කදීර්…අවංක පොලිස් නිළධාරියෙක්.අරක්කු කඩයක් කරගෙන යන පෙරුමාල්ට කොක්ක දැම්ම කියල ලොක්කගෙන් බර බරේ ඔප්පු කරන්න සාක්කි නෑ කියල.මල පනින කදීර් ගිහින් පෙරුමාල්ටයි ඌගේ ගෝලයන්ටයි අම්බානෙක නෙලල පෙරුමාල් එක්ක පොලීසියට ඇවිල්ල එයාම පිළිගන්න විදියට ලිපි ගොනු කරනවා.පස්සෙ ලොක්කට කෝල් කරල එයා වැරැද්ද පිළිගත්ත කිව්ව…

කදීර්…අවංක පොලිස් නිළධාරියෙක්.අරක්කු කඩයක් කරගෙන යන පෙරුමාල්ට කොක්ක දැම්ම කියල ලොක්කගෙන් බර බරේ ඔප්පු කරන්න සාක්කි නෑ කියල.මල පනින කදීර් ගිහින් පෙරුමාල්ටයි ඌගේ ගෝලයන්ටයි අම්බානෙක නෙලල පෙරුමාල් එක්ක පොලීසියට ඇවිල්ල එයාම පිළිගන්න විදියට ලිපි ගොනු කරනවා.පස්සෙ ලොක්කට කෝල් කරල එයා වැරැද්ද පිළිගත්ත කිව්වාම ලොක්කටත් මල පැනල ඕන මගුලක් කරගන්න කියනවා.ඔය අතරේ තවත් කොල්ලො සෙට් එකක් එකතු වෙලා ළමයෙක්ව පැහැරගෙන කප්පම් අරගන්න සැලසුම් කරනවා.ප්‍රභා..කල්ලියේ නායකයා.ධනවත් ව්‍යාපාරිකයෙකුගේ ළමයෙක්ව පැහැරගන්න සැලසුම් කරනවා. සැලසුමේ විදියට ළමයව පැහැරගන්න හදන්නේ ඉස්කෝලෙ එන අතරතුරේදි,මොකද ඒ වෙලාවට ළමයයි,වාහනේ රියදුරයි විතරයි වාහනේ ඉන්නෙ.ඔන්න ඉතින් සැලැස්මේ විදියට ප්‍රභාගෙ ගෝලයෝ ටික ළමයව පැහැරගන්න අතරේ ප්‍රභා තවත් ළමයෙක් පැහැර ගන්නවා.ධනවත් ව්‍යාපාරික මහේන්ද්‍රන් මහත්තයගෙ පුතා වෙනුවෙන් කෝටි 3ක කප්පමක් ඉල්ලනවා.මිනිහ සල්ලි හොයාගන්න අතරේ මිනිහගෙ මාමා ඇවිත් කියනවා පොලීසියට දැනුම් දෙමු,එයා දන්න ACP කෙනෙක් පොලීසියේ ඉන්නවා,සල්ලි දුන්නට පස්සේ ළමයව නිදහස් කළේ නැතිනම් ? ඒ නිසා පොලීසියට කියන එක තමයි ආරක්ෂිතම දේ කියල.කප්පම් ගත්ත ප්‍රභාගෙ කල්ලිය දැනගන්නවා පොලීසියට කියපු බව ඒ නිසා මේ ගොල්ලෝ කප්පම් මුදල කෝටි 5ක් ඉල්ලලා ඒක ලෑස්තිකරගන්න කියනවා.
