සුභ දවසක් වේවා හැමෝටම. විශේෂයෙන්ම මේ උපසිරැසි ගැන්වීමේ අවස්තාව මට ලබා දුන්න හසන්ත වික්‍රමරත්න සොහොයුරාට සහ බයිස්කෝප් කාර්ය මණ්ඩලයට මං මුලින්ම ස්තුතිවන්ත වෙනවා. මං තෝරාගත්තේ මලයාලම් සිනමා නිර්මාණයක් වන Sathyam Paranja Viswasikkuvo (2019). පැය 02 මිනිත්තු 10 පුරාවට දිවෙන මෙම නිර්මාණය Drama/Comedy කාණ…

සුභ දවසක් වේවා හැමෝටම. විශේෂයෙන්ම මේ උපසිරැසි ගැන්වීමේ අවස්තාව මට ලබා දුන්න හසන්ත වික්‍රමරත්න සොහොයුරාට සහ බයිස්කෝප් කාර්ය මණ්ඩලයට මං මුලින්ම ස්තුතිවන්ත වෙනවා. මං තෝරාගත්තේ මලයාලම් සිනමා නිර්මාණයක් වන Sathyam Paranja Viswasikkuvo (2019).
පැය 02 මිනිත්තු 10 පුරාවට දිවෙන මෙම නිර්මාණය Drama/Comedy කාණ්ඩ යටතේ වර්ග උන 6.2/10 IMDb අගයක් සහ 85% ක ගූගල් පරිශීලක අගයක් ලබා ගන්න මෙම නිර්මාණය සමත් උනා.
2019 ජුලි 12 වෙනිදා තිරගත වීම ආරම්භ කරපු මේ සිනමා නිර්මාණය Prajith Karanavar ගේ අධ්‍යක්ෂණයක්. Thondimuthalum Driksakshiyum (2017) සිනමා නිර්මාණයේ තිර රචක Sajeev Pazhoor ගේ තවත් අපූරු තිර රචනාවක් වන මෙය Sandip Senan, Anish.M.Thomas, Ramadevi ගේ නිෂ්පාදනයක්. Shaan Rahman, Vishwajit සහ Bijibal අතින් සංගීතවත් උන මේ නිර්මාණයේ ලස්සන ගීත 03 ක් අඩංගු වෙනවා.
- Biju Menon – සුනී ලෙස
- Samvrutha Sunil – ගීතා ලෙස
- Alencier Ley Lopez – කරුප්පායි ලෙස
- Sudhi Koppa – තාමරා ලෙස
- Dinesh Prabhakar – ප්‍රසාද් ලෙස
- Mangal – ශාෂනාවස් ලෙස
- Johny Antony – ජෝර්ජ් කුට්ටි ලෙස
- Jaffar Idukki – රමේෂන් ලෙස
- Sruthy Jayan – හයිවේ ජෙසී ලෙස
- Sreelakshmi – අන්නම්මා
- Saiju Kurup – කුරියන්
- Bhagath Manuel – සුෆි
ඇතුළු නළු නිලියන් බොහෝ පිරිසකගෙන් වර්ණවත් උන මේ නිර්මාණයේ සුළු චරිතයක් නිරුපනය කරන ශිල්පියෙක් පවා තමන්ගේ චරිතය ඇතුලේ ජිවත් වෙනවා. ඉතාම සුළු සිද්ධියක් ඇසුරු කරගෙන ඒ සිද්ධියට ඈදුන සිද්ධි දාමයක් රිදී තිරයට අරන් එන මේ නිර්මාණය මලයාලින්ගේ තවත් මලයාලම් මැජික් එකක් කියලා හඳුන්වන්න කැමතියි.
කතාව ගැන පොඩ්ඩක් කියනවා නම් සුනී කියන්නේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩ කරන කම්කරුවෙක්. තව කිව්වොත් බේබද්දෙක්, ඒ අතර තමන්ගේ ගෙදර අඩු පාඩු හොයල බලල ඉටු කරත් පවුල ගැන වගකීමකින් තොරව වැඩ කරන සැහැල්ලුවෙන්, සතුටෙන් ඉන්න සරල මනුස්සයෙක්. ආ තව ටිකෙන් කියන්න බැරි වෙනවා සුනී කියන්නේ Premam චිත්‍රපටියේ හොඳ රසිකයෙක්. සුනීගේ බිරිඳ ගීතා, තමන්ගේ ගෙදර අයගේ බලවත් විරෝධය මැද්දේ සුනී එක්ක හඳපානේ ඇවිත් (හඳපානේ නෙමේ මහා දවල් පැනල යන්නේ) වගකීමක් කියන මෙලෝ අලබෝලයක් නොදන්නා මිනිහෙක් එක්ක පවුල් කන, ඒ පවුල රැක ගන්න අටෝරාසියක් දුක් විඳින සුකුමාල බිරිඳක්, මවක්.
