ටැමිල් කැටගරිය ඇලජික් මනුස්සයෙක්ද? ටැමිල් කැටගරියේ චිත්‍රපටියක් බලන්න හිතන්නෙවත් නැති මනුස්සයෙක්ද? ටැමිල් ෆිල්ම් කියන්නේ Super Heroesලගේ මාස් ඇක්ෂන් මූවීස් විතරක් ම නෙමෙයි කියන්න තමයි, මේ වගේ චිත්‍රපටි එළියට එන්නේ…. ටැමිල් ෆිල්ම් කියන්නේ ෆයිට් පහයි-සිංදු පහයි ෆිල්ම් විතරක් ම නෙමෙයි කියලා පෙන්නන්න ත…

ටැමිල් කැටගරිය ඇලජික් මනුස්සයෙක්ද?
ටැමිල් කැටගරියේ චිත්‍රපටියක් බලන්න හිතන්නෙවත් නැති මනුස්සයෙක්ද?
ටැමිල් ෆිල්ම් කියන්නේ Super Heroesලගේ මාස් ඇක්ෂන් මූවීස් විතරක් ම නෙමෙයි කියන්න තමයි, මේ වගේ චිත්‍රපටි එළියට එන්නේ….
ටැමිල් ෆිල්ම් කියන්නේ ෆයිට් පහයි-සිංදු පහයි ෆිල්ම් විතරක් ම නෙමෙයි කියලා පෙන්නන්න තමයි, තමිල්නාඩුව පැත්තෙන් මේ වගේ චිත්‍රපටි නිපදවෙන්නේ….
Queen, English Vinglish වගේ women-centric චිත්‍රපටි එළියට ආපු රටක,
බොලිවුඩයට නොදෙවෙන්න Kanaa, Aramm වගේ women-centric චිත්‍රපටි ගහපු ප්‍රාන්තයක,
හිතන්න දෙයක් තියෙන, විඳින්න දෙයක් තියෙන,
අමුතුම තාලේ වැඩත් වෙනවා කියලා පෙන්නන්න පුලුවන් හොඳම නිදසුනක් තමයි මේ…
හිතන්න පුලුවන් මිනිස්සුන්ට විඳින්න පුලුවන් මිනිස්සුන්ට!
මේ තමා ආරාධනාව, Miga Miga Avasaram (2019) එක්ක හිතන්න එකතුවෙන්න…
විඳින්න එකතු වෙන්න…
IMdb මීටරය 7.3කට කරකවපු ගූගල් පරිශීලක කැමැත්ත 92%කට කරකවපු
Miga Miga Avasaram (2019) විඳින්න එකතු වෙන්න….
අද මට විශේෂ දවසක්. ඒ අද මගේ උපන් දිනය නිසයි. ඉතින් ඒ විශේෂ දවසෙ මං බයිස්කෝප් රසික, රසිකාවියන් වෙනුවෙන් අද දිනයේ මේ ඔයාලට තිලිණ කරන්නේ ලස්සනම ලස්සන ෆිලුමක උපසිරසියයි. ඉතින් මේකට වෙනද වගේම උපසිරසි ගන්වන්න අවස්ථාව ලබා දුන්න විමා සහෝටත්, බයිස්කෝප් ටීම් එකටත් මුලින්ම මම ස්තූතිවන්ත වෙනවා.
