Watch Trailer

The Zoya Factor (2019) Sinhala Subtitles | වාසනාවේ දේවතාවිය…[චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

සෝයා සිං සෝලන්කි! අවුරුදු විසි ගානයි. වැඩ කරන්නෙ ඇඩ් ඒජන්සියක. ඉපදිල තියෙන්නෙ ඉන්දියාව කපිල් දේව් යටතෙ ලෝක ක්‍රිකට් කුසලානය දිනා ගත්තු දවසෙ. ඒ මොහොතෙ ඒ තත්පරේටමයි. ක්‍රිකටුයි සෝයයි අතරෙ සම්බන්දෙ ඇති වෙන්නෙ ඒම. දවසක් දා, මැච් එකකට කලින් ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම එක්ක සෝයාට උදේ කෑම ගන්න වෙන්නෙ අහම්බ…

සෝයා සිං සෝලන්කි!
අවුරුදු විසි ගානයි.
වැඩ කරන්නෙ ඇඩ් ඒජන්සියක.
ඉපදිල තියෙන්නෙ ඉන්දියාව කපිල් දේව් යටතෙ
ලෝක ක්‍රිකට් කුසලානය දිනා ගත්තු දවසෙ.
ඒ මොහොතෙ ඒ තත්පරේටමයි.
ක්‍රිකටුයි සෝයයි අතරෙ සම්බන්දෙ ඇති වෙන්නෙ ඒම.

දවසක් දා,
මැච් එකකට කලින් ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම එක්ක
සෝයාට උදේ කෑම ගන්න වෙන්නෙ අහම්බෙන්,
රාජකාරි වැඩකදි.
ඒ මැච් එක ඉන්දියාව උඩින්ම දිනනවා.

ඒ සිදුවීමම තව පාරක් වෙනවා.
වෙන දවසක.

‘මැච් එකක් තියෙන දවසකදි සෝයත් එක්ක
උදේ කෑම ගත්තොත් ඉන්දියාව ඒ මැච් එක දිනනවා’
කියන මතය වේගයෙන් පැතිරෙනවා.
අන්තිමේදි ඉන්දියානු ක්‍රිකට් මණ්ඩලය සෝයාව,
‘වාසනාවේ නිල දූතිය’ හැටියට නම් කරලා
ඉන්දියානු කණ්ඩායම එක්ක ඕස්ට්‍රේලියාවට යවන්නෙ,
ඒ වතාවෙ ලෝක කුසලානය දිනන බලාපොරොත්තුවෙන්.

ඒත් කණ්ඩායමේ නායක නිකිල් කෝඩා!
ඒකට විරුද්දයි.
ඔහු ඉන්නෙ,
‘මැච් දිනන්න තරම් අපි දක්ශයි,
අපිට වාසනාවෙ දූතියක් ඕනෙ නෑ’ කියන තැන.

දිනන්නෙ කවුද?

වාසනාවෙ නිල දූතිය – සෝයාද?
කණ්ඩායම් නායක, දක්ශ ක්‍රීඩක – නිකිල් කෝඩාද?

ක්‍රීඩා සහ වාසනාව සම්බන්ද රසබර කතා ගොඩක් අපිට ක්‍රීඩා ලොවෙන් අහන්නට ලැබෙනවා. වාසනාව වගේම එහි නිවුන් සොයුරා අද්භූත විශ්වාසයන් ක්‍රීඩකයින්ගෙ සිත් වල රැඳී තිබෙන්නෙ ඈත කාලයක සිටයි. වාසනාවන්ත යට ඇඳුම්, වාසනාවන්ත ගීත, වාසනාවන්ත සුරතලුන් මෙන්ම වාසනාවන්ත සහන සහකරුවන් (තරඟයට පෙර දින රාත්‍රියේ) ආදී වශයෙන් දිගු ලැයිස්තුවක් ක්‍රීඩා ලොවේ කොටසක් ලෙසින් පෙර සිටම පැවත එනවා.

හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායක ස්ටීව් වෝ සතුව එවැනි වාසනාවන්ත වස්තුවක් තිබුනා. ඒ ලේන්සුවකි. ඔහු එය නැතිව පිටියට නොපිවිසෙයි. එය සිය මිත්තනියගෙන් ලද ත්‍යාගයකි. ඔහු ඕස්ට්‍රේලියාවේ සාර්ථකම ටෙස්ට් ක්‍රිකට් නායකයෙක් ලෙස සැලකෙනවා. ඔහුගේ නායකත්වයෙන් ක්‍රීඩා කල ටෙස්ට් තරඟ 57න් 41ම ජයග්‍රහනය කිරීමට ඔහුට හැකි වුනා. (අනෙක් කණ්ඩායම් එම ලේන්සුව සොරා ගැනීමට උත්සහ කලත් එය කිසිදා කල නොහැකි වූයේ ස්ටීව් වෝ කිසිදා එය ලොන්ඩරියට නොදැමූ නිසා බවද කියවෙනවා.)

සම්ප්‍රදායන් හා ඓතිහාසික බැඳීම් රැසක් සිය උරුමයට සවිකරගෙන ඇති ක්‍රිකට් ක්‍රීඩාව මෙවැනි ආන්දෝලනාත්මක හා අද්භූත විශ්වාසයන් තොගයක හිමිකරුවෙක් වනවා. වරක් මුලු ඉන්දියානු කණ්ඩායමම ලෝර්ඩ්ස් හි පැවති තරඟයකදී මුලු කාලය පුරාවටම එකිනෙකාට අදාල ඉරියව් වලින් සෙල් රූ මෙන් මුලු කාලයම නොසැලී සිටියාලු. (2002 නැට්වෙස්ට් කුසලාන තරඟයේ අවසාන මහා තරඟය)

කාලයක් ඉන්දියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා වූ සුනිල් ගවස්කාර් ගේ පුරුද්දක් වුනේ පන්දුවට පහර දීමට පිටියට බැසීමේදී සහකාර පිතිකරුවාගේ දකුණින් ගමන් කිරීමයි. එසේ නොවුන අවස්තා වලදී ඔහු ලබා ගත්තේ ඉතා අඩු ලකුණු සංඛ්‍යාවන්. ඇලන් නොට් පන්දුවට පහර දීමට පෙර බේල්ස් ස්පර්ශ කරනවා. එය ඔහුට වාසනාව ගෙන එනවාලු. මොහොමඩ් අසාරුඩීන්ගේ විශ්වාසය වුනේ පන්දු රැකීමේදී ශර්ට් කොලරය ඔසවාගෙන සිටීමයි. එසේ නොවුන අවස්තා වලදී ඔහු අතින් ඉතා පහසු උඩ පන්දු පවා ගිලිහී ගොස් තිබෙනවා.

ඩේවිඩ් ශෙපර්ඩ්, අපි දන්න කියන විනිසුරුවරයෙක්. ඔහු පිටියේදී නැටුමක මෙන් එක් පාදයකින් තව පාදයකට සිරුරේ බර මාරු කරන අයුරු ඔබ දැක ඇති. ඔහු එසේ ‘නටමින්’ සිටින විට පන්දුවට පහර දෙන කණ්ඩායම නෙල්සන් ලකුණු වලට ලඟා වී නම් (එනම්, 111,222,333 වශයෙන්) එවන් විටෙක ඔහු එම නැටුම නැවැත්වුවහොත් කුමන හෝ අකරතැබ්බයක් උදා වන බව විශ්වාසයයි. (එක්කෝ පිතිකරුවකුට තුවාල සිදු වීම, වැස්සක් කඩා වැටීම වැනි දෑ) එබැවින් ක්‍රිකට් කණ්ඩායම් ඒ ගැන සැලකිලිමත් වෙනවා.

