Watch Trailer

The Super Mario Bros. Movie (2023) Sinhala Subtitle | දෙලොවක් ජය ගත් මාරියෝ! [සිංහල උපසිරැසි]

[box] මගේ ළමා කාලයෙන් බිඳක් මම හිතන්නේ ඒ මීට අවුරුදු 23 කට විතර ඉස්සර, ඒ කියන්නේ 2000 අවුරුද්දේ වගේ. එතකොට මම හිටියේ ඉස්කෝලේ 7 වසරේ. තාත්තා හිටියේ කටාර් වල. ඒ කාලේ අපිට ලෑන්ඩ් ෆෝන් එකක් වත් තිබුනේ නැහැ. ලියුම් තමයි ලියන්නේ. ඉතින් සෙල්ලම් බඩු ඕන උනාම තාත්තට ලියුමක් යවනවා කැමති දේ ඉල්ලලා. එයත් ලංකාවට…

මගේ ළමා කාලයෙන් බිඳක්

මම හිතන්නේ ඒ මීට අවුරුදු 23 කට විතර ඉස්සර, ඒ කියන්නේ 2000 අවුරුද්දේ වගේ. එතකොට මම හිටියේ ඉස්කෝලේ 7 වසරේ. තාත්තා හිටියේ කටාර් වල. ඒ කාලේ අපිට ලෑන්ඩ් ෆෝන් එකක් වත් තිබුනේ නැහැ. ලියුම් තමයි ලියන්නේ. ඉතින් සෙල්ලම් බඩු ඕන උනාම තාත්තට ලියුමක් යවනවා කැමති දේ ඉල්ලලා. එයත් ලංකාවට එන කෙනෙක් අතේ ඉල්ලන සෙල්ලම් බඩු එවනවා. එහෙම එවපු සෙල්ලම් බඩු වලින් මම ගොඩක් ආස කරපු එකක් තමයි මං ගාව තිබුණ TV game එක. ඉතින් ඒ කාලේ TV game කියන්නේ ඉතින් අද කාලේ හැටියට නම් PlayStation 5 වගේ තමයි. ආයේ ඒකෙන් තොර ලෝකයක් නැහැ. ඉස්කෝලේ ඇරිලා ගෙදර ආපු ගමන් කරන්නේ ඕක සෙල්ලම් කරන එක. අඩුම තරමේ දවල්ට කන්න වත් ඕන කමක් නැහැ. 🙂

ඉතින් ඔය TV game එකේ ආපු එක game එකක් තමයි Super Mario කියන්නේ. ඕක ගහන්නේ ඉස්කෝලේ යාළුවො එක්ක තරඟෙට. ඇයි ඉතින් ඉස්කෝලේ ගිහින් කියන්න එපැයි මම මෙච්චර දුර game එක ගැහුවා, කුමාරිව බේරා ගත්තා කියලා. හැබැයි ඒ කාලේ ඔය සෙල්ලම කරපු වෙලාවේ මම නම් හීනෙකින් වත් හිතුවේ නැහැ තව අවුරුදු 23 ක් ගියාම The Super Mario Bros. Movie (2023) එකට මගේ අතින් සිංහල උපසිරැසියක් නිර්මාණය වෙයි කියලා. කල්පනා කරලා බැලුවම ඒකත් හරි පුදුම දෙයක්. වෙලාවකට හිතෙනවා ජීවිතේ කියන්නේ අතීතය සහ වර්තමානය එකතු කරන පාලමක් කියලා.

 

කවුද මේ Super Mario සහ Luigi?
හ්ම්ම්.. මෙයාලා නොදන්නා කෙනෙක් ඉන්නවා නම් ඉතින් unfriend වෙන්න ප්ලීස්. ලොල්. අඩුම තරමේ හැඩරුව වත් දන්නේ නැත්නම් වැඩක් නැහැ. සරලවම කියනවා නම් ඉතින් වැඩිය උස නැති, චබී, රතුයි නිලුයි ඇඳුමක් ඇඳන් ඉන්න, M අකුර ගහපු රතු පාට තොප්පියක් දාල ඉන්න, උඩු රැවුලක් තියන හාදයා තමයි Super Mario (කෙටියෙන් කියන්නේ Mario කියලා). එතකොට එයාගේ නිවුන් සහෝදරයා තමයි Luigi. අර කෙට්ටු, උස, කොලයි නිලුයි ඇඳුමක් ඇඳන් ඉන්න, L අකුර ගහපු කොල පාට තොප්පියක් දාල ඉන්න, Mario ට වගේ උඩු රැවුලක් තියන බුවා. දෙන්නා නිවුන්නු කියලා කියන්නත් බැහැ නේද? හැබැයි ඉතින් එහෙම කියලා තමයි කියන්නේ.

