Watch Trailer

In Enemy Hands (2004) with Sinhala Subtitles | සිරකරුවෝද මනුෂ්‍යයෝය [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! ගොඩ කාලෙකට පස්සේ අද තමයි බයිස්කෝප් එක පැත්තේ ගොඩ වෙන්නේ. මේ චිත්‍රපටියේ සබ් කරන්න බාර අරන් ගොඩක් කල් වෙනවා. සුපුරුදු ලෙස අසංක ප්‍රදීප් රණතුංග සහෝදරයා තමයි මේක කරන්න අවසර ලබා දුන්නේ. මේක සබ්මැරින් වටා ගෙතුණු කතාවක්. ඒ වගේම මේ මගේ දෙවැනි සබ්මැරින් සම්බන්ද සලරුව. ප්‍රධාන වශයෙන් ජර්මනිය කියන්…

ආයුබෝවන්! ගොඩ කාලෙකට පස්සේ අද තමයි බයිස්කෝප් එක පැත්තේ ගොඩ වෙන්නේ. මේ චිත්‍රපටියේ සබ් කරන්න බාර අරන් ගොඩක් කල් වෙනවා. සුපුරුදු ලෙස අසංක ප්‍රදීප් රණතුංග සහෝදරයා තමයි මේක කරන්න අවසර ලබා දුන්නේ. මේක සබ්මැරින් වටා ගෙතුණු කතාවක්. ඒ වගේම මේ මගේ දෙවැනි සබ්මැරින් සම්බන්ද සලරුව.

ප්‍රධාන වශයෙන් ජර්මනිය කියන්නේ දෙවැනි ලෝක යුද්දෙදි ගොඩබිමින් වගේම මුහුදිනුත් ආධිපත්‍ය පතුරවාගෙන හිටිය රටක්. ජර්මනිය ප්‍රධාන වශයෙන් නැව් වලින් වගේම සබ්මැරින් (u-බෝට්ටු )වලිනුත් ඔවුන්ගේ බලය පැතිරවුවා.මුලදී උතුරු අත්ලාන්තික් සාගරයෙන් පටන්ගත්ත මේ u-බෝට්ටු වල ක්‍රියාකාරකම් 1940 ගිම්හානය වෙද්දී උච්ච අතට හැරිලා තියනවා. ඒ බටහිරින් උතුරු ඇමරිකාව හා දකුණු ඇමරිකාව දෙසටත් නැගෙනහිරින් අප්‍රිකානු මහාද්වීපය දෙසටත් ඔවුන්ගේ මෙහෙයුම් දියත් කරලා තියනවා. මෙව්වා මිත්රපාක්ෂික රටවලට කොච්චර කරදරයක් වුනාද කිව්වොත් ඔවුන්ට සැපයුම් නැවක්වත් තමන්ගේ මුහුදු සිමාවේ යාත්‍රා කරන්න හැකි වෙලා නෑ. ඉතින් එතකොට ඇමරිකාවේ ජනාධිපති වෙලා හිටිය තියඩෝර් රුස්වෙලට් (Theodore Roosevelt) සහ එංගලන්ත අගමැති වින්ස්ටන් චර්චිල් (Winston Churchill) සාකච්ඡා කරලා තියනවා මුලින්ම ප්‍රමුඛතාවය දෙන්න ඕනි මේ u-බෝට්ටු නවත්තන්න කියලා. ඒකෙ ප්‍රතිපලයක් විදිහට මිත්රපාක්ෂික හමුදා නවීන තාක්ෂනය සමග සන්නද්ධ වෙලා තියනවා. විශේෂයෙන්ම මේ u-බෝට්ටු විනාශ කරන්න. මුලදී හිමිට එක දෙක විනාශ විච්ච u-බෝට්ටු 1943 මැයි මාසේ වෙනකොට විශාල වශයෙන් විනාශ වෙන්න පටන් ගෙන තියනවා. ඒ කොච්චරද කියනවානම් ඒ මැයි මාසේ විතරක් ජර්මන් u-බෝට්ටු 41 මිත්‍ර හමුදා ගිල්ලවලා තියනවා . ඒ වගේම ඒ බෝට්ටු වල හිටිය නාවිකයන් 8/10 ක්ම මිය ගිහින් තියනවා. ඒ මාසය තමයි ජර්මනිය විශාලම පාඩුවක් විච්ච මාසය වෙලා තියෙන්නේ. ඒ හින්දා ඒක හදුන්වන්නේ “කළු මැයි මාසය” (Black May) කියලා. කොහොම වෙතත් දෙවැනි ලෝක යුද්දයේ අවසන් දවස වෙද්දීත් මේ u-බෝට්ටු 41ක් ඔවුන්ගේ මෙහෙයුම් වල අත්ලාන්තික් සාගරයේ නිරත වෙලා තියනවා.මේ චිත්‍රපටිය පටන් ගන්නේ ඇමරිකානු මෙහෙයුම් සබ්මැරීනයකින්. ලුතිනන් කමාන්ඩර් රැන්ඩල් සුලිවාන් (Lt.Cmdr.Randall Sullivan) කියන්නේ තමාගේ පියාගෙන් ආව නාවික උරුමය ගැන හිතට ගත්ත තරමක් අහංකාර නාවිකයෙක්. එයාගේ තුන් වෙනියා නැති නම් චිෆ් (Chief of Boat)විදිහට කටයුතු කරන්නේ අත්දැකීම් බහුල නේතන් ට්‍රැවර්ස් (Nathan Travers).ඉතින් මේ කට්ටිය අත්ලාන්තික් සාගරයට යනවා u-බෝට්ටු දඩයම සදහා. ඉතින් මෙයාලා මාස ගානක් ඉදලත් කිසිම සතුරු ක්‍රියාකාරකමක් වාර්තා වන්නේ නෑ. ඒ වගේම මේ කැප්ටන්ගේ පුහුණු සැසි වලින් සියලුම නැවියෝ හෙම්බත් වෙලා ඉන්නේ.ඉතින් මෙයාගේ චිෆ් ඒ ගැන කිව්වත් එයා ගණන් ගන්නේ නෑ. ඔය අතරේදී බෝට්ටුවේ දෙවනියට මාරාන්තික ලෙඩක් හැදෙනවා. මෙනින්ජයිටිස් කියලා හදුන්වන ඒ ලෙඩ, බෝ වෙන ලෙඩක් කියලයි බෝට්ටුව් දොස්තර කියන්නේ. ඒ හින්දා එයාව සේවයෙන් ඉවත් කරලා තියන්න කියලා උපදෙස් දුන්නත් කැප්ටන් ඒක අහන්නේ නෑ. ඔහොම ඉද්දි මෙයාලට සතුරු u-බෝට්ටුවක් පහර දෙනවා. ඔය යුද්දයෙන් එයාලා u-බෝට්ටුව පුපුරවලා දැම්මත් තවත් u-බෝට්ටුවකින් එල්ල කරපු ටෝපිඩෝවකින් එයාලගෙ බෝට්ටුව ගිලෙන්න ගන්නවා. ඒ හින්දා එයාලා බෝට්ටුව අතාරිනවා. ඒ හින්දා එයාලට සිද්ද වෙන්නේ අනිත් u-බෝට්ටුවේ ඒ කියන්නේ u-429 බෝට්ටුවේ සිරකාරයෝ වෙන්න. ඔය අතරේ එයාලා දැනගන්නවා එයාලගේ කැප්ටන්ටත් මෙනින්ජයිටිස් වැළදිලා කියලා. ඉතින් ඊළගට මොකක් වෙයිද ? ජර්මන් අය එයාලට මොනවා කරයිද ? එයාලාටත් කැප්ටන්ට වගේ ලෙඩ හැදෙයිද ?

