ඔන්න යාළුවනේ මටත් හිතුණ ෆිල්ම් එකකට සබ් එකක් දාන්න. මමත් බයිස්කෝප් අඩවියට නිතර එන යන කෙනෙක්. මම හා හා පුරා කියල තෝරගත්තෙ පට්ටම පට්ට ෆිල්ම් එකක්. මේකෙ නම A Tale of Mari and Three Puppies. මේක ජපන් කතාවක්. මේ කතාව කොච්චර සංවේදී ද කියනවනං සබ් දාන අතරෙත් කීප සැරයක්ම මට ඇඬුණ. බලු අම්ම කෙනෙකුගෙයි එයාගෙ […
ඔන්න යාළුවනේ මටත් හිතුණ ෆිල්ම් එකකට සබ් එකක් දාන්න. මමත් බයිස්කෝප් අඩවියට නිතර එන යන කෙනෙක්. මම හා හා පුරා කියල තෝරගත්තෙ පට්ටම පට්ට ෆිල්ම් එකක්. මේකෙ නම A Tale of Mari and Three Puppies. මේක ජපන් කතාවක්. මේ කතාව කොච්චර සංවේදී ද කියනවනං සබ් දාන අතරෙත් කීප සැරයක්ම මට ඇඬුණ. බලු අම්ම කෙනෙකුගෙයි එයාගෙ පැටව් තුන් දෙනාගෙයි කතාව තමයි තියෙන්නෙ. මේක සත්‍ය සිද්ධියක්. 2004 ජපානෙ සිදු වුණ භුමි කම්පාවක අතරෙ තමයි මේ සංවේදී කතන්දරය එළියට එන්නෙ. පසු කාලෙක මේ කතාව පොතකටත් පෙරළුණා.
කතාව චුට්ටක් කියන්නංකො. Yuichi කියන්නෙ Yamakoshi ගම්මානයෙ ජීවත් වෙන ග්‍රාම නිළධාරියෙක්. එයා ජීවත් වෙන්නෙ වයසක තාත්ත Yuzo, පුතා Yuzo සහ දුව Aya ත් එක්ක. එක දවසක් මේ පොඩි උන් දෙන්නට බැලි කික්කියක් හම්බ වෙනව පාරෙ ඉඳල. පස්සෙ කොහොමහරි ඒ දෙන්න ඌව ගෙදර අරං එනව. එයාට නම දානව Mari කියල. 2004 වර්ෂයෙදි Mari පැටව් 3න් දෙනෙක් බිහි කරනව. ඒ ගොල්ල සතුටින් ඉන්න කොට දවසක් ලොකු භූ චලනයක් ඇවිත් මුළු ගමම යටවෙනවා. ඒ වෙලාවෙ ගෙදර හිටියෙ සීයයි චූටි දුවයි විතරයි. ඒ දෙන්නම ගෙට යටවෙලා ඉන්නකොට Mari ඇවිත් එයාලව හොයා ගන්නවා. පස්සෙ හමුදාවෙන් ඇවිත් ඒ දෙන්නව අරං යනව නගරෙට හැබැයි Mari වයි පැටව් තුන් දෙනයි තනි කරල දාල. Mari පැටව් තුන් දෙනත් එක්ක ගමේ තනි වෙනව. හැබැයි කොහොමහරි පොඩි උන් දෙන්න තීරණය කරනව කොහොම හරි Mari ව බේර ගන්න. Mari කොහොමද ගෙදර අය නැතුව ජීවත් වෙන්නෙ, පැටවුන්ට මොකද වෙන්නෙ, Mari ට බේරෙන්න පුළුවං වෙයිද වගෙ ප්‍රශ්ණ ටිකක් අහන්න පුළුවං ඊට පස්සෙ (එහෙමනේ අහන්නෙ). ඉතුරු ටික කතාව බලලම දැනගන්නකො.
මේ චිත්‍රපටියෙ IMDb rating එක 7.1 ක්. මෙකෙ ඉන්න පොඩි ළමයගෙ රඟපෑම නං විශිෂ්ටයි!
1.4 GB කොපිය මෙතනින් බාගන්න 8fed3147c0e197e8da2150415322b4cd95dafb54
1,680 downloadsDownload A-Tale-of-Mari-and-Three-Puppies-2007.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉන්ද්රජිත් කුමාර
Subtitles
52 comments
ධනු
vee
seed thiyenawa machan hodata :D
උදාර
තවත් අලුත් සහෝ කෙනෙක් නියමයි මේක නම් පට්ට වගේ
rusuru | රුසිරු
සාදරයෙන් පිලිගනන්වා!
