පොඩි කාලේ කවුරුහරි ඔයාට…… ඔයා හොඳ කීකරු ළමයෙක් කියල කිව්වොත්….. ඒ ගැන සතුටු වෙන්න එපා….. ඒක උගුලක්……. ජීවිත කාලෙම අපෙ අත්තටු අගුලු දාල තියාගන්න කරන දිරිමත් කිරීමක්…… ඔයාගේ අත්තටු හිර කරලා තියෙද්දී….. ඔයා කොහොමද පියාඹන්නේ? සුභ දවසක් වේවා හැමෝටම. මුලින්ම මට මේ අවස්තාව ලබා දුන්න බයිස්කෝප් ඇඩ්මින් මඩුල…

පොඩි කාලේ කවුරුහරි ඔයාට……
ඔයා හොඳ කීකරු ළමයෙක් කියල කිව්වොත්…..
ඒ ගැන සතුටු වෙන්න එපා…..
ඒක උගුලක්…….
ජීවිත කාලෙම අපෙ අත්තටු අගුලු
දාල තියාගන්න කරන දිරිමත් කිරීමක්……
ඔයාගේ අත්තටු හිර කරලා තියෙද්දී…..
ඔයා කොහොමද පියාඹන්නේ?
සුභ දවසක් වේවා හැමෝටම. මුලින්ම මට මේ අවස්තාව ලබා දුන්න බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට මං ස්තුතිවන්ත වෙනවා. මං අද උපසිරැසි නිර්මාණය කරේ 2015 වසරේ තිරගත උන Rani – Padmini මලයාලම් සිනමා නිර්මාණයට.
2015 ඔක්තෝම්බර් මස 23 වෙනි දින තිරගත වීම ආරම්භ කරපු මෙම නිර්මාණය Adventure/ Drama කාණ්ඩ යටතේ වර්ග වෙලා තියෙනවා.
6.1/10 IMdb, 76% Google Users, 3/5 Times of India, 3/5 Filmbeat ලබා ගන්න සමත් උන මේ නිර්මාණය Salt N’ Pepper (2011), 22 Female Kottayam (2012), Idukki Gold (2013), Mayaanadhi (2017), Virus (2019) වැනි අතිශයින් ජනාදරයට පත් සිනමා නිර්මාණයන්හි අධ්‍යක්ෂක Aashiq Abu ගේ තවත් විශිෂ්ඨ අධ්‍යක්ෂණයක්. Ravisankar, Syam Pushkaran අගනා තිර රචනයක් වන මේ සිනමා නිර්මාණයෙහි Bijibal ගේ සංගීතයෙන් වර්ණ ගැන්වුණ ලස්සන ගීත කිහිපයක් ඇතුලත් වෙනවා. ඒවත් මග අරින්නේ නැතිව රස විඳින්න කියල මතක් කරනවා.
මේ චිත්‍රපටිය නිකුත් වූ පළමු දිනයේම ඉන්දියන් රුපියල් ලක්ෂ 38 ක්, දින 4 තුල ඉන්දියන් කෝටි 1.66 සහ දින 14 තුළ ඉන්දියානු රුපියල් කෝටි 2.85 වාර්තාගත ආදායමක් ලබා ගන්න මේ නිර්මාණය සමත් උනා.
කතාව ගැන පොඩ්ඩක් කියනව නම් පද්මිණි (Manju Warrier) කියන්නේ ගමක හැදුන ආයුර්වේද වෙදමහත්තයෙක්ගේ දුවෙක්. සාම්ප්‍රදායක විදියට හැදුනු පද්මිණි විවාහ වෙන්නේ දිල්ලියේ ජිවත් වෙන මෝටර් රථ ධාවකයෙක් වෙන ගිරි (Jinu Joseph) එක්ක. ඉතින් විවාහ ජීවිතේ රසවත් වෙයිද? දහසක් හීන එක්ක ජීවත් උන පද්මිණිට නියම නැන්දම්මා කෙනෙක් හම්බ වෙනවා. පද්මිණිගේ උපන් දිනේට මී හරක් බානක් තෑගි දෙන, විවාහ සංවත්සරේට වතුර හිටරයක් තෑගී දෙන අමුතුම පවුලක් එක්ක තමයි පද්මිණිට ඉන්න වෙන්නේ. මේ අලකලංචි අතරේ ගිරි යනවා හිමාලේ ධාවන රැලියකට. ඒ අතරේ පද්මිණි රැකියාවක් හොයා ගන්නවා. වැඩේ ලේසි වෙන්නේ නෑ. රස්සාවද? පවුලද? නැන්දම්මා කියනවා මේ දෙකෙන් එකක් තෝර ගන්න කියල. ඒ මදිවට ගිරී අත්සන් කරපු දික්කසාද ඉල්ලුම් පත්‍ර වගේකුත් පෙන්නනවා. ඉතින් අහිංසක පද්මිණි මේ ප්‍රශ්නේ ගිරී එක්ක කතා කරලා විසඳ ගන්න ගෙදරින් හොරෙන් පැනලා හිමාලෙට යනවා.
