තමිල්නාඩු මහ ඇමති අරුන්මොළි අතුරුදහන්. අතුරුදහන් වුණ මහ ඇමතුව හොයන්න CBI එකෙන් රහසේ විමර්ශන සිද්ධ කරනවා. මහ ඇමතිගේ අතුරුදහන් වීම සම්බන්ධව AGR සැක කරා. පොලිස් හෝ CBI විමර්ශන වලින් කිසිම සාක්ෂියක් හොයාගන්න ලැබුණේ නැහැ. AGRට ආණ්ඩුවක් පෙරළීමට තරම් බලපෑමක් කරන්න පුළුවන් බලයක් තියෙනවා. AGRගේ සියලුම කටයුත…

තමිල්නාඩු මහ ඇමති අරුන්මොළි අතුරුදහන්. අතුරුදහන් වුණ මහ ඇමතුව හොයන්න CBI එකෙන් රහසේ විමර්ශන සිද්ධ කරනවා. මහ ඇමතිගේ අතුරුදහන් වීම සම්බන්ධව AGR සැක කරා. පොලිස් හෝ CBI විමර්ශන වලින් කිසිම සාක්ෂියක් හොයාගන්න ලැබුණේ නැහැ. AGRට ආණ්ඩුවක් පෙරළීමට තරම් බලපෑමක් කරන්න පුළුවන් බලයක් තියෙනවා. AGRගේ සියලුම කටයුතු පිටට දැනගන්න බැරි ආකාරයෙන් AGR ශක්තිමත් බලකොටුවක් විධිමත්ව ඉදිකර තිබුණා. කෙනෙකුට මේ බලකොටුව ඇතුලට යන්න නම් AGRගේ විශ්වාසය දිනා ගන්න ඕන. ඉතින් මේ මෙහෙයුම වෙනුවෙන් CBI නිළධාරී ශක්තිව AGRගේ විශ්වාසවන්තයෙකු වූ කරීම් ලඟට යවනවා. මාස 12ක කාලයක් කරීම්ගේ ලඟ වැඩ කර, කරීම්ගේ දකුණු අත ද වෙමින් හිත දිනා ගත්තා. මේ නිසාවෙන්ම එක් අවස්ථාවක AGRගේ බලකොටුව ඇතුලට යන්න මගක් පෑදුණා. කරීම්, ශක්තිව වයිසෑග් වලින් කුමරිවල AGRගේ බල ප්‍රදේශයට පිටත් කර හරිනවා. ශක්තිට AGR ළඟට ලං වෙන්න නම් සබරි, සිංගා දෙන්නගේ හිත දිනාගන්න වෙනවා. ඒත් ඊට කලින් සෙල්වින් නම් බාධකය පසු කරන්නත් වෙනවා. මේ සෙල්වින් ලොකූ කේන්තිකාරයෙක්. ශක්ති කන්‍යාකුමාරිවලට අඩිය තිව්ව දවසේම සෙල්වින් එක්ක රණ්ඩුවක් ඇතිකර ගත්තා. දෙදෙනා අතරෙ එදිරිවාදීකමක් නිර්මාණය වුණා. AGRගේ ව්‍යාපාරය වුණේ පතල් කැණීමයි. පස අධික ලෙසින් ගොඩ ගැනීම නිසා AGRගේ පතල්වලට විරුද්ධව පෙත්සම් පිට පෙත්සම් ලැබී තිබුණා. මේ පතල් වලට විරුද්ධව විවිධ සමාජ ක්‍රියාකාරීන් විරෝධතා පැවැත්වූවා. ඒත් AGR වගේම එයාගේ කණ්ඩායම ඒ කිසි දෙයක් සතයකට ගණන් ගත්තේ නැහැ. කන්‍යාකුමාරි ව්‍යවස්ථාදායක සභාවට අපේක්ෂකයෙක් තෝරා පත් කර ගැනීමට අතුරු මැතිවරණයක් පැවැත්වුණා. මැතිවරණ සමයේ AGRට විරුද්ධව දැඩිවම විරෝධතා පවත්වමින් තිබුණා. බැලූ බැල්මට මැතිවරණයෙන් AGRගේ අපේක්ෂකයා පැරදෙන ආකාරයක් පෙනුණා. සෙල්වින් හා ශක්ති අතර ගැටුමේදී සෙල්වින්ව කපා ශක්තිට සිංගාගේ ලකුණු දාගන්න පුළුවන් වුණා. ඒ අනුව ශක්තිට AGRගේ ගෙදරටම යන්න අවස්ථාවක් සැලසෙනවා. දිගින් දිගටම පැරදුණු සෙල්වින් ශක්ති ගැන ඉතාමත් විමසිල්ලෙන් හිටියා.
මේ Paththu Thala (2023) චිත්‍රපටිය 2017 වසරේ තිරගත වූ Mufti චිත්‍රපටයේ රීමේක් චිත්‍රපටයක්. Sillunu Oru Kaadhal (2006) චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ඕබිලි එන්. ක්‍රිෂ්ණා මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරනු ලැබුවා. ඒ. ආර්. රහුමාන් සිල්ලුනු ඔරු කාදල් චිත්‍රපටයේ වගේම මේ චිත්‍රපටියේත් සංගීතය සපයනවා. සිම්බුගේ මීට කලින් නිකුත් වුණ වෙන්දු තනින්දදු කාඩු පාර්ට් 1 : කින්ඩ්ලින් (2022) චිත්‍රපටයටද රහුමාන් සංගීතය සැපයුවා. කන්නඩ සිනමාවේ ශිවරාජ්කුමාර් හා ශ්‍රීමුරලි රඟපෑ මෆ්ටි එම වසරේ අති සාර්ථක චිත්‍රපටයක් වුණා. මෆ්ටි ශිවරාජ්කුමාර්ගේ සිනමා දිවියේ ඉහළතම ආදායම හිමිකර ගත් චිත්‍රපටියද වනවා.
