Watch Trailer

Oru Vadakkan Selfie (2015) Sinhala Subtitle | උතුරු දේශයෙන් ආ සෙල්ෆිය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම අද සුපිරිම මලයාලමක් ගෙනාව. මලයාලි සිනමාවට ආදරේ කරන විශාල රසික පිරිසක් ඉන්නවනෙ. ඉතින් අද ගෙනාවෙ අනිවා බලන්නම ඕන ටොප් හිට් එකක් උන චිත්‍රපටියක්. Bangalore Days, charlie, Premam… වගේ ඒව ඔයාගෙ ලිස්ට් එකේ දැනටමත් බලලනෙ තියෙන්නෙ, එහෙනං මේකත් ඔයාල ලිස්ට් එකට අනිවා දාගන්න. මලයාලම් සිනමාව හොල්ලපු වැ…

ඔන්න මම අද සුපිරිම මලයාලමක් ගෙනාව. මලයාලි සිනමාවට ආදරේ කරන විශාල රසික පිරිසක් ඉන්නවනෙ. ඉතින් අද ගෙනාවෙ අනිවා බලන්නම ඕන ටොප් හිට් එකක් උන චිත්‍රපටියක්. Bangalore Days, charlie, Premam... වගේ ඒව ඔයාගෙ ලිස්ට් එකේ දැනටමත් බලලනෙ තියෙන්නෙ, එහෙනං මේකත් ඔයාල ලිස්ට් එකට අනිවා දාගන්න. මලයාලම් සිනමාව හොල්ලපු වැඩ්ඩො සෙට් එකක් තමයි මේකෙ ඉන්නෙ. Imdb එකේ 6.7 ක අගයක් මේකට ලැබිල තියෙනව. හැබැයි මේක රේටින් එකෙන් මනින්න පුලුවන් එකක් නෙවෙයි. Nivin Pauly, Manjima Mohan, Vineeth sreenivasan, Aju Varghese, Neeraj Madhav ඇතුලු දක්ෂයො සෙට් එකක් තමයි මේකෙ චරිත වලට පණ පොවන්නෙ. G. Prajith තමයි අධ්‍යක්ෂවරය. Shaan Rahman ගෙ සංගීත අධ්‍යක්ෂණය. මේක Comedy | Drama | Romance කියන කාණ්ඩ යටතේ වර්ගීකරණය කරන්න පුලුවන්.

චිත්‍රපටිය ගැන පොඩි අදහසක් දෙන්නම්. හැබැයි වැඩියෙ දේවල් කියන්න බෑ. රසවින්දනයට බාධාවක් නොවෙන්න මං මෙහෙම කියන්නම්, උමේශ් තමයි මේකෙ කතා නායකය. කැම්පස් කොල්ලෙක්. ඉංජිනියරින් තමයි ඉගෙන ගන්නෙ. අවුරුදු 3 ක් විතර තිස්සෙ කැම්පස් එකේ විභාගෙට එකම පේපර් එකක් තමයි ලියන්නෙ. එච්චරටම වැඩ්ඩෙක්. 🙂 මිනිහටම හරියන යාළුවො සෙට් එකකුත් ඉන්නව කැම්පස් එකේ. ඉතින් උමේශ් විභාගෙත් ලියල නිවාඩුවට ගෙදර යනව. ගමෙත් ඉන්නවනෙ ඒ කාලෙ යාළුවො. ඒ තමයි සාජි, තංග… උමේශ්ට ගෙදරින් කිසිම පිළිගැනීමකුත් නෑ. ඉතින් උමේශ් ගමේ යාළුවො සෙට් එකත් එක්ක මොන වගේ දේවල් කරාවිද? ආදරයක් එහෙම ? මොන වගේ ලෙඩ දාගනීවිද ? ආහ් .. ඔය අතරෙ උමේ ලගෙ ඉස්සරහ ගෙදරට ලස්සන කෙල්ලෙක් එනවනෙ . සාම්ප්‍රදායික විදියට යන කතාවක් නෙවෙයි. මේ කතාව විවිධ පැති වලට හැරෙනව. මාර කුතුහලයක් තියේවි ! හිනාවෙන්නත් ලෑස්තිවෙන්න. බලන්නකො…!

මේකෙ ආදරය, දුක, සතුට ඕන තරම් තියෙනව. හොඳට රසවිඳින්න පුලුවන් වේවි. ඉතින් ඔයාලගෙ අදහස් , ප්‍රතිචාර, යෝජනා , හොඳ නරක පහලින් කියාගෙනම යන්න. ඒ වගේම බයිස්කෝප් සියලුම සහෝදර සහෝදරියන්ටත් , උපසිරැසිකරුවන්ටත් අපි වගේ සිනමා රසිකයන්ට රසවිඳින්න සැලැස්වීම වෙනුවෙන් මාගේ විශේෂ ස්තූතිය !!!

එහෙනං ඊලඟ එකෙන් ඉක්මනටම හම්බවෙමු. සුභ දවසක් !!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත සඳහා අදාළ වේ.

6,217 downloadsDownload Oru-Vadakkan-Selfie-2015.zip72 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් ජලිත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-10-16
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Subtitles by

කසුන් ජලිත

Subtitles

6,217 downloadsDownload Subtitles72 KB

15 comments

  1. Ishan Thilakarathne

    Thanx mcn sub ekata. Ptta asay muge film walata.

  2. Kasun Jalitha

    ටොරන්ට් ගන්න අයට TamilRockers.com - Oru Vadakkan Selfie (2015) Malayalam HQ DVDRip 700MB ESubs එකේ හොඳට seed තියෙනව Oru Vadakkan Selfie (2015) Malayalam DVDRip x264 AAC 5.1 E-Subs-MBRHDRG කොපි එකට වඩා. පිටපත් දෙකටම මේ උපසිරැසිය අදාල වේ.

  3. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. anushka5800

    gdaak sthuthiee...meyage flm maga arinne ne parana unath sub dunnata thnkzzz
    navin paulige "love action drama" ekatath sub denna...

  5. D.Chamara

    bohoma sthuthi sahoo

  6. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sahooo obata ..

  7. kelumchathuranga

    thanks

  8. Nilush Angana

    Sub ekata thanx

  9. arawindasunimal

    thanks sub ekata (kasun jaltha) jayawewa............

  10. cleyara

    thanks bro

  11. Kavishna

    thnx bro...

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. කවිනු වීරක්කොඩි

    ස්තූතියි මචන්. කාලයක් තිස්සෙ බලන්න ඔ්නෙ කියලා හිතන් හිටියට අද තමයි බලන්න හදන්නේ ඉතින්...
    ජය වේවා!!

  14. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  15. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!