අද අරගෙන ආවෙ IMDb දර්ශකයේ කොමඩි හා නාට්‍ය ලෙස වර්ගීකරණය කරනු ලැබූ සිනමාපටයක්. 2015 ජූනි 12 වැනි දින ඇමරිකාවේදී තිරගත වීම ඇරඹි පැය 1යි මිනිත්තු 45ක් පුරා දිවෙන මෙම සිනමාපටය The Town That Dreaded Sundown (2014), Glee (2009) වැනි සිනමාපට අධ්‍යක්ෂණය කල සම්මාන ලාභී Alfonso Gomez-Rejon නමැති අධ්‍යක්ෂකවරය…

Me and Earl and the Dying Girl (2015)

අද අරගෙන ආවෙ IMDb දර්ශකයේ කොමඩි හා නාට්‍ය ලෙස වර්ගීකරණය කරනු ලැබූ සිනමාපටයක්. 2015 ජූනි 12 වැනි දින ඇමරිකාවේදී තිරගත වීම ඇරඹි පැය 1යි මිනිත්තු 45ක් පුරා දිවෙන මෙම සිනමාපටය The Town That Dreaded Sundown (2014), Glee (2009) වැනි සිනමාපට අධ්‍යක්ෂණය කල සම්මාන ලාභී Alfonso Gomez-Rejon නමැති අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ සිනමාපටයක්. සිනමාපටයට පාදක වන්නේ Jesse Andrews නම් ඇමරිකානු කතුවරයා විසින් රචිත Me and Earl and the Dying Girl යන කෘතියයි. ඒ වගේම කියන්න ඕනෙ මෙම සිනමා පටය දැනට විවිධ චිත්‍රපට සම්මාන උළෙලවල් 7කින් සම්මාන 10ක් හිමි කරගෙන ඇති අතර තවත් සම්මාන 6කට නිර්දේශ වී ඇති බව. මෙහි ඔයාල කවුරුත් දන්න Project X (2012) සිනමාපටයේ ප්‍රධාන චරිතයට පණදුන් Thomas Mann (ග්‍රෙග්) ලෙසත්, RJ Cyler (අර්ල්) ලෙසත් වගේම Olivia Cooke (රේචල්) ලෙසත් ප්‍රධාන චරිත තුනට රංගනයෙන් ධායක වනවා. IMDb දර්ශකයේ 2015 හොඳම විශේෂාංග චිත්‍රපට 50 අතරින් 27වන තැන දිනාගැනීමට සමත්ව ඇති මෙම සිනමාපටය මේ වන විට IMDb දර්ශකයේ 8.0 වැනි ඉහල අගයක් වගේම Rotten Tomatoes ප්‍රේක්ෂක ප්‍රතිචාර 81%ක් දිනාගන්නටත් සමත්වෙලා තියෙනවා.

මවගේ බල කිරීම මත විශ්ව විද්‍යයාලයට යාමට බලාපොරොත්තුව සිටින උසස් පාසැල් ශිෂ්‍යයෙකු වන ග්‍රෙග් තමන්ගේ කාලය නිතර පියාගේ සම්භාව්‍ය සිනමාපට අනුකරනය කිරීමෙන් චිත්‍රපට නිශ්පාදනයට වැය කරයි. ඔහුගේ සහයකයා වන්නේ අර්ල්. ග්‍රෙග්ට ඔහුගේ මවගේ මාර්ගයෙන් දැනගන්නට ලැබෙනවා ඔහුගේ කුඩාකල සිට පාසැලේ සහෝදර ශිෂ්‍යයාවක් වන රේචල්ට ලියුකේමියා රෝගය වැළඳී ඇති බව. මවගේ බල කිරීම මත ඔහු ඇයත් සමඟ කාලය ගත කරන්න ඇගේ නිවසට යනවා. මෙසේ කාලය ගත වන විට ග්‍රෙග් රේචල් සමඟ හොඳින් මිතුරු වන අතර ඔහුගේ කුඩාකල පටන් මිතුරා වන අර්ල් ඇයට හඳුන්වා දෙනවා. අර්ල් මගින් රේචල් දැනගන්නවා ග්‍රෙග් සහ අර්ල් එක්ව චිත්‍රපට නිශ්පාදනය කරන බව වගේම ඇය ඔවුන් නිශ්පාදනය කල සිනමාපට නැරඹීමට පටන් ගන්නවා.

