හැබැයි මේකත් ලෝකය බේරා ගැනීමේ චේතනාවෙන් නව යොවුන් තරුණ තරුණියන් වැඩිහිටියන් නොඑන තැනකට යවන සෙල්ලමක්… 100 කිව්වට 100 ම නෙමෙයි ඉතින් හොඳේ… මේක මම ඇත්තටම කරන්න හිනේකිවත් හිතුව එකක් නෙමෙයි මම හිතුවේ මේක හෙන ගොන් වෙන්න…

The Maze Runner 2014

සමාවෙන්න ඕනේ ප්‍රමාදයට මේ සතියේ 100 කොටස ගෙන්න වෙන්නේ මට. පොඩ්ඩක් චරිත නම් මාරු වෙනවා හැබැයි මේකත් ලෝකය බේරා ගැනීමේ චේතනාවෙන් නව යොවුන් තරුණ තරුණියන් වැඩිහිටියන් නොඑන තැනකට යවන සෙල්ලමක්… 100 කිව්වට 100 ම නෙමෙයි ඉතින් හොඳේ… මේක මම ඇත්තටම කරන්න හිනේකිවත් හිතුව එකක් නෙමෙයි මම හිතුවේ මේක හෙන ගොන් වෙන්න ඇති කියලා, හැබැයි අපේ “ඇරෝ කොල්ලාට” පොඩි කරදරයක් වෙලා මේක එයාට කරන්න බැරි වුනා එකේ මම නිකන් බැලුවා පට්ට නිසා කරන්න ගත්තා ඊයෙම. 

James Dashner අතින් 2009 ලොවට තිලිණ වුන The Maze Runner නමින්ම තියන නව යොවුන් වික්‍රමාන්විත ග්‍රන්ථය පාදක කරගෙන තමයි මේ සිනමා පටය නිර්මාණය වෙලා තියෙන්නේ. පොත නම් අලෙවි වාර්තා තිබ්බ අතිශය සාර්ථක එකක් ඉතින් සිනමා පටය කොහොම වෙන්න ඇති ද? වියදම ඩොලර් මිලියන 34 ආදායම මිලියන 334 කට ආසන්නයි තවමත් තිරගත වෙලා ඉවර නැහැ ලෝකය පුරාවට. මුල් සතියේ පළමු තැන රැදෙමින් උපයාගත්ත ආදායම මිලියන 32 ඉක්මවා යනවා. IMDB දර්ශකයට අනුව ලබාගත අගය 7.3 යි, Rotten Tomatoes 63 % ක ප්‍රේක්ෂක / විචාරක පැසසුමක් දිනාගන්නත් මේ චිත්‍රපටය සමත්කම් පාලා තියනවා… Wes Ball ගේ පළමු ප්‍රදාන පෙලේ චිත්‍රපටය වෙන්නේ මේක. රංගනයෙන් දායක වෙන පිරිස ගැන කියනවා නම් ප්‍රධානියා දන්නා හදුනන කෙනෙක්, නමින් Dylan O’Brien වෙන මෙයා තමයි අපි ඔබ වෙත අරගෙන එන Teen Wolf කතා මාලාවේ Stiles Stilinski / Nogitsune කියන චරිත වෙනුවෙන් පණ පොවන්නේ…. (ඒ ගැන වැඩි දෙයක් කියන්න මම දන්නේ නැහැ ඉතින් ඒක බලනෙන් නැති නිසාවෙන්). ඔහුට අමතරව Aml Ameen, Ki Hong Lee, Blake Cooper වගේම සුරුපිනිය ලෙස Kaya Scodelario එකතු වෙනවා මේ වතාවේ ඇයට ලොකු දෙයක් කරන්න වෙන්නේ නැහැ නමුත් දැනට පොත් 4 ඇවිත් තියන එකේ ඊලග ඒවායේ ඇය තමුන්ට හිමි තැනට එයි…