ඔය අතරේ මහේන්ද්‍රන්ට කෝල් එකක් එනවා ළමයිව මැරුවා කියල,මහේන්ද්‍රන් අඩාගෙන කියනවා ඒකනෙ සර් කිව්වේ සල්ලි දීලා ළමයිව බේරගමු කියල.කට්ටියම ගිහිල්ලා ඔතල තියෙන මිනිය බලපුවාම මහේන්ද්‍රන්ගේ ළමයා නෙමෙයි අනිත් අහිංසක දෙමාපියන්ගේ දරුවා මරල තියෙන්නෙ.ඒ එක්කම කප්පම් කල්ලියේ ප්‍රභාගෙන් කෝල් එකක් එනවා ACP සර්ට කෝටි 5ත් අරගෙන දුම්රිය පොලට පොලීසියේ කෙනෙකුට එන්න ළමයව නිදහස් කරගන්න ඕනෙ නම් කියල.වැඩේට යන්නෙ කදීර්,කදීර් දුම්රිය පොලේදි සල්ලි බෑග් එක ගැහැණු කෙනෙකුට දෙනවා තියාගන්න කියල.පස්සෙ කොහොමින් හරි කප්පම් කල්ලියේ කෙනෙක් බෑග් එකත් අරගෙන යනවා. සල්ලි අරගෙන ගිය කප්පම් කාරයෙක් බෑග් එක ඇරල සල්ලි බලනකොට ෆෝන් එකක් රින්ග් වෙනවා.කතා කරල බලපුවාම කදීර්,දොර ඇරපු ගමන් කප්පම් කාරයෙකුට වෙඩි තියලා සල්ලි ටිකයි ළමයවයි එතැනින් බේරගන්නවා.ඒ කරපු වැඩේට කදීර්ට වෙන්නෙ වැඩ තහනම් වෙලා ගෙදර නවතින්න.
කප්පම් කල්ලියියේ නැතිවුණ සාමාජිකයා ගැන දුකෙන් කට්ටියම කදීර්වත්,කදීර්ගෙ පවුලේ අයත් මරන්න තීරණය කරලා කට්ටියම කදීර්ගේ පවුලේ අය ගැන තොරතුරු හොයන්න පටන් ගන්නවා.එහි ප්‍රතිපලයක් විදියට කදීර්ගේ අක්කගෙ දුව සෘතී ව අනතුරකට ලක් කර මැරීමට කප්පම් කල්ලිය උත්සාහ කරනවා.සෘතී රෝහල් ගතකරල ඉන්නකොට කදීර්ට කප්පම් කල්ලියේ නායකයා කෝල් කරල තර්ජනය කරනවා එයාලගෙ සඟයා මැරුව පලිය ගන්න මුලු පවුලම ඝාතනය කරන බවට.පස්සෙ කදීර් එයාගෙ පොලීසියේ යාලුවෝ දෙන්නෙක් එක්ක මේ කප්පම් කල්ලිය හොයන්න පටන් ගන්නවා.කදීර්ට ෆෝන් කරලා තර්ජනය කරපු කෙනා පොලීසියෙන් අල්ලගෙන යනවා බීමත්ව රිය පැදවීමේ වරදට.ඔය අතරතුර කදීර්ද පොලීසියට එනවා අවශ්‍යතාවයකට,මේ මොහොතේ අහම්බෙන් වගේ දැකලා සැකේට බලනකොට කප්පම් කල්ලියේ සඟයා බයට දුවන්න පටන් ගන්නවා. කදීර් සහ යාලුවෝ දෙන්නා කොහොම හරි මේ කෙනාව අල්ලගෙන ප්‍රශ්න කරන්න පටන් ගන්නවා.මේ අවස්ථාවේ කදීර්ගේ තාත්තා බෙහෙත්වලට අවශ්‍ය කරන මුදල් ගන්න ගෙදර යනවා.ප්‍රභා කදීර්ට කෝල් කරල කියනවා එයා තාත්තව මරන්න යන්නෙ පුලුවන් නම් ඇවිල්ල බේරගන්න කියල.කදීර් ඉක්මනටම ගෙදර යනවා..ඒත් අවාසනාවට ඒ වෙනකොටත් ප්‍රභා තාත්තාව මරල දාලා…ඉතින් යාලුවනේ කතාව ඔක්කොම කියාගෙන යන්න බැහැ සෑම විනාඩියකම කුතුහලයෙන් පිරුණ Thriller ගණයට අයිති IMDb අගය 7.0ක් තරම් ඉහල අගයක් ගත්ත විනාඩි 129ක් පුරා ත්‍රාසය,කුතුහලයෙන් දිවෙන 2019 මාර්තු මස 8 වෙනි දින තිරගත වීම ආරම්භ කරන ලද ප්‍රධාන චරිතය ඔයාලට මතක ඇති මෑතක තිරගත වුන Pariyerum Perumal(2018),එතකොට මේ අවුරුද්දේම ආව Sigai(2019) චිත්‍රපට වල රගපෑ Kathir තමයි මේ ෆිලුමට පණ පොවන්නේ. ඉතින් කොහොම වුණත් කියන්න තියෙන්නේ කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් විදියේ ෆිලුමකට සබ් එකක් අරගෙන ආවා මගේ 30 වෙනි උපසිරැසි නිර්මාණය විදියට.ඉතින් හැමෝටම රසවිදින්න කියල ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Tamil Proper HD පිටපත සඳහා අදාළ වේ.
