Watch Trailer

Saajan (1991) |කවියකට පෙම් බැඳ… [සිංහල උපසිරසි සමඟ]

බොලිවුඩ් සිනමාවෙ එදා මෙදා තුර තුන් කොන් ප්‍රේම වෘතාන්ත බොහෝ දක්නට ලැබෙනවා. ඒ අතරින් Raj kumar ගෙ Sangam, Subhash Ghai ගෙ Taal, Ramgopal Varma ගෙ Rangeela, Sanjay Leela Bhansali ගෙ Hum Dil de Chuke Sanam, Karan Johar ගෙ Kuch Kuch Hota Hai චිත්‍රපටි අති සාර්තක උනා. ඒ අතර Saajan චිත්‍රපටිය ඉතාමත් සාර්…

Saajan 1991 බොලිවුඩ් සිනමාවෙ එදා මෙදා තුර තුන් කොන් ප්‍රේම වෘතාන්ත බොහෝ දක්නට ලැබෙනවා. ඒ අතරින් Raj kumar ගෙ Sangam, Subhash Ghai ගෙ Taal,  Ramgopal Varma ගෙ  Rangeela, Sanjay Leela Bhansali ගෙ  Hum Dil de Chuke Sanam, Karan Johar ගෙ Kuch Kuch Hota Hai චිත්‍රපටි අති සාර්තක උනා. ඒ අතර Saajan චිත්‍රපටිය ඉතාමත් සාර්තක උනා.

1991 වසරේ තිරගත වූ IMDb අගය 7.3 ක් ලබා ගත් මේ චිත්‍රපටිය ප්‍රංශ නාට්‍යයක් වන Cyrano de Bergerac ඇසුරෙන් නිපදවූවක්. එම වසරේ වැඩිම ආදායම් වාර්තා තබන්නත් සමත් වෙන්නේ මේ චිත්‍රපටියයි. අධ්‍යක්ශනයෙන් දායක වන්නේ Dil tera Deewaana, Arzoo, Jodha Akbar, What’s Your Rashee වැනි චිත්‍රපටි අධ්‍යක්ශනය කල Lawrence D’Souza විසින්. මෙය ඔහුගේ හොඳම් අද්‍යක්ශනයක් ලෙසත් සැලකෙනවා. විවිධ කැමරා කෝන වලින් ප්‍රදාන චරිත තුනක් තනි රාමුවකට ගැනීමට සහ ඔවුන්ගේ සම්බන්දතාවය එකිනෙක ගලපන්න ඔහු බොහොම අපූරුවට සමත් වෙලා තියෙනවා.

මෙහි තියෙන තවත් විශේශත්වයක් තමයි Nadeem-Shravan ගේ මියුරු සංගීතයෙන් හැඩවුනු ගීත එකතුව. SP Balasubramanyam, Anuradha Paudwal, Kumar Sanu,  Alka Yagnik සහ සුප්‍රසිද්ද ගසල් ගායක  Pankaj Udhas ගෙ මියුරු හඬින් ගැයුනු අපූරු ගීත 8ක්ම ඇතුලත් වෙනව. දැනට අවුරුදු ගානක් ගත උනත් ඒ ගීත තවමත් ඉතා ජනප්‍රියයි. මෙහි සංගීත දායකත්වය වෙනුවෙන් 1991 වසරේදි හොඳම සංගීත නිර්මානයට හිමි Filmfare සම්මානය Nadeem-Shravan විසින් දිනා ගනු ලැබුවා. ඒ වගේම මෙහි එන Mera Dil Bhi Kitna Pagal Hai ගීතය වෙනුවෙන් හොඳම ගායකයාට හිමි සම්මානය Kumar Sanu විසින් දිනා ගත්තා.

කතාව ආරම්බයේදී සාම්ප්‍රදායික ආකාරයට ආරම්බ උනත්, මොහොතකින් එය වෙනස් වී වෙනස්ම ආකාරයකට කතාව ගලාගෙන යනවා. මෙහි ප්‍රදාන චරිත තුනක් තිබෙනවා,

අමන් වර්මා හෙවත් සාගර් –

කවියෙක්. ඇත්ත නම  අමන්, ඒත් කවි ලියන්නෙ සාගර් කියන අන්වර්ත නාමයෙන්. පොඩිකලෙ අනාත නිවාසෙක හිටපු කෙනෙක්. පස්සෙ ආකාශ්ගෙ හොඳම මිතුර, සහෝදරය බවට පත් වෙලා ඔවුන් එක්ක ජීවත් වෙනවා.ආකාශ් වෙනුවෙන් පන උනත් දෙන්න ලෑස්තියි.  පොඩි කාලෙ හිතට දැනුනු වේදනාවල්, තනිකම, පාලුව මකාගන්න කවි ලියනවා. සාගර්ගෙ රසිකාවියකට රහසෙ ආදරෙ කරනවා. ඌටි වලදි අමන්ට ඒ ආදරේ මුන ගැහෙනවා. ඒත් අමන් තමා සාගර් බව කියන්නෙ නෑ.