කතාව දැන් කියන්නම්, තෝමස් එක්වරම අවදි වෙනවා කළමනා පිරුන සෝපානයක… කිසිම මතකයක් නැතුව…ඒ මොහොම වෙනකොට ඔහුගේ නමවත් මතක නැහැ ඔහුට… සෝපානයේ දොර විවර වෙනවා… ඔහු වගේම නව යොවුන් වියේ කොලු රැලක් හිනා වේවි බලා ඉන්නවා… මේ තමයි වංකගිරිය මැද තියන පිටිය. මාසෙකට වතාවක් මේ වගේ අලුත් කෙනෙක් හා කෑම බිම ටිකක් මොවුන්ට සෝපානයෙන් ලැබෙනවා… ගැලවෙන්න මගක් නැහැ.. වංකගිරිය එසේ මෙසේ එකක් නෙමෙයි රාත්‍රියේ වෙනස් වෙන තැනක්… ග්‍රිවර් නම් මකුළුවෙක් වැනි සතුන් දඩයමේ යෙදෙන තැනක් නිසා එමගින් මේ කොලු රැළට ගැලවිමකුත් නැහැ… ඉතින් මේ අලුතෙන් එන අමුතු විදිහට හිතන කොලුවා මොකක් කරයි ද? මොවුන්ට මේකේ ගැලවෙන්න හැකි වෙයි ද? ඇත්තම මොකද්ද මේ තැන ? ඇයි මොවුන්ට මෙහෙම කරලා තියෙන්නේ ? 

The Hunger Games, Divergent  අතරට එකතු වෙලා තමුන්ගේම කියල නමක් ගොඩනගා ගත් මේ Action, Mystery, Sci-Fi, Thriller සලරුව ඔන්න දැන් ඔබට බාරයි. ඒ වගේම කියන්න ඕනේ Maze Runner: Scorch Trials නැත්නම් මෙහි දෙවැන්න 2015 එන්න නියමිතයි දැනටත් රූපගත කිරීම් කෙරීගෙන යනවා… ඒකත් ආව කාලෙක ඔබ වෙත ගෙන එක බලාපොරොත්තුවත් හිතේ තියාගෙන මම ගියා එහෙනම්… තවත් සුපිරි චිත්‍රපටයක් එකක් පසුව හමුවෙමු.. ඔබ සැමට ජය වේවා ! 

පා.ලි.

අර උඩ 100 කතාව ලිපිය පටන් ගන්නකොට අදහසක් තිබ්බා ගානට ගලපන්න, මගක් යනකොට මටම ගලපා ගන්න බැරි වුනා ඒක ගැන හිතන්න එපා වැඩිය…අපේ උදාගේ කතාව හරි මේක දිගටම බලාගෙන යන්න මේ හිතන දේ මේ බොරු වෙනවා අවසාන මොහොතේ දී කතාවේ තරු එකක් අපි බෙදාගන්නා බලාපොරොත්තුව තවත් මොහොතක් යනකොට ආයේ බිදිනවා…  

 

The Maze Runner  (2014) on IMDb

 

 

648 MB (BD) කොපිය මෙතනින් බාගන්න 502A6909B9D0D3057214F0E97FEBA700355CA8DA 700 MB (BR) කොපිය මෙතනින් බාගන්න 21DF046AA4E31BE2AF858CDAE596956CC8412837 767 MB (DVD) කොපිය මෙතනින් බාගන්න 2f6689f8555da2d121614f3921afe483d915b40a 814 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න 2432BC44B05327B1AAE16E2DA0A59FD720300956 850 MB (BR) කොපිය මෙතනින් බාගන්න 5432A40049128682C17029FD1A181D1D1469FC96 989 MB (BR) කොපිය මෙතනින් බාගන්න A5DDD2D748667747284C93B100AE8BF46DBD5F36 1.37 GB (BR) කොපිය මෙතනින් බාගන්න 94F365491FE62A063E10C7070619A59216148015 1.43 GB (DVD) කොපිය මෙතනින් බාගන්න 5abffd8a216f9aed98a8b22bc05cb642fdc409f2 1.65 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න 2552169E161A1E766AA1DDC5F03B16AC5CB50F68 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

28,681 downloadsDownload The-Maze-Runner-2014-BR.zip315 B

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

28,681 downloadsDownload Subtitles315 B

144 comments

  1. Ama

    බොහොම ස්තූතියි සහෝ!!!!!!!