Super Mario සහ Luigi දෙන්නා චිත්‍රපටයේ දකින්න ලැබෙන අන්දම

මේ ඩබලගේ ඉතිහාසය
මේ දෙන්නගේ (විශේෂයෙන්ම Mario ගේ) ඉතිහාසය හරිම රසවත් එකක්. අන්තර්ජාල දත්ත අනුව Mario මුලින්ම කරලියට ආවේ 1981 අවුරුද්දේ “Donkey Kong” කියන Nintendo arcade game එක හරහා. ඇත්තටම Mario ගේ මුල් නම “Jumpman”. ඒ වගේම මේ Jumpman කියන චරිතය ඒ game එකේ මහා ලොකු චරිතයක් විදිහට සලකලා නැහැ. ඒ game එකේ හැටියට Jumpman ට කරන්න තිබිලා තියෙන්නේ Donkey Kong විසි කරන බැරල් වලින් කුමාරිව පරිස්සම් කරන්න. ඒ වගේම Mario දැන් පයිප්ප බාස් කෙනෙක් උනාට මිනිහා මුලින්ම කරලා තියෙන්නේ වඩු වැඩලු නේ.

1981 වසරේ දී Mario මුල් වරට හඳුන්වා දුන් Donkey Kong game එක

තව දෙයක්. Mario නිර්මාණය කරපු ජපන් ජාතික Shigeru Miyamoto ට මුලින්ම ඕන වෙලා තිබිලා තියෙන්නේ Popeye (පපායි) ව මේ game එකට දාන්න. හැබැයි ඒකට අවශ්‍ය අයිතය එයාට ලැබුණේ නැති නිසා Jumpman ව ( ඒ කියන්නේ Mario ව) නිර්මාණය කරා කියලා කියනවා. බලන් ගියාම Mario කියන්නේ බොහොම අහම්බෙන් නිර්මාණය වූ චරිතයක්.

Mario නිර්මාණය කරපු ජපන් ජාතික Shigeru Miyamoto

එතකොට Luigi කියන චරිතය නිර්මාණය වෙන්නේ 1983 අවුරුද්දේ Mario Bros. (Arcade) game එක හරහා. මේ දෙන්නා නිවුන්නු කිව්වට අවුරුදු දෙකක ඉපදුනේ කොහොමද කියල නම් දෙයියෝ තමයි දන්නේ. Game එකේ නම් Luigi ව ඕන වෙන්නේ දෙන්නෙක් එකතු වෙලා සෙල්ලම් කරන කොට තමයි.

1983 වසරේ දී Luigi මුල් වරට හඳුන්වා දුන් Mario Bros. (Arcade) game එක

Mario ට මොනවද කරන්න පුළුවන්?
Mario ට තියෙන බලයන් ගැන කතා කරනවා නම් ඒක සෑහෙන ලොකුවට කතා කරන්න පුළුවන් දෙයක්. ඒ ගැන මේ ලිපියේ දාලා පිරිමහන්න බැරි නිසා මම කෙටියෙන් විස්තරයක් දෙන්නම්.

Mario ගේ මේ වැඩ කිඩ ඔක්කොම වෙන්නේ Mushroom Kingdom එකේ කියලා ඔයාලා දන්නවා ඇති නේ. සරලවම කියනවා නම් ඒක තමයි කුමාරිගේ රාජධානිය. මේ රාජධානියට පිටස්තර කෙනෙක් විදිහට එන Mario ට කුමාරිව පරිස්සම් කරන්න ලැබෙන සුපිරි බලයන් ප්‍රධාන කොටස් දෙකක් යටතේ වර්ග කරන්න පුළුවන්.

