Watch Trailer

Naked Singularity (2021) Sinhala Subtitles | හොරුන්ගෙත් හොරු [සිංහල උපසිරසි] 18+

කැසී කියන්නෙ සමාජ ආරක්ෂකයෙක්. ඒ කියන්නෙ මෙහෙමයි. දැන් ඔය වැරදි වලට අහු වෙන වෙන අයට උසාවියේ නඩු අහනවනේ. එතකොට එයාල වෙනුවෙන් පෙනී ඉන්න නීතිඥ මහත්වරු ඉන්නවනෙ. කැසී කියන්නෙ එහෙම කෙනෙක්. එයා නඩු කතා කරන්නෙ වැරදි කරන අය වෙනුවෙන් විතරයි. ඉතින් මෙයාට හැමවෙලේම ඕනෙ ඒ වැරදි කරන කෙනාව නඩු අහන්න ගෙනල්ල එයා වෙනු…

කැසී කියන්නෙ සමාජ ආරක්ෂකයෙක්. ඒ කියන්නෙ මෙහෙමයි. දැන් ඔය වැරදි වලට අහු වෙන වෙන අයට උසාවියේ නඩු අහනවනේ. එතකොට එයාල වෙනුවෙන් පෙනී ඉන්න නීතිඥ මහත්වරු ඉන්නවනෙ. කැසී කියන්නෙ එහෙම කෙනෙක්. එයා නඩු කතා කරන්නෙ වැරදි කරන අය වෙනුවෙන් විතරයි. ඉතින් මෙයාට හැමවෙලේම ඕනෙ ඒ වැරදි කරන කෙනාව නඩු අහන්න ගෙනල්ල එයා වෙනුවෙන් කතා කරල නඩුව දිනවන්න. ඒත් ඉතින් ඒක ලේසි වෙන්නෙ නෑනෙ. ඉතින් මේ හින්ද මෙයාට ජීවිතෙත් එක්ක එපා වෙලා හැමදේම අත ඇරල දාන්න යද්දි හොඳ පොටක් සෙට් වෙනව. මෙයාගෙ යාළුවෙක්, ඒ කියන්නෙ ලියා කුඩු කේස් එකකට අහු වෙලා ඒ නඩුව කතා කරන්න මෙයාට සෙට් වෙනව. එතකොට කැසී දැනගන්නව මේකෙ සුල මුල අනුව මිලියන ගානක කුඩු ගනුදෙනුවක් වෙන්න යනව කියල. ඊට පස්සෙ වෙන දේ ෆිලුම බලලම දැන ගමු නේ?

2021 අගෝස්තු 6 එලියට දැම්ම මේ ෆිලුමට පාදක වෙන්නෙ 2008 යුරෝපයේ ගොඩක්ම ජනප්‍රිය වෙලා තියන Sergio de la Pava කියන නවකතා කරුවාගේ A Naked Singularity කියන පොත. මේකට IMDB අගය සටහන් වෙලා තියෙන්නෙ 4.5ක් විදියට. ඒ උනාට ඊට වඩා අගයක් තියෙන්න ඕන ෆිල්ම් එකක් කියල මං නම් දකින්නේ. ගොඩක් දුරට පොතක් ෆිල්ම් එකකට ගැහුවොත් රේටින්ග්ස් නම් ගොඩක් අඩු වෙනව. අනික මේක වැටෙන කැටගරිය වෙන්නෙ Comedy,Crime,Drama ගණයට. ගොඩක් ඇක්ෂන් එහෙම නම් නෑ හැබැයි සුපිරිම කතාවක් තියෙන්නෙ පුංචි රොබරියකුත් එක්ක. ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නෙ Chase Palmer. ප්‍රධාන නළු චරිතයට star wars චිත්‍රපට මාලාවෙන් වගේම Pacific rim uprising චිත්‍රපටියෙන් ගොඩක් ජනප්‍රිය උන John Boyega විසින් පණ පොවනව වගේම නිලි චරිතයට පණ පොවන්නෙ Ready Player One ෆිලුමෙන් අපි දැක්ක Olivia Kate Cooke.

ඉතින් ෆිලුම ගැන නම් මෙච්චර තමා කියන්න තියෙන්නෙ. හැමෝටම බලන්න කියල ආරාධනා කරනව. මේක කරන්න අවසර දුන්න තිසර සහෝටත් මේ වෙලාවෙ ස්තූති කරනවා. අඩු පාඩු තිබ්බොත් සමාවෙන්න හොඳේ. ඔන්න එහෙනම් අපි ගියා. තව ෆිලුමකින් ආයෙ සෙට් වෙමු. හැමෝම පරිස්සමින් ඉන්නෝ.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

5,925 downloadsDownload Naked.Singularity.2021.zip49 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුජිත් ප්‍රියංකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-05-15
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සුජිත් ප්‍රියංකර

Subtitles

5,925 downloadsDownload Subtitles49 KB

15 comments

  1. Sujith

    සමාවෙන්න ඕනෙ මට මේක කියන්න බැරි උනා මේක 18±ක් කියල නිවරදි වෙන්න ඕනෙ.

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
    සඳහන් කිරීමට කාරුණික වන්න.

  3. DILmin

    Sub ekata thanks!

  4. Anonymous

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  6. Rishantha

    Thanks Brother

  7. Harvey O'brien

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  8. AB

    Thanks brother

  9. Anonymous

    Thanks

  10. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  11. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  12. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Dewadithya

    Thanks for Sub!

  15. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!