Watch Trailer

The Jungle Book (2016) with Sinhala Subtitles | මෝග්ලි නම් වෘක දරුවා [සිංහල උපසිරසි සමඟ]

බලූ නම් ආදරණීය වළහෙක් සහ භගීරා නම් දිවියකුගෙ රැකවරණය යටතේ මහ ඝන වනාන්තරය තුල හැදී වැඩෙන මෝග්ලි නම් හුරු බුහුටි කොලු පැටියාගේ කතාවයි මේ. The Jungle Book.මේ අවුරුද්දෙ නිකුත් වෙච්ච සිනමාපට අතරින් හුඟක් කතා බහට ලක් වෙච්ච සිනමාපටයක්. මේ සිනමාපටය නිකුත් වෙන කාල වකවානුවේම තවත් ජනප්‍රිය සිනමාපට කීපයක්ම නික…

The Jungle Book (2016)

බලූ නම් ආදරණීය වළහෙක් සහ භගීරා නම් දිවියකුගෙ රැකවරණය යටතේ මහ ඝන වනාන්තරය තුල හැදී වැඩෙන මෝග්ලි නම් හුරු බුහුටි කොලු පැටියාගේ කතාවයි මේ. The Jungle Book.මේ අවුරුද්දෙ නිකුත් වෙච්ච සිනමාපට අතරින් හුඟක් කතා බහට ලක් වෙච්ච සිනමාපටයක්. මේ සිනමාපටය නිකුත් වෙන කාල වකවානුවේම තවත් ජනප්‍රිය සිනමාපට කීපයක්ම නිකුත් වුණා. නමුත් ඒ බොහොමයක් සිනමාපටවලටත් වඩා ඉහළින් වැජඹෙන්නට මේ සිනමාපටය සමත් වුණා. IMDb අගය 7.8ක්. Zathura, Iron Man 1, Iron man 2, Cowboys and Alien වැනි සිනමාපට අධ්‍යක්ෂණය කළ, Iron Man සිනමාපට පෙළේ හැපී හෝගන් විදිහට රංගනයෙන් දායක වුණ ජෝන් ෆැව්රූ නම් අධ්‍යක්ෂකවරයා අතින් තමා මෙවර ජන්ගල් බුක් සිනමාපටය අධ්‍යක්ෂණය වෙන්නෙ. මීට කළින් රොජ්ලඩ් කිප්ලින් නම් කතුවරයා විසින් ලියන ලද ජන්ගල් බුක් නම් කතා එකතුව ආශ්‍රයෙන් සජීවී දර්ශන සහිත සිනමාපට කීපයක්ම නිපදවෙලා තිබුණද තාක්ෂනය උපරිමයෙන්ම යොදාගෙන මෙතෙක් නිපදවුණ මුල්ම ජන්ගල් බුක් සිනමාපටය වෙන්නෙ මෙයයි. තාක්ෂනය කොච්චර උපරිමයිද කියන එක  සිනමාපටය බලද්දී ඔයාලට බලාගන්න පුළුවන් වෙයි. කම්මැලි කමක් නැතුව විනාඩි 105ක කාලයක් එකදිගට නරඹන්න පුළුවන් සිනමාපටයක් කියලා කියන්න පුළුවන්. මෝග්ලිට රඟපාන වයස අවුරුදු 12ක් වෙන නීල් සෙතී නම් හුරුබුහුටි ළමා නළුවා අපි හැමෝගෙම අවධානය සිනමාපටයට ඇදලා තියාගන්න සමත්වෙනවා කියලා කිවුවොත් මම වැරදි වෙන්න බෑ. මෙයාගෙ මුල්ම සිනමාපටය වෙන්නෙත් මෙයයි. භගීරා නම් කළු දිවියා විදිහට බෙන් කින්ග්ස්ලි නම් විශිෂ්ට රංගධරයාද, බලූ නම් විනෝදකාමී වළහා විදිහට බිල් මරීද, මෝග්ලිගෙ වෘක මව වෙන රාක්ෂා විදිහට ලුපීතා නියොන්ගෝ නම් ඔස්කා සම්මානලාභී නිළියද, සීඔනී වෘක රැළේ නායකයා වෙන අකීලා විදිහට ජයන්කාර්ලෝ එස්පෝසිතෝ නම් රංගන ශිල්පියාද, ෂෙයා ඛාන් නම් බෙන්ගාලි ව්‍යාඝ්‍රයා විදිහට ඉද්රිස් ඇල්බාද, කා නම් ඉන්දියානු පිඹුරා විදිහට අපි කවුරුත් බ්ලැක් විඩෝ ලෙස හඳුනන ස්කාලට් ජොහැන්සන්ද, වානර රජු වෙන ලුයී විදිහට ක්‍රිස්ටොෆර් වෝක්න්ද තම හඬ දායකත්වය මෙම සිනමාපටය වෙනුවෙන් ලබා දෙනවා. අපිට 1967 වසරේ නිකුත් වෙච්ච සජීවීකරණ ජන්ගල් බුක් සිනමාපටයේ එන ගීත කීපයක්ම මේ සිනමාපටයෙදිත් අහන්න දකින්න ලැබෙනවා. පරණ ජන්ගල් බුක් සජීවීකරණ සිනමාපටය බලපු අයට නම් The Bare Necessities, Trust in Me, I Wan’na Be Like You කියන ගීත අමතක වෙන්න විදිහක් නැතුව ඇතිනේ. ඔය දීලා තියෙන ලින්ක් ක්ලික් කරලා කැමති කෙනෙක්ට ගිහිං අහන්න පුළුවන් ඒ සිංදු ටික. Trust in me කියන ගීතය නම් ඔයාලට ස්කාල්ට්ගෙ කටහඬින්ම අහන්න පුළුවන්. ටිකක් ගොරෝසු කටහඬක් තිබුණට ස්කාලට්  ජොහැන්සන් කියන්නෙ කොච්චර ලස්සන ගායිකාවක්ද කියලා මේ සිංදුව අහනකොට බලාගන්න පුළුවන්. බයිස්කෝප් ප්‍රේක්ෂකයින්ගෙ වාසනාවටද කොහෙද ඊයෙ කෙළින්ම Br එකම ඇවිත් තිබුණා. දැන් ඉතින් කොටසක් HD බලද්දි අනිත් අයට Br එනකම් ඉවසගෙන ඉන්න ඕන නෑ අද. හැමෝටම Br එකෙන්ම බලන්න පුළුවන්. ෆිල්ම් එක නම් මට හුඟක් විශේෂයි. නියම සෙට් එකක් එක්ක ගිහින් නොවැ ෆිලුම බැලුවෙ. ඒකයි… 😀 ඉතින් එහෙනම් අද කතාව පැත්තට හැරෙමු.

