ආයුබෝවන්, සුබ දවසක් වේවා බයිස්කෝප් යහළු යෙහෙලියන් හැමෝටම. ඉතින් ඔන්න මම අදත් ඔයාල වෙනුවෙන් තවත් පැරණි බටහිර චිත්‍රපටයකට සිංහල සබ් අරන් ආවා. මේ මගේ 11 වෙනි සිංහල උපසිරසිය. මීට කලින් කරපු උපසිරසි වලට ඉතා හොද ප්‍රතිචාර තිබුනා. එයාලා හැමෝටම ගොඩක් ස්තූතියි. ඉතින් ඒ ප්‍රතිචාර අතරෙ තිබුනු ඉල්ලීමකට තමයි මම…

ආයුබෝවන්, සුබ දවසක් වේවා බයිස්කෝප් යහළු යෙහෙලියන් හැමෝටම.

ඉතින් ඔන්න මම අදත් ඔයාල වෙනුවෙන් තවත් පැරණි බටහිර චිත්‍රපටයකට සිංහල සබ් අරන් ආවා. මේ මගේ 11 වෙනි සිංහල උපසිරසිය. මීට කලින් කරපු උපසිරසි වලට ඉතා හොද ප්‍රතිචාර තිබුනා. එයාලා හැමෝටම ගොඩක් ස්තූතියි. ඉතින් ඒ ප්‍රතිචාර අතරෙ තිබුනු ඉල්ලීමකට තමයි මම මේ සබ් එක කරන්න ගත්තේ.

– ස්පාටකස් –

බයිස්කෝප් වෙබ් අඩවියේ ඉන්න ඔයාලට නම් මේ නම හොදට හුරුපුරුදු ඇති. ඒ රූපවාහිනී කතාමාලාව නිසා. හැබැයි මම අරන් ආව ස්පාටකස් 1960 ඔක්තෝබර් 06 වෙනිදා තිරගත වුනු චිත්‍රපටයයි.

ස්පාටකස් කියන්නේ වහලෙක්. රෝමයේ වංශවත් මිනිසුන් ලග වැඩ කරන මිනිස්සු තමයි වහල්ලු. ස්පාටකස් වහලෙක් වුවත් ඔහුව පුරුදු කරනවා කඩු මුගුරු හෙල්ල සටන් කරන ග්ලැඩියේටර් කෙනෙක් විදියට. ඒ අතරේ ඔහුට හමුවෙනවා වරේනියා කියලා කාන්තාවක්. ස්පාටකස් ඇයට ආදරය කරන්න ගන්නවා. ඔය අතරේ ඇතිවන සිදුවීමකින් වහල්ලුන් ගෙන් කැරැල්ලක් ඇති වී නිදහස සොයා යන ගමනේ රෝම හමුදාව එක්ක යුද්ධයකට පැටලෙනවා. කුමන්ත්‍රණ, පාවාදීම් මැද්දේ ගලාගෙන යන ස්පාටකස් කතාවේ අවසානය ඔයාලම රස විදින්න.

ස්පාටකස් තිර රචනා කරලා තියෙන්නේ ඩෝල්ටන් ට්‍රම්බෝ විසිනි. අධ්‍යක්ෂණය ස්ටැන්ලි කූබ්රික් ගෙනි. ඇමරිකානු ඓතිහාසික නාට්‍යමය චිත්‍රපටයක් වන මෙය 1951 හොවාර්ඩ් ෆාස්ට් විසින් රචනා කල නව කතාවක් පදනම් කරගෙන තමයි චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ.

ස්පාටකස් ලෙස රංගනයෙන් එක්වන්නේ Kirk Douglas ය. වරේනියා ලෙස Jean Simmons සහ ක්‍රැසස් ලෙස Laurence Olivier රංගණයෙන් එකතු වේ.

(ස්පාටකස් පළමු සිනමාහල් පෝස්ටරය.)

චිත්‍රපටයේ අධ්‍යක්ෂණයට මුලින්ම යෝජනා වී තිබුනේ ඩේවිඩ් ලීන්ය. පසුව ඒ යෝජනාව ප්‍රතික්ෂේප වූ අතර පසුව ඇන්තනි මැන් අධ්‍යක්ෂනයට අත ගසා ඇත. චිත්‍රපටයේ ආරම්භක දර්ශණය වන ගල් වලේ දර්ශණය රූපගතකිරීම් වලින් පසු ඇන්තනි මැන් ද අධ්‍යක්ෂණයෙන් ඉවත් වී ඇත. පසුව දැනගන්නට ලැබුනේ ඔහු චිත්‍රපටයේ විෂය පථයට තරමක් බය වෙලා ඇති බවයි. ඉන්පසු මේ වන