ආයූබෝවන් බයිස්කෝප්වාසීනි, ඔන්න එහෙනම් කාලෙකින් අළුත් ෆිල්ම් එකක් අරන් මේ පැත්තට ආවා. විවේකයක් ලැබුන ගමන් ඉතිං මේ පැත්තට නෑවිත් බෑනේ. හොලිවුඩයේ වෙනත් වර්ගයේ චිත්‍රපට අතර ත්‍රිමාණ සජීවිකරණ සලරූ එහෙමත් නැත්තම් ඇනිමේෂන් චිත්‍රපට අතිශය ජනප්‍රිය සිනමා කාණ්ඩයක් විදියට හදුන්වන්න පුළුවන්. මට මතක විදියට මුලි…

ආයූබෝවන් බයිස්කෝප්වාසීනි, ඔන්න එහෙනම් කාලෙකින් අළුත් ෆිල්ම් එකක් අරන් මේ පැත්තට ආවා. විවේකයක් ලැබුන ගමන් ඉතිං මේ පැත්තට නෑවිත් බෑනේ. හොලිවුඩයේ වෙනත් වර්ගයේ චිත්‍රපට අතර ත්‍රිමාණ සජීවිකරණ සලරූ එහෙමත් නැත්තම් ඇනිමේෂන් චිත්‍රපට අතිශය ජනප්‍රිය සිනමා කාණ්ඩයක් විදියට හදුන්වන්න පුළුවන්. මට මතක විදියට මුලින්ම 3D චිත්‍රපට උන්මාදයක් ඇතිවුනේ Toy Story (1995) චිත්‍රපටය නිසයි. අද වෙද්දි ලයිව් ඇක්ෂන් චිත්‍රපට අභිබවා යන්න තරම් මේ ත්‍රිමාණ චිත්‍රපට සමත් වෙලා තියෙනවා. ලොව වැඩිම ආදායම් ලැබූ චිත්‍රපට ලැයිස්තුව බලද්දි ඒ කරුණ ඔප්පු වෙලා තියෙනවා. ඉතිං මමත් අද ගෙනාවේ මේ වසරේ නිකුත් උන තවත් සුපිරි, ලස්සන ඇනිමේෂන් සලරුවක්.
ඈත අතීතයේ මහා සමුද්‍රයේ අති විශාල මුහුදු මෘගයන් වාසය කලා. මේ රාක්ෂයන් නිසා මුහුදේ ගමන් කරන වෙළඳ නෞකාවන් බොහෝමයක් මුහුදුබත් වෙලා රාජ්‍යන් කඩා වැටුනා. ඒ විතරක් නෙමෙයි මේ මෘගයෝ මිනිසුන් ගැවසෙන වෙරළ තීරයන්ටත් පහර දුන්නා. මේ නිසා රාජාණ්ඩුව විසින් මේ රාක්ෂයන් දඩයම් කරන්න කණ්ඩායම් රැස් කරලා දඩයම් කරන මෘගයන් වෙනුවෙන් තෑගි මුදල් ලබාදෙන්න කටයුතු කලා. මේ රාක්ෂයෝ දඩයම් කරන නෞකා අතරින් ශ්‍රේෂ්ඨතම නෞකාව උනේ “ඉනෙවිටබල්” නෞකාවයි. මේ නැවේ කැප්ටන් උනේ කැප්ටන් ක්‍රෝ කියන කීර්තිමත් දඩයක්කරුවෙකුයි. ඔහුගේ සහයක කැප්ටන් උනේ ජේකබ් හොලන්ඩ් කියන දක්ෂ නාවිකයයි. කැප්ටන් ක්‍රෝ සහ ඉනෙවිටබල් නෞකාවේ වික්‍රම ගැන පොත් පවා ලියවිලා තියෙනවා. මෙයිසි කියන්නේ ළමා නිවාසයක ඉන්න අනාථ දැරියක්. මෙයාගේ සිහිනය උනේ කවදාහරි කැප්ටන් ක්‍රෝ එක්ක ඉනෙවිටබල් නැවේ රාක්ෂයෝ දඩයම් කරන්න යන්නයි. ඉතිං දවසක් මෙයිසිට මේ සිහිනය සැබෑ කරගන්න අවස්ථාවක් ලැබෙනවා. ඉතිං මෙයිසිට රාක්ෂයෝ දඩයම් කරන්න පුළුවන් උනාද ? රාක්ෂයෝ කියන තරම්ම දරුණුද ? ඉනෙවිටබල් නෞකාවේ ඉරණම කොහොම වෙයිද කියලා ඔයාලම බලන්නකෝ.