කොතරම් හොඳින් පුහුනුවීම් කලත් කෙතරම් දක්ශතා හිමි වී තිබුනත් සෑම ක්‍රීඩාවකම අවිනිශ්චිත බවක් පවතිනවා. ජය හා පරාජය හුදෙක් දස්කම් මතම තීරනය නොවන අවස්තා එමටය. එවැනි අවස්තාවලදි අදාල ක්‍රීඩකයන් එම ගෞරවය ලබා දෙන සාධකය වන්නේ ‘වාසනාව’යි. මේ චිත්‍රපටියත් එහෙම වාසනාවයි දක්ශතාවයයි අතරෙ දෝලනය වුන කතාවක්.සෝයා ෆැක්ටර් චිත්‍රපටිය තිරගත වෙන්නෙ 2019 අවුරුද්දෙ සැප්තැම්බර් මාසෙ 19 වෙනිදා. අධ්‍යක්ශනය කරන්නෙ අභිශේක් ශර්මා. ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වෙන්නෙ සෝනම් කපූර් සමගින් දුල්කර් සල්මාන්. සංගීත අධ්‍යක්ශනය ශංකර් එහ්සාන් ලෝයිගෙන්.

2008 අවුරුද්දෙ එලියට ආපු අනූජා චෞහාන්ගෙ The Zoya Factory කියන පොත ඇසුරෙන් තමයි මේ චිත්‍රපටිය නිමවෙන්නෙ. හැබැයි මම මුලින් පොත කියවලා හිටපු නිසා මට නම් ෆිල්ම් එක බලාපොරොත්තු වුන මට්ටමට ඇවිත් තිබුනෙ නෑ. ටිකක් අසාර්ථක ස්ක්‍රිප්ට් එකක්. පොතට සාදාරනයක් වෙලාම නෑ. පොතට වැඩිය සම්පූර්නයෙන්ම වෙනස් විදිහට තමයි කතාව ගලාගෙන යන්නෙ. කලු දිග කැරලි කොණ්ඩෙ තියෙන සෝයාට සෝනම් කපූර්ව නම් අපූරුවට ගැලපෙනවා. ඒත් උස මහත, දිග කලු කොණ්ඩෙ, දුඹුරු ඇස් තියෙන නිකිල් කෝඩා කෙනෙක්ව හිතේ මවාගෙන හිටපු මට දුල්කර්ව නම් පොඩ්ඩක්වත් හිතට ඇල්ලුවෙ නෑ. අඩු ගානෙ ඔයිට වැඩිය පොඩ්ඩක් උස මනුස්සයෙක්ව ඔය චරිතෙට තෝර ගන්න තිබුනෙ. හැබැයි පොත ගැන අමතක කරල බැලුවොත් හරිම ලස්සන ආදර කතාවක් මේ චිත්‍රපටිය ඇතුලෙ තියෙනවා. ඉතින් ආසිරි අයියා කර කර හිටපු මේ චිත්‍රපටිය එයාට කරන්න වෙන්නෙ නෑ කියපු නිසා තමයි මම ඉතුරු ටිකත් සම්පූර්න කරලා අරගෙන ආවේ. මටත් ඉවරකරගන්න ටිකක් කල් ගියා. ඒ ගැනත් සමාවෙන්න. ඉතින් නිකිල්ගෙයි සෝයාගෙයි මැච් එක පටන් ගන්නයි යන්නෙ. බලමුද කවුද දිනන්නෙ කියල? බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් චිත්‍රපටියකින් ඉක්මනින්ම මුන ගැහෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Proper HDRip පිටපත් සඳහා අදාළ වේ.

19,143 downloadsDownload The-Zoya-Factor-2019.zip71 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

19,143 downloadsDownload Subtitles71 KB

42 comments

  1. Dhanush Narangoda

    trailer එක වෙන එකක් නේහ්

  2. Nirosh C

    ස්තුතියි සහෝදරී.ජයවේවා!