මේක ඇමරිකානු චිත්‍රපටියක් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ 2004 වර්ෂයේදී Tony Giglio කියන අධ්‍යක්‍ෂකවරයා විසින්.මේකට IMDB රේටින්ග්ස් 6.0/10 හම්බවෙලා තියනවා මනාප 3,387 සමග. මේ චිත්‍රපටියේ Chief of Boat-Nathan Travers විදිහට පණ පොවන්නේ Air Force One (1997), Jurassic Park III (2001), Cellular (2004), Blood Father (2016) යන චිත්‍රපටි වලට රංගනයෙන් දායක වෙන William H. Macy විසිනුයි. Lt. Cmdr. Randall Sullivan ලෙස Scott Caan සහ u-429 ජර්මන් බෝට්ටුවේ කැප්ටන් (Kapitän Jonas Herdt) ලෙස Inglourious Basterds (2009), Far Cry (2008), Lara Croft Tomb Raider: The Cradle of Life (2003), The Three Musketeers (2011) යන චිත්‍රපටි වලට දායක වෙන ජර්මන් ජාතික Til Schweiger විසිනුයි . තව u-බෝට්ටුවේ 1st Watch Officer Ludwig Cremer ලෙස The Pianist (2002), Downfall (2004), Resident Evil: Apocalypse (2004), King Kong (2005), Wanted (2008), Valkyrie (2008), Stalingrad (2013), Captain America: The Winter Soldier (2014), Avengers: Age of Ultron (2015), Hitman: Agent 47 (2015) සහ Central Intelligence (2016) යන චිත්‍රපටි වලට රංගනයෙන් දායක වෙන ජර්මානු නලු Thomas Kretschmann විසිනුයි.පුරා පැය 1 සහ මිනිත්තු 34 පුරා දිවෙන මේ චිත්‍රපටිය කම්මැලි නැතුව එක දිගට නරබන්න පුළුවන්. එහෙනම් නැවත හමුවෙමු. ඔබට ජය!

 

In Enemy Hands (2004) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසි DVDRip සහ HDTV පිටපත් සඳහා අදාළ වේ.

2,405 downloadsDownload In-Enemy-Hands-2004.zip69 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/08/Asitha-Jayasinghe-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසිත ජයසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-08-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

අසිත ජයසිංහ

Subtitles

2,405 downloadsDownload Subtitles69 KB

17 comments

  1. KAVINDA GAMAGE

    නියමයි සහෝ.බොහොම ස්තූතියි
    ජය!

  2. Kaushan_P_Herath

    සබට තෑන්ක්ස් සහෝ

  3. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  4. Ricado Damien

    thank you Asitha & Baiscope team for the sub. all the best..................

  5. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Dulanga

    Thanks

  8. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා..!

  9. දමිත්

    උපසිරැසියට බොහොම ස්තුතියි අසිත ජයසිංහ සහෝ.
    ජයෙන් ජය

  10. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  11. අසිත

    Das Boot (1981) nam patta hodada
    mekath thanks

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Nishan Fernando

    Thanx bro

  14. sunanda shanth

    thanks

  15. S Elvitigala.

    meke sub eka nahane. eka harigassanna barida ?

  16. Vishwa Jayawardhane

    sub eka nane meke.aya danna puluwanda

  17. S Elvitigala.

    Sub eka ada hari.

    Thanks.