Watch Trailer

Polar Bear (2022) Sinhala Subtitles | හිම වලසෙකුගේ ජීවිත කතාවක් [සිංහල උපසිරසි]

Polar Bear (2022) Sinhala Subtitles කොහොමද හැමෝටම? හැමෝම හොඳින් කියල හිතනවා. ඉතින් සෑහෙන කාලෙකට පස්සේ ආයෙත් මේ දිහාවේ වාර්තාමය චිත්‍රපටයක් අරගෙන එන්න හිතුණා. මේකේ සබ් එකේ මුල් කොටස් නම් කළේ අවුරුද්දකට වගේ කලින්. නමුත් වැඩ අතරමඟ නතර වෙලා තිබිලා, ළඟදි තමයි ඔන්න මේක මතක් වෙලා අහවරක් කරලා දැම්මේ. මේ Po…

Polar Bear (2022) Sinhala Subtitles

කොහොමද හැමෝටම? හැමෝම හොඳින් කියල හිතනවා. ඉතින් සෑහෙන කාලෙකට පස්සේ ආයෙත් මේ දිහාවේ වාර්තාමය චිත්‍රපටයක් අරගෙන එන්න හිතුණා. මේකේ සබ් එකේ මුල් කොටස් නම් කළේ අවුරුද්දකට වගේ කලින්. නමුත් වැඩ අතරමඟ නතර වෙලා තිබිලා, ළඟදි තමයි ඔන්න මේක මතක් වෙලා අහවරක් කරලා දැම්මේ. 

මේ Polar Bear (2022) Disney Nature වාර්තාමය චිත්‍රපටයට උපසිරසගන්වන්න පෙළඹුණු ප්‍රධානතම හේතුව තමයි මම කලින් ඔයාලා වෙත ගෙනාව Penguins (2019) සහ Elephant (2020) චිත්‍රපට දෙකට ලැබුණු වටිනා ප්‍රතිචාර. දෙක තුනක් වුණත් ඒ කමෙන්ට්ස් ටික දැක්කාම හිත පිරිලා ගියා. හදවතින්ම ගොඩක් ස්තුතියි සහෘදයිනි ඔයාලා මම දරපු ප්‍රයත්නය අගය කරලා ඒ කරපු දිරිගැන්වීම් වෙනුවෙන්.

එහෙනම් අපි බලමු මේ චිත්‍රපටය ගැන. අපි මේ වැඩසටහනින් බලන්නේ Polar Bear කෙනෙක් ගැන. සිංහලෙන් කියනවනම් හිම වලහෙක් ගැන. ඉතින් කවුද හිම වලසා කියන්නේ? ඇත්තටම ඒ ගැන නම් මම විස්තර කරන්න යන්නෙ නැහැ, නමුත් ඒ ගැන වටිනා විස්තරාත්මක ලිපියක් විකිපීඩියා එකේ දැනටම තියෙනව. ඉතින් මෙතනට ගියොත් ඒ ලිපිය ඔයාලට කියවන්න හැකියාව තියෙනව.

ඇයගේ ජීවිතයේ කුඩා කාලයේ ඉඳලා වැඩිහිටියෙක් බවට පත් වන තුරු සිදු වීම් මාලාව, ආක්ටික් ප්‍රදේශයේ දිවි ගෙවන විටත්, අධිකතර දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වන ඍතු සමයන් පසු කරගෙන යාමේදී ජීවිතයේ ඇයට මුහුණ දෙන්න වන අභියෝග වගේම දිවි ගලවාගෙන ඇය මේ කටුක සටන ජය ලබා සාර්ථකත්වය ලබා ගනීවිද නැද්ද කියන එක තමයි ඔයාලට මේ ලස්සන වැඩසටහන තුළින් දැකගන්නට ඉඩ ප්‍රස්ථාව ලැබෙන්නේ. ඇත්තටම මම නම් ගොඩක් භුක්ති වින්දා මේක. ඔයාලත් සතුන් පිළිබඳ වාර්තා චිත්‍රපටවලට කැමතිනම් අනිවාරෙන් බලන්න කියලා ආරධනා කරනවා.

තවත් උපසිරසකින් හමුවෙමු…

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරස WEBRip පිටපත් සඳහා ආදාළ වේ.

1,773 downloadsDownload Polar-Bear-2022.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2015-02-06
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි. 

Polar Bear (2022) Sinhala Subtitles, Polar Bear (2022),Polar Bear (2022) Sinhala Sub

Subtitles by

එල්. සී. දමැල්

Subtitles

1,773 downloadsDownload Subtitles19 KB

9 comments

  1. losaka

    මෙි වගේ Documentary නම් පට්ට

  2. Anonymous

    Thanks a lot

  3. Kelum

    Thanks bro

  4. Sandaruwan

    Thanks bro

  5. Buddhika Lakmal

    මේ වගේ ඩොකියුමන්ට්‍රි නම් සුපිරි මචං....
    සබට තැන්ක්ස් මචං.....

  6. pauss

    Nice post

  7. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  8. Anonymous

    Thanks a lot. Thanks again

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P