1) විශේෂ හැකියාවන් හරහා ලැබෙන බලය – ගඩොල් කඩන්න ඇති හැකියාව, අධික වේගයෙන් දුවන්න ඇති හැකියාව, මාෂල් සටන් කිරීමට ඇති හැකියාව, උඩ පැනීමට ඇති හැකියාව, ටොනේඩෝ එකක් මෙන් හැසිරීමට ඇති හැකියාව, දරා ගැනීමේ හැකියාව, නොපෙනී ඉන්න ඇති හැකියාව වගේ දේවල් මීට අදාල උදාහරණ විදිහට දෙන්න පුළුවන්.

2) උපකරණ හරහා ලැබෙන බලය – මිටියෙන් ලැබෙන බලය, තොප්පියෙන් ලැබෙන බලය, ලෝගුවෙන් ලැබෙන බලය, ඔරලෝසුවෙන් ලැබෙන බලය වගේ දේවල් මීට අදාල උදාහරණ විදිහට දෙන්න පුළුවන්.

චිත්‍රපටයට අදාලව Mario ලබා ගන්නා හරිම ආකර්ෂණිය බලයන් දෙකක් තමයි Tanooki Mario සහ Cat Mario කියන්නේ. ඊට අදාල පින්තූර දෙකක් පහලින් දාලා තියනවා.

Tanooki Mario

Cat Mario

 

 

 

 

 

 

Mario ගේ ලව් එක Princess Peach
මහ ලොකු උසක් නැති උනාට Mario ටෝක් කරන්නේ ලස්සනම ලස්සන කුමාරිකාවකටනේ. Princess Peach, එහෙම නැත්නම් Mushroom Kingdom එකේ පාලිකාව තමයි ඒ. අනේ රෝස පාටට ඉන්න එයාට කවුද අකමැති? Game එකේ හැටියට නම් ඉතින් Bowser කුමාරිව හිර කරන ඉන්නවා, Mario තමයි බේර ගන්නේ. චිත්‍රපටයෙත් එහෙම වෙයි ද? නොවෙයි ද?

Princess Peach ගැන කතා කරන කොට කියන්න ඕන තව කාරණයක් තියනවා. ඒ Princess Peach නමින් ආපු Game එක. මම හිතන්නේ ඒක ගැන ගොඩක් අය දන්නේ නැහැ. මේ Game එක ආවේ “Super Princess Peach” කියලා 2005 අවුරුද්දේ.

තවත් පුංචි දෙයක්. මේ Princess Peach වගේ තව ලස්සන කුමාරිකාවෝ දෙන්නෙක් ඉන්නවා Mario series එකට අදාළව. එක්කෙනෙක් Rosalina අනිත් කෙනා Princess Daisy. හැබැයි මේ දෙන්නා වැඩිය ප්‍රසිද්ධ නැහැ.

Princess Peach

Mario ගේ පරම හතුරා Bowser
ආදරේට කොහෙදෝ බාධා නැත්තේ? ඉතින් Mario ගේ පරම හතුරා තමයි Bowser. මම නම් පොඩි කාලේ හිතාගෙන හිටියේ පොර මකරෙක් කියලා. බලන් ගියාම කැස්බෑවෙක්. Bowser ජීවත් වෙන්නේ Koopa Kingdom එකේ. පොරගේ සතුට තමයි අනිත් රාජ්‍යයන් ආක්‍රමණය කරලා ඒවායේ බලය තමන් අතට ගන්න එක. ඒ වැඩේට පොර ලොකු හමුදාවක් තියන් ඉන්නවා. ඉතින් කුමාරි ඉන්න Mushroom Kingdom එකට හොට දාන්නත් Bowser අමතක කරන්නේ නැහැ. හැබැයි Bowser කුමාරිට පට්ට ලව්. පොරට ඕන කුමාරිව බැඳලා රාජ්‍යයන් දෙක එකතු කරගෙන පාලනය අරන් යන්න.

Mario ට වගේම Bowser ටත් විශේෂ හැකියාවන් සහ බලයන් ගණනාවක් තියනවා. හැබැයි ඒවා පාවිච්චි කරන්නේ අහිංසක රාජධානි අල්ලන් තමන්ගේ බලය වැඩි කර ගන්නයි.

