මුත්තු! ආදරණීය නමක්. මුත්තු සාමාන්‍ය සේවකයෙක්. සේවකයින් පිරිසක් සමඟින් ඔහු ජමින්දාර් වරයෙකුගේ නිවසේ සේවය කරනවා. අම්මා තාත්තා වගේ මුත්තුව බලාගත්ත ගෙදර නෝනාටත්, ජමින්දාර්ටත් මුත්තු තමන්ගේ පණටත් වඩා ගොඩක් ආදරෙයි. ඒ වගේම කාගේවත් හිත රිදවන්න බැරි ලාමක හිතක් මුත්තුට තිබුණා. ජමින්දාර් ගමන් බිමන් යන්නේ මුත…
මුත්තු! ආදරණීය නමක්. මුත්තු සාමාන්‍ය සේවකයෙක්. සේවකයින් පිරිසක් සමඟින් ඔහු ජමින්දාර් වරයෙකුගේ නිවසේ සේවය කරනවා. අම්මා තාත්තා වගේ මුත්තුව බලාගත්ත ගෙදර නෝනාටත්, ජමින්දාර්ටත් මුත්තු තමන්ගේ පණටත් වඩා ගොඩක් ආදරෙයි. ඒ වගේම කාගේවත් හිත රිදවන්න බැරි ලාමක හිතක් මුත්තුට තිබුණා. ජමින්දාර් ගමන් බිමන් යන්නේ මුත්තු එක්කමයි. මුත්තු කවදත් ජමින්දාර් ලඟමයි. ජමින්දාර් නාට්‍ය බලන්න ගොඩක් කැමතියි. ඒ නිසාම ගමක් ගමක් ගානේ නාට්‍ය බලන්න යනවා. මුත්තු නාට්‍යවලට කැමැත්තක් දක්වන්නෙ නැහැ. නාට්‍යයක් බලන්න ගමකට ගිය වෙලාවේ මුත්තු හා නාට්‍යයේ රංගන ශිල්පිනිය අතර රණ්ඩුවක් ඇති වුණා. ජමින්දාර්ගෙ හිතේ නම් නිළිය ගැන ආදරයක් ඇති වුණා.
එක් දිනක් නිළියට අකරතැබ්බයකට මුහුණ දෙන්න සිදු වුණා. ජමින්දාර් මුත්තුට නියෝග කලා නිළියව ආරක්ෂිත ස්ථානයකට අරගෙන යන්න කියලා. කරදරයකට වැටිලා ඉද්දිත් දෙන්නගෙ රණ්ඩුව නිමක් වුණේ නම් නැහැ. කොහොමින් හරි දෙන්නා රට වටේ ගිහින් නොදන්න පළාතකට ආවා. මේ ගමේ භාෂාවත් වෙනස් එකක්. ආයේ ගෙදර එන්නත් පාර දන්නෙ නැහැ. අතරමං වෙලා හිටියේ…
1995 වර්ෂයේ ඔක්තෝබර් මස 23 වන දිනෙන් ඇරඹී දින 175ක් නොනැවතී ධාවනය වූ මෙම චිත්‍රපටය 1998 වර්ෂයේදි ජපන් බසින් හඬකවා ජපානයේද අති උත්කර්ෂවත් අයුරින් තිරගත වුණා. Nattamai (1994), Padayappa (1999), Thenali (2000), Villain (2002), Varlaru (2006), Dasavatharam (2008), Adhavan (2009), Linga (2014) වැනි අන් දැවැන්ත නිර්මාණ සිනමාවට දායාද කළ කේ. එස්. රවිකුමාර් විසින් මෙය අධ්‍යක්ෂණය කරනු ලැබුවා.
මම කොයි වෙලාවෙ එනවද, කොහොම එනවද කවුරුත්ම දන්නෙ නැහැ. හැබැයි එන්න ඕනේ වෙලාවට අනිවාර්යයෙන්ම එනවා.
මුත්තු චිත්‍රපටයේ මේ දෙබස රජිණිගෙ රසිකයෙක් නම් මේ දෙබස අනිවාර්යයෙන් කට පාඩමින් කියන්න දන්නවා. මේ දෙබස හුදෙක් චිත්‍රපටයකටම වෙන් වුණු එකක් නෙවෙයි. රජිණිගේ ජීවිතයත් අර්ථකථනය වන දෙබසක්. Annamalai (1992) චිත්‍රපටයෙන් “මම කියපු දේවලුත් කරනවා. නොකියපු දේවලුත් කරනවා.” දෙබස මහත් ජනාදරයට පාත්‍ර වුණා. අන්නාමලයි හි වඩාත් සුවිශේෂීත්වය වන්නේ මුල් වරට රජිණිට ඉදිරිපත් කළ “SUPER STAR” ග්‍රැෆික් ටයිටල් කාර්ඩ් පතයි. මුත්තු හිද කිසි අඩු පාඩුවක් නැතිව ටයිටල් කාර්ඩ් එකත් එහෙමම ගෙනාවා. පුරා අවුරුදු 28ට පස්සෙ තවමත් ඒ ටයිටල් කාර්ඩ් එකට, BGM එකටත් එක්කම මිනිස්සු ආදරෙයි.