2019 නොවැම්බර් මාසේ 08 වෙනිදා Bigil, Kaithi වගේ හයි-බජට් ප්‍රොජෙක්ට් අස්සේ තිබුණු යුද්ධෙට තවත් පුංචි චිත්‍රපටියක් එකතු වුණා. මෙච්චර කාලයක් ප්‍රොඩියුසර් කෙනෙක් විදිහට හිටපු Suresh Kamatchi තමන්ගේ පළවෙනි අධ්‍යක්ෂණයට බැස්සේ මේ චිත්‍රපටියෙන්. Vada Chennai, Asuran වගේ චිත්‍රපටිවලින් වැඩ කිඩ දාපු, තමිල්නාඩුවේ මිනිස්සුන්ගේ දෙයියෙක් මේ චිත්‍රපටියේ නිෂ්පාදන දායකත්වය අරන් තිබුණු නිසාම සමහරක් දෙනා හිටියේ බොහොම නොඉවසිල්ලෙන්. ඔව්, ඔව්, වෙට්‍රිමාරන්!! ඉතින් Vetrimaaranගේ නිෂ්පාදන දායකත්වය යටතේ නිෂ්පාදනය වුණු , Miga Miga Avasaram (2019) සිනමාපටයට තිරගත වුණු දවසේ පටන් හොඳ විචාරක ඇගයුම් එහෙම ලැබුණා. කවුරුවත් කතා කරන්නේ නැති, කවුරුවත් කතා කරන්න උනන්දු නැති, අපේම තේමාවකට ගියපු සිනමාපටයක් වුණු නිසාම මේ චිත්‍රපටිය වටේ එකතු වුණේ සුලුතරයක් වුණු සබුද්ධික ජනතාවක් මිස මාස් ඕඩියන්ස් එකක් නම් නෙමෙයි. ඒ නිසාම ගිය අවුරුද්දේ කොලිවුඩයෙන් ආපු කන්ටෙන්ට් අතින් සුපිරි, underrated මැණිකක් විදිහට මේ චිත්‍රපටිය හැඳින්වුවට වරදක් නැහැ මන් හිතන්නේ.Sketch, Jesi, Saaral වගේ චිත්‍රපටිවලින් අපි දැකපු Sri Priyanka විසින් ප්‍රධාන චරිතයට පණ පොවන මේ චිත්‍රපටියේ සෙසු චරිත වෙනුවෙන් Muthuraman, E. Ramdoss වගේ අපිට දැකලා පුරුදු ප්‍රවීණයන් කීප දෙනෙක්ම අත්වැල් බැඳගෙන ඉන්නවා. කොලිවුඩ් රසිකයෝ ගොඩ දෙනෙක් අහලා තියෙන KP තමයි තිර රචනයෙන් දායක වෙන්නේ.
Musci පැත්ත ගැන කතා කළොත් Kerala Café, The Thriller වගේ මලයාලම් දියමන්ති කීපයකම මියුසික් පැත්ත හැන්ඩ්ල් කරපු Ishaan Devම මේ ෆිල්ම් එකෙත් මියුසික් පැත්ත ගැන බලාගෙන තියෙන්නේ. ඒ වගේම තමයි, පහුගියදා පැවති Norway Tamil Film Festival සම්මාන උළෙලේදී Best Actress සහ Best Director යන ප්‍රධානම සම්මාන ද්විත්වය ලබාගත්තෙත් මේ පුංචි ලෝ-බජට් චිත්‍රපටියමයි. චිත්‍රපටිය සිනමාශාලාවල තිරගත කරන්න කලින් පැවති විශේෂ දර්ශනයකට එකතු වුණු තමිල්නාඩු මහ ඇමතිවරයා චිත්‍රපටිය ගැන කොච්චර සතුටු වුණාද කියනව නම්, තමිල්නාඩුවේ කාන්තා පොලිස් නිලධාරීන් වෙනුවෙන් විශේෂ දර්ශනවාරයකුත් වෙන් කරලා දීලා තියෙනවා. චිත්‍රපටියේ BoxOffice පැත්ත ගැන නම් කිසිම විස්තරයක් හොයාගන්න ලැබුණේ නැහැ. හැබැයි අන්තිමටම ආයෙමත් කියන්නේ, හැමදාමත් මාස් ඇක්ෂන් මූවිස් බලනෙකේ මේ ජාතියේ කොලිවුඩ් මැණිකක් බැලුවට ඔබේ ඩේටාවලට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. තවමත් විශ්වාස නැත්නම්, පොඩ්ඩක් අන්තර්ජාලයට ගිහින් චිත්‍රපටිය වෙනුවෙන් ලියවුණු පතරංග විචාර දෙකතුනක් කියවලා එන්න!