The Sea Beast චිත්‍රපටය 2022 ජූනි 24 සීමීත දර්ශන වාර සඳහා නිකුත් කරලා ලැබූ ධනාත්මක ප්‍රේක්ෂක ප්‍රතිචාර නිසා ජූලි 08 නෙට්ෆ්ලික්ස් ඔස්සේ නිකුත් කෙරුනා. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ Chris Williams විසින්. මේ වෙද්දි IMDb හි 7.1ක ඉතා ඉහළ අගයකුත්, 92%ක ගූගල් මනාප සහ 94% දැවැන්ත කුණු තක්කාලි අගයක් ලබාගන්නත් මේ සිනමාපටය සමත් වෙලා තියෙනවා. Adventure\Comedy කාණ්ඩයන්ට අයත් මෙම සිනමාපටයට හඬ ශිල්පීන් ලෙස Dredd (2012) , Doom (2005) , Pathfinder (2007) සහ The Boys රූපවාහිනි කතාමාලාවෙන් අතිශය ජනප්‍රියත්වයට පත් සුපිරි නළු Karl Urban “ ජේකබ් හොලන්ඩ් ” ලෙසත් Sherlock Holmes (2009) , Morbius (2022) Mr. Deeds (2002) වැනි නිර්මාණ වලට දායක වු Jared Harris “කැප්ටන් ක්‍රෝ” ලෙසත්, ඊට අමතරව Dan Stevens “අද්මිරාල් හොර්නිගෝල්ඩ්” ලෙසත්, Zaris Angel “මෙයිසි බ්‍රම්බල්” ලෙසත් Marianne Jean “සාරා ෂාප්” ලෙසත් රංගනයෙන් එක් වෙනවා. එහෙනම් විස්තර කිව්වා ඇති මට මේක උපසිරසි ගන්වන්න අවසර දුන්න හසන්න අයියටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. ඔයාලා උපසිරසිය අරගෙන කොමෙන්ටුවකුත් දාගෙන යන්න කියලා ඉල්ලනවා. තවත් උපසිරසියකින් ඉක්මනට හම්බෙමු.
අරගලයට ජය !!!

Due to copyright issues, we do not provide any torrent link.
ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
12,412 downloadsDownload The-Sea-Beast-2022.zip35 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
22 comments
Anonymous
Asanga kb
thank you kolla..
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ඔබට සහ ඔබ පවුලේ සැමට
බුදු සරණයි – දෙවි පිහිටයි……..kavinda gamage
බොහොම ස්තුතියි නියම වැඩක්
ashan rashmika
Anonymous
Thanks Brother
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Pasindu Madumal
සබට තුති සහෝ! ජය❤️
Anonymous
සබ් එක දුන්නට බොහොම ස්තුතියි...❤
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Buddhika Lakmal (laKMal)
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
sahangayantha
Thanks a lot saho sub ekata
Udara Damith
elaaaaaaaaaaaa
indika 75
thanks..
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lahiru Lakshan
thanks machn....
AKEESHA
sub ekta thnx bro
RUMESH PRASANNA THENNAKOON MUDIYANSELAGE
thanks
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!සංජන චමෝද්
උපසිරැසියට ස්තූතියි
අයියෙ. 🤪
Malith samarawickrama
Thanks bro sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks for this one
Please give 'gray man' sinhala sub