Bowser

චිත්‍රපටයේ මොකද වෙන්නේ?
තවම චිත්‍රපටය බලපු නැති අය – හ්ම්ම්.. උපසිරැසිය හදපු කෙනා විදිහට කතාවේ මොකද වෙන්නේ?
මම – ඒක චිත්‍රපටය හදපු කෙනාගෙන් අහන්න.
තවම චිත්‍රපටය බලපු නැති අය – එහෙම කොහොමද කියන්නේ?
මම – ඒ ගැන අහලා නිකං කාලේ කන්න එපා.
තවම චිත්‍රපටය බලපු නැති අය – නෑ.. නෑ.. එහෙම කොහොමද කියන්නේ?
මම – මං කියන් නෑ. මං කියන්නෙම නෑ. මං කියන්නෙම නෑ.
තවම චිත්‍රපටය බලපු නැති අය – චිත්‍රපටය හදපු කෙනාගෙන් අහන්න බැරි නම් ඔයාගෙන් තමයි අහන්නේ.
මම – දන්නෑ.. ඒකෙ උත්තරේ දන්නෑ..
තවම චිත්‍රපටය බලපු නැති අය – වගකිය යුතු කෙනෙක් විදිහට උත්තෙරේ දන්නේ නැද්ද?
මම – වගකීමෙන් කියනවා දන්නේ නෑ කියලා.

😁😊😁😊😁😊😁😊😁

හඬ දායකත්වය
The Super Mario Bros. Movie (2023) එක මේ තරම් ජනප්‍රිය වෙන්න බලපාපු ප්‍රධානම කාරණයක් තමයි හඬ දායකත්වය ලබා දුන් නළු නිළි පිරිස. Super Mario විදිහට Chris Pratt, Princess Peach විදිහට Anya Taylor-Joy, Luigi විදිහට Charlie Day, Bowser විදිහට Jack Black, Donkey Kong විදිහට Seth Rogen, Toad විදිහට Keegan-Michael Key තම තමන්ගේ හඬ දායකත්වය ඉතා දක්ෂ අන්දමින් මේ චිත්‍රපටයට ලබා දුන්නා. මම මේ සඳහන් කරේ ප්‍රධාන චරිත විතරයි. තව ඉතින් ගොඩ දෙනෙක් ඉන්නවා.

චිත්‍රපටය මේ වන තෙක් ලබා ගෙන ඇති ජයග්‍රහණ
Illumination and Nintendo සමාගම් විසින් ඇමරිකානු ඩොලර් මිලියන 100 ක වියදමින් නිෂ්පාදනය කර Universal Pictures හරහා ලොව පුරා බෙදා හරින ලද මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරේ Aaron Horvath සහ Michael Jelenic යන අයයි. චිත්‍රපටයේ වර්තමාන IMDb අගය 7.4 ක් වගේම Rotten Tomatoes අගය 59% ක් වශයෙන් පවතිනවා. රේටින් අති විශිෂ්ට නොවුනට, බලන්න මේ චිත්‍රපටය ලබපු ජයග්‍රහණ දිහා.

1) චිත්‍රපටය එළි දක්වා පළමු සති අන්තය වන විට Animated චිත්‍රපටයක් වෙනුවෙන් ලද ඉහලම දළ ආදායම. ඒ Frozen 2 චිත්‍රපටය තැබූ වාර්තාව බිඳ දැමීමෙනුයි.

2) චිත්‍රපටය එළි දක්වා පළමු සති අන්තය වන විට Video game එකක් පදනම් කරගෙන නිපදවූ චිත්‍රපටයක් වෙනුවෙන් ලද ඉහලම දළ ආදායම.

3) එදා මෙදා තුර Video game එකක් පදනම් කරගෙන නිපදවූ චිත්‍රපටයක් වෙනුවෙන් ලද ඉහලම දළ ආදායම.

4) දැනට 2023 වර්ෂයේ හොලිවුඩ් චිත්‍රපටයක් ලැබූ ඉහලම දළ ආදායම. ඒ Ant-Man and the Wasp: Quantumania චිත්‍රපටය තැබූ වාර්තාව බිඳ දැමීමෙනුයි. කරට කර සටනක් දෙන්න මේ වෙනකොට ඉතුරු වෙලා තියෙන්නේ John Wick: Chapter 4 විතරයි.