මෝග්ලි කියන්නෙ සීඔනී කියන කැලෑ ප්‍රදේශයේ ඉන්න ඉන්දියානු වෘක රංචුවක හැදී වැඩෙන මිනිස් දරුවෙක්. පොඩි කාලෙදි ෂෙයා ඛාන් කියන ව්‍යාඝ්‍රයා කැළේ මැදදි මෙයාගෙ තාත්තාව මරලා දානවා. ඉතින් මේ මෝග්ලි කැලේ තනිවෙනවා. ඊට පස්සෙ මෙයාව භගීරා කියන කළු දිවියට හම්බවෙනවා. එයා මෝග්ලිගෙ ආරක්ෂාවට එයාව අකීලා නම් වෘකයාගෙ නායකත්වයෙන් යුක්ත වෘක කණ්ඩායමකට භාර දෙනවා. එතන ඉඳන් මෙයා ඒ වෘකයන් අතරෙ තමා හැදී වැඩෙන්නේ. නමුත් ෂෙයා ඛාන් මෙයාගෙ තාත්තව මරපු රෑ ෂෙයා ඛාන් හා මෝග්ලිගෙ තාත්තා අතර වෙච්ච සටනෙන් ෂෙයා ඛාන්ට එයාගෙ වම් ඇහැ අහිමි වෙනවා. ගින්දර හෙවත් රප්ත පුෂ්පය නිසා. මෙයා මේකෙ පළිය ගන්න මෝග්ලි පස්සෙ පන්නනවා. මෙයාට බේරෙන්න තියෙන එකම ක්‍රමය මෙයාව ආපහු මිනිස් ගමට යවන එකයි කියලා වෘක කණ්ඩායම තීරණය කරනවා. මේ ගමනෙදි මෙයාට තවත් හුඟක් දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ මොනවද කියලා සිනමාපටය බලලා ඔයාලම හොයාගන්න කියලා ආරාධනා කරනවා.  එහෙනම් තවත් සිනමාපටයකින් හම්බවෙනකම් බයිස්කෝප් එන හැමෝටම ජය වේවා…!!!