ආකාශ් වර්මා –

තනිකරම පිස්සු පොරක්. කිසිම දේක බරක් පතලක් නැති, අමන්ගෙ ඇසුර නිසා ටිකක් හරි හැදුනයි කියල කියන (එහෙම කියන්නෙ ආකාශ්ගෙ තාත්තා.) කොල්ලෙක්. නගරෙ ඉන්න හැම කෙල්ලෙක්වම අදුනනවා. අලුත් කෙල්ලෙක් දැක්කොත් කොහොම හරි එයාව දැලේ දාගන්නවා. ඒත් ඌටි වලදි හම්බ වෙන කෙල්ලෙක් නිසා ආකාශ්ගෙ ජීවිතේ කනපිට හැරෙනවා.

පූජා සක්සේනා –

ඌටි වල ඉන්න ලස්සනම කෙල්ල. කිසි දාක නොදැකපු සාගර් කියන කවියට පිස්සුවෙන් වගේ ආදරේ කරනවා. සාගර්ගෙ කවි හැම එකක්ම සාගර්ටත් වැඩිය හොඳට මේ කෙල්ල දන්නවා. දවසක් එයාගෙ සාගර් එයාව හොයාගෙන ඌටි වලටම එනව.

එතන ඉඳල තමයි මේ තුන් දෙනාගෙම ජීවිත වෙනස් වෙන්නේ. ඇත්තටම මේ චිත්‍රපටියට සබ් එක කරන්න පටන් අරගෙන දැන් මාස දෙකක් විතර වෙනවා.හිතපු නැති විදිහට පරක්කු උනා. ඒ ගැනත්  සමාව ඉල්ලනවා. එහෙනම් ආයෙ තවත් චිත්‍රපටියකින් හමු වෙමු. සුභ දවසක්!

Hum Aapke Hain Koun...! (1994) on IMDb

 

 

693 MB කොපිය මෙතනින් බාගන්න

2DD980B53F17BD5C6B9B284E47CA45181D47AF80 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,099 downloadsDownload Saajan-1991.zip67 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/MuthuA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දහරා මුතුඅමා

Subtitles

2,099 downloadsDownload Subtitles67 KB

46 comments

  1. අදිත ප්‍රවීන්

    නියමයි අක්කේ !
    ෆිල්ම් එක නම් පට්ට .
    ලිපියත් සුපිරියට ලියලා තියනවා .
    බොහොම ස්තුතියි උපසිරැසියට !

  2. කැලුම් ගුණසේකර

    ලොකු දෙයක්. මේක ආසිරි දෙයි කියලා හිතුවේ. කමක් නෑ. ඔයා හරි දුන්න එක ලොකු දෙයක්. ස්තූතියි උපසිරැසියට.

  3. sandun

    Thanx sis,meka denakan hitiye,meka mn asama movie eka,
    supiri sindu tikak tiyenawa,
    obata jaya,

    Puluwannam Amir khan inna "Ghulam" movie ekatath sub demu

  4. නයන

    මේ මම ගොඩක්ම ආස කරපු film එක. එනකම් බලන් හිටිය ගොඩක් කාලෙක ඉඳන්. බොහොම ස්තූතියි දහරා....

  5. නයන

    ආ.. ලිපිය ගැන කියන්න බැරි උනානෙ. ලිපිය හොදටම ලියල තියෙනව. අනිවාර්යයෙන් බලන්නම හිතෙන විදිහට.... ඔන්න එහෙනම් බාගත්තා... තවත් මේ වගේ ලස්සනම film එකකින් එනකම් බලන් ඉන්නවා.. ජයෙන් ජය.

  6. sampath

    Thanks sis....

  7. Kulanjana Maduranga

    niayamai…Good post sis..thanks MUTHU AMA sis..sub ekata..digatama sub demu.jaya wewa......

  8. Shehan

    Aththama godak lassana Film ekak Sub eka hadapu kenata Very thanks ..
    thawath Sub denna me wage lassana films ...

  9. kavinda

    බොහෝම ස්තුතියි මචන් මේ වගේ කතාවක් දෙන්න හිතපු එකටම.

  10. prasha

    sha maru

  11. සුපුන් මධුසංක

    මං ගොඩක්ම ආස ෆිල්ම් එකක්. ෆිල්ම් එක බාගෙන ගොඩක් කල් බලන් හිටිය සිංහල සබ් දෙනකම්.
    ගොඩක් ස්තුතියි යාලුවා.....

  12. දමිත්

    හින්දි එකකට සිංහල සබක් කරනවා කියන්නේ අලුතෙන් නවකතාවක් ලීවා වගේ තමයි.
    ඒ තරමටම ලයින්ස් තියෙනවා.
    උත්සාහය සුබ පැතුම්.
    ජයෙන් ජය...

  13. lakmal

    bohoma sthuthi................

  14. sasanka

    shaaaa lassana film ekak podi kale nam tv eken baluva e unata aith bagena balanava lassanai godaaak.me vage parana hindi films thava denna,jaya wewa,budusaranai.

