Watch Trailer

Mr. Holmes (2015) with Sinhala Subtitle |හෝම්ස් මහතා! [සිංහල උපසිරැසි සමඟ]

අංක 221 B බේකර් වීදිය. ලිපිනය අහපු සැනින්ම මතක්වෙන්නෙ සාමාන්‍යයෙන් විසඳීමට නොහැකි ගැටළු අතිසාර්ථකත්ව විසඳූ පුද්ගලික රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස්ව. ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් විසින් නිර්මාණය කළ ෂර්ලොක් හෝම්ස් චරිතය වටා නිර්මාණ සෑහෙන ප්‍රමාණයක් බිහිවෙලා තියෙනව. ඒ අතරින් මෑතකදි බිහිවුනු නිර්මාණයක් විදි…

Mr. Holmes (2015)

අංක 221 B බේකර් වීදිය. ලිපිනය අහපු සැනින්ම මතක්වෙන්නෙ සාමාන්‍යයෙන් විසඳීමට නොහැකි ගැටළු අතිසාර්ථකත්ව විසඳූ පුද්ගලික රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස්ව. ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් විසින් නිර්මාණය කළ ෂර්ලොක් හෝම්ස් චරිතය වටා නිර්මාණ සෑහෙන ප්‍රමාණයක් බිහිවෙලා තියෙනව. ඒ අතරින් මෑතකදි බිහිවුනු නිර්මාණයක් විදිහට Sherlock (2010) මාලානාටකය බොහොම ජනප්‍රියත්වයට පත්වුනා. ඒ මාලානාටකය ෂර්ලොක් හෝම්ස් පැරණි කතා ඇසුරෙන් නව ලෝකයට ගැලපෙන ආකාරයට නිර්මාණය වුන කතාවක්. Mr. Holmes චිත්‍රපටයත් ඒ වගේ කතාවක්.

මේ චිත්‍රපටය ගලාගෙන යන්නෙ සුප්‍රසිද්ධ රහස් පරීක්ෂකයාගෙ ජීවිතයේ අවසාන කාලය ගැන. Imdb 7.3 ක හොඳ අගයක් ලබාගත්ත මේ චිත්‍රපටය විචාරකයන්ගේද ධනාත්මක ප්‍රතිචාර ලබාගන්නට සමත්වෙලා තියෙනව. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ Bill Condon විසින්.

Bill Condon –

මෙහි ප්‍රධාන චරිතය, එනම් හෝම්ස්ගේ චරිතයට පණපොවන්නේ Ian McKellen විසින්

Ian McKellen –

මේ චිත්‍රපටයේ කතාව ගලාගෙන යන්නෙ හෝම්ස්ගේ ජීවිතයේ අවසාන කාලය ගැන. (ලිපිය අවසානයේ බාහිර තොරතුරු පොඩ්ඩක් සඳහන් කරන්නම්) හෝම්ස්ගේ අවසාන සමයේ බලාපොරොත්තුව වෙලා තියෙන්නෙ ජෝන් වොට්සන්ගේ රාජකාරිය, එනම් කතාවක් ලියලා සම්පූර්ණ කරන්න. ගොඩක් ආසාවෙන් බලන්න පුළුවන් චිත්‍රපටයක්. රංගනයත් ඉතාමත් විශිෂ්ඨයි. චිත්‍රපටය බලන්න කියල ඉල්ලන ගමන් මම සමුගන්නම්. සමුගන්න අතරෙ චිත්‍රපටය බලන හෝ නොබලන අයට ෂර්ලොක් හෝම්ස් චරිතය ගැන යමක් කියල යන්නම්.

ෂර්ලොක් හෝම්ස්.

1986 මාර්තු මාසයේ මුලින්ම ෂර්ලොක් හෝම්ස් චරිතය ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් විසින් A Study in Scarlet (ලෝහිත පරීක්ෂණය) ලෙස නම්කෙරුණු කතාවට රහස් පරීක්ෂකයෙකු ලෙස ඉදිරිපත්කලා. නමුත් මේ කතාව ප්‍රසිද්ධ කිරීමයත් කොනන් ඩොයිල්ට විශාල පරිශ්‍රමයක් දරන්නට වුනා. කෙසේ හෝ 1890 දී ආරම්භ වුන “The Strand” සඟරාවේ කතෲ තම සඟරාවට ෂර්ලොක් හෝම්ස් කතා ලිවීමට කොනන් ඩොයිල්ට ආරාධනා කලා. මෙයින් අතිශය ප්‍රසිද්ධියට පත්වුන ෂර්ලොක් හෝම්ස් චරිතය නිසා කොනන් ඩොයිල්ට තම වෘත්තියද අතහැරදාන්න වුනා. මෙසේ ආතර් කොනන් ඩොයිල් විසින් රචනාකල ෂර්ලොක් හෝම්ස් කතා ගණන 60කි. මෙයින් කතා හතරක් දීර්ඝ කතා වේ.