ප.ලි. : සබ් එකේ අඩුපාඩුවක් තියෙනවා නම් කියාගෙන යන්න කියලත් ඉල්ලනවා… 🙂

 

The Jungle Book (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The.Jungle.Book.2016.720p.BluRay.x264-[YTS.AG]

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

34,558 downloadsDownload The.Jungle.Book_.2016.Br_.Baiscopelk.com_.rar33 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SamanPrasad.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ජෙරෝම් වැලස්කා

Subtitles

34,558 downloadsDownload Subtitles33 KB

86 comments

  1. Sâchîth Lákshâñ

    සබ් එකට තුති සමන් අයියේ
    ජය වේවා

    1. sajith

      ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක

    2. Sanduni Nimansha

      Thank you very much for direct links

    3. Sanduni Nimansha

      Thank you very much for Sinhala sub

    4. නිලන්ත [Rumesh Nilantha Jayaweera]

      බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ digatama sub demu 1080p copyama download karanna ona

    5. නිලන්ත [Rumesh Nilantha Jayaweera]

      බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ digatama sub demu 1080p copyama download karanna ona thank

  2. Prasheen

    denakan balan hitiye meka. thank you

  3. නිලුපුල් මධුකප්‍රිය පෙරේරා

    ඔව් ඔව් උබට මේ කතාව විශේෂයි තමා
    උබත් ඉතින් සත්ව කුලේ එකෙක්නෙ..
    එහෙනම් කැලෑ පොත ගෙන ආ කැලෑ පූසාට
    අපගේ හදපිරි මෙව්වා එක සහ ස්තුතිය.. ඔබට ජය

  4. praneeth madu

    tnx mcn ela

  5. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහෝ සුපිරියි...
    මම ඊයේ dvd පිටපත බාගෙන හිටියේ සබ් එක දෙනකල් මෙන්න BluRay එකටම සබ් දාලා....
    නැවත උපසිරැසියකින් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  6. Pasindu

    Thanks sub ekata. BRrip eka download kara witharai sub ekath dila

  7. Sisila Prasad

    ඊයේ රෑම බ්ලූ රේ කොපිය අරගෙන ලක ලෑස්ති වෙලා හිටියේ.
    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට.
    ජයවේවා...!

  8. dushmantha

    sardaar gabbar singh telugu film eke direct links oyala dunnata sinhala sub duune nane thama........................ patta paturu telugu film ekk,.............................................. parana hindi walata sub karana eke mekata sub karnnko,,,,,, loku help ekka, ........waiting long time for sinhala sub.....................................

  9. Asitha

    ඊයේ රෑම බෑවා කියහන්කෝ.
    හිතුවේ නෑ අදම දේවි කියලා.
    බොහොම පින්
    ජය වේවා!!!!!!!!!

  10. eagle

    Be ma deepu eaka ganna mama godak sansosai ty bro tava mevage movies valata sub danna avashya shakteya ha kaalaya labeva keya hadavatinma partana koranava bro

  11. LAKSHAN

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට.

  12. kavinda

    ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    අයියේ ඉන්න තැනක් කියන්න ඇවිල්ලා ඔයාව බදාගෙන උම්මා දෙන්න හිතනෙවා කරලා තියෙන දෙයට.
    නියමයි.. දැන් SLT Off peak වැඩි කරලා නිසා දෙයියනේ කියලා පිලුම් ටිකක් බලතෑකි… ලස්සනම ලස්සන කතාවක් .

    තවත් හොද ලස්සන ඒවා වලට උපසිරැසි දෙන්න.

  13. aruna

    maaaaaxxaxaaa

  14. Amalka Himeshan

    එකෙන්ම දීලනෙ ඔන්න මම නම් බාගන්නෙ නෑ මේක
    අපේ අයිය ඕක දැනටම ඩවුන්ලෝඩ් කරගෙන ඇත්තෙ
    ඉතින් මන් උබට ස්තූති කරනව සබ් එකට තැන්ක්ස් මචන්

  15. sanath indika

    thx u brooo

  16. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  17. එල්.සී. දමැල්

    හම්මේ ස්තුතියි...
    බලාගෙනමයි හිටියෙ පූසෝ මේක දෙනකම්...
    දැන්ම බාමි....

  18. Kolitha

    Thanx bro..