කථාව පැතතට පොඩ්ඩක් හැරෙමු එහෙනම්. අද වගේ දවසක ෆිලුමකට උපසිරසියක් දෙන්න හොයන් යද්දි මේක අහුවුනේ. බලන් යද්දි මේකට කිසිම භාෂාවක උපසිරසියක් තිබ්බේ නෑ. ඔන්න ඉතින් ටයිම් ලයින් හදාගෙනම වැඩේ කොරන්න පටන් ගත්තා.
මේ ලෝකේ ඕනම කෙනෙකුට ජීවත් වෙන්න නැතුවම බැරි දේවල් කිහිපයක් තියෙනවා. ඔව් ඒවා ගැන ඔයාලා දන්නවා. ඒත් මේ කියන්න යන්නේ දැන් ඔයාලා හිතනවා වගේ ජීවත් වෙන්න අවශ්‍ය කරන ආහාර, වාතය, බීම ගැනවත් නෙමෙයි. ඒ ප්‍රධාන දේවල් නැත්තම් මේ ලෝකේ කෙනෙක්ට ජීවත් වෙන්න බෑ. ඒවා නැත්තම් ඕනම මනුස්සයෙක් මිය යන්න පුළුවන්. ඒ වගේම තව දේවල් ටිකක් තියෙනවා. ඇත්තටම බඩගින්න, වතුර තිබහ මේවා දවසක් දෙකක් දරා ගන ඉන්න පුළුවන් ඕන කෙනෙකුට. දවසක් කෑවෙ නෑ කියලා මැරෙන්නේ නෑනේ. ඉතින් මං මේ කියන්නේ මෙන්න මේ ප්‍රධාන අවශ්‍යතා වලට අමතරව අපේ ශරීරයෙන් පිට කරන ප්‍රධාන අවශ්‍යතාවයන් ගැනයි. මේවගෙන් එකක් නැතුව විද දරාගෙන ඉන්න පුළුවන් කෙනෙක් මේ මිහිපිට ඇතියි කියලා මං විශ්වාස කරන්නේ නෑ. ඔයාට පුළුවන්ද ශරීරයෙන් බැහැර කරන අපද්‍රව්‍ය, මුත්‍රා පිට නොකර ඒක දරාගෙන ඉන්න. මං හිතන් නෑ කාටවත්ම පුළුවන් වේවි කියලා.
මේ ලිපිය කියවන ඔයාටත් හිතල බලන්න කවද හරිම දවසක් මුත්‍රා හදිස්සියක් ඇති වෙලා ඒක ඉටු කරන්න බැරුව පොඩි වෙලාවක් හරි පොඩි අපහසුතාවයක් විදලා නැද්ද කියලා..? එහෙමනම් මේ කථාවෙනුත් කියවෙන්නේ, ලෝකෙට දෙන්න යන්නේ වැදගත් පණිවිඩයක්. අපිට ඇති වෙන මේ මුත්‍රා පිට නොකර දවසක් ඉන්න පුළුවන් කෙනෙක් ඉන්නවද..?
