Watch Trailer

Mowgli: Legend of the Jungle (2018) Sinhala Subtitles | වෘකයින්ගේ මිනිස් දරුවා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මැයි මාසෙ Black Panther අරගෙන ආවට පස්සෙ අද තමා සබ් එකක් අරගෙන එන්නෙ. හම්මෝ ඔලුවට නිදහසක් නැතුව වැඩ වලට හිරවෙලා හිරවෙලා ඉඳලා මෙහෙම සබ් එකක් කරන්න ගත්තහම හිතට දැනෙන නිදහස නම් කියලා නිම කරන්න බෑ. බයිස්කෝප් ප්‍රේක්ෂකයින්ට නම් දැන් මං කවුද කියන එකවත් මතක නැතුව ඇති මං හිතන්නෙ. දැන් නම් ඉතින් ඉස්සර ව…

ඔන්න මැයි මාසෙ Black Panther අරගෙන ආවට පස්සෙ අද තමා සබ් එකක් අරගෙන එන්නෙ. හම්මෝ ඔලුවට නිදහසක් නැතුව වැඩ වලට හිරවෙලා හිරවෙලා ඉඳලා මෙහෙම සබ් එකක් කරන්න ගත්තහම හිතට දැනෙන නිදහස නම් කියලා නිම කරන්න බෑ. බයිස්කෝප් ප්‍රේක්ෂකයින්ට නම් දැන් මං කවුද කියන එකවත් මතක නැතුව ඇති මං හිතන්නෙ. දැන් නම් ඉතින් ඉස්සර වගේ සබ් කෙරෙන්නෙ නෑ මගේ අතින්. කැම්පස් එකේ ප්‍රොජෙක්ට් වැඩත් අතරමග දාලා තමයි ඔන්න ෆිල්ම් එක ආපු ගමන් පුළුවන් ඉක්මණට සබ් එක ගෙනාවෙ. විමා අරෙහෙන් කෑගහනවා ප්‍රොජෙක්ට් එක අතෑරලා දාලා සබ් එක කරපන් කියලා. මේ දවස් දෙකේ ඉතින් ඒක තමා කලේ. හෙ හේ… ඕක කර කර ඉන්න අස්සෙ තමා අර මාවල්ලත් Endgame ට්‍රේලරේ රිලීස් කරලා දැම්මේ. එහෙනම් පොඩ්ඩක් සිනමාපටය ගැන බලමුකො.

සිනමාපටයේ නම තමයි මෝග්ලි. ඉතින් නම කියනකොටම දන්නවා ඇතිනෙ මේ සිනමාපටය Rudyard Kipling කියන ඉංග්‍රීසි ජාතික කතුවරයා ලියපු The Jungle Book කියන පොත පාදක කරගෙන නිපදවෙච්ච සිනමා පටයක් කියලා. ඔයාලට මතක නම් 2016 අවුරුද්දෙත් The Jungle Book නමින් සිනමාපටයක් ආවා මේ වගේම. ඒකටත් සබ් කලේ මංම තමා. නමුත් මේ සිනමාපටයයි ඒ සිනමාපටයයි හුඟාක් වෙනස්. ගොඩක් තැන් වල වෙනස්කම් තියෙනවා. ප්‍රධානම වෙනස තමා 2016 සිනමාපටය කෙළින්ම ළමයින්වම ඉලක්ක කරලා හැදිච්ච සිනමාපටයක් කියලා කියන්න පුළුවන්. සත්තු සිංදු කියනවා නටනවා. ඒක අර 1967 නිකුත් වෙච්ච සජීවීකරණ සිනමාපටයට සමානයි. ඒකෙ තියෙන සිංදුත් 2016 සිනමාපටයේ තිබ්බනේ. නමුත් මේ අවුරුද්දෙ නිකුත් වෙච්ච සිනමාපටයේ ටිකක් දරුණු දර්ශණ තියෙනවා. ඒ කියන්නෙ සත්තු සිංදු කියන දේවල් එහෙම නෑ. සිනමාපටය ගැන මේක අධ්‍යක්ෂණය කරපු ඇන්ඩි සර්කිස් කෙළින්ම කිවුවෙ මේකෙ සිංදු කිය කිය නටන සත්තු නම් කීයටවත් නෑ කියලයි. අනිත් වෙනස තමා සිනමාපටයේ සතුන්ගෙ CGI දර්ශණ. ට්‍රේලර් එක නිකුත්වෙච්ච මුල්ම දවසෙම මේ වෙනස හොඳට පෙනුනා. නිර්මාණ ශිල්පීන් කරලා තියෙන්නෙ හඬ කවන නළු නිළියන්ගේ භාව ප්‍රකාශන, මිනිස් මූණක තියෙන ස්වරූපය එහෙම ඒ ඒ සතුන්ගෙ මූණුත් එක්ක කලවම් කරන්න ගිහිල්ලා. ඒ නිසා දැක්කහම නිකන් අමුතුයි කියලා තේරෙනවා සත්තුන්ගෙ මූණු. හැබැයි ගොලම්, සීසර් වගේ චරිත වලට පන දුන්න ඇන්ඩි සර්කිස් අතින් මේ වගේ දෙයක් වුණා කියලා දැක්කහම නම් නිකන් විශ්වාස කරන්නවත් බැරි වුණා. අවන්කවම මට මුල් විනාඩි කීපයම බලද්දි ෆිල්ම් එක බලනවද නැද්ද කියන එක ගැන දෙපාරක් කල්පනා කරන්න වුණා. මොකද 2016 Jungle Book සිනමාපටය බලපු කෙනෙක්ට තේරෙයි මේකෙ CGI කොච්චර දුර්වලද කියලා. මට නම් හරියටම සත්ව ස්වරූපයක් පෙනුනෙ බලූගෙ මූනෙ විතරයි. එහෙම CGI ටිකක් අවුල් වුණාට කතාව ගලාගෙන යාම අතින් නම් උපරිම හොඳට තියෙනවා. ඒ නිසා අවුලක් නැතුව කතාව බලාගෙන ගියා.