  15. darshi

    Thanks

  16. කේ.යූ.ජී. උදාර

    ඔයා මේක දෙයි කියල බලාපොරොත්තුවෙන් හිටියේ. සිංහල සබට බොහොම ස්තූතියි අමා.........

  17. තාරක නුවන් දිල්හාර

    මමත් හිතාන හිටියේ මේක හේවා අයියා දේවි කියාලා
    කවුරු දුන්නම මොකද? කවුරු කලත් හොඳ වැඩක්නේ
    ඔන්න එහෙනම් බාගන්නවා
    බොහොම ස්තුතියි උපසිරසියට
    ජය වේවා..!

  18. lucky

    This film watched many years ago, But still nice to see with sub,Thanks.

  19. සිසියා

    දහරා බොහොම ස්තූතියි. පොඩි නිවැරදි කිරීමක් කරන්නම්. වට්ස් යුවා රාශී. ජෝදා අක්බර් මේ චිත්‍රපටිවල අධ්‍යක්ෂකවරයා අශුතෝශ් ගුවාරිකර්. ලෝරන්ස් නිශ්පාදන අංශවල තමා වැඩ කළේ

  20. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    මාරයි, කට්ටියට මග අත ඇරෙන මේ වගෙ කතා ගෙන එක නියමයි.
    ජය වේවා. !

  21. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  22. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  23. එල්.සී. දමැල්

    උපසිරසට තුති...ජය...! :D

  24. කපිල ජනක

    මීට අවුරුදු විසි පහකට විතර කළින් බලපු චිත්‍රපටියක් ආපහු දුන්නට ස්තුතියි.

  25. රොයිලි

    බොහොම ස්තූතියි දහරා සිංහල උපසිරැසියට. ලංකාවෙ සෑහෙන ජනප්‍රිය වෙච්ච චිත්‍රපටියක්නේ මේ. බාල නැති අයට බාගන්න කියලා මමත් ඔන්න කියනවා. ජය෴෴ :P :P

  26. Lahiru

    Oya film eka paya 3k vithara duwana film ekak.
    Sub Ekata Thank

  27. ශාමල් මනෝජන්

    නියමයි දහරා, ඔයා දෙන හැම ෆිල්ම් ඒකක්ම ඩව්න්ලෝඩ් කරලා බලනවා. ලස්සන අාදර කතා නිසා. හැබැයි ඒවායේ සිංදු වලට සබ් නැති ඒක තමයි දුක. මෙකෙ සිංදු වලටවත් සබ් තියනවද? අනේ සිංදු වලට සබ් නැතිව ෆිල්ම් ඒකක් බලනකොට කිසි වැඩක් නෑනේ. ෆිල්ම් ඒක නම් සුපිරි. සබට ගොඩක් ස්තූති................

    1. amuthu

      ow sindu walata sab thiyenawaa

  28. Chinthaka

    I was waiting this for so long. Thanx for this

  29. Amalka

    ලස්සන කතාවක් මේක
    සබට තුති

  30. chulan

    plz post " Khalnayak film" too....... very much loving film................ saajan was waiting for and it was done......... now need Khalnayak film...........

  31. ARA

    බොහොම ස්තුතියි උපසිරැසියට..old is gold..

  32. Deex

    sub nathuwa godaak kal hitiya godaak pin..............

    lowethna lovigaheth na.

  33. lakshan ads

    Thank you very much. The film gave subs. I once accompanied deny our favorite before (without Sinhala sub) would like to see a movie once more.

  34. nidi

    thanks Dahara, super subs!

  35. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය..........

  36. Vithanage Priyantha Dayakeerthi

    උපසිරසි රහිතව ඉස්සර බලපු ලස්සන ෆිල්ම් එකක්, උපසිරසි සහිතව පැහැදිලිව ආයෙත් බැලුවා.

    ගොඩාක් තුති!

    ඔයා උපසිරසි කරන්න කියල මට යෝජනා කරපු පරණ හින්දි ෆිල්ම් සියල්ල මා ළඟ තියෙනවා සිංහල උපසිරසි සහිතව.

    ෆිල්ම් 25 ක් පමණ. ඒවා සියල්ල ඩීවීඩී ෂොප් වලින් ගත්ත ඒවා.

  37. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි මුතු :P ජය

  38. Rajitha Abeysinghe

    thank you sis!!!!!!!!

  39. CHAMIKA

    sub ekak niyamai,thanks.!!!

  40. Jaliya with alone

    Elama oke sindu tika supiri issara swrwhiniyta pin sidda wenna 100 prk vithra bluwa eth kmk ne banawa tnqw sub ekta

  41. Madusunk

    Sis govinda inn hero no 1 (1997) film 1th sub daannko

  42. shasith sandaruwan

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
    මේකේ තියන සින්දු ටික නම් මාරම ලස්සනයි.
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  43. Lasantharathnasirirox

    ස්තුතියි සහෝදරයා..ජයවේවා !!

  44. shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.

  45. MAALnath

    Thanks ....................good luck ......................