දවසක්,මම බයිස්කෝප් එකෙන් සුපිරි ගණයේ හිනා යන චිත්‍රපටියක් බැලුවා. ඇත්තටම ඒක වර්තමානයේ බිහිවෙන කුණුහරැප කිය කිය හිනා වෙන කොමඩියක් නම් නෙමෙයි. නම කිව්ව පමණිනුත් හිනා යන Gods Must be crazy චිත්‍රපටිය. ඒකේ රඟපාපු ඒ ගෝත්‍රික මිනිසා මිය ගිහින් දැන් හුගක් කල්. කලහාරියේ කාන්තරයේ ඉන්න අයට නට් ලූස් වගේ පෙනුණ…

දවසක්,මම බයිස්කෝප් එකෙන් සුපිරි ගණයේ හිනා යන චිත්‍රපටියක් බැලුවා. ඇත්තටම ඒක වර්තමානයේ බිහිවෙන කුණුහරැප කිය කිය හිනා වෙන කොමඩියක් නම් නෙමෙයි. නම කිව්ව පමණිනුත් හිනා යන Gods Must be crazy චිත්‍රපටිය. ඒකේ රඟපාපු ඒ ගෝත්‍රික මිනිසා මිය ගිහින් දැන් හුගක් කල්. කලහාරියේ කාන්තරයේ ඉන්න අයට නට් ලූස් වගේ පෙනුණට, මෙහෙ ඉන්න අය නම් ඇස් කණ්ණාඩිත් දාන ගෝත්‍රිකයෝ සෙට් එකක්. ඒ එක්කම ලස්සන කතාන්දරයක් මෙම චිත්‍රපටිය පුරාවටම දිවෙනවා.
මචං අර වගේම තවත් නියම ෆිල්ම් එකක් තියෙනවා…පරණ එකක්. පොඩ්ඩක් බලහන්කෝ. මගේ හිතවතෙක් කිව්ව එකක්. ඒ නිසාම තමයි,මේ චිත්‍රපටියට සබ් දාන්න මම තීරණය කළේ.
අර චිත්‍රපටියේ නම් එක්තරා බීම වර්ගයක් තියෙන බෝතලයක් නේ බිමට දාන්නේ…මේ චිත්‍රපටියේ නම් මුලින්ම පෙන්නන්නේ විශාල ගුවන් යානයක් කඩන් වැටෙන දර්ශනයක්. ඉතින් ඒකේ ඉන්න පුංචි බබෙක්, සිංහයෙක්ව මෙල්ල කරන අපූරැව ඇස් අදහගන්නත් බැරි වේවි..
චරිත ගොඩක් ඉන්නවා.පළවෙනි චරිතය තමයි ගෝත්‍රික රජ්ජුරැවෝ, දෙවැනියා තමයි අපේ මිස්ටර් බෝන්ස්, තුන් වැනියා තමයි ප්‍රින්ස්..හතර වෙනියා තමයි බඩ තඩියා…මේ තුන් දෙනා ගේ අපූරැ ඉල ඇදෙන ක්‍රියා වලින් අන්ද මන්ද වෙලා නස්තාර් වෙන්න හිනා වෙන්න, හකු බොකු ලෑස්ති කරන් ඉන්න කියලා මම ආරාධනා කරනවා ඔයාලාට
ඒ එක්කම කියන්න ඕන..මෙයාලා ගෝත්‍රික වැසියෝ නේ ,ඉතින් ක්විකිව්ලෑන්ඩ් එකේ ඉන්න මේ වරිගයේ අය,ටිකක් අමුතු චාරිත්‍ර වාරිත්‍ර තමයි අනුගමනය කරන්නේ..එයාලා මිනිස්සු පිළිගන්නෙත් අමුතු විදියට,බලන්නකෝ මෙයාලා ගේ පිස්සු වැඩ කිඩ ටික…මෙහෙම ලිව්වට නම් ඒ රසය ලැබෙන්නේ නම්..නෑ ඒ නිසා මම තවත් කියන්නෙත් නෑ ඔන්න.