  2. ela buwa

    thankxxx macho enakan balan hitiye...yify enakamma thawa iwasanawa...

  3. ශාන් විමුක්ති [විමා]

    ලිපියනම් ඒ හැටි තේරුනේ නැහැ
    ෆිලුම අනිවා බලමි
    සබට තුති සමියෝ! :D

  4. සමීර චතුරංග

    අප්පේ ඇති යන්තන් මේක දීලා. මම බැලුවා දෙන්නේ නැතිද කියලා?
    ඔන්න එහෙනම් අපිත් බලනවා.
    සබට බොහෝ තුති කිව්වා.
    ජය!!

  5. yasasa lakmintha

    සබ් එක මේ තරම් ඉක්මනට දුන්න එකට ඔබට තුති සමීර සහෝ. :) BrRip එක එනකම් ඉන්න එක තමා දෑන් එපා වෙන්නේ. ජය වේවා.. ! :)

  6. amith

    thanks saho.................

  7. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  8. ෂාන්

    පට්ට ෆිල්ම් එක
    උපසිරැසි වලට ස්තුති

  9. Sisira Hegoda

    Thanks.

  10. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  11. rajith

    sub eakata thanks saho........... keep going............ thanks

  12. නලින් පෙරේරා

    අප්පට සිරි කිව්වලු... මේක එනකල් බල බල හිටියේ... එත් බ්ලුරේ එකක් එනකල්ම ඉන්නවා..

    ජය වේවා!

  13. SaDuN dAnUsHkA

    මොකද කියලා බැලුවා පරක්කු උනේ
    මටත් ආරන්චි උනා
    ඇරෝ මලයට කරදරක් වෙලා කියලා
    සමීර සහෝ බොහොම තුති
    මේක අරගෙන ආවට....... !

  14. ෂෙරින් සමාධි ගිනිගේ

    බොහොම ස්තූතියි උපසිරැසියට...
    ජය!!!

  15. නුවන්ත දුලාන්

    අම්මෝ මේ දීලා තියෙන්නේ බලාගෙන හිටපු එක.
    පරක්කු උනාට මොකද..
    නියමයි සමීර සහෝ,,,
    බොහොම ස්තූතියි....!!!!

  16. Priyankara

    thankz saho meka enakammai unne....

    bt..br eka enakan poddak iwasanawaaa.. thankz

  17. අදිත ප්‍රවීන්

    ලිපිය නම් තේරුණේ නෑ ලොක්කා .
    ඒත් ෆිල්ම් එක නම් සුපිරි වගේ .
    බොහොම තුති සබට සමීර අයියා !

  18. #YasmikaSH

    ලිපිය නම් පොඩ්ඩක් කරකවලා අතෑරියා වගේ. කමක් නෑ මේක බයිස්කෝප් එකෙන්ම එනකම් බලා උන්නේ. මෙන්න ගත්තා. බෝම පිං සමිර සහෝ උපසිරසියට. ජය ෴

    1. uda

      එහෙම වෙන්න එපැයි සහෝ... ඒක එහෙම නූණා නම් තමා වැරෑද්ද! මේකේ තියෙන්නේ කරකවලා අතහරින කතාවක්නේ... වන්කගිරියක වටේ කැරකෙනවා වගේම තමයි ලිපියත්! වන්කගිරියකදීත් වෙන්නේ කරකවලා අතහරින එක හන්දා ඒ අතින් බලනකොට ලිපිය සාර්ථකයි සහ මේකට හරියටම ගැළපෙනවා. එහෙම නෙමේද මම අහන්නේ...??? ;)