2023 අප්‍රේල් 5 එළි දක්වලා දවස් 15 ක් ගියාම, ඒ කියන්නේ 2023 අප්‍රේල් 20 වෙනකොට ලැබූ සමස්ථ දළ ආදායම ඇමරිකානු ඩොලර් 730 කට ආසන්නයි. මගේ ප්‍රාර්ථනාව නම් ඉක්මනටම බිලියනයේ ආදායම පහු කරන්න ලැබෙන්න කියලයි. ඒ වගේම මේ ආදායම් වාර්තා වලට මටත් දායක වෙන්න ලැබුණු එක ගැන මම ඇත්තටම සතුටු වෙනවා.

හරි එහෙනම්. මගේ බයිස්කෝප් ජීවිතයේ ලියපු ලොකුම ලිපිය මේක වෙන්න ඇති. වෙලාව අරන් කියවපු අයට බොහොම ස්තූතියි. මම විශ්වාස කරනවා Mario සම්බන්ධ ගොඩක් දේවල් ඔයාලා අලුතෙන් දැනගන්න ඇති කියලා.

එහෙනම් උපසිරැසිය අරන් කමෙන්ට් එකකුත් දාගෙනම යන්න. ජය වේවා!

 

 

 

Due to copyright issues, We do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB / Blu-Ray පිටපත් සඳහා ලබා දී ඇත

24,329 downloadsDownload The-Super-Mario-Bros-Movie-2023-Blu-Ray.zip84 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමිකර විදානගේ (චාමි)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-02-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

24,329 downloadsDownload Subtitles84 KB

32 comments

  1. Chamikara Vidanage

    උපසිරැසිය කරලා තියෙන්නේ HC-HD copy වලට නිසා Cam copy වලින් බලන්න එපා. එහෙම කිව්වේ සමහර විට time gap එන්න පුළුවන් නිසා.
    පුළුවන් ඉක්මණට හොඳ copy එකකට update කරනවා copy ආපු ගමන්.

    1. Nuwan

      Carnival row eketh sub karamuko tawa epi 3 i

    2. Deyya

      ඇයි මොකද්ද උබට වෙන්න ඕනි sub ඉල්ලන්නේ . baiscope එකෙන් දෙයි නැතිනම් දෙන එකක් නැ කාලක ඉවසලා ඉදපන්

  2. PCVENOM

    thanks one of my fav

  3. යුරාන් ධනුක (දනුවා)

    නියමයි චාමි අයියා... මාත් පොඩි කාලෙ ආසාවෙන් සෙල්ලම් කරපු ගේම් එකක් තමයි මාරියෝ.
    ලිපියනම් පට්ටම සුපිරියි... නොදන්න ගොඩක් දේවල් දැනගත්තා.
    හොඳ කොපියක් ආපු ගමන් අප්ඩේට් එක දෙන්න අනිවා ඔයාගේ සබ් එකෙන් බලන්න ඕන.
    එහෙනම් උපසිරසියට බොහෝම ස්තූතියි.
    ජය වේවා !!!

  4. Bimsara Yashan(ඔලිව)

    සුපිරි චාමිකර අයියේ. හොඳ කොපියක් ආව ගමන් අනිවා බලනවා. ඔයාගෙ වටිනා ලිපියට වගේම උපසිරැසියටත් බොහොම ස්තූතියි. ජයවේවා!

  5. Kavinda Robertson

    ant man ekata sub denne natte ai

    1. යුරාන් ධනුක (දනුවා)

      වෙබ් කොපියට සබ් දීලා තියෙන්නේ සහෝ

  6. Rukshan

    අනිත් සයිට් දීල තිබුනේ හෝල් කොපි වගයක්, උඹල සුපිරිනේ.
    මේ කොපිය මරු. පට්ට ක්ලියර්.

    1. Anonymous

      kohomada ganne film eka

    2. Bimsara Yashan(ඔලිව)

      baiscopedownloads.co සයිට් එකේ තියෙනව සහෝ.