කොටින්ම කිව්වොත් මේ චිත්‍රපටිය සබ් කරන කොටත් මට හිනා වෙලා ඉවරයක් නැහැ..ඒ තරම් සුපිරියි… පරණ ෆිල්ම් වල හදවතට වදින විහිළු තමයි තියෙන්නේ,සිංහල ඉංග්‍රීසි දෙජාතියේම ඒ ලක්ෂණය දකින්න පුළුවන්,මගේ රාජකාරි වෙලාවට අමතරව රාත්‍රි කාලයේ පැය 2 තුන ඔයාලා වෙනුවෙන් කැපකරණ එකේ හොඳ චිත්‍රපටියක් දෙන්නම තමයි මගේ වුවමනාව.හැමදාම මුණගැහෙන්න ආවේ නැති වුණත් ඔයාලගේ අදහස් යෝජනා එක් කරන්න කියලා මම ආරාධනා කරනවා.
ආ…තව දෙයක්…මම ආසයි අපේ නරඹන්නන් ආස කරන චිත්‍රපටියක් උපසිරැසි ගන්වන්න.ඒ නිසා ඔබ කැමැතිම චිත්‍රපටිය මට දැනුම් දෙන්න.ෆේස් බුක් එක හරහා හෝ බයිස්කෝප් කමෙන්ට් එකක් හරහා…ඉතින් එන්න ෆේස් බුක් එක පැත්තට – facebook.com/ddsameera
මට මතක විදියට මිස්ටර් බෝන්ස් 02 ත් තියෙනවා.ඉඩ ලැබෙන විදියට මම ඒ දේ දෙන්නත් වගා බලාගන්නම්. තවත් දෙයක්, ළඟදී අපේ යාළුවෙක්, සමීර කරැණාරත්න එයාගේ උපසිරැසි 100 පසුකළා… ඒක නම් ලෙහෙසි පහසු වැඩක් නෙමෙයි. සෑහෙන කැපකිරීමක් වෙන්න ඇති. සමීරලා හැමදාමත් අනුන්ගේ සතුට වෙනුවෙන් කාලේ කැප කරන අය.. ඒ ගැනත් සෑහෙන ආඩම්බරයක්..මචං සමීර,උඹට අවංකව සුබ පතනවා.
අප්පට සිරි,දැන් මූණ හෝදගෙන ඔෆිස් යන්නත් ඕනි…අහ්…මෙන්න එහෙනම් මම ගියා…චාවෝ..!!!!
881 MB (HD) කොපිය මෙතනින් බාගන්න
adaf0a2df94b5fa87eb9a57adda91b3cbb9d52a8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,662 downloadsDownload MR.BONES_.2001.baiscopelk.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/sameera.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර ධනංජය විජේරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර ධනංජය
Subtitles
56 comments
Mathisha
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි. :)
The Time Machine (2002) The Time Machine (1960) මේ දෙකට උපසිරසි දෙන්නකෝ. (නැත්තම් කාලතරණය ගැන තියෙන ඕනම Film එකකට සබ් දෙන්න).
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)that's my boy ෆිල්ම් එක ගැන පොඩ්ඩක් සලකල බලන්නකෝ සහෝ
අයේෂ්
Thank You..
Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය…….
හලාල්
ඇයි මේක දෙන්න මෙච්චර කල් ගියේ පට්ටම ෆිල්ම් එකක්නේ වැනි එකත් දෙන්න මන් උපසිරැසි එක්ක යේ බලනවා බොහොම පිං
Kushen
meke 2 ekath thiyanawa.ekatath sub dennako saho.meka patta film eka mama dekama balala thynawa.thnx hode :)
Sisira Hegoda
බොහෝම ස්තූතියි
#ChalinduDeshan (කිනා)
යකඩෝ, මෙන්න පිලුම්නම් පිලුම් ඈ.
සියපාරක් විතර බලලා ඇති.
මතකේ හැටියට නෙමෙයි සිරාවටම දෙවෙනි චිත්‍රපටියත් තියෙනවා.
