Watch Trailer

Ispade Rajavum Idhaya Raniyum (2019) Sinhala Subtitles | ඇය වෙනුවෙන්…. [සිංහල උපසිරසි සමඟ]

2019 වසරේ නිකුත් වුන තවත් ලස්සනම ලස්සන ආදර කතාවක් තමයි මේ ගේන්නේ. ගොඩක් අය ආදරෙන් වැලඳගත්ත වගේම දෙමල චිත්‍රපට රසිකයෙක් වදියට මග නොහැරම බලන්න ඕන එකක්. Drama/Thriller කැටගරියට වැටෙන මේ සිනමාපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Puriyatha Puthir (2017) චිත්‍රපටය අධ්‍යක්ෂනය කරපු Ranjit Jeyakodi විසින්. මේ ඔහුගෙ…

2019 වසරේ නිකුත් වුන තවත් ලස්සනම ලස්සන ආදර කතාවක් තමයි මේ ගේන්නේ. ගොඩක් අය ආදරෙන් වැලඳගත්ත වගේම දෙමල චිත්‍රපට රසිකයෙක් වදියට මග නොහැරම බලන්න ඕන එකක්. Drama/Thriller කැටගරියට වැටෙන මේ සිනමාපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Puriyatha Puthir (2017) චිත්‍රපටය අධ්‍යක්ෂනය කරපු Ranjit Jeyakodi විසින්. මේ ඔහුගෙ දෙවන අධ්‍යක්ෂනය. මේ ආදර කතාවට IMDB 6.5 ක් වගේම ගූගල් රේටින් වලින් 91%ක් ලැබිලා තියෙනවා. ආදරවන්තයෝ හම්බවෙන එක එක විදි තියෙනව‍ා. ගොඩක් චිත්‍රපට වල ආදරවන්තයෝ නිකන්ම මූණ දැකලා දෙන්නට දෙන්නා ආදරේ කරන්න පටන් ගන්නවා. හැබැයි මේකේ එහෙම නෙවෙයි. වෙනස්ම ආසා හිතෙන විදියක්. බලලම ඉන්න. පැය දෙකහමාරක් යනවා දැනෙන එකක් නෑ. කතාවේ ප්‍රධාන නලුවා ගෞතම් විදියට ඉන්නේ නැගී එන නලුවෙක් වෙන Harish Kalyan. නිලිය තාරා විදියට ඉන්නේ Shilpa Manjunath. දෙදෙනාම චිත්‍රපට කීපයක මීට කලින් ඉඳලා තියෙනව‍ා. ඉතාමත් ලස්සනට ප්‍රේක්ෂකයාව තදින්ම බැඳි ඉන්න තරමට තාත්වික රංගනයක් දෙදෙනාගෙන්ම බලන්න පුලුවන්.

ගෞතම් සහ තාරා හම්බවෙන්නේ පාටියකින්. සාමාන්‍ය විදියට නෙවෙයි. දෙන්නගෙ වලියකින්. තාරා බඳින්න ඉන්න කෙනත් එක්ක ගෞතම් ගහන්නවා. ඒකේ ප්‍රතිපලයක් විදියට මේ අය මහ පාරේ මහ රෑ තනි වෙනවා. කිව්වට තේරෙන්නෙ නෑ අරගෙනම බලන්න වෙනවා. කොහොම හරි නයි වෛරෙන් මේ දෙන්නා ඉන්නේ. පස්සේ ටික ටික ඒ වෛරය ආදරයක් බවට පත් වෙනවා. දෙන්නා ආදරය කරනවා. හැබැයි දෙන්නට දෙන්නා හරියට තේරුම් අරන් නෑ. ප්‍රශ්න. මේ විදියට ගොඩක් ලස්සනට කතාව යනවා. ගෞතම් කියන්නේ ඉක්මණට තරහ ගන්න හැම වෙලේම රණ්ඩුවට යන කෙනෙක්. හැබැයි තාරා එහෙම නෑ. හැම‍ෙ වෙලේම ගෞතම්ව සන්සුන් කරන්න තමයි බලන්නේ. මේකේ ලස්සන සිංදු ටිකක් තියෙනවා. හැබැයි කට්ටිය වට වෙලා නටන ඒවා නෙවෙයි. බලන් ඉන්න පුලුවන් ලස්සන සිංදු. ඒ වගේම අවසානයත් ටිකක් දුක්බර එකක් වෙයි. හැබැයි ආයෙ හරි යයි. ආදරේ ගැන ලියවුනු තවත් එක් ලස්සන වෙනස් කතාවක් බලන්න ආරාධනා කරනවා. ඊලඟට විජේ සේතුපතියගෙ Sangathamizhan එක්ක හමුවෙමු. ඒකත් පුලුවන් ඉක්මණට ගේන්නම්.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය Proper HD පිටපත සඳහා අදාළ වේ.

18,272 downloadsDownload Ispade-Rajavum-Idhaya-Raniyum-2019.zip125 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංග ප්‍රසන්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

18,272 downloadsDownload Subtitles125 KB

18 comments

  1. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    1. Achi

      තැන්ක්ස් බොක්ක..ආදරේයි..සෙදුපතිගේ එක දෙනකම් බලන් ඉන්නවා ආදරේයි

    2. isuru srinath sjs

      බොහොම ස්තුතියි මචෝ..

  2. Deshani

    thank you

  3. gihan perera

    ස්තුතියි සහෝ.....මම මේක බැලුවා....පට්ට ලස්සන කතාවක් තියෙන්නෙ....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා.....

    1. Sha

  4. kushan.nishshanka

    film ake torrent link akak dannko

    1. Ranga Prasanna

      baiscopedownloads eken ganna lesiyenma ganna puluwan

  5. Shaggie

    Thnks mchn

  6. D.Chamara

    bohoma sthuthi sahooo

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. melinda

    thanks

  9. Kanchaka

    Thanks bro

    1. Dasun

      thanks bn

  10. Dasun

    thanks bn

  11. hasith kalshan

    Tnxxx ranga aiyya

  12. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  13. Anonymous

    Thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.