    2. #YasmikaSH

      උදා, ඔයා කියපු කතාව සිරා.. චිත්‍රපටිය බැලුවහම තමයි ඒක තේරුම් යන්නේ. බැලුවේ නැති වුණාම හිතෙන්නේ කරකවලා අතඇරියා වගේ. මේක තමයි මම බලපු සුපිරිම කතාව. ඒ වගේම මේකේ දෙවෙනි කොටසත් මේකට වඩා ලොවෙත් සුපිරි වෙනවාම තමයි.. ඉතින් තාම අපි දන්නේ නෑනේ මේ කතාවේ හරි හැටි තේරුමක්! අර පරීක්ෂණ කරන ගෑණි කවුද, මොකද්ද මේ දක්ෂ කණ්ඩායමක් හදලා කරන්න යන්නේ... ලෝකෙට ඇත්තටම මොකද වුණේ? මීළඟ පරීක්ෂණය ආරම්භ වුණා විතරයිලු... මොකද්ද ඉතින් ඒකෙදි සිද්ධ වෙන්නේ කියන දේවල් එහෙම...

      ඔන්න සමීර සහෝ මීළඟ එකනම් ලොවෙත් ආපු ගමන්ම දෙන්නැයි කියලා මම ඉල්ලා හිටිනවා. සිරා කිව්වොත් දෙවෙනි කොටස එනකම් ඉවසුමක් නැතිවයි ඉන්නේ :D

      ඔබට ජයෙන් ජය ෴෴

    3. #YasmikaSH

      අනේ පොඩි එනකාට වෙන දේ ගැන දුකයි :(

    4. සමීර කරුණාරත්න

      හේ හේ ඔය පොඩි එකා ඔතනට ඇවිත් තියෙන්නේ හෙන ගේමක් දීලා. "චක්" කියන චිතය වෙනුවෙන් කෙනෙක් අධ්‍යක්ෂකවරයා හොයලා තියෙන්නේ ට්විටර් එකේ මේකා ඒ අසරණයට ඉන්න ඉදලා නැහැ ඕක කරන්න දෙනකම්.... ප්‍රධාන නළුවත් තව පොඩ්ඩෙන් කොන්ඩේ නිසා චරිතය නැති කරගන්නවා...

    5. #YasmikaSH

      අම්මටසිරි එහෙමත් එකක්ද? කොහොමත් කණ්ඩායමට උගෙන් ඇති වැඩක් නෑනේ. ඒකයි ඌව අයින් කරලාම දැම්මේ. තඩියා වගේ හිටියට ඕක මොකවත් කරන්නේ නෑ නේද?

  19. Sach

    සබට තුති සහෝ !!!!!

  20. Erängä

    bohoma isthuthi saho..

  21. Chami.S

    Thanks.....

  22. Global

    බොහොම ස්තුතියි කියල තමයි කියන්න වෙන්නෙ........

  23. Kulanjana Maduranga

    ammo meka denakm balan hitiye....lipiye awlak thibanata kamak na saho filuma niyamai 1k ne.aniwa banawa.subata thanks SAMMERA saho....obata jaya.......