9,108 downloadsDownload Sathru-2019.zip50 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනංජය රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-09-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
37 comments
Krishan NiShalya
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi brooo sub ekata...
malithmadhushan45
උපසිරසට තුති සහෝ
ela bro sinhala sube ekata ( pottu 2019) film ekatath sube dannako jayawewa
OshankaNW
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ ....
ජයවේවා .......Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!pra78
Thank you saho sub ekata. LIpiyath niyameta liyala tiyenawa.
Thank you.... Jaya wewagihan perera
හොඳ ෆිලුමක් වගේ සහෝ....ස්තුතියි උපසිරැසි දුන්නට මචෝ...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....
Sampath53
thanks sub ekata.pottu film ekata sub denna puluwanda bro.
Rumesh dhanushka
Thanks yaaluwa
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
NuwanK
Thank u bro..
gayanmagee
thanks
C lakmal
ගොඩක් ස්තුතියි, තවත් සබ් කරන්න ,
Pottu (2019) Tamil සබ් දෙන්න බලන්න.Sanjeewa2010
Thnxxxxxxxx
Kavishna
thnx bro sub ekata..
Pathum Aroshana
උපසිරසියට ස්තූතියි මචන්..
ඒත් ආයෙ ලිපි ලියන්න එපා ෆිල්ම් එකක් දෙද්දි ෆිල්ම් එකේ කුතුලය නෑති වෙනව මේ විදියට විස්තර කියද්දි..
D.Chamara
bohoma sthuthi sahooo jaya
premadarakmk
ගොඩාක් ස්තූතියි සහෝ....
Eranda Malith 2.0
Thanks mcn
ShariAllen
pottu sub ek one
Shehan putha
Thanks bro
Lasanga Nirodaka
Me film eka download kare kohomada? danna kenek innwanam kiyandoo?
DoleImarath
1337x.to
tpb.org
me deke search karala download karaganna.
N_R
Thank You.
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති සහෝ..
දිගටම සබ් දෙමු ආ..
ඔබට ජය!prasakr
බොහෝම ස්තූතියි උපසිරැසියට ජයවේවා.....
sublove
bohoma sathuthi me sub eka apita aragena awata
thilz
thanksss
methuwais
උපසිරැසි යට ස්තූතියි සහෝ ❤❤
Lasantharathnasirirox
ස්තුතියි සහෝදරයා උපසිරැසියට.ජයවේවා !!
basura indrachapa
උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ
Ruwan83
thanks bro
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Shehan nirosha
Machan NATPE THUNAI kiyla fila akk tynawa puluwannm sub aka dipank loku dyk
linukadinamithra
Machan NATPE THUNAI kiyla film ekk thiynawa eke Sinhala sub anith website walata awilla thiuenne habai hadapu eka hariyata sub delay hadala nh.puluwnnm Loku deyk bn hadala dapanko Sinhala sub eka.....loku udwwk bn.....
dizshu
meke telegram torrent kohewath nethi film ekak beluwa ekek innawa nam link ekak dipalla pls
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහොම ස්තූතී
Good Luck Bro .