  7. Lasantha Manoj

    අඩෝ මේකත් ඔරිජිනල් නෙවෙයි බං.. මේකමයි ටොරන්ට් සයිට් වල HDTC කොපියට තියෙන්නේ..මම කලින් බාලා තිබ්බ HDTC කොපියයි මේකයි දෙකම එකයි බං..

  8. සංජන චමෝද්

    ලිපිය නම් පට්ට.
    ෆ්‍රී වෙලාවක් සෙට් වෙච්ච ගමන්ම මේක බලන්නම් ඕං!
    මාත් ආසාවෙන් සෙල්ලම් කරපු ගේම් එකක් තමා ඉතින් මේක.❤️
    ලිපියට වගේම උපසිරැසියටත් ස්තූතියි අයියෙ.

  9. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  10. Anonymous

    හෑල්ල නම් ටිකක් වැඩි කොල්ලො,ෆිලුම ගැන හැදින්වීමක් තිබ්බානම් ඇති නේද ...නැත්තම් ෆිලුමට කොච්චර අසවෙන් ආවත් හෑල්ල දැක්කම එපාවෙනවා anyway thank you මචං sub එකට

    1. Nalin

      Ithin Bro Oya halla kiyawanne nathiwa, Sub Eka Aran Giyanm harine. Eka oya Hallak Unata Godak ayata Lassna Kathwak.

    2. Anonymous

      පුදුම එවුන් තමා මේකෙ ඉන්නෙ. සබ් එක ගන්න නම් ලිපිය කියවන්නම ඔ්නෙ කියලා නීතියක් දාලා නෑනෙ. ඒ නිසා හෑල්ල එපා නම් සබ අරන් පලයම්කො. ඔ්නෙ උන් ඒක බලයි. සබටයි ලිපියටත් දෙකටම තෑන්ක්ස් බ්‍රෝ...

  11. sadun

    webrip avith thiyenne, sub eka update karanna, thanks...!

  12. ishan

    Thnks machn sub ekta

  13. Anonymous

    සබ් එක දුන්නට බොහොම ස්තූතියි...❤

  14. Ravindra

    Thanks

  15. Hasiya KG

    උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️

  16. Sachith

    BluRay update ekak dennako please

  17. බිම්බිෂ

    ලිපිය පද ගලපලා දීල තියනවා, ආයි ඉතින් සුපිරියි!
    උස මදි කියලා අපි සැලෙනවද නෑ, මාරියෝ ව ආදර්ශයට ගන්න ඕනි.
    ස්ටෝරිය ගැන දන්නෙ නැති කරුණු ගොඩක් දැන ගත්තා ලිපියෙන්.
    වගකීමෙන් කියන්නෙ දන්නෑ සීන් එක ඇඩප්ට් කරලා තියේ ලිපියෙ, මරු ආ...
    අයිතීන් නැති නිසා නිපද වෙච්ච මාරියෝ එදා කවුරුත් ගනන් ගත්තෙ නැති වුනාට අද තමන්ගෙම කියලා ඇනිමේෂන් ෆිලුමක ඉන්නවා. අපේ ජීවිත හරි වෙනස් නෙ...
    ලිපියට ස්තූතියි!
    සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!

  18. බිම්බිෂ

    මකරෙක් නම් කමක් නෑ, ඒ කැස්බෑවා ගිනි පිඹිනවානෙ බ්‍රෝ...?!

  19. Chämàrá Sâmpáth

    ආසාවෙන් ප්ලේ කරපු වීඩියෝ ගේම්, ෆිල්ම් විදිහට හැදෙනවා කියන්නෙ වෙනම ලෙවල් එකක වැඩක් ❤️

    උපසිරැසියට බොහොම ස්තුතියි මචං!!!

    1. Hiru

      Lego movie එකටත් සබ් ඕනේ yts.mx එකේ සබ් වලට හදල දෙන්න

  20. Sachith

    ස්තුතියි ❤

  21. Anonymous

    Elemental 2023 Movie එකට සිංහල subtitles දෙන්න පුලුවන්ද?

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Anonymous

    Thanks Bro <3

  24. Hiru

    Lego movie එකටත් සබ් ඕනේ yts.mx එකේ සබ් වලට හදල දෙන්න

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.