* A Study in Scarlet (1987)
* The Sign of Four (1890)
* The Hound of the Baskervilles (1901-1902)
* The Vally of Fear (1914-1915)

මීට අමතරව කෙටි කතා 56කි. එම කෙටි කතා 56 කොටස් 6ක් යටතේ වර්ගකර ඇත.

* The Adventures of Sherlock Holmes (1891-1892)
* The Memories of Sherlock Holmes (1892-1893)
* The Return of Sherlock Holmes (1903-1904)
* His last Bow (1917)
* Reminiscences of Sherlock Holmes (1908-1913)
* The Case-Book of Sherlock Holmes (1921-1927)

ෂර්ලොක් හෝම්ස්ගේ වාර්තාකරු දොස්තර වොට්සන් ය. දොස්තර වොට්සන් ඉන්දියාවේ සේවය කර ලන්ඩනයට පැමිණිවිට ෂර්ලොක්ව හමුවේ. ෂර්ලොක් හෝම්ස්ට එක් සහෝදරයෙක් සිටී. ඔහු මයික්‍රොසොෆ්ට් හෝම්ස් ය. මයික්‍රොසොෆ්ට් හෝම්ස් ෂර්ලොක් හෝම්ස් වගේම නිරීක්ෂණ මගින් නිගමනයට එළඹීමට දක්ෂ වුනත් තරමක් මිනිසුන් අතරට යොමු නොවන පුද්ගලයෙකි. ෂර්ලොක් හෝම්ස්ගේ ප්‍රධාන හතුරා මහාචාර්ය මොරියාටි ය. මහාචාර්ය මොරියාටි ෂර්ලොක් සමඟ ඇතිකරගන්නා ගැටළුවලින් බොහෝවිට කිසිවෙකුට ජය නොලැබේ. ෂර්ලොක් හෝම්ස්ට මහාචාර්ය මොරියාටි හමුවන්නේ දෙවතාවක් පමණයි. (මගෙ මතකයේ විදිහට) ඒ එක්තරා අවස්ථාවක් මොරියාටිගේ අවසානය ලියවෙන මොහොතක් වෙයි. රහස් පරීක්ෂණ ක්ෂේත්‍රයෙන් සමුගන්නා ෂර්ලොක් හෝම්ස් සසෙක්ස් ප්‍රාන්තයට වී මීමැස්සන් ඇතිකරයි. මෙහිදී හෝම්ස් තමා විසින්ම කතා දෙකක් ඉදිරිපත් කරයි. කෙසේවුවත් එම ෂර්ලොක් හෝම්ස් යොදාගෙන අදටත් නව නිර්මාණ බිහිවෙමින් පවතී!

Limitless (2015– ) on IMDb

 

 

750 MB (720p.WEB) කොපිය මෙතනින් බාගන්න

59225D5CD4CAF586999AF4DB0E55282DAAD03B33 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

5,967 downloadsDownload Mr.Holmes.2015.zip47 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රවිඳු තේනබදු

Subtitles

5,967 downloadsDownload Subtitles47 KB

54 comments

  1. විමා

    සබට බොහොම ස්තුතියි රවිඳු
    මෙන්න බලන්න ගන්නවා
    ජය

  2. කළිදු වසුක

    සබට ස්තුතියි සහෝ
    ඔන්න බාගන්නවා

  3. Hiccup

    Thank You Macho for the film and sub……….
    But Sherlock Holmes brother's name is Mycroft (මයික්‍රොෆ්ට්) not Mycrosoft (මයික්‍රොසොෆ්ට්) ;)

    1. Shiraj

      was gonna same thing

    2. Ravindu T Thenabadu

      typing mistakes bro. :-D

  4. malsha

    ස්තුති බ්න් ස්තුති

  5. JAY

    Thank You

  6. achi

    ගොඩක් ස්තූති සහෝ!!!
    ජය!!!