බඝීරට මේ සිනමාපටයේ හඬ කවන්නෙ අපි හැමෝම දන්න නෝලන්ගෙ බැටා හෙවත් ක්‍රිස්ටියන් බේල්. මට නිකන් බලූ කතා කරපු හැම පාරකම හිතුනෙ බේල් නිකන් බැට්මෑන් චරිතය මවාගෙන හඬ කැව්වද කියලා. මොකද සමහර තැන් වල එන්නෙම බැට් මෑන්ගෙ කටහඬමයි. බලූ විදිහට හඬ කවන්නෙ සිනමාපටයේ අධ්‍යක්ෂකවරයා වන ඇන්ඩි සර්කිස්මයි. බලූගෙ මූණෙන් ඇන්ඩි සර්කිස්ගෙ භාව ප්‍රකාශන හොඳට අඳුනගන්න පුළුවන්. ශෙයා ඛාන් විදිහට හඬ දායකත්වය ලබාදෙන්නෙ මගේ කැමතිම නළුවන්ගෙන් කෙනෙක් වෙන බෙනඩික් කම්බර්බැච්. අවංකවම කිවුවොත් මං මේ සිනමාපටයට සබ් කරනවා කියන එක තීරණය කළෙත් බෙනඩික් ඉන්න නිසාමයි. ශෙයා ඛාන්ගේ දරුණුකම හඬ වගේම භාව ප්‍රකාශන හරහා මෙයා නියමෙටම පෙන්නනවා. නමුත් අර ඒ මූණෙන් පෙන්නන මිනිස් හැගීම් ශෙයා ඛාන්ගෙ මූණට එකතු කරලා තියෙන නිසා ටිකක් නුහුරු ගතියක් තියෙනවා. නමුත් 2016 සිනමාපටයේ හිටිය ඉද්රිස් ඇල්බාගේ කටහඬ තරම් ගැඹුරු වුණේ නැති වුණාට බෙනඩික් එයාගෙ වචන උච්චාරණ ස්වරූපය වෙනස් කරන විදිහෙන් ශෙයා ඛාන්ට අමුතු දරුණු ගතියක් දීලා තියෙනවා. ඒ වුණාට ඉද්රිස් ඇල්බාගෙ තරම් කටහඬ නම් දරුණු නෑ. කා විදිහට මේ සිනමාපටයේදී හඬ දායකත්වය දෙන්නෙ කේට් බ්ලැන්චෙට්. ඒ වුණාට හැබැයි මං නම් පෞද්ගලිකව කැමති ස්කාලට් ජෝහැන්සන්ගෙ කා ට තමා. තව මේකෙ රාක්‍ෂාගෙ නම නිශා විදිහට වෙනස් කරලත් තියෙනවා හිතාගන්න බෑ ඒ ඇයි කියලා නම්. සිනමාපටය අවසානයේ Kara Marni කියන ගායිකාව විසින් ගායනා කරන Changes කියන ගීතය අහන්න පුළුවන්. අද ඉදන් මගේ ප්ලේ ලිස්ට් එකට එකතුවෙන සින්දුවක් වෙනවා ඒකත්. ඔව්. ඒ තරම් හිතට ඇල්ලුවා. මං අද කතාව නම් කියන්න යන්නෙ නෑ මොකද මේ කතාව හැමෝම වගේ දන්න නිසා. නමුත් මං අර කලින් කිවුව විදිහට 2016 සිනමාපටයයි මේ සිනමාපටයයි කොච්චර වෙනස් වුණත්, සිනමාපට දෙකේම රාක්‍ෂා/ නිශා මෝග්ලිට කියන වාක්‍යයක් කිසිම වෙනසක් නැතුව සිනමාපට දෙකේම තියෙනවා. ඒ තමයි “You will always be my son” කියන එක. අනික මේ සිනමාපටයේ භූට් කියන ඇලි වෘකයා ගැන නම් ඇඩෙන තරමට මට දුක හිතුනා. එහෙනම් Fantastic Beasts : Crimes of Grindelwald සිනමාපටයෙන් සහ ඊට පස්සෙ එන Jungle Book වගේම තවත් ඩිස්නි Live-Action සිනමාපටයකින් හමුවෙන තෙක් සමුගන්නවා.