සුනී කියන්නේ තමන්ගේ බිරිඳට වඩා තමන්ගේ යාළුවො ගැන කැක්කුමක් තියන කෙනෙක්. සුනිගේ යාළුවොත් සුනී වගේම හොඳ බේබද්දෝ. මෙයාලට බොන්න තියෙනවා නම් උත්තර ධ්‍රැවයට හරි පයින් යයි. මළ ගෙයක්, මඟුල් ගෙයක් වගේ කී නොකී ඕනේ දේකට මෙයාල සහභාගී වෙලා මත්පැන් පොදක් තොල ගාමින් දුක සතුට බෙදා ගන්න රුසියෝ. එහෙම ඉන්න බේබද්දෝ සෙට් එකකට කාත් කවුරුත් නැති මහා රෑක පාලු තැනකදි අනතුරට පත් උන අරක්කු ට්‍රක් එකක් හම්බ උනොත්, නිකන් නෙමේ අයිතිකාරයෙක් නැති, විවිධාකාර අරක්කු වලින් පිරුන ට්‍රක් එකක්. පිස්සු හැදෙයි නේද?. එහෙම උනාද? මෙතනින් එහාට මං විස්තර කියන්නේ නෑ. කිව්වොත් බලන එකේ තේරුමක් නෑනේ. සුනීට, සුනිගේ අතිජාත යාලුවන්ට මේ සිද්ධිය එක්ක මොනවද වෙන්නේ. සුනී පාඩමක් ඉගෙන ගනීද? ඒක බලලම තීරණය කරන්න.
පුංචි සිද්ධියකට හැඩතල එකතු කරලා, වර්ණවත් කරලා රිදී තිරයට ගෙනාපු මලයාලින්ගේ මේ මැජික් එකත් බලන්න කියල හැමෝටම මං ආරාධනා කරනවා. අඩුපාඩු ඇතොත් සමාවෙන්න.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා අදාළ වේ.
4,195 downloadsDownload Sathyam-Paranja-Vishwasikuvo-2019.zip79 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රේණුකා සුභාෂිණි
Subtitles
18 comments
tharidu16
Gihan perera
පිස්සු හැදෙයි අරක්කු ලොරියක් හම්බවුනොත්..., ස්තුතියි සහොදරී.... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා....ජය වේවා....
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට :) :) ...
ජය වේවා.!rangika Kariyawasam
බෝම තුති අක්කේ.නියම වැඩක් මග බලාන ඉදපු සබ් එකක් .ජය වේවා දිගටම මලයාලම් තමා ඕනා..
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට !!
Chathuranga Buddhiika
මලයාලම් ඒවාට මම කැමති වෙන්ට හේතුවක් තමයි ඔයා උඩ සඳහන් කරපු විදිහට සුලු චරිතයකට ඉන්න කෙනා වුණත් චරිතය ඇතුලේම ජීවත් වෙන එක...
අමුතුම ගතියක් තියෙන්නේ මලයාලම් ඒවාගේ...
ජන ජීවිතය ගොඩාක් දුරට අපේ වගේ...Chathuranga Buddhiika
තව තවත් මේ වගේම එව්වා කරන්ට වාසනාව ලැබේවා...
පට්ටම පට්ට...
අංශුවක් නෑරම රස වින්දා...
කලින් මමදාපු විදිහට මේක ලංකාවේ ජීවිතයට බොහෝම සමානයි කියලා හොඳටම දැනුනා...
සුපිරිම සුපිරි එකක්...
ඒ වගේම උපසිරැසියත් නියමෙටම කරලා තිබුණා...විමා
සබට බෝම තුති
ෆිල්ම් එක බලලම ඇවිල්ල කමෙන්ට් ඒක දාන්නෙ
ලියන බසින් නැතුව කතා කරන බින්ම සබ් එක කළා නම් තව අගෙයි
ආයෙත් බෝම තුති!Kavinu
bohoma sthuthi....
mammoottyge Mamangam (2019) Shylock (2020) malayalam films walatath sub denna balanna!
Jaya wewa!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kaushalya Prabash Hapuarachchillage
Thanks...
D.Chamara
bohoma sthuthi
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!Prabodha Jayakody
Thanks...
Nilanka
Kurup walata sub denna sis
Lahiru Jayarathne
Baiscopedownloads.co eke dala thiyena links okkoma expired.. Please update.
Kavi
බොහොම ස්තූතියි සහෝදරී
ජය වේවා!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Sathyam Paranja Viswasikuvo (2019) AKA Sathyam Paranja Viswasikkuvo Sinhala Subtitle | මම ඇත්ත කිව්වොත් ඔයා විශ්වාස කරනවද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/03/Sathyam-Paranja-Vishwasikuvo-2019.jpg)

yako meka danatamath 4000k download yakoooooooooooo