“තමන් කවුද කියන එක හිතට ගන්න එපා, තමන්ට වෙන්න පුළුවන් කවුද කියලා හිතට ගන්න. මට බැහැ කියන එක තරම් විස දෙයක් තවත් නැහැ. ඔයා විශ්වාස කරනවා නම් ඔයාට පුළුවන්. හැම දිව්‍ය ලෝකයක්ම, හැම අපායක්ම ඔයාට විරුද්ධව එකට එකතු උනත්. ඔයාට පුළුවන්” ආයුබෝවන් හැම දෙනාටම. කතාවේ එන ලස්සන දෙබසක් ලියාගෙනම අද ඔයාලාට අරන් එන්…

“තමන් කවුද කියන එක හිතට ගන්න එපා,
තමන්ට වෙන්න පුළුවන් කවුද කියලා හිතට ගන්න.
මට බැහැ කියන එක තරම් විස දෙයක් තවත් නැහැ.
ඔයා විශ්වාස කරනවා නම් ඔයාට පුළුවන්.
හැම දිව්‍ය ලෝකයක්ම, හැම අපායක්ම
ඔයාට විරුද්ධව එකට එකතු උනත්.
ඔයාට පුළුවන්”
ආයුබෝවන් හැම දෙනාටම. කතාවේ එන ලස්සන දෙබසක් ලියාගෙනම අද ඔයාලාට අරන් එන්නේ මගේ 46 වෙනි උපසිරැසිය. ආසාවෙන් කරන්න හිටිය චිත්‍රපටයක් ඇඩ්මින් විමා මට කරන්න කිව්වා එයාට වැඩ එක්ක කරන්න වෙලාව මදි කියලා. ඉස්කෝලේ යන කාලේ ඉඳන් Mortal Kombat කියන්නේ ඉතින් පිස්සුවක් තමයි. ඒක නිසා ආයේ බැහැ නොකියා බාර ගත්තා. මෑත කාලයේ Mortal Kombat කාටුන් චිත්‍රපට කිහිපයක්ම Warner Bros. සමාගම නිකුත් කරා. ඒ හැම එකක්ම වගේ සෑහෙන සුපිරි මට්ටමක තිබුණා. ද්විමාන (2D) උනත් කතාවේ රසයට නම් තාක්ෂණය බාධාවක් වෙලා නැහැ. මේ කතාව බලන්න කලින් පහළ තියන කාටුන් දෙක බලලා නැත්නම් බලන්න කියලා මුලින්ම ආරාධනා කරනවා. ඒ වගේම ඒවාට අදාළ ලිපිත් කියවන්න.
හරි එහෙනම් කතාව ගැන පොඩි දෙයක් කියන්නම්. කෙන්ෂි ටකහාෂි කියන්නේ මේ කතාවේ කතා නායකයා. එයාට ඕන පෘතුවියේ ඉන්න දක්ෂකම සටන් කරුවා වෙන්න. ඒ වෙනුවෙන් ගමින් ගමට ගිහින් දක්ෂ සටන් කරුවන්ට අභියෝග කරන එක තමයි මිනිහගේ පුරුද්ද. කේනෝ, ඒ කියන්නේ මේ කතාවේ දුෂ්ටයා බ්ලැක් ඩ්‍රැගන් කියලා කල්ලියක් නිර්මාණය කරගෙන, අහිංසක මිනිස්සු සමූල ඝාතනය කරමින් තමන්ගේ රාජ්‍යය විශාල කර ගන්න උත්සාහ කරනවා. ඉතින් මුඩු බිමක තියෙන එක ගමක දි කෙන්ෂි ට කේනෝගෙ ගෝලයන්ව හමු වෙනවා. එතනින් පටන් ගන්න යුද්ධය කෙලවර වෙන්නේ කෙන්ෂි අන්ධ අසරණයෙක් බවට පත් වෙලා. හැබැයි ඇස් නොපෙනෙන කෙන්ෂිට දෙන්නෙක් උදව් කරනවා. ඒ කුවායි ලියැන් කියන පරිණත සටන් කරුවා සහ සෙන්ටෝ කියන බලගතු කඩුව. මේ උදව් වල ප්‍රතිඵලයක් විදිහට කෙන්ෂි සුපිරි සටන් කරුවෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ කෙන්ෂි, කේනෝ සහ කේනෝගේ කට්ටිය විනාශ කරන්නේ කොහොමද, ඒකට උදව් කරන අනිත් අය කවුද කියලා ඔයාලම බලන්න කෝ. කතාවේ චරිත වලට හඬ කවපු නළු නිලි පිරිස පහලින් දාලා තියනවා.
කෙන්ෂි ටකහාෂි – Manny Jacinto
කුවායි ලියැන් – Ron Yuan
කේනෝ – David Wenham
ශැන්ග් සුංග් – Artt Butler
කෝබ්‍රා – Yuri Lowenthal
කින්ද්‍රා – Sumalee Montano
ස්කෝපියන් – Patrick Seitz
කබාල් – Keith Silverstein
කීරා – Courtenay Taylor
ට්‍රෙමර් – Imari Williams
ග්‍රාජි – Debra Wilson
මේ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරේ Rick Morales. එහි IMDb අගය 6.6 ක් වෙනවා. මුල ඉඳලම ක්‍රියාදාම ස්වරූපයක් තියෙන නිසා කම්මැලි නැතුව බලන්න පුළුවන්. ඒ වගේම මේකෙන් ගන්න පුළුවන් හොඳම ආදර්ශය තමයි ආත්ම ශක්තිය තියනවා නම් ඕනෑම දුර්වල කමක් ශක්තියක් බවට පත් කර ගන්න පුළුවන් කියන එකයි.
“ළමයි විතරයි එයාල ඉන්න තත්වයට ගරහන්නේ. පිරිමි තමන්ගේ තත්වය වෙනස් කර ගන්නවා”
ඒ ලස්සන දෙබසත් එක්ක මං එහෙනම් නවතිනවා. ජය වේවා!
Director: Rick Morales
Writers: Jeremy Adams, Ed Boon & John Tobias
IMDB Ratings : N/A
Release Date: 09 October 2022
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය Blu-Ray පිටපත් සඳහා ලබා දි ඇත.
3,998 downloadsDownload Mortal-Kombat-Legends-Snow-Blind.2022.zip2.1 MB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමිකර විදානගේ (චාමි)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-02-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමිකර විදානගේ
Subtitles
11 comments
ලක්ෂාන්
සංජන චමෝද්
උපසිරැසියට ස්තූතියි
අයියෙ. 🤪
Bimsara Yashan(ඔලිව)
බොහොම ස්තූතියි චාමිකර අයියෙ උපසිරැසියට. ජයවේවා!
Buddhika laKMal
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට චාමිකර සහෝ...☺☺♥♥හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි චාමි සොයුර …..
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!Anonymous
meke 2021 eka download karaganna benee
Anonymous
puluwan kenek innawanam mortal kombat legends 2021 ke film eka ai danna puluwanda eeke link ekakwath weda karanne nee neeee
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ishan Madusha
බොහෝම ස්තූතියි...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
එලම චාමි අයියා ❤️