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

ලබා දී ඇති උපසිරසි Web පිටපත් සඳහා අදාළ වේ.

21,531 downloadsDownload Mowgli.Legend.of_.the_.Jungle.2018.Baiscopelk.com_.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ජෙරෝම් වැලස්කා ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-09-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Subtitles by

ජෙරෝම් වැලස්කා

Subtitles

21,531 downloadsDownload Subtitles24 KB

124 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  2. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  3. lahiru sadaruvan

    thank you so much brother

  4. Niluka

    elz digatama karannna

  5. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  6. Udara Damith Dissanayaka

    matanam mathakayak ne oya gena he he
    amathakama wekla thibune

  7. Ravindu Rukshan

    Thx

  8. subodha

    Thanks

  9. Kanchaka

    Thanks bro

  10. Subhash13

    පට්ට මචන්

  11. baiscopelkishu

    Thanx machn

  12. gihan perera

    ස්තුතියි ස්තුතියි ස්තුතියි......මේක එනකන් හිටියේ....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....

  13. ashela

    thanks.! ikmanata wade karala. jaya wewa!

  14. Nadun Randula

    Thanks Dear,
    Superb

  15. w.w.m.s.n.s.lakmal

    thank u bro.

  16. Nirosh C

    ස්තුතියි ජෙරෝම් සහෝ.ජයවේවා!

  17. Stranger

    thanks

  18. Prabashjayawardane

    well job brooo. go a head.... so thanks for sub.

  19. Priyadarshani

    Oyata puluwannm ,,aquaman 2018 movie eketh sub ekk ikmanata genna ,thanks bro...ජය වේවා ..

  20. shanuka.manohara

    THANKS BRO

  21. Prabodha Madhusankha Hettiarachchi

    Sthuthi aho sub ekata...

  22. charuka_2003

    ftta

  23. geeganagamage

    බොහොම ස්තුතියි සහෝ සබ් එක වගේම ලිපියත් නියමෙට තියෙනවා.

  24. Thilina Jayarathna

    thx bn .sub req 1 tynva horror blanna kamthi ayta .

    The Bride (2017)
    The Mermaid: Lake of the Dead
    menna mevata denako sub trailer eka blnna supiri ah

  25. Milind@

    Thanks saho

  26. Gathsara Umesh

    ඒම අමතක වෙනවද අයියව...
    සබ් කරන එක නවත්තන්නැතුව මෙහෙම් සබ් කරන එකම ඈති අයියේ..බොහෝම ස්තූතියි..❤️❤️

  27. Djseny

    Downoad now kiyana eka ebuwahama subtitles vitharai enne film eka enne ne

  28. Sajmadu

    Ela.

  29. nilantha7

    thanks

  30. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  31. kelumchathuranga

    thanks

  32. Nandana_kumara

    Tu dear

  33. uswijesooriya

    thankss for sub

  34. Ayesh Prashan

    Thank You

  35. lasanthacbamdara

    thank bro

  36. Achi

    Thanks bn

  37. futureomega

    Sub ekata thanks Jerom.. :)

  38. Shan

    බොහොම ස්තූතියි ජෙරෝම් සහෝ සිංහල උපසිරැසියට.
    ඔන්න vote එකකුත් දුන්නා, 40වෙනි vote එක මගෙන් ඈ.. :P
    ජයවේවා!

  39. chaithika

    සබ් එක දෙනකම් හිටියේ.ගොඩක් ස්තූතියි ජය

  40. ශසිත් සඳරුවන්

    සබට තුති මචෝ...
    ඔන්න ගත්තා... උඹ ඉතින් ඉඳලා ඉඳලා හොඳම එකක්නේ ගේන්නේ..
    නොබලා කොහොමැයි.. :P
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  41. Bandarajbandara

    Thanks

  42. Supunkb

    සබට තෑන්ක්ස් සහෝ.....

  43. mrasela111

    maxaa...

  44. Randika98

    ftttt

  45. aks

    Thanks...

  46. Tharaka

    THANKS.................................

  47. luckysun

    my life enjoy child mowgli movie & you sub
    great next time moments welcome

  48. indika75

    thanks..

  49. sasala

    thanks.subwlata

  50. NuwanK

    Thank u bro..

Load more comments