මං මගේ දිසාපති තනතුරෙන් ඉල්ලා අස්වෙන්න කියලා ඉන්නේ. පඩිය බලාගෙන රස්සාවක් කරන්න මට අවශ්‍යතාවයක් නෑ. රස්සාව කියන්නේ..රස්සාවේ නාමයෙන් මිනිසුන් වෙනුවෙන් ජීවත් වීම. සේවය කිරීම. මට ඔය බල දේශපාලනේ ගැන දුකක් නෑ. මං ප්‍රජාතන්ත්‍රවාදියෙක්. මං එහෙමයි මං ගැන හිතන්නේ. ඔයා මට එවපු වැඩ තහනම් ලිපියට, මම එවපු පිළ…

මං මගේ දිසාපති තනතුරෙන් ඉල්ලා අස්වෙන්න කියලා ඉන්නේ. පඩිය බලාගෙන රස්සාවක් කරන්න මට අවශ්‍යතාවයක් නෑ. රස්සාව කියන්නේ..රස්සාවේ නාමයෙන් මිනිසුන් වෙනුවෙන් ජීවත් වීම. සේවය කිරීම. මට ඔය බල දේශපාලනේ ගැන දුකක් නෑ. මං ප්‍රජාතන්ත්‍රවාදියෙක්. මං එහෙමයි මං ගැන හිතන්නේ. ඔයා මට එවපු වැඩ තහනම් ලිපියට, මම එවපු පිළිතුරු ලිපියේ ඒ ගැන පැහැදිළිව සඳහන් කරලා තියනවා. මම බලය වැරදි විදියට භාවිතා කළේ නෑ. බැරිවෙලාවත් එහෙම කළා නම්.. මට ලැබිලා තියෙන බලය පාවිච්චි නොකර සිටීම ඊටත් වඩා ලොකු වැරැද්දක් වෙනවා. ඔයා ඒකට බල දේශපාලනය කියලා කියනවා නමක් දැම්මා නම්, මං ඒකට ප්‍රජාතන්ත්‍ර විරෝධය කියලා කියනවා සර්. ප්‍රජාතන්ත්‍රවාදය ගැන මිනිස්සුන්ට කියලා නොදීම රජයේ වැරැද්දක් නෙවෙයිද?
ඔන්න සෑහෙන කාලෙකට පස්සේ ආයෙත් උපසිරසියක් අරන් ආවා. අපි කවුරුත් හොඳට දන්න, ආදරේ කරන නයන්තාරාගේ ඉතාම වෙනස් රංගනයක් සමඟ තිරගත වූ ‘අරම්‘ නැතහොත් යහපත කියන සිනමා පටය. මේ චිත්‍රපටය කොතරම් ජනප්‍රිය වුණාද කිවහොත් මෙහි හොඳ පිටපතක් පවා දිගු කාලයක් යනතුරු නිකුත් කළේ නැහැ. ඉතාම වෙනස්, දේශපාලනික නැඹුරුවක් ඇති මෙම චිත්‍රපටය ඔබ අනිවාර්යෙන්ම නැරඹිය යුත්තක් බව මම නිර්දේශ කරනවා. ඒ ඇයි කියනවා නම් මෙය කිසිදු වාණිජමය අරමුණකින් නිර්මාණය වූවක් නෙවෙයි. ඉන්දියාවේ වර්තමානයේ පවතින ඉතා විශාල අර්බුදයක් පිළිඹිමු කරමින්..අදාළ අංශ වලට ගැසූ ප්‍රබල කණේ පහරක් ලෙස මා මෙම චිත්‍රපටය සළකන නිසා.
ඉන්දියාවේ රාජ්‍ය තන්ත්‍රය තුළ එකිනෙකට වෙනස් පැති දෙකක්. එක් අතෙකින් ඉන්දියාවෙන් කක්ෂ ගත කිරීමට නියමිත රොකට්ටුක් සහ ඒ පිළිබඳව උදම් අනන මාධ්‍යය. අනෙක් අතින් තවමත් දියුණු නොකළ දුෂ්කර ගම්මානයක් තුළ සිදුවූ මහා ඛේදවාචකයක්. මේ කාරණා දෙක මනාව සසඳමින් සිදුකළ ගැඹුරු සමාජ විග්‍රහයක් සහ විවේචනයක් ලෙස අරම් දකින්න පුළුවන්. දිසාපති කෙනෙකු වූ නයන්තාරාගේ බල ප්‍රදේශයේ කාට්ටුර් නැමති දුෂ්කර ගම්මානයේ එක්තරා කුඩා දැරිවියක්, අඩි එකසිය ගණනක් ගැඹුරැති අත්හැර දැමූ නල ළිඳක් තුළට ඇද වැටෙනවා. ඉතා කුඩා වල කටකින් යුක්ත වූ මේ ළිඳෙන් ඇයව ගොඩට ගැනීමට මිනිස්සුන්ට හැකි වන්නේ නැහැ. ධංශිකා නැමති මෙම සිවු වියැති දැරියගේ ජීවිතය බේරා ගැනීමේ වගකීම නයන්තාරා බාරගන්නවා. නමුත් එය ලෙහෙසි පහසු කාර්යයක් නොවෙයි. පොලිසියට, යුද්ධ හමුදාවට පවා එම දැරියව ලිඳෙන් ගොඩට ගැනීමට හැකියාවක් නැතිවනවා. කෙමෙන් කෙමෙන් එම කුඩා දරුවා අන්ධකාර ලීං පතුලෙහි තනිවී මරණය කරා ගමන් කරනවා. එම අවස්ථාවේ නයන්තාරා බලධාරිණියක් ලෙස ක්‍රියා කළ ආකාරය හරිද වැරදිද යන්න ඔබම තීරණය කරලා බලන්න. නමුත් සියල්ල අවසානයේ ඇයට එල්ල වුණු චෝදනාව වුණේ බලය අනිසි ලෙස පාවිච්චි කිරීමයි. ඒ අනුව ඇයට විරුද්ධව විමර්ශනයක් සිද්ධ කරනවා. එහිදී ඇය පැවසූ දේ තමයි ඉහළින් සඳහන් කරලා තිබෙන්නේ.