ග්‍රෙග් සහ අර්ල් සිනමා පට නිශ්පාදනය කරන බව දැනගන්නා මැඩිසන් නැමැති පාසැල් මිතුරිය රේචල් ගැන චිත්‍රපටයක් හදන මෙන් ඔවුන්ගෙන් ඉල්ලනවා. ග්‍රෙග් මෙම චිත්‍රපටය සෑදීමටත් රේචල් සමඟ කාලය ගත කිරීමටත් වැඩි වෙලාවක් ගැනීම හේතුවෙන් ඔහු පාසැලේ අවසාන විභාගය අසමත් වෙන අතර විශ්ව විද්‍යයාලයට අයැදුම් කිරීමට නොහැකිව යනවා. මේ අතර රේචල් ඇගේ ප්‍රතිකාර නැවැත්වීම නිසා ඇයත් සමඟ ඊට විරුද්ධව වාද කරගන්නා අතර අර්ල් සමඟද ආරවුලක් ඇති කරගන්නා ග්‍රෙග්ට හරියාකාරව චිත්‍රපටය ඉවර කර ගැනීමටත් නොහැකිව යනවා. අන්තිමේදි රේචල්ට සනීප වෙනවද අර්ල් ග්‍රෙග් එක්ක ආයෙත් යාලු වෙනවද ග්‍රෙග්ට චිත්‍රපටය අවසන් කරගැනීමට පුලුවන් වෙනවද ග්‍රෙග්ට විශ්ව විද්‍යයාලයට යන්න වරම් ලබාගන්නවද වගේම අන්තිමේදි මොකද වෙන්නෙ කියල ඔයාලටම බලන්න ආරාධනා කරනවා. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවනතුරු ඔයාලට සුබ දවසක් 😀 😀

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවනතුරු ඔයාලට සුබ දවසක්  😀  😀

 

Rudderless (2014)

 

 

807 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

5095CBD6466A14E667B70EC8B81308806906F10D

1.64 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

82F7035A630D22754216D7FEF59BF59318535446 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,073 downloadsDownload Me-and-Earl-and-the-Dying-Girl-2015.zip125 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/හසන්ත-මාලිංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත මාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

හසන්ත මාලිංග

Subtitles

2,073 downloadsDownload Subtitles125 KB

22 comments

  1. අසිත

    එල සහෝ මම එක....

  2. නලින්

    ස්තුතියි හසන්ත සහෝ!

    ජය වේවා!

  3. එල්.සී. දමැල්

    දිගටම උපසිරස දෙමු හසන්ත සහෝ...
    ජය...

  4. Global

    Thanks Bro..!

  5. kavinda

    ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
    මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
    ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ෆිල්ම් වලට උපසිරැසි දෙන්න.
    දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
    තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා.

  6. Kulanjana Maduranga

    niayamai…thanks HASANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. රොයිලි

    බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  9. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් හසන්ත සහෝ!
    හොද කතාවක් වගේ!!බාලම බලන්නම්කෝ!
    ජය!!!

  10. me

    Thanks

  11. melan sriwantha

    hamooma ekka balanna puluwan hithata danena honda storyk wagee...than q bro...

  12. සුරනන්දන බණ්ඩාර රාජපක්ෂ

    thanks ayiye

  13. Nandana

    Thank you Hasantha.

  14. Kalyana

    Sub line to line therun ganna amarui. hariyata google translate wage. samanya kenekta therenne neha. film eke weraddakda translate eke weraddakda .

  15. yasas

    අමුතු ෆිලුමක් උනට අව්ලක් නැතුන් බලන්න පුලුවන්. සබට තුති..........!

  16. Akila

    Thanks dude this movie super fucking movie ever i see thanks a lot man for sub....

  17. Wayantha Sandaruwan

    ගොඩක් ස්තූතියි හසන්ත සහෝ sub එකට
    ජය වේවා!

  18. Asitha

    elama thanks

  19. ricadodamien

    Thank You Hasantha brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team.......

  20. Virajperera

    tnx bro

  21. Gayan Chathuranga

    thanks bro! me wage lassanama movei ekakata sub dunata!

  22. Asi

    අන්තිමේට ඇඩුනා