  7. rukka

    Attama mama tikak Kalpana karala baluwa he he kiyanna wachana na attatama watinawa hode sub denawa vitharak neme apitagodak dewal walata danuma Dena ekata apage pranamaya. Jayen jayama wewa sub dimata Wadi wadiyen films labewaa

  8. Ama

    ගොඩක් ස්තුතියි...

  9. Inoka Perera

    tax

  10. yasiru

    ස්තූති සහෝ

  11. Jack

    නියමයි සහෝ...
    අනිවා බෑමක් තමයි.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය..

  12. Thisal Lakpura

    අනිවා බෑමක් තමයි.
    බොහෝම ස්තුතියි සබ් එකට.

  13. prabhath

    thanks

  14. F@ko

    Ko F@ko the walking dead s6 eke sub eka mona F@kayada baara gaththe ?

  15. Shehan Madhusanka

    thanks for sub

  16. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  17. හිරාන් ශාරංග

    ගොඩක් ස්තුතියි සහෝ.. මං ෂර්ලොක් හොල්ම්ස් කතා වලට ගොඩක් ආසයි..

  18. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Tharindu Athukorala

    ඔන්න බැවා එහෙනම් එල කිරි...:D

  20. Hiru Pancha

    Sub Eka Karata Thankx... Eth Man mewwa Balanne Ne... English , Hindi Balanne Kalathurakin Thama... telugu and tamil Onama Ekak balanaw...

  21. Kulanjana Maduranga

    patta ahhhh...menna bawa....thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  22. Dhanushka

    Thanks!!!!!!!!!!!!!!!!!!!

  23. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    බෑමක් තමා!
    ජය!!!!!

  24. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  25. podda (pitiwella)

    thankui wewa !

    kochchara baluwath epa en nathi sinama kruthiyak onaaaaaaaaaaaa

    jaya wewa !!!

  26. නිරෝෂ්

    ස්තුතියි රවිඳු. ජය වේවා !

  27. Keshan Wasala

    අනිවා මේක බලනවා සහෝ..
    බොහොම ස්තුතියි ! :)
    ජය වේවා !!

  28. අබා

    ස්තුතියි සහෝ...බලන්නම හිටිය බයිස්කොපයක්...ජයෙන් ජය...!!!!

  29. Chami

    Thanks saho...... Good luck......

  30. නලින්

    ස්තුතියි! රවිදුවා, සිංහල උපසිරැසියට. හොද කොපියක් ආපු සැනින් බලන්න ගන්න ඕනේ,

    ජය වේවා!

  31. Piya DE Silva

    ela wade.....

  32. Global

    ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!

  33. Dimuthu

    Thank you!

  34. නිෂූ

    එළකිරි ! කාලෙකින් ආසහිතෙන විදියේ එකක්. ජයවේවා !

  35. Chami

    Thanks

  36. Naween

    එල මචන් .සබ් එකට බොහොම තැන්ක්ස් !!!

  37. Manoj Mihiranga Thewaraperuma

    Best film after long time I watched thanks a lot

  38. Gayashan

    Brrip awith update karanna.. plz... thanks for subtitle.

  39. wele

    thanks machan, mamath banawa.... kalekin film ekak balanne

  40. Nirosh

    Link 1 n download karana akanam lesi ne broooo.. monawa unath sub 1ta thanks...

  41. Lakshan

    Bro,

    Subtitle is not working properly. it runs 30 seconds delayed.

  42. nirosh

    download kare mara game 1k dila,,, ath awlak ne... sub 1ta thanks,,,,,

  43. Nadun

    සබට thx... ඔන්න බලන්න ගන්නවෝ......

  44. R.S. Samantha

    thank you macho..
    patta filumak wage.
    onna mamath gaththa.
    ela ela.

  45. VENUKA

    THANX MACHO

  46. Manjula Kumara

    ගොඩක් ස්තූතියි උපසිරැසියට… :-)

  47. Buddila Nilaksha

    ela tnx

  48. Thusithatpka

    Thanks bro

  49. Kalanaa

    Machanla sub eka br walatath update karamuda...

  50. විශ්ව ජයසංඛ

    මම ආසම කරන චරිතයක්.
    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ

Load more comments