Watch Trailer

We Need to Do Something (2021) Sinhala Subtitles | මන්තර මතුරන්නේ බලාගෙනයි [සිංහල උපසිරසි] [18+]

මේ වසරේ තිරගත උන තවත් නවතම චිත්‍රපටයක් තමයි අද අරගෙන ආවේ. 61%ක කුණු තක්කාලි අගයක් ලබාගන්නත්, 4.7ක IMDb අගයක් ලබාගන්නත් සමත් වෙලා තියෙන මේ සිනමා පටය Horror / Psycological Horror යන කාණ්ඩයන්ට තමයි වර්ගීකරණය වෙලා තියෙන්නේ. 2021 සැප්තැම්බර් 03 වන දින VOD ක්‍රමය හරහා ලොව පුරා නිකුත් උන මේ චිත්‍රපටය අධ්‍…

මේ වසරේ තිරගත උන තවත් නවතම චිත්‍රපටයක් තමයි අද අරගෙන ආවේ. 61%ක කුණු තක්කාලි අගයක් ලබාගන්නත්, 4.7ක IMDb අගයක් ලබාගන්නත් සමත් වෙලා තියෙන මේ සිනමා පටය Horror / Psycological Horror යන කාණ්ඩයන්ට තමයි වර්ගීකරණය වෙලා තියෙන්නේ. 2021 සැප්තැම්බර් 03 වන දින VOD ක්‍රමය හරහා ලොව පුරා නිකුත් උන මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය Sean King O’Grady විසින් සිදු කරලා තියෙන අතර Christmas in the Heartland (2017), The Honor List (2018) වැනි චිත්‍රපටවල සහ Supernatural, Jessie වැනි රූපවාහිනී කතාමාලාවල රඟ පෑ Sierra McCormick “මෙලිසා” ලෙසත්, Pat Healy “රොබට්” ලෙසත්, The Hills Have Eyes (2006), Two Lovers (2008) චිත්‍රපටවල රඟ පෑ Vinessa Shaw “ඩියෑන්” ලෙසත් මෙහි ප්‍රධාන චරිත වලට රංගන දායකත්වය ලබාදෙන අතර ඉතා සීමීත නළු නිළියන් පිරිසක් තමයි මේ සිනමාපටයේ දකින්න ලැබෙන්නේ.

අධික වර්ෂාව සහ කුණාටු සහිත රාත්‍රියක මෙලිසා, තමන්ගේ මව, පියා සහ මල්ලි සමඟ තමන්ගේ නිවසේ නානකාමරයේ හිර වෙනවා. කුණාටුව අස්සේ ගසක් කඩන් වැටුන නිසා පිටවෙන්න තියෙන දොරත් අවහිර වෙලා තියෙන්නේ. උදේ වෙනකන් මෙයාලා හිටියත් උදව්වට කිසි කෙනෙක් එන්නේ නෑ. මෙහෙම ඉන්න අතරේ එළියේ අද්භූත යමක් සිදුවෙනවා කියලා මෙයාලට ටික ටික තේරෙනවා. මේ දේවල් වලට මෙලිසා, යාළුවෙක් එක්ක කරපු කරපු අමුතු වැඩකුත් සම්බන්ධයි කියලා මෙලිසාට තේරෙනවා. ඉතිං මෙලිසා මොනවද කලේ ? එයාගේ යාළුවා කවුද ? මොනවද මේ වෙන්නේ ? ඒ ඔක්කොටම පිළිතුරු ඔයාලා බලලම දැනගන්න. විශේශයෙන්ම මේකේ වචන භාවිතය නිසා පවුලේ සැමට බලන්න බෑ. ඒ වගේම මේ සිනමාපටය උපසිරැසි ගැන්වීමට අවසර දුන්න තිසර නියෝ සහෝටත්, හැමතිස්සෙම කොමෙන්ට් කරලා දිරි ගන්වන අයටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. Covid-19 අපේ රටේ වගේම ලෝකෙන්ම තුරන් වෙනකන් හැමෝම පරිස්සමින් ඉන්න. තවත් උපසිරැසියකින් ඉක්මනටම හමුවෙමු. මම දනුවා.

තෙරුවන් සරණයි !!!

https://en.wikipedia.org/wiki/The_Outpost_(2020_film)

 

 

 

Due to copyright issues, we do not provide any torrent link. 

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,793 downloadsDownload We.Need_.to_.Do_.Something.2021.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles

2,793 downloadsDownload Subtitles30 KB

17 comments

  1. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි.

  2. Kushan

    Sub akta thanks

  3. indika75

    thanks..

  4. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ.

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  6. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  7. Pradeep

    Thanks Bro.

    Request...

    Jakob's Wife (2021)

  8. Sanoj Lakchan

    Thanks bro. Vacation friend film eke aub ekath ikmnatama dennako machan

  9. Roshan

    Legends of tomorrow season 06 වලට sub දෙන්න පුළුවන්ද?

  10. Suranjan

    Thanks.....jayawewa....!

  11. Malith Samarawickrama

    Thanks bro sub ekata

  12. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  13. mindika

    Thanks !!!

  14. Harvey O'brien

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Dewadithya

    Thanks for Sub!

  17. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.