  19. Gathsara Umesh Kumara

    sපූසා අහෝ දරයා බාගෙන බලාගෙන ඉදියෙ බයිස්කෝප් එකේන් සබ් එක දෙනකම්.බොහෝම ස්තූතිsයි අබ් එකට.ඒවගේම පුංචිම පුංචි ඉල්ලීමක් තියෙනවා අපේ බයිස්කෝප් ඇඩ්ම්න්ලට කියන්න.ඔයාල දැන් ටොරෙන්ට් ලින්ක් දෙන්නෙ නෑනේ.ඒක හෙන්න් කියන්නෙ නෑ මොකද ඒකනිසා සයිට් එක නැති කරගන්න ඕනි නෑ.ඒත් ඔයාල දෙන්න් සබ් එක අදාල වන ටොරෙට්න්ට් ලින්ක් එකනේ.ඒත් අපි ඒක නිකම්ම බාගන්න් ගිහිල්ල බාගත්තාම සමහර වෙලාවට සබ් එක එහෙම්ම අවුල් යනවා.ඒක නිසා බාගන්න් සබ් පටයත් එක්කම පොඩි ටෙක්ස්ට් ඩොකියුමන්ට් එකක ඒක බාගන්න් පුලුවන් හෑශ් ටැග් එක දෙනවනම් ගොඩක් අගේ කරල sසලවකවා.එහෙනම් ආයෙත් අපේ පූසා සහෝට ගොඩාක් ස්තූති වන්ත වෙනවා සබ් eකට...ආයෙත් හමුවෙමු...

    1. Gathsara Umesh Kumara

      අහ්...තව පොඩ්ඩෙන් අමතක වෙනවා..:ගෝතම්:කතාංගයේ තුන්වෙනි කන්නය නිකුවෙන්න අතලග .ඒකට අපේ පූසා සහෝගෙන් sසබ් ක ඕනි හොදේ.....

  20. සුරේෂ් ජයතිලක

    හම්මේ බ්ලූරේ ආව එක නං ලොකු...... දෙයක් ☺
    ඉක්මනට බලන්නෝනි

  21. තරිඳු

    Thank you machan

  22. Kanishka

    Thanks machan

  23. Tharaka

    හ්ම්.. මට හිතුනා මේකේ BluRay ආපු ගමන් බයිස්කෝප් එකෙන් අද හෙටම සබ් එකත් දේවි කියලා. ඒ නිසා ඊයේ රෑම මමත් 1080p BluRay කොපිය බාගෙන ලක ලෑස්ති වෙලා හිටියේ. දැන් තියෙන්නේ මේ සුපිරි ෆිලුම සබ් එක්ක බලන එක විතරයි. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි සහෝ. බයිස්කෝප් එකටත් ඔබටත් ජයෙන් ජයම වේවා!

    1. Vimukthi

      Link 1 mokakda bn

  24. indika

    Thn Q... !!!

  25. Ishan Madusha

    බොහෝම ස්තුතියි සහෝ bluray වලට අදාල උපසිරැසිය ඉක්මනින් දුන්නට

  26. D Chamara

    bohoma sthuthi sahooo

  27. නලින්

    ස්තුතියි සමනා!

    ඔන්න සබ ඇවිල්ලම ගත්තා.

    ජය වේවා!

  28. nishadi wickrama

    tnx

  29. කේ.යූ.ජී. උදාර

    දෙනකම් ඇහැ තියාන බලන් උන්නු එකක්.
    සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.............

  30. thuaitha

    thanks machan,,,,,jaya wewa,,,,

  31. Rithesh

    Thank you...........................................

  32. Dinuka

    thanks bro.....

  33. daminda

    thanx enakan hitiye meka

  34. Amila Mudalige

    Thanks Saho Sub ekta

  35. විමා

    සබ් එකනම් කමකට නෑ බන්
    කරන්න බැරිනම් නිකම් ඉදපන්කෝ

  36. රොයිලි

    බොහොම ස්තූතියි සමනෝ උපසිරැසියට. ජය෴෴ :P :P

  37. vishwa

    meke enakan bala bla hitiye
    thanks sub welata

  38. ddd

    topita hena gahanava . mage 2 gb iwara una torent file hoyala. thamath hoyaganda bari unan.

  39. Induwara Malintha

    Tahnks Sub akta

  40. නාලක ජයසිංහ

    Thanks Machooo

  41. ChaRu

    Bohoma sthuthiy upasirasiyata.

    E wagema deyak kiyanna thiyenawa, me add dapu eka hoda na kiyanne na habai me add nisa mokakda ekak auto subscribe wela mage Rs.99k kapuna.

  42. Niky

    Thanks bro.hoya hoya hitiye

  43. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  44. Dina

    Thanx bro

  45. Kulanjana Maduranga

    niayamai…deanakm balan hitapu filumak.thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  46. Shehan Gunawardena

    dw karapu kenek link aka danna.

  47. mangala

    tanx bro

  48. yeshu

    tnx

  49. pramuk

    thankuuuuuuuuuuuu..........

  50. Ganicus

    patta saho elamai kiyala waak na thnks bn sub ekata jaya wewa..

Load more comments