සාමන්දි, කියන්නේ තම අරමුණ පොලිස් කාන්තාවක් වීමේ හීනය පිටුපස සිටි තරුණ ගැහැණු කෙනෙක්. මෙයාගේ පියාත් පොලීසියේ අවංකව රාජකාරි ඉටු කරපු කෙනෙක්. ඉතින් මෙයාට අක්ක කෙනෙක් ඉදල එයා තම දරුවයි, සැමියයි මෙලොව තනිකර ගියපු කෙනෙක්. සාමන්දිගේ පියාත්, මවත් මිය ගොස්. සාමන්දිගේ මේ කලක් ඉදන් තිබ්බ පොලිස් හීනය ඉෂ්ඨ කරන්නේ එයාගේ අක්කගේ මහත්තයයි. ඒ කිව්වේ එයාවට පොලිස් රස්සාව අරන් දෙන්නේ මෙයා. කථාව පටන් ගන්න කොටම සංවාදයක් ඇති වෙනවා, මේ සාමන්දියි එයාගේ ලොකු සරුයි එක්ක. ලොකු සර් සාමන්දිගෙන් අයතු ප්‍රෙයා්ජන ඉල්ලනවා දුරකථනයෙන් කතා කරලා. වසක් මේ හඩපටය මාධ්‍යයට ගොස් ලොකු සර්ගේ වැඩ තහනම් වෙනවා. ඒ වෙනුවට වෙනත් කෙනෙක් එම පොලිස් ස්ථානයේ වැඩ භාරගන්නවා. දවසක් ලංකාවේ වී.අයි.පී (ඇමති කෙනෙක්) මේ සාමන්දි වැඩ කරන පොලිස් බල ප%දේශයේ තියෙන කෝවිලකට එන නිසා මේ පොලිස් ස්ථානයේ හැමෝම මුර රාකාරා සදහා යොදවනවා. ඉතින් කලින් වැඩ කහනමට ලක් වුන ලොකු සර්ගේ යාළුවෙක් තමයි මේ අළුතෙන් ආප කෙනෙත්. මේ හේතුවට මෙයත් සාමන්දිට හොද පාඩමක් උගන්වන්න අවස්ථාවක් එනකන් බලන් ඉදපු කෙනෙක්. ඉතින් හැමෝම තැන් තැන් වල රාජකාරියට දාන අතරෙ, මේ අළුත් ලොකු සර් සාමන්දිව රාජකාරියට දාන්නේ පාරේ තියෙන පාලමක් මැදට යි.
ඔහොම රාජකාරි කරන අතරේ මේ එනව කියපු වී.අයි.වී තාම ඇවිත් නෑ කියලා දැනගන්නවා. ඉතින් මෙයාලට කෑමත් එක්ක ලොකු වතුර බෝතලයි, කිරි පැකටයු හම්බ වෙනවා. මේව ඉතින් ඕන කෙනෙක් බොනවනේ මේ ඉර එලියෙ අමාරුවෙන් රාජකාරි කරද්දි. ඔහොම යද්දි මෙයාට මුත්‍රා කරන්න යන්න අවශ්‍යතාවයක් එනවා. ඒත් මෙයාට ඒකට යනන තැනක් නෑ. මොනවා හරි ප්‍රශ්ණයක් ඇවිත් ඒක මෙයාගෙන් වළක්වනවා. ඒකෙන් සාමන්දිට වෙන්නේ ඒක තව තවත් දරාගෙන ඉන්න. ඉතින් ඔයාලත් දන්නවනේ කොල්ලෙක්ටනම් ඕන දෙයක් ඉතින් මේ වෙලාවට..ඒත් ගැහැණු කෙනෙක් ඒ දේ දරාගෙන කොහොම ඉන්නද..? මම කතාවම කියන්න යන්නේ නෑ. ඔයාලම අරගෙන බලන්න, සාමන්දිට මොනවා වෙයිද කියලා..?
ඒ වගේම මේකෙන් සමාජයට ලොකු ආදර්ශයක් දෙනවා.තවත් සිනමාවකින් හමු වෙනකන් සියළු දෙනාම තෙරුවන් සරණයි. විශේෂයෙන් ස්තූති කරන්න ඕනි ලිපිය ලියන්න අදහස් ටිකක් දුන්න, කවිණු වීරක්කොඩි මලයවයි, තරුදු රුක්ෂාන් අයියවයි.
චිත්‍රපටය පිළිබද විස්තර බිදක්.
