ඉතින් සතියකට විතර පස්සෙ හින්දි මූවි එකක් අරගෙන ආව, හින්දි මූවි වලට ගොඩක් අය ආසයි, ඊටත් වඩා අක්ෂේ කුමාර්ගෙ කොමඩි මූවි එකක් කියන්නෙ අමතක කරන්න බෑනෙ, එහෙනම් මෙන්න ඔයාල බලපු එයාගෙ තවත් ලස්සන මූවි එකක්, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 2006 වසරේ දෙසැම්බර් මාසෙ 22, IMDB 6.3 ක ඉහළ අගයකුත් අරගෙන තියෙනව, ෆිල්…

ඉතින් සතියකට විතර පස්සෙ හින්දි මූවි එකක් අරගෙන ආව, හින්දි මූවි වලට ගොඩක් අය ආසයි, ඊටත් වඩා අක්ෂේ කුමාර්ගෙ කොමඩි මූවි එකක් කියන්නෙ අමතක කරන්න බෑනෙ, එහෙනම් මෙන්න ඔයාල බලපු එයාගෙ තවත් ලස්සන මූවි එකක්, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 2006 වසරේ දෙසැම්බර් මාසෙ 22, IMDB 6.3 ක ඉහළ අගයකුත් අරගෙන තියෙනව, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Priyadarshan කියල කෙනෙක්, ඒ වගේම මේ ෆිල්ම් එකේ ඔයාල ආස චරිත දෙකක් රඟ දක්වනව, Akshay Kumar, Govinda, මේ දෙන්න ගැන නං නොදන්න කෙනෙක් ඉන්න විදිහක් නෑනෙ, මේ ෆිල්ම් එකට සිංහල උපසිරැසි ගන්වන්න ටිකක් අමාරු වුනා, ඒ නිසා අවුලක් වගේ තිබුනොත් සමාව ඉල්ලනව, ෆිල්ම් එකේ පුංචි විස්තරයක් කියන්න ඕනෙ කියල හිතුන…
මේ විදිහට විස්තර කරන්නම්, ගිල්ම් එකේ හැටියට අක්ෂේට කියන්නෙ බන්ටි කියල, ගෝවින්දට කියන්නෙ බාබ්ලා කියල, මෙයාල දෙන්නම වැඩ කරන්නෙ නාට්ටි කණ්ඩායමක, ඉතින් මෙයාල දෙන්න නාට්ටි කණ්ඩායමේ වැඩ කරගෙන ඉන්නකොට, එයාලට හදිස්සියෙන්ම ආරාධනාවක් ලැබෙනව ලංඩන් යන්න, නමුත් එයාලගෙ නාට්ටි කණ්ඩායමේ හිටිය නිළියට බැරි වෙනව මේ ලංඩන් සංචාරයට සම්බන්ධ වෙන්න, කොහොම හරි මේ කණ්ඩායම ලංඩන් වලට ගියාට, එයාලට නිළියකගෙ අඩු පාඩුවක් ඇති වෙනව, මේ නාට්ටි කණ්ඩායමේ අධ්‍යක්ෂතුමා නිළියක්ව හොයාගෙන එන්න බාර දෙන්නෙ, මේ බන්ටි ට සහ බාබ්ලා ට, ඊට පස්සෙ මේ දෙන්න තනියම යනව නිළියක් හොයාගෙන එන්න, මේ දෙන්න හිතන්නෙවත් නැති විදිහට, ලංඩන් නගරය තුළ ගොඩක් කරදර වලට පැටලෙනව, අපි බලමු එයාල කොහොමද ඒ කරදර මග හරින්නෙ කියල…
Due to copyright issues, we do not provide any torrent links.
Bhagam Bhag 2006 720p BRRip CharmeLeon Silver RG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
5,455 downloadsDownload Bhagam-Bhag-2006.zip88 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනූෂ රුක්ෂාන්
Subtitles
13 comments
Mayura
Obama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Visal perera
thank you apith ekka share karagatthata
අසිත
අක්ෂේ කුමාර්ගෙ කොමඩි මූවි එකක් කියන්නෙ...
elama saho thanksEranda Malith 2.0
Thanks mcn
Anonymous
Thank you bn
Prabodha Jayakody
Thanks...
Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි ....... Rukshan
Eranga
28 Min Idala 40 mins withara yanakam subtitles Nene?
maduka lakshan
sub eka weda karanne nene
Ravindu Heshan - Admin
Dan Wada
Advertisement

මේක නම් පට්ටම ෆිල්ම් එක. බලලා නැති අය අනිවා බලන්න. අඬ අඬ හිනා උනේ මේකට. අක්ෂය+ගෝවින්ද+පරේෂ් කියන්නේ සිනා සාගරයයි. කොමඩි විතරක් නෙමේ ෆුල් මාවලස් අබිරහසකුත් මේකේ තියෙනවා. මං නම් හිතුවේ නෑ මේකට සබ දෙයි කියලා. ගොඩක්ම ස්තූති වේවා කොල්ලෝ. ජය වේවා!!