ජපන් කතා වල එන්නේ කොහොමත් ලොකු ටොරෙන්ට් හෙමිට බාමු නේnisala
maxxa hachiko dog story aka wage athi akath patta http://www.baiscopelk.com/?p=2423
hh
thanks saho thwath subs demu
eranga
thawath aluth saho kenek ho gala anawa aluth kattiya dan name wath mathaka thiya ganna amaru
ela ela
2 weni akath demu ahenam
vee
maxxa machan 1st akama maru
ශාන් විමුක්ති [ විමා]
නියමයි සහෝ
ලසන කතාවක් වගේ පලවෙනි එකටම තෝරන් තියෙන්නේ
කවුද බවුව පැටවුන්ට අස නැත්තේ නේ ;)
එහෙමනම් සහෝ පලවෙනි උපසිරසට සුබපැතුම්
එඅ වගේම අපේ කණ්ඩායමට සාදරයෙන් පිලිගන්නවා ඔයාව
තව අරන් එන්න හොදේශාන් විමුක්ති [ විමා]
සේරම හොදයි මේකේ සයිස් එක වැඩි නැත්තම් මචෝ :(
danika
welcome kiwa sahota
tharanga
අලුත් සහෝලා එන්න එන්න වැඩි වෙනවා නියමයි දිගටම සබ් දාගෙන යමු
ජය වේවා!!!!ganidu
තැන්ක්ස් වේවා!!
chamath cafe
සාදරයෙන් පිලිගනන්ව !
සමීර චතුරංග
සුපිරි තවත් අලුත් කොල්ලෙක්..මරු මරු...පළමු එකට සුබපැතුම්..දිගටම සබ් දෙමු..කිව්වත් වගේ මේකේ සයිස් එක තමයි අවුල..කමක් නැහැ බාන්න දැන්ම ඔන්න..ජය.
shann
නියමයි මචෝ ඔය සුපිරි එකකින් වැඩ පටන් අරගෙන තියෙන්නේ
sp පියමල්
නියමයි සහෝ,පළමු නිර්මාණයට සුබ පතනවා,මන් මේ වගේ ඇඩෙන කතා වලට තමයි කැමති,ඔන්න එහෙනම් ගන්නවා අද උදේ පාන්දරම,thanks
sp පියමල්
ඇත්තටම ඒ බල්ලන්ගේ රඟපෑම නම් නියමයි,ඒ පොඩි කෙල්ල අඬන කොට දුක හිතෙනවා,මරිගේ මූණ දැක්කම දුක හිතෙනවා,අර aya ව බදාගෙන ඉන්න වෙලාවේදී,කොහොම උනත් මේ වගේ ලස්සන ෆිල්ම් එකකට සබ් දීපු එකට ගොඩාක් තුති
Amil
Thanks machan...
කවිඳු
ස්තුතියි සහෝ!
Isuru
සබ් වලට thanks සහෝ...
Tharaka
ස්තූතියි සහෝ උපසිරැසියට. අනිවාර්යෙන්ම මේක බලනවා.
හර්ෂ ලහිරු
පලමු සබට සුභ පැතුම්
තව සබ් දෙමු ජයmudiya / මුදියා
මේ බලු පැටවු ටිකගෙ ලස්සන.අනිව බලනව මචං මේකනම්.
කොපිය තමයි ටිකක් ලොකු.
පළවෙනි සබ් එකට මගෙන් සුභ පැතුම් ඉන්ද්‍රො.
ජයවේවා.බොහෝ.........................................................................ම ස්තූතියි...!sameera
ස්තුතියි සිංහල සබ් වලට. මේ කතාව ගැන තියෙන සංවේදී වීඩියෝ ක්ලිප් 1ක් facebook 1න් දැකල, film එක ඩවුන්ලෝඩ් කරන් බැලුව, මීට මාසෙකට විතර කලින්. ඇස් වලට කදුලු එන සංවේදී කතාවක්. සත්තුන්ට ආදරේ කරන හැම කෙනෙක්ම බැලිය යුතු කතාවක්.
නලින්
ස්තුතියි ඉන්ද්‍රජිත් සහෝ මේවගේ ලස්සන කථාවක් ගෙනාවට
පළමු එකට සුභ පැතුම්
ජය වේවා!
නලින්
අඩේ මේකේ ට්‍රෙලර් එක බලපු ටිකටත් ඇඩුනා බොලේ.
ෆිල්ම් එකම බලලා ඉවර වේද්දි කදුළු වලටම ගිලේයිද දන්නේ නැහැ..
අනිවා මේක නම් බලන්නම ඕනේ
නැවත සැරයක් ජය වේවා කිව්වා!
Tanya De Silva
This film reminded me the film 'Hachiko'. Really It made me cry. Wish u all the very best with ur subs and all.............
