සුබම සුබ දවසක් වේවා බයිස්කෝප්වාසී හිතවතුන් හැමෝටම! ඔන්න ඒනම් මගෙ 5 වෙනි සබ් එක (🙂🙂 මං හිතන්නේ. මොකද සෑහෙන කාලෙකට පස්සෙ තමා සබ් එකක් කරේ). ෆෝ බ්‍රදර්ස් – සිව් සහෝදරයෝ. හෝව් හෝව් පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න.. මොකද්ද එතකොට අර දාල තියන නම?😶 ඔව් ඔව් ඒ ගැන තමා මේ කියන්න යන්නේ. සිව් සහෝදරයෝ හෙවත් මවගේ නාමයෙ…

සුබම සුබ දවසක් වේවා බයිස්කෝප්වාසී හිතවතුන් හැමෝටම! ඔන්න ඒනම් මගෙ 5 වෙනි සබ් එක (🙂🙂 මං හිතන්නේ. මොකද සෑහෙන කාලෙකට පස්සෙ තමා සබ් එකක් කරේ). ෆෝ බ්‍රදර්ස් – සිව් සහෝදරයෝ. හෝව් හෝව් පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න.. මොකද්ද එතකොට අර දාල තියන නම?😶 ඔව් ඔව් ඒ ගැන තමා මේ කියන්න යන්නේ. සිව් සහෝදරයෝ හෙවත් මවගේ නාමයෙන් දිව්රා පලිගනිමු. ඒ නම ඇහෙද්දි නම් යන්තම් තේරෙනවා ඇති මේක සම්භාවනීය හෝ ඔය මොකක් හරි අයිය මලෝ හතර දෙනෙක්ගෙ ජීවිත කතාවක් නෙමේ වෙන්න ඇති කියල. ඔව් ඒක හරි! මේක ඒම කතාවක් නෙමේ. ඉතිං සුබාරංචිය තමා, අපි හැමෝම දන්නව චිත්‍රපට රසික රසිකාවියෝ බහුතරයක් ඇක්ෂන් පිස්සො බව, මෙන්න එයාලගේ දැනගැනීම පිණිස -> මේ පිලුම් එක Action, Thriller, Adventure, Crime කියන මෙව්ව වලට තමා අයත් වෙන්නේ (ඒ අස්සේ චූටි Drama ගතියකුත් නැතුවාම නොවේ). කෝම හරි පිලුම් එකේ මුල ඉදන් අගට යනකන්ම මට නම් මාර ගති. වැඩිය අනම් මනම් වැල් වටාරම් නැතුව ෆිල්ම් එකේ මූලික කතා වස්තුවට ගැලපෙන විදිහට හැම සීන් එකක්ම හොද හොද ඇක්ෂන් කෑලිත් එක්ක හදල තියනවා. ඒ වගේ ෆිල්ම් එකක් බලන්න ආසාවක් ඒම තියනවනම් කාට හරි, මිස් කරගන්න එපා, මෙන්න චාන්ස් එක! ඉතිං හුදී ජන ප්‍රසාදය උදෙසා කතාව ගැන චූටි හැදින්වීමක් කරන්නම්.. හැබැයි ඊට කලින් මේකෙ රේටින්ග්ස් ටික දාලම ඉන්නම්කෝ.. IMDb 6.8 /10 කුත් Google Users 89% කුත් කුණු තක්කාලි 52% කුත් මේ චිත්‍රපටයට ලැබිල තියනවා. (කුණු තක්කාලි නම් කුණුම තමා කොච්චර හොද ෆිල්ම් එකක් උනත් දෙන්නෙ අඩු රේටින්ග් එකක්) කෝම හරි ඔන්න ඕවා තමා රෙටින්ග්ස්. කතාවට යමු කෙලින්ම…
එක රාත්‍රියක්..! සිල්ලර වෙලදසැලක්.. වෙලදසැලට පැමිණි වයස්ගත කාන්තාවක්.. හදිසියේම කඩා වැදුණු මංකොල්ලකරුවන් දෙදෙනෙක්!! ඝාතනයක්!!!
