හොඳයි, එහෙනම් ඔන්න පොරොන්දු වුන විදියටම Police Story 3 වෙනි චිත්‍රපටියත් අරගෙන ආවා. Police Story 1 – 2 යන චිත්‍රපටි අතරින් මේක තමයි හොඳම චිත්‍රපටිය. ජැකිගේ සුපිරි ක්‍රියාදම දර්ශන පෙලක්ම බොහොම අපූරුවට මේ චිත්‍රපටියේ එක්කහු වෙලා තියනවා. මේකේ කොච්චියක ජැකි චැන් සටන් වදින බොහොම නෙත් ඇදගන්නා සුළු දර්ශනය…

හොඳයි, එහෙනම් ඔන්න පොරොන්දු වුන විදියටම Police Story 3 වෙනි චිත්‍රපටියත් අරගෙන ආවා. Police Story 1 – 2 යන චිත්‍රපටි අතරින් මේක තමයි හොඳම චිත්‍රපටිය. ජැකිගේ සුපිරි ක්‍රියාදම දර්ශන පෙලක්ම බොහොම අපූරුවට මේ චිත්‍රපටියේ එක්කහු වෙලා තියනවා. මේකේ කොච්චියක ජැකි චැන් සටන් වදින බොහොම නෙත් ඇදගන්නා සුළු දර්ශනයක් තියනවා, ඒ දර්ශනයි අනිත් චිත්‍රපටි 2කේ වගේම සියලුම ක්‍රියාදාම සටන් දර්ශන ගන්නේ ඇත්තටමයි. පරිගණක සජීවිකරණ දේවල් මුකුත්ම නෑ. ජැකීගේ මේ Police Story චිත්‍රපටි මාලාව රූගත කරන්න විශාල කැමරා ප්‍රමාණයක් යොදාගෙන තියනවා. ඒ වගේම හුඟක් තැන් වල ජැකීට තුවාලත් වෙලා ලේ හිටං ගලන අවස්ථා වෙලා තියනවා. ඒ සමහර කොටස් ඔයාලා මේ චිත්‍රපටි මාලාවේ අවසන් කොටස් වල දකින්න ඇතිනේ.
මේ චිත්‍රපටිය තියලා තියන Box Office වාර්තාව ඇවිල්ලා ඇමරිකානු ඩොලර් මිලියන $16,270,600ක්. බොහොම විශාල ආදායමක් උපයන්න සමත් වෙලා තියනවා.
කතාව මේකයි,
චායිබාට් නැමති ප්‍රබල මත්ද්‍රව්‍ය අධිපතියෙක් නිතීයේ රැහනට කොටු කරගැනීමට ජාත්‍යන්තර පොලිසිය විසින් විශාල සැලසුමක් සකස් කරනවා. මේ වැඩේට යවන්න ජාත්‍යන්තර පොලිසියේ උදවිය හොයන්නේ එක විශේෂ සුපිරි පොලිස් නිලධාරියෙකුවයි, මොකද මේ චායිබාට් කියන මත්කුඩු අධිපතියව අල්ලන ඒක ලේසි වැඩක් නෙමෙයි හින්දා. විශාල හමුදාවක් පිරිවරාගෙන රහසිගත දූපතක තමයි මිනිහා ඉන්නේ. මේ වගේ මෙහෙයුම් සම්බන්ධයෙන් අත්දැකීම් බහුල දක්ෂ අපේ සුපිරි පොලිස් නිලධාරියා වන චැන් කාකූයිව තමයි යවන්න යෝජනා වෙන්නේ. මේ මෙහෙයුමට තවත් එක ජාත්‍යන්තර පොලිසියේ උසස් නිලධාරිනියක් කාකූයි එක්ක යනවා. මෙයාලා යන්නේ වෙස්වලාගෙන චායිබාට් මත්කුඩු අධිපතියගේ දකුණු අත විදියට ඉඳපු දැන් සිරගත වෙලා ඉන්න පුද්ගලයෙක් සමග හාද වෙලා චායිබාට්ට කිට්‍ටු වෙන්නයි.
හොඳයි, එහෙනම් තවත් වැඩි විස්තරයක් මම කරන්න උවමනා නෑ කියලා හිතනවා, චිත්‍රපටිය එහෙනම් අරගෙනම බලන්න.
● මෙම චිත්‍රපටය සදහා සිංහල උපසිරැසි සකස් කොට තිබෙන්නේ මෙම චිත්‍රපටියේ නියමානුකූල පිටපත වන දකුණු චීන භාෂාව අඩංගු පිටපතේ ඉංග්‍රීසි උපසිරැසියට සරිලන අයුරිනි.
● ඉංග්‍රීසි හඬකවන ලද පිටපතකට මෙම උපසිරැසි නිසි ආකාරව ක්‍රියා කිරීම හෝ යොදා ඇති වචන නොගැලපීම සිදුවිය හැක. එම නිස හඬනොකවන ලද නියමානුකූල ශබ්ද පිටපත සහිත තිබෙන චිත්‍රපටයේ පිටපතම ලබාගන්න.

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
3,948 downloadsDownload Police.Story_.3.SuperCop.1992.zip43 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
UD Shehan
Subtitles
19 comments
eshan sampath
madushrmh
Old Is Always Gold!!!
thanks
Hashan M. Priyadarshana
බොහොම ස්තූතියි බ්රෝ සබ් එකට.. Police Story ඉතුරු ෆිල්ම් ටිකටත් ඉක්මනටම සබ් එක දෙමු..
ජය වේවා.!Ishara_sw
බොහොම ස්තූතියි සබ් එකට...
geeganagamage
මේක මම පුංචි කාලේ ගොඩාක් ආසාවෙන් බලපු ෆිල්ම් එකක් බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් ඒ වගේම අනිත් ෆිල්ම් ටිකටත් සබ් දෙන්න .
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.....!
Ishan Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට
Amalka Himeshan
Elama machan thanks
OshankaNW
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ .....
ජයවේවා ....geeganagamage
Police Story 2013 ෆිල්ම් එක තියෙන්නේ HD RIP කොපිය එක ඩවුන්ලෝඩ් වෙන්නේ නැහැ පුලුවන්නම් එකටත් BLURAY update එකක් දෙන්න.
Malinda
Thank you malli. firststrike ekatath sub damu.
Suranjan
Thanks machan.....jayawewa.....!
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!jagath55
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nirosha Nirosha
thanks
Chaminda Lakruwan
ගොඩක් ස්තූති සබ් එකට
Bimbisha
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය !
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Download karanna thiyena site eka weda nane