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa..pinsiduweewa...Saman Prasad (Black Cobra)
ela ela saho. dn ithin digatama sub demu... sub ekata thanx... jaya...!!!
jack
නියමයි මචෝ. ස්තුතියි....
දිල්ෂාන් කාලිංග
පළමු උපසිරසියට මගෙන් සුබ පැතුම් සහෝ..
දිගටම සබ් දෙමු.nalaka
පළමු නිර්මාණයට සුබ පැතුම් සහෝ...දිගටම දෙමු එහෙනම්...
රොයිලි
බොහොම ස්තූතියි ඉන්ද්‍රජිත් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
#ChalinduDeshan (කිනා)
ෂා! එල එල.
නියම බලු :D කතාවක් වගේ අරං ඇවිත් තියෙන්නේ.
දිගටම දෙමු එහෙනම්.
ජයවේවා!කේ.යූ.ජී. උදාර
පළමු වැඩේට සුබ පැතුම් සහෝ........
දිගට ම මේ වැඩේ කරගෙන යමු.“චූටී මල්ලි”
නියම බලු කතාවක් වගෙ
තව දෙමු
සබට තුති
ඔබට ජයNCJD
ලස්සන කතාවක් බව පේන්න තියෙන නිසා ඔන්න බා ගත්තා. බොහොම ස්තුතියි සිංහල උපසිරස වෙනුවෙන්.
Kelum
I download your movies all the time and thanks for making them available..But I am not happy of the quality of subtitles...The sinhala line does not bring the meaning of the English in many occasions I noticed..This way the quality of the story goes down...for example;
I dont get it - simply means I dont understand
But the sinhala subtitle for the above was මට ඒක එන්නෙ නෑ..
There were many such points in your subtitles.. Giving anyone an opportunity to make subtitles is a good thing...But before publishing, someone should proofread...And that will increase the quality of your superb work...Due to this mess, I have chosen not to use ur subtitles...
Thanks,
Kelumහසන්ත
Dear Kelum,
This is not a easy work to done so easily as you said. Anyway I accept your comments cause I saw those errors, while I was watching this movie with the Sinhala subtitle. But I can tell you this is not applicable for all the subtitles. Hope you'll understand this is his first subtitle and by the time being he'll improve himself with these kind of guidance. We don't have enough resources to double check each and every subtitle line by line. It's a hell of a job to do. Thanks for the being kind enough to give your valuable comment on our friend's work to improve himself and our web site as well. :D
-------------------------------------------------------------------------------
කොහොම නමුත් මේ කතාව නම් උපරිමයි. සැහෙන්න කාලෙකින් බලපු ලස්සන වගේම සංවේදී සලරුවක්. ඔයා කිව්වට ගැහැණු ළමයාගේ රඟපෑම විශිෂ්ඨයි කියලා. එත් මටනම් ඒ මේ කතාවේ ඉන්න සුනඛ දේනුවගේ රඟපෑම නම් අති විශිෂ්ඨයි. හිතාගන්න බැහැ තිරිසන් සතෙක් මේ වගේ දේවල් කරන්නේ කොහොමද කියලා. ඒ වගේම සිංහල උපසිරසටත් ගොඩක් ස්තුති වෙනවා. අර උඩ කැලුම් සහෝදරයා කියල තියෙන දේවල් ගැන සැලකිලිමත් වෙමින් මීට වඩා හොඳ උපසිරසකින් ආයෙත් හමුවෙමු.
Emi
Many Thanks
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ,පළමු වැඩේට සුබ පැතුම්,ජයවේවා.
thilanka
thanks
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍සංජය
පුංචි අපිට නියම චිත්තර පටියක්... බොහොම ස්තුතියි ඉන්ද්‍රජිත් සහෝ...
gihan
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
Abhi
Thank u soooooo much............
Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
Naween
නියමයි සහෝ…
උපසිරැසියට බොහොම කෑන්ක්ස්.ඔබට ජය…!I.W.M.S Ilangakoon
ela machoooo,,,
supiri story ekak wage,,
digatama demu ,,,
jaya wewa,,,Udara Damith B/K
ස්තූතියි.........
nidi
ඉන්ද්රජිත්,
ඔයාත් අඞලා- අපිවත් අඞවන්න හරිම සංවේදී, ලස්සනම ලස්සන චිත්රපටයක් දුන්නාට ගොඩක් ස්තුතියි. ගොඩාක්ම!
ඕනැම කෙනෙකුට බලලා සතුටු වෙන්න පුළුවන් හරිම මනරම් නිමැවුමක්!
ස්තුතියි!
Advertisement

niyami kolla.....thawa sub demune....
dila thiyana copiya thama awula....seed thiyanawada danne