ගෞතම් කාර්තික් මෙහි ඉතාමත් විශිෂ්ඨ රංගනයක් නියැලෙනවා. ගෞතම් කාර්තික්ගේ පසුගිය කාලයේදී පැමිණි චිත්‍රපටි ආදයම් වශයෙන් අසාර්ථක වුණා වගේම අයහපත් ප්‍රතිචාර ලැබුණා. කලෛයරසන්ගේ රඟපෑම එදත් අදත් විශිෂ්ඨ මට්ටමක තියෙනවා. ඒත් මේ චිත්‍රපටයේ කලෛයරසන් පැමිණි සුළු කොටසේ ඔහුගේ රංගනය වඩාත් කැපී පෙණුනා. ඒ වගේම ප්‍රියා භවානි ශංකර්, ගෞතම් වාසුදේවන් මේනන්, රෙඩින් කින්ග්ස්ලි, ටීජේ අරුණාචලම්, සන්තෝෂ් ප්‍රතාප්, මධු ගුරුසාමි යන අය මෙහි රඟපානවා.
නිකුත් වී හයවැනි දිනයේදී ඉ.රු. කෝටි 50 පසු කිරීමට හැකි වුණා. Green Studio හි වැඩිම ආදායම් ලැබූ චිත්‍රපටයද මෙයයි. ඒ වගේම මේක සිම්බුගේ පිට පිට තුන්වෙනි හිට් චිත්‍රපටිය ද වනවා.

චිත්‍රපටයට ලැබුණු විවිධ අගය කිරීම්.
සිම්බුගේ පැමිණීමට නියමිත STR 48 කමල් හාසන්ගේ රාජ් කමල් ෆිල්ම්ස් එකෙන් නිෂ්පාදනය කරනවා. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Kannum Kannum Kollaiyadithaal (2020) චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ දේසින්ග් පෙරියසාමියි. ඒ ඇරෙන්නට සිම්බුගේ පැමිණීමට නියමිත ලැයිස්තුවේ දැනට තවත් චිත්‍රපටි නැහැ.
හමුවෙන්නම්. අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා. හැමදාම වගේ අදහස් දක්වන හැමෝටම ස්තූතියි!
බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HC HDRip/HQ HDRIP පිටපත සඳහා අදාළ වේ.
15,311 downloadsDownload Pathu-Thala-2023.zip124 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු නවින්
Subtitles
- #Anu Sithara
- #Editor's Pick
- #Gautham Karthik
- #Gautham Vasudev Menon
- #Indian Box Office Hits
- #Kalaiyarasan
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Pathu Thala (2023) Sinhala sub
- #Pathu Thala (2023) Sinhala subtitles
- #Pathu Thala Sinhala sub
- #Pathu Thala Sinhala subtitles
- #Priya Bhavani Shankar
- #Silambarasan
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Soori
- #Sub
- #Subs
- #Teejay Arunasalam
- #You Decide
- #රවිඳු නවින්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
33 comments
Anonymous
Kushan
Sub akta thanks
Lahiru
සබ් එකට තෑන්ක්ස්.
රවි තේජාගේ Ravanasura (2023) ෆිල්ම් එකටත් සබ් එක දෙන්නකෝ.Ravindu_Heshan
බොහොම ස්තූති මල්ලි
Naveen Mbr
ස්තූතියි අයියේ!
Kevin
Dasara-2023
Ravanasura-2023
Rudhran-2023 sub plz
Also thanks for thisSamith
Thanks brother
යුරාන් ධනුක (දනුවා)
උපසිරසියට බොහෝම ස්තූතියි මල්ලි
Naveen Mbr
ස්තූතියි අයියේ!
Naveen
උපසිරසියට තුති
Anonymous
Patta
rukshan
සුපිරි බන්. සබ එකට තැන්ක්ස්...
Anonymous
Elazzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
Anonymous
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Niro
Mufti ekath baluwa hbai eke nm mechchara rasayak thibune na meka nm supiri
thanks mcho sub ekataBimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
Naveen Mbr
ස්තූතියි සහෝ!
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Jevan
රොම්බ නන්‍රි නන්බා
සාරංග J ලියනගම
Thanks
Manoj
සිංහල උපසිරසියට ස්තුතියි
Lasantharathnasirirox
ජයවේවා...නියමයි..
Anonymous
Thanks
dulan
ස්තුතියි !
Anonymous
තෑම්ක්ස් බොම්ක❤️
Anonymous
Part 2 ekak ndda
-චානක ඉඳුනිල්-
Thanks for subtitles, keep it up
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Kavee
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️
Anonymous
Thank you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Pathu Thala (2023) Sinhala Subtitles | කුමරි මහද්වීපයේ රාවණාගේ ආණ්ඩුව. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/04/Paththu-Thala-2023-Cover-01.jpg)
ගුනෙරු එකෙන් දීල තිබුනත්
බයිස්කෝප් දෙනකන්ම බලන් හිටියා
Dasara එකත් එහෙම්මයි
ඒකටත් ඉක්මනින් සබ් දෙමු බයිස්කෝප්
බොහොම ස්තුතියි සබට