ඔන්න ඕමයි කතාව පටන් ගන්නේ. ඊට පස්සෙ මේ කාන්තාවගේ අවසන් ගමන.. මේ අවසන් ගමනට සහභාගී වෙන්න ඇවිත් ඉන්නවා තාමත් තරුණ අවධියේ ඉන්න පිරිමි 4 දෙනෙක්. ඔන්න ඔතනින් තමා වැඩේ පත්තු වෙන්නෙ. මේ 4 දෙනා වෙන කවුරුත් නෙමේ, අර මියගිය ඒම නැත්නම් ඝාතනය කෙරුන කාන්තාවගේ පුත්තු 4 දෙනා. හැබැයි ඔයාලට දැනගන්න ලැබෙයි මේ පුත්තු 4 දෙනා මේ කාන්තාවගේ කුසෙන් උපන් 4 දෙනෙක් නොවන බව(ෆිල්ම් එක බැලුවොත්😉). කෝම හරි තමන්ගෙ අම්මව මරපු මේ ඝාතකයින්ව හොයාගන්න එක තමයි මේ කට්ටියගෙ අරමුණ වෙන්නෙ. හැබැයි මේ වැඩේ පටන් ගන්න කලින්ම පොලීසියෙන් ඇවිත් අවවාද කරනවා මෙයාලට නීතිය අතට ගන්න හදන්න එපා කියලා. ඒකටත් හේතුවක් තියනවා, මොකද මේ 4 දෙනත් එසේ මෙසේ කස්ටියක් නෙමේ. ඒ පලාතේ නම ගිය මදාවියෝ සෙට් එකක්. ඉතින් ඔය විදියට පටන් ගන්න කතාව, මවගේ මරණය මංකොල්ලකාරයින් විසින් සිදු කල මරණයක් නොවන බවත් විශේෂ වූ හේතුවකට සිදු කරන ලද සැලසුම් සහගත ඝාතනයක් බවත් සොයාගන්නා සිව් සහෝදරයින්, දූෂිත පොලිස් නිලධාරීන්, කුලී වෙඩික්කරුවන්, පතාල සාමාජිකයින් යනාදී එකී නොකී මෙකී සියලුම පුද්ගලයින් ඇතුලත් වූ ක්‍රියාදාම චිත්‍රපටයක් බවට ඉතා ඉක්මනින්ම පත් වෙනවා. කතාව කියවල චූටි හරි ආසාවක් ආව නම් දැන්ම බාගෙන බලන්න. කිසිම පාඩුවක් වෙන එකක් නෑ. විශේෂයෙන්ම අපි සාමාන්‍යයෙන් දකින ෆිල්ම් වල මදාවි, මැර ඩයල් ඉන්නෙ දුෂ්ටයො විදිහටනෙ, ඒත් ඒකේ ප්‍රතිවිරුද්ධ දේ සිද්ධ වෙන, මදාවියො ප්‍රධාන චරිත වෙලා ඉන්න චිත්‍රපටියක් වෙනසකටත් එක්ක බලන්න ඕනෙ නම් බාගෙන බලන්න, ඩේටා අපතේ යන එකක් නම් නෑ.
ඉතින් ඊට පස්සෙ නිකමට වගේ කියන්න හිතුනා මේකෙ ඉන්න අයිය මලෝ හතර දෙනා ගැන(ඒ 4 දෙනාට රගපාන නලුවො ගැන). ඉස්සෙල්ලම කියන්න ඕනේ මේකෙ ඉන්න ලොකු අයියා සහ ප්‍රධානම චරිතෙ – බොබී මර්සර්. මේ චරිතයට පණපොවන්නේ නම් සෑහෙන්න ප්‍රසිද්ධ නලුවෙක් Mark Wahlberg. කවුද කියල මීටර් නැත්නම් මතක් කරගන්න Transformers – Age of extinction, Transformers – The last knight පිලුම් වල ප්‍රධාන නලුවා ව. අන්න ඌ තමා ඩයල් එක. ඒ විතරක් නෙමේ Shooter, Mile 22, Deepwater horizon, Planet of the Apes ඇතුලු සුපිරි මට්ටමේ ෆිල්ම් රැසක ප්‍රධාන චරිතවලට රඟපාපු පට්ට පතුරු පිස්සු පීකුදු නලුවෙක් තමා Mark Wahlberg කියන්නේ. දන්නෝ දනිති සහ වග බලා ගනිති පොරගෙ මේ ෆිල්ම් එකත් මිස් නොකර බලන්න. ඊලඟට ඉන්නෙ ජෙරී මර්සර්, පවුලේ දෙවෙනිය. සිරා නම(නලුවගේ) Andre Benjamin. Andre 3000 විදිහටත් ප්‍රසිද්ධයි. මූ නලුවෙක් විතරක්ම නෙමේ, ගායකයෙක්, ගීත රචකයෙක් වගේම චිත්‍රපට නිෂ්පාදකවරයෙකුත් වෙනවා. ඊලඟට එන්නෙ ඒන්ජල් මර්සර්, සිරා නම Tyrese Gibson. මෙයා ගැන කියන්න දෙයක් නෑ මං හිතන්නෙ හැමෝටම මෙයාව දැක්කම මතක් වෙයි Fast and the furious එකේ Roman Pearce ව, ඒහෙම නැත්නම් බ්‍රයන්ගෙ (පෝල් වෝකර්) යාළුවා විදිහට. අන්තිමයා තමා ජැක් මර්සර් ඒම නැත්නම් ලිට්ල් ජැකී. මෙයාට රඟපාන්නේ Garret Hedlund. මෙයත් ඔය සාමාන්‍යයෙන් දැකල පුරුදු නලුවෙක් තමා. (බොරු කියන්න ඕනෙ නෑනේ මම නම් පොර ගැන වැඩිය දන්නෙ නෑ. දන්න කෙනෙක් ඉන්නවනම් කොමෙන්ටුවකින් පොඩ්ඩක් කියල දාන්න)
ඔන්න ඒනම් වැඩේ හරි. ලිපියෙ අවසානෙටත් ආවා. අදට ඇති වගේ. අවසානෙට කියන්න ඕනෙ මේ ෆිල්ම් එකේ ගොඩක් තියෙන්නේ Slang Words. ඔය කටවහරට කියන වචන. ඉතින් ඒ වචන වල සිංහල තේරුම අමු අමුවේ දැම්මොත් සබ්ටයිටල් එක නිකන් විකාරයක් වගේ වෙයි. ඒ නිසා ඒ වගේ තැන් වලදි අදාල වචන පේලි වල ව්‍යංගාර්ථය තමා දැම්මේ. ඒ කියන්නෙ සැබෑ අර්ථය.