එතකොට තමයි බස් එකේදී රාණි (Rima Kallingal) හම්බ වෙන්නේ. මේ දෙන්න හරියට ගල් බනිසුයි ලුණු මිරිසුයි වගේ ගැලපෙන්නෙම නැති යාළුවො දෙන්නෙක්. රාණි කියන්නේ කොල්ලෙක් වගේ ඉන්න ටවුමේ ජීවත් උන දඟකාර කෙල්ලෙක්. තමන්ගේ තියෙන ආර්ථික ප්‍රශ්න හින්දා ඒවා විසඳ ගන්න බැරිම තැන තමන්ගේ ගේ ඉස්සරහ පදිංචි වෙලා ඉන්න, පොලිසියෙන් හොයන අපරාධකාරයෙක් ගැන පොලිසියට ඔත්තුව දීලා මුදල් තෑග්ගක් ගන්න හිතුවම වදින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටුනා වගේ ඒ මැරයා රාණි ගැන දැන ගෙන එයා පස්සෙන් පන්නනවා. එයාලගෙන් බේරෙන්න රාණිත් හිමාලෙට යන අතරමගදී මේ දෙන්නගේ යාළුකම ඇති වෙනවා. අරමුණු දෙකකට යන මේ දෙන්නට මොනවා වෙයිද? ගොඩක් රසවත්. වෙනස්ම ලස්සන පරිසරයක රූගත කරලා තියෙන මේ සිනමා නිර්මාණය බලන්නම වටින නිර්මාණයක්.
මේ සිනමා නිර්මාණය වෙනුවෙන්,
Vanitha Film Awards
Special Performance (female) – Rima Kallingal
5th South Indian International Movie Awards
Nominated – Best Actress in a Supporting Role – Rima Kallingal
Nominated – Best Music Director – Bijipal
63rd Filmfare Awards South
Nominated – Best Actress – Manju Warrier
Nominated – Best Playback Singer Female – Chitra Arun – “Oru Makaranilavay”
Asianet Film Awards
Best Actress – Manju Warrier – Nominated (shared with Ennum Eppozhum)
Best Character Actress – Rima Kallingal – Nominated
මෙලෙස මේ ශිල්පීන් ඇගයුමට ලක් වෙලා තියෙනවා.
මගේ මේ උපසිරැසි නිර්මාණයත් රස විඳින්න කියලා ඔයාල හැමෝටම අරාධනා කරන ගමන්ම තමන්ගේ කාලය වැය කරලා මගේ උපසිරැසිය වෙනුවෙන් වචන කීපයක් පෙළගස්වන ඔයාලා හැමෝටමත් ස්තුතිවන්ත වෙනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා අදාළ වේ.
2,673 downloadsDownload Rani-Padmini-2015.zip35 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රේණුකා සුභාෂිණි
Subtitles
10 comments
Sohan Jayasooriya
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....!
Kavinu
මේ වගේ වහන් වුණු මලයාලම්වලටම දිගටම සබ් ගේමු,
ජය වේවා! ❤️
මියුසික් පැත්ත මාරම ලස්සනයි!!isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ...
M.W. Dilhani
Thank you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
රංගික සිනෙත්
බෝම තුති. වැඩක්.ජය වේවා
Ajithkumara1
Thanks sister
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Rani Padmini (2015) Sinhala Subtitle | රාණියි පද්මිණියි [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/Rani-Padmini-2015.jpg)
ගොඩක් ස්තූතියි උපසිරැසට