මේ චිත්‍රපටියේ ලොකු වපසරියක් නැහැ. පාට පාට ඇඳුම් ආයිත්තම් නැහැ..ලස්සන සිංදු මොකුත් නැහැ. ඉන්දියාවේ බහුලව සිද්ධ වෙන ලිං තුළට ළමුන් ඇද වැටීමේ සිදුවීම, ඉතාමත් තාත්වික ආකාරයට ඉදිරිපත් කර තිබෙනවා. ඇඟේ ලොමු දැහැ ගැන්වෙන ආකාරයට ඇතැම් දර්ශන ඇරන් තිබීම විශේෂත්වයක්. උදේ පටන් ගෙන රෑ වෙද්දි ඉවර වුණ කතාවක්. දවස අන්තිමේට මොකද වුණේ? රොකට්ටුව නම් උඩ ගියා. නමුත් ධංශිකා?? කතාව නැරඹීම ඔබට බාරයි. තවත් උපසිරසියකින් හමුවෙනතුරු..ජය ප්‍රාර්ථනා කරනවා !


Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD TV සහ Proper True HQ HDRip පිටපත් සඳහා වලංගු වේ.
13,282 downloadsDownload Aramm-2017.zip110 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Indrajith-Udayakumara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-10-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉන්ද්රජිත් කුමාර
Subtitles
75 comments
PRANITH
sanjaya kumara
Thanks....
losaka
Thank u Bro...
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ඉන්ද‍්‍රජිත් සහෝ.
ජයෙන් ජය.සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට...බුදුසරණයි..!
Dayalrw
Thanks
Kawi Jayasinghe
Annadurai (2017) ekt sub plzz bro .tnx
ඩොක් අයියා
ඔන්න එහෙනම් “ඉන්ද්‍රජිත් උදය කුමාර” මල්ලියෝ මමත් ඔයාගේ උපරැසිය බාගත්තා
ස්තුති වේවා කිව්වා හොඳේ
තව එකක් කරමු ඉක්මනින්ම
gihan perera
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...වික්‍රමිගේ අළුත් එකට ත් උපසිරැසි දෙන්න බලන්න...
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Pravindu Sulochana Fdo
HDRip ekata dennako HDTV eka echara hariyan na tv copy neh hdrip ekata යවාත්කාලීන කරන්නකෝ
Thisal
ස්තුතියි
shan840
sthuthi obata
Yohan333
Thanx bro
kawinda123
Thanks
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Ranidu
Ela wadak bro....
Digatama sub demu....
Puluwani nam Jai Lava Kusa Telugu Movie ekata sub demu.....
Jaya wewa!!!Achinthasewwandi
super film
roshanmax64
ela ela
oshanda
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!kumaradasa
sub ekata bohoma stutie
niwanthaka
බොහොම ස්තූතියි
ශසිත් සඳරුවන්
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
කාලෙකින් නෙව.
දිගටම සබ් දෙමු ආ.... :P
ඔබට ජය!UK_Fernando
Thanks Udaya
D.Chamara
bohoma sthuthi sahooo jaya
Kaushan Herath
ෆිලුම ඩවුන් කරන් බලන් හිටියේ සබ් දෙනකන්.එලම සහෝ.
Rajitha_juzt
link ekk ewahanko
Prabodha Madhusankha Hettiarachchi
Eka ela bro thank sub ekata...
Haritha245
thanks bro
lionnation
thanx saho sub ekata...................jayawewa
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
gpsanjaya
thanks bro for the sub
gayanveranga
Tnx for sub
DamithNisansala
මේක HDRip එකට සෙට් වෙනවා ද ? උද; MCA Middle Class Abbayi (2017) Telugu HDRip - 700MB - x264 මෙවිදිහට සිංහල sub එකේ නමට දන්න ගොඩක් ඒවගේ දාල තියනවා සමහර ඒවගේ නැහැ අපිට නිවැරදීම සිංහල sub එක download කරගැනීමට එය පහසුවක් වෙනවා උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
ela supiri filumak) (Annadurai (2017) tamil film ekatath sube dannako jayawewa///
kasunkavinda
thanks for sub
dasithnccu
Tnx for sub
dasithnccu
Tnx for sub bro
teda
Thanx for sub bro
Gandhaka Indrajith
Thanks for the subtitle
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sublove
sahenna vistharayak danagaththa film eka gana. mahansi vela wisthara sahithawa me wage films apita balanna genawata sthuthi
chaauwa
thankss machowww....ela
Janitha
Thanks
sampath n perera
උපසිරැසියට බොහෝම ස්තුතියි
avasanka
awosame
knightrider25527
Ela ela thanks bokka
Digatama sub denna kiyala parthana karanavaAthula
Thanks ..
dr347
Kaththukkutti
2015 e mekta sub dipnko. pattma film eka.Path
Elama saho
Kanchaka
Thanks...
Advertisement
Ft