අධ්‍යක්ෂණය : Suresh Kamatchi
කාණ්ඩය : Action, Drama
නිෂ්පාදනය : Suresh Kamatchi, Vetrimaaran
කථාව රචනය : K. P. Jagan
රංගන ශිල්පීන් : Sri Priyanka, Harish,
ධාවන කාලය : 96 minutes
තිරගත කල දිනය : 8 November 2019
සංගීතය : Ishaan Dev
IMDB අගය : 7.3/10

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි Proper Tamil – HDRip පිටපත් සඳහා අදාළ වේ.
6,485 downloadsDownload Miga-Miga-Avasaram-2019.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදය සමන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-15
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදය සමන් කුමාර
Subtitles
24 comments
විමා
හේමන්ත
සුභ උපන් දිනයක් උදය....
නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් වේවා...!
ඒ වගේම ස්තුතියි උපසිරැසියට...
( උපන් දිනයට උපසිරැසි නිර්මාණයක්...! ඒකත් හොඳ සංකල්පයක්....)Ayesh
සුභ උපන්දිනයක්
ස්තුතියිKantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!gihan perera
සුභ උපන් දිනයක් වේවා සහෝ..... ලස්සන වෙනස් කතාවක්... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා.... ස්තුතියි සහෝ මේ වෙච්ච මහන්සියට.....ජය වේවා.... දෙවි පිහිටයි....
Udaya Saman
බොහොම ස්තුතියි සහෝ.වෙනස්ම විදිහේ කතාවක් බලන්න ඔිනි එකක්
Chandima Prasad
happy birthday brother..sub ekatath thanks...
indika75
සුබ උපන්දිනයක් වේවා!!උපසිරැසියට ස්තූතියි .
Anonymous
suba upan dinayak yaluwa
gihan perera
සුභ උපන් දිනයක් වේවා සහෝ..... ලස්සන වෙනස් කතාවක්... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා.... ස්තුතියි සහෝ මේ වෙච්ච මහන්සියට.....ජය වේවා.... දෙවි පිහිටයි....
Suranjan
Thanks jayawewa...!
isuru srinath sjs
සුබම සුබ උපන්දිනයක් සහෝදරයා !!! ටිකක් පරක්කු උනා.. ඒ වගේම බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට .. ජය!!
Chinthana
Happy Birthdaya Bro!!
thank u for this wonderful movie..රොෂාන් ශමීර
නිරෝගිමත් සුබ උපන් දිනයක් වේවා සහෝ...
සබ් එකටත් බොහොම ස්තූතියි..
~ ජය වේවා ~Udaya Saman
බොහොම ස්තුතියි අයියා
Asitha.pramoth
බොහොම ස්තූතියි සහෝදරයා
D.Chamara
bohoma sthuthi
Udaya Chathuranga
thanks brooo
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට...මේවා නොබලා කොහොමද...ඇත්තටම ගත්තොත් වර්තමානේ මාස් ඕඩියන්ස් එකට ගහන ඇක්ශන් ෆිල්ම් බලලා බලලම ඇති වෙලා. මිනිස්සු හොයන්නෙම මේ වගෙර් නිර්මාණ. ඒක නිසාම වෙන්න ඇති වෙනදට වඩා ඩවුන්ලෝඩ්ස් ප්‍රමාණයක් තියෙන්නෙත්...ජය
Udaya Saman
ටැමිල් කිව්වම සමහර අයට ඕනි කඩු, පොලු වලින් ගහ ගන්න ඒවා.ඒත් ඉංදියාවෙනුත් මෙවැනි ඉතා වටිනා හරයක් සහිත චිත්රපට බිහිවන්නෙත් ඒවට අභියෝග කරමින්.ඇත්තටම සාම්ප්‍රදායික පැත්තෙන් මිදිල මෙවැනි සිනමාත් රස විදින්න දන්නෙ රසවින්දනය හොදටම දන්න අය පමනයි..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sampath n perera
thanks
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!Geeth
කාලෙකින් බලපු සුපිරි ෆිල්ම් එකක්
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සුභ උපන්දිනක් වේවා මිත්‍රයා! :)