Watch Trailer

Monster Island (2017) with Sinhala Subtitles | රාක්ෂයින්ගේ දූපත [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම මගේ තුන්වෙනි උපසිරසත් ගෙනාවා..කලින් වතාවෙ ගෙනාපු දෙකම තෙලිඟු චිත්‍රපට දෙක මතක ඇති කියලා හිතනවා Nanna nenu naa boyfriend 2016, Eedo rakam aado rakam 2016. මේ සැරේ වෙනවකටත් එක්ක. Cartoon චිත්‍රපටියකට උපසිරස දෙන්න හිතුවා. Cartoon චිත්‍රපටි බලන්න කැමති අයටයි මේක ගෙනාවේ… අපි දැන් කතාව ගැ…

ඔන්න යාලුවනේ මම මගේ තුන්වෙනි උපසිරසත් ගෙනාවා..කලින් වතාවෙ ගෙනාපු දෙකම තෙලිඟු චිත්‍රපට දෙක මතක ඇති කියලා හිතනවා Nanna nenu naa boyfriend 2016, Eedo rakam aado rakam 2016. මේ සැරේ වෙනවකටත් එක්ක. Cartoon චිත්‍රපටියකට උපසිරස දෙන්න හිතුවා. Cartoon චිත්‍රපටි බලන්න කැමති අයටයි මේක ගෙනාවේ…

අපි දැන් කතාව ගැන පොඩ්ඩක් දැනගම්මු..මේකට 4.7 වගේ සුලු IMDb අගයක් තමයි හම්බවෙලා නම් තියෙන්නෙ..මේ කතාව ගෙතෙන්නේ ලූකස් කියන පොඩි ලමයෙක් වටා එයාගෙ අම්මා නෑ.. (එයාගෙ චරිතයට හඩකැවීමෙන් දායක වෙන්නෙ Roger L.jakson කියන ප්‍රසිද්ධ හඩ කැවීම් ශිල්පියයි.)

මේ කතාවෙ ආරම්භයේදි ලූකස් එයාගෙ තාත්තගෙන් ඉස්කෝලෙ ලමයෙක්ගෙ පාටියකට යන්න අවසරය ඉල්ලනවා. එයාගෙ තාත්තා ලූකස්ට යන්න දෙන්නෙ නෑ. මොකද එයා ලූකස්ට දෙයක් හංගනවා. එත් ලූකස් හොරෙන්ම ඒ පාටියට යනවා. ඒ පාටියේදි එක පාරටම ලූකස්ට නොහිතූ දේකට මුහුණ දෙන්න වෙනවා. එයාගෙ ඉස්කෝලේ ලමයි හැමෝම ඉස්සරහ එයා රාක්ෂයෙක් බවට හැරෙනවා. එයා ගොඩක් අසරණ වෙනවා. එයාට ආයෙත් යාලුවන්ට මුහුණ දෙන්න බැරි වෙනවා. ටික වෙලාවකින් ලූකස්ගේ තාත්තා ඇවිත් මෙයාව එතනින් එක්කගෙන යනවා. එක්කන් ගිහින් ලූකස්ට කියනවා එයා හංගන් හිටිය රහස තමයි ඔක කියලා. එත් ලූකස්ට මේක තාමත් විශ්වාස කරන්න බෑ. ලූකස් තාත්තගෙන් අහනවා එයාගෙ අම්මා ගැන. තාත්තා එයාට හරියට උත්තයක් දෙන්නෙ නෑ එයා දූපතක් ගැන කියලා එහෙදි අම්මා මැරුනා කියනවා. එත් ලූකස්ට දැනගන්න ඕනේ අම්මා මැරුනෙ කොහොමද ..??. එයාගෙ පවුලෙ තව කව්ද ඉන්නෙ කියලා. එයා තාත්ගෙන් ඇහුවට එයාට හරි උත්තරයක් හම්බවෙන්නෙ නෑ. ඉතින් එයා රෑ ගෙදරින් පැනලා යනවා අර තාත්තා කියපු දූපත හොයාගෙන. ඉතින් ලූකස්ට ඒ යන ගමනෙදි මොනවගේ දේවල් වලට මූණ දෙන්න වෙයිද?? එයාට එයාගෙ පවලෙ අයව හම්බෙවෙයිද කියලා කතාව බලලම දැනග්නකෝ.

මේකට උපසිරස කරන්න හිතුවට වඩා ටිකක් අමාරු උනා..උපසිරස කරන්න සිකුරාද තමයි බාර ගත්තේ. ඒත් සෙනසුරාදයි ඉරිදයි මේකට යොදවන්න කාලයක් තිබ්බෙ නෑ. විශේෂයෙන් කියන්න ඕනේ මේකට උපසිරස කරන්න මගෙ අයියත් ගොඩක් උදව් කරා. එයා උදව් කරේ නැත්නම් අදවත් මට මේක ඉවර කරන්න වෙන්නෙ නෑ.

එහෙනම් තවත් උපසිරකින් හම්බවෙනකම් ගිහින් එන්නම්.

ජය වේවා…

Monster Island (2017) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HDRip පිටපත සඳහා අදාළ වේ.

3,857 downloadsDownload Monster-Island-2017.zip37 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/imesh-lakshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉමේෂ් ලක්ෂාන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-10-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ඉමේෂ් ලක්ෂාන්

Subtitles

3,857 downloadsDownload Subtitles37 KB

18 comments

  1. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  2. KAVINDA GAMAGE

    thank you

  3. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  4. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    download කරලා තිබ්බා...
    සබ් එක්කම බලන්න ඕනේ...

  5. අසිත

    elama saho thanks

  6. tharangani

    thanx

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. supun bro

    bohama thanx bro.. digatama
    sub demu

  9. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  10. Tharanga

    Thanx bro

  11. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා..!

  12. yohan sewwanda

    ty bro

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Lahiru

    Great job

  15. PIYUMI WASANA

    aluth animation ekakata sub ekak denna pls

  16. Arjuna Thusitha

    BR Available

  17. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata..
    Jaya wewa!

  18. Niros9468

    Thanks bro