  3. M.W. Dilhani

    ස්තූතියි. ඔයා විතරද මන්ද චිත්‍රපටයේ අඩුපාඩු ගැනත් ලිපියෙ ලියන්නේ. ගොඩක් අය මොන ගොන් චිත්‍රපටයක් උනත් විශිෂ්ට එකක් විදියට හදුන්වල ලිපි ලියනවා.

  4. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. Nilush Angana

    Sub ekata thanx

  6. gihan perera

    ස්තුතියි නංගී......ලස්සන කතාවක්....හැඳින්වීම ත් ලස්සනට කරලා තියෙනවා ෆිලුමේ අඩුපාඩුත් එක්ක....නියමයි....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි......ජය වෙිවා.....නංගි පුළුවන් නම් තව ලස්සන හින්දි ෆිලුමක් තියෙනවා the sky is pink කියලා...priyanka Chopra and farhan akthar ඉන්නෙ.නියම ආදර කතාවක්....පුළුවන් නම් ඒකටත් උපසිරැසි දෙන්න බලන්න නංගා්......ජය වෙිවා.....

  7. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!

  8. hatharasingha

    Suoiri ela. Thankz

  9. D.Chamara

    bohoma sthuthi sis

  10. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi obata

  11. indika75

    thanks..

  12. Ayesh Prashan

    Thank You

  13. R_deshan

    හම්මාහ් තෑන්ක්ස් වේවා...සෝනම් ඉන්න එකක් නම් ලොවෙත් බලනව ඉතින්

  14. shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.

  15. arawindasunimal

    thanks sub ekata (dahara muthu ama) huga dawasakin jayawewa...........

  16. thilz

    thank u 4 the sub

  17. Kanchaka

    Thanks bro

  18. Hemantha De Silva

    ස්තුතියි මුතු....
    රේටින් අඩු වුණත් බලමු දුල්කර් ඉන්නවනෙ.

  19. ඔෂද ධනංජය

    thanks..muthu...

  20. ranga11112

    thnx nangi

  21. hyperamila

    thanks

  22. malithmadhushan45

    බොහොම ස්තුතියි මුතු අක්කේ සබ් එකට

  23. duminda0991

    TNKS BRO

  24. Tiger zinda

    Thanks sis....

  25. Lalani Maduwanthi

    Thank you

  26. gihansandaruwan

    Thanks bro

  27. Anu

    Thanks.....

  28. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි මුතු
    ජයෙන් ජයම වේවා!

  29. Dilsha K Hewage

    Thank you

  30. Lasantharathnasirirox

    ස්තුතියි මුතු නංගීයෝ....සුභ නත්තලක්...ජයවේවා !

  31. Pramukmili

    Thanxx bro...............

  32. mindika

    Thanks !!!!!!!!!

  33. Kanishka121

    Thank u pana❤❤❤

  34. klj

    godak thanks sis sub ekata...

    1. SHANA Russiya

      Good Job, දිගටම කරගෙන යන්න...

  35. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  36. walakul

    මං ගොඩාක් ෆිල්ම් වල ඹයාගේ Subtitle Downlode කරල තියෙනවා ඔයාට ගොඩක් ස්තූතියි. මං මේ ෆිල්ම් 1 බැලුවා. මට නම් නිකිල් කෝඩා හරිම කියුට්. ඔයාට සුබ පතනවා.

  37. pubudu Alahakoon

    දහරා තවත් නියමම සබ් එකක් , ස්තුතියි

  38. Navodlak

    thanks for sub

  39. MAALnath

    Thanks ......................good luck ...........................

  40. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා අක්කේ!
    කැමතිම චරිත දෙකක් ඉන්නේ...
    අනිවා බලනවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  41. නිමල් දිසානායක

    ස්තුතියි දහරා.
    අභිමාන් මතක් වුනා මේ ෆිල්ම් එක බලද්දී.
    සබ්ස් රසට-හැඩට-නියමෙට දීලා.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.