ඒනම් සමුගන්න අවසරයි. ෆිල්ම් එක බාන්න හිතෙනවනම් චූටි කොම්න්ට් එක්කුත් දාගෙනම යන්න. හැමෝටම ජය වේවා!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
7,258 downloadsDownload Four-Brothers-2005.zip61 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සප්තක අර්ථසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-05-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සප්තක අර්ථසාද්
Subtitles
47 comments
Janith
Rahal
ඔහොම ලිපි ලියන්න එපා ඕයි ඩවුන්ලෝඩ් වෙනකන්වත් ඉවසන් ඉන්න බෑ...
උපසිරසියට ස්තුතියි මචන් දිගටම මේ වගේ මගහැරුනු සුපිරි ඒවා දෙමුIt's me
Thamkz bro..
Kevin
Thanks brother
Keep it upIt's me
welcome
Danu
Brooklyn nine nine සිංහල සබ් oni ❤️
Anonymous
Thanks bn
Anonymous
The Woman in the Window sub plz
Anonymous
poldark tv sieris ekata sub denawada
Shaggy
බොහොම ස්තූතියි
Anonymous
තෑන්ක්ස් වේවා
Anonymous
තව සබ් ටිකක් කරමු මචන්
එල එලKushan
Sub akta thanks
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!මයිකි
සුපිරි මචං දාලා තිබ්බ ලිපියත් මරු. ලියලා තියෙන විදියට කියවන්න ආසයි. සබ් එකටත් තැන්ක්ස්
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Sulakshana Thilakarathna
Miss una supiri film ekakata sadaranayak ishta karala hoda lipiyakin,, jaya wewa bohoma sthuthi!!!
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Anonymous
Thankz mchn
Gihan
Thwa me type eke film tikak denna saho
Sameeraudias
Machan tawa film karanawa nan deer hunter ekat karannako supiri film ekak sub neti eka loku paduwak jayama wewa
Pramukmili
Thanx bro............
Nuwan Bokotuwa
Thanks bro
Danu
Brooklyn nine nine සිංහල සබ් ඔනී, එකේ සබ් කව්රුත් කරලා නෑ පුලුවන් නම් කරලා දාන්න ❤️
Sahan
පට්ට ෆිලුම බන්
තැන්ක්ස් හොදෙයිSahan
තව මේ වගේ සබ් නොදීපු ෆිල්ම් දෙමු
Malith Samarawickrama
Thanks bokka sub ekata
Anonymous
thanks bro
Anonymous
Thanks Bro, Garrett Hedlund hoda American naluwek, Tron Legacy, Mudbound, Triple Frontier miniha inna supiri films tikak.
Anonymous
Thankz
lucisaithan
Awrudu ganak denakan baluwa dan hry dunna bohoma sthuthiii sahoo
Anonymous
sub eka weda nane
Anonymous
Sub එක වැඩ. Zip file එකක් විදිහට ඩවුන්ලෝඩ් වෙනවනම් Winrar බාගෙන ඒකෙන් ඕපන් කරන්න.
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Minethra pahan
සබ් එකට ස්තූතියි
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Anonymous
enakan thamai balan hitiye saho bohoma isthuthi adarei komlo
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
PahasaraDv
Thankz....
Gunaya
Meke Sub set wenne na ban hariyata. Karana deyak hariyata Karapan,. Redda.
Jehan
Uba Weradi Copy Ya Bagena Mahnsi Wela Subtitle Hadana Me Minissunta Pajatha Katha Kynna Epa. Api Hamotma Hari Yana Sub Eka Ubta Wyrk Hri Yan Natte Komda?? Hari Copy Ya Baganin. Hari Copy Ya Baiscopedownload Eke Athi. Gihin Baganin..
Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
jagath55
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lakindu
මෙ වගෙ හොද පරන ෆිල්ම් වලට සබ් දෙන එක නම් පට්ට වටිනව..ස්තුතියි
nilanka1212
thanks....
Advertisement
Godaak Sthuthi saho sub ekta......