ඉක්මනටම දියං වස්තුවේ ඒකත්.
ජයවේවා!දසුන් සුචරිත
බාමි
නලින්
ස්තුතියි සමිර සහෝ
මෙක නියම කොමඩියක් වගේ !
ජය වේවා!
හශාන්
සුපිරි බං මේක....මට ටයිට්ල් එක දැක්ක ගමං ම හිනා ගිය :D
sameera
The Time Machine (2002; meka dennako
“චූටී මල්ලි”
තෑන්ක්ස් සහෝ
සබට තුති
ඔබට ජය.......darshana kalum
thanks
darshana kalum
thawa honda comedy films tikak denna puluwanda
HimEshCrEeD
කාලෙකින් ෆස්ට
කොමඩියක් වගේ
බොහොම පින් සබට
දිගටම සබ් දෙන්න
ශක්තිය ලැබේවා!!!!!! <3යශෝධ
අප්පේ මචන් සුපිරි වැඩක් ආ... මාත් බලපු පට්ටම ඉල ඇදෙනකන් හිනා වෙන්න පුළුවන් ෆිලුමක් තමයි මේ.... ෆිලුම තියෙනවා. සබ ගන්නවා එහෙනම්.. අනිවා මේකේ දෙවෙනි එකටත් ඕනේ මචන් සබ් එක.. ඒකත් පට්ටම තමයි.. ජයම වේවා එහෙනම්.. එලස්ස්ස. බොහෝම ස්තූතියි උපසිරසට.....
indika
thanks
Kulanjana Maduranga
meka nm pattai ahhhhhhhhhh.....subata thanks SAMEERA saho.digatama sub demu.jaya wewa...........
දිල්ෂාන් කාලිංග (ඩිලා)
නියමයි සහෝ,,,
බලමුකෝ එහෙනම් හිනා වෙලා.
:-)Jack
ස්තුතියි සහෝ.
මේක පට්ට කොමඩියක්.sameera
thanks guys
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :D ජය
ඩොක් අයියා
ස්තුති මල්ලි
ඔන්න මමත් බා ගත්තාthenuka
that’s my boy ekata sub denna
DDSameera
Thanks !!!! My Guys !!!!!...for your cheering ..!!!!!
harsha
ඔන්න මමත් බාගත්තා ස්තූතියි
Priyankara
Thanks machan.
රවිඳු නිපුන්
නියම්යි සහෝ...
මේ ෆිල්ම් එක කලින් බලලා තියනවා.
පට්ටම කොමඩියක්..
ආයෙත් බලතහැකි සබ් එක්කම...
තැන්කූ වේවා උපසිරසියට!!!jemaa
good work bro,keep it up.old films are best.we are waiting for the second part...he heeeeee.
Nelum Nethanjana
thank u.thank u....
sajee dg
ane saho puluvannam comedy tv series 1k patan gannako..
amila
thax
දිමුතු තරංග ඉලුක්කුඹුර
මෙන්න නියම පහරක්, එල එල, ජයවේවා.
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thushara Herath
ROSWELL DAN NEDDA
supun
සුපිරියි මචං... තෑන්ක්ස්....
hasith
නියමයි
murad
THANKS BRO
Dulanga
thanks
Amil Perera
Machn thnx... ubla me krna wade gananm kiyla wadk na...
RBCS
එළ වැඩක් ඉස්සරහටත් තවත් සබ් දාන්න සුභ පැතුම්
R.S. samantha
thanks macho.. onna mamath sub eka bawa.. thank you very much...!!!
Viraj Heshan
Ela.......................
Nadith Madusanka
Thanz machan
pubudu Dilranga(ඇම්ඩා)
suppaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa ,mcn....................
සුපුන් මධුසංක
Thanks saho,,,,,
Supun Madhusanka (Bunny)
Thanks saho.....
වරුණ නිරෝෂණ
කොමඩියක් නම් ඉතින් නොබලා කොහොමද? ස්තුතියි මචං උපසිරැසියට
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

PATTA FILM EKA THANKS BRO