  24. uda

    හෙහ් හෙහ්! මගේ අදහසේ හැටියට මේ වසරේ ආපු වඩාත්ම සාර්ථක හොලිවුඩ් සිනමාපටය මේක වෙන්න ඕනේ. මොකද මේක දැනට වියදම වගේ 10 ගුණයක ආදායමක් හොයලා තියෙනවා. මම හිතන්නෙ නෑ වෙනත් එකක්වත් එච්චර සාර්ථකයි කියලා. අනික මේක වැඩි බලාපොරොත්තුවක් නැතිව දාපු එකක්.හොඳ කතාවල සාර්ථක බව දැකලා, සමහර මෝඩ කතා ලොකු වියදමක් දරලා ඇපත් නැතුව යද්දී, මේ සම්බන්ධ තත්ත්වය එහෙම පිටින්ම කණපිට වෙලා. පුන්චි වියදමකින් ලොකු ආදායමක්. කොටින්ම ඇමරිකාව ඇතුළේ මිලියන 150ක් හෙව්වත් ලෝකෙ පුරා 270කින් නතර වුණ චිත්‍රපටය අති සාර්ථකයි කියනකොට එහෙමනම් මේක අති අති සාර්ථකයි වෙන්නම ඕනේ... මම මග බලාගන හිටිය එකක්. මෙතෙක් ආපු විද්යාප්‍රබන්ධ සියල්ලට වඩා මේක වෙනස් බවයි මගේ අදහස. බලමු කොහොම වෙයිද කියලා...

    ඇරෝ කොල්ලාට මගේ සාතිශය සන්වේගයත් පළකරනවා...

    1. #YasmikaSH

      මොනවද කියන්නේ? සිරා කතාව

  25. Tharindu

    උපසිරසට බොහොම ස්තූතියි....
    ජය වෙවා...!

  26. thisal

    ela ela tnxx BR එක එනකම් ඉන්නවා මෙ වගෙ සුපිරි එකක් හොදම කොල්ටියෙන් බලන්න ඔනි

  27. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ෆිල්ම් එකනම් එනකම්ම බලාන උන්නේ..
    ඒත් සැමියා දේයි කියලා නම් හිතුවෙම නැහැ..
    කොහොමවෙතත් ලිපියේ අක්ෂර ගැන තව පොඩ්ඩක් බැලුවනම් වඩා හොඳයි..
    මේ කොපිය හොඳද බං, නැත්නම් brr එනකම් ඉන්නම්ද?
    ජය වේවා!!

  28. Jack

    නියමයි සහෝ.
    අනිවා බාමී.
    මේක දෙනකම්මයි හිටියේ.
    ස්තුතියි සබ් එකට.

  29. [Prash]

    Thnxx

  30. me

    Thanks

  31. OsHiThA

    tnx mcn

  32. Isuru

    Elaazz, thanks saho,,

  33. ඉසු ඩිපි (Isu DP)

    නියමයි සමීර අයියේ ..
    BrRip එනකම් ඉන්නවා.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  34. ANJANA

    Thanks...

  35. hashan

    thanks..................................

  36. Chamal

    නියමයි
    උපසිරැසියට ස්තුතියි සහෝ

  37. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  38. sameera lakshan

    thanks mcn...supiri film aka....

  39. shanuka gunasekara

    thanks sameera aiye sub ekata.......

  40. Indika

    Thank's machan

  41. Naween

    මේක පට්ට කතාව.සුපිරි.ඉවර වෙන විදියට 2වෙනි එකක් අනිවා එයි....උපසිරැසියට බොහොම තෑන්ක්ස්...!!!

  42. “චූටී මල්ලි”

    අනිවා බැලීමක්
    BR එක්ක තමා ඉතින්
    කාලෙකින් සැමීගෙන්
    හොද පහරක්
    සබට තුති
    ඔබට ජය.....................

  43. hansaka

    thanks machooo...

  44. asitha

    thanks bro

  45. pasindu

    meka enakan blan hitiye.thx bro

  46. sanjeewa

    thanks

  47. rasika

    ela

  48. Keshan Wasala

    ඔන්න අද හොද කොපියක් ඇවිල්ල :D පට්ටයි ගොඩක් පින් අයියේ මෙන්න දැන් තමයි බලන්නේ..

  49. Sanjaya

    නියමයි සහෝ.
    බොහෝම ස්තුතියි සබි එකට
    බොහොම පිං සහෝ

  50. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය……

Load more comments