තිලානා තිලානා… , විඩු කතෛයා…, ගුලුවාලිලේ…, 90 දශකයේ මේ සින්දු අහපු නැති අය සීමිතයි. ඒ. ආර්. රහ්මන් සංගීතය ලබා දුන් ජනප්‍රියතම සංගීත ඇල්බම් අතර මුත්තු ඇල්බමයද එකකි. තිලානා තිලානා ගීතය ඉමහත් ප්‍රසිද්ධියට පත් වුණා. එය පසුව විවිධ භාෂාවලට හැඩගැන්වූවා. මෙහි ‘විඩු කතෛයා’ චක්‍ර වකම් රාගය අනුව නිර්මාණය කරන ලද්දක්. ජපානයේ තිරගත වීමෙන් ඉමහත් කීර්තියක් රහ්මන්ට හට අත් වුණා. තිලානා තිලානා ගීයට මීනා ඉදිරිපත් කරන Belly dance නර්තනය වඩාත් ප්‍රේක්ෂක ආකර්ෂණයට ලක් වුණා. ආරම්භයේ ඉඳන්ම ගොඩක් ලස්සනට ගෙතී ගෙන යන කතාව ආදරය, හාසය පුරවාලමින් විටෙක කඳුලක් දෙනවා. ජීවිතයට ආදර්ශමත් කතාවක්, රසවත් කතාවක්. ඉතිරිය බලන්න කියලා ආරාධනා කරනවා. කලින් සබ් වලට සුභ පැතුම් එක් කරපු හැම කෙනෙක්ටම ස්තූතියි! හැමෝටම බුදු සරණයි!
“දෙබස් නම් ඕනේ නළුවෙක් ගැම්මට හැඩට කියයි. ඒත් ඒක රජිණි කියද්දි එන ගැම්ම වෙන කාටවත් දෙන්න බැහැ. ගන්නත් බැහැ.” (උපුටා ගැනීමක්)

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.
1,915 downloadsDownload Muthu-1995.zip68 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු නවින්
Subtitles
11 comments
Bandara76
Shehan Madhusanka
තැන්ක්ස් බ්‍රෝ.පුලුවන්නම් රැජිනිගේ තව පරණ ඒවට සබ් දෙන්න
tharidu16
රැජිනි නම් මාර ලකී මනුස්සයෙක්. දෙමළ සිනමාවේ කළු සුදු ඉදන් දැන් ත්‍රීඩී යුගය වෙනකල් තවත් රගපානවා. ඒ විතරක් ද බෑනා. බෑනා කවද හරි රැජිනිව පරද්දලා තමයි යන්නේ... රගපෑමෙන් විතරක් නෙවෙයි ගායනයෙනුත්. දෙන්නාගේම තියෙන එකම ලක්ෂණය තමයි නළුවො වෙන්න කිසිදු සුදුසුකමක් නැති එක. ඒ කියන්නේ කිසිම නළු පෙනුමක් නෑනේ. නමුත් රගපෑම අතිවිශිෂ්ටයි.
Praneeth
SuSubtitles එක වෙලාවට තත්පර ගානක් කලින් play වෙනවා..තව වෙලාවක පොඩ්ඩක් පරක්කු වෙලා play වෙනවා.ඒක හදලා දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනවා..
Chinthana kulathunga
mahansi wela sub hadala denawata godak sthuthi..!!!
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :)
පුළුවන් නම් Kalaba Kadhalan එකටයි Kadhal Solla Vandhen එකටයි සබ දෙනවදKantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lalani Maduwanthi
Sivaji movie eka dennako,,,,thank you
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

90 දශකයේ දමිල සිනමාව හොල්ලපු චිත්‍රපටියක්..කතාවත් ලස්සනයි. මේකෙ සිංදු වල සංගීතය ලංකාවෙ ගොඩක් චිත්‍රපටි වෙළද දැන්වීම් සදහා යොදා ගෙන තියෙනව. රජිනි කාන්ත් ගෙ මම බලපු ලස්සනම සිනමා පටයක්. හැම සිංදුවක්ම ලස්සනයි.සංගීතය නම සුපිරි. මේක තොරගත්තට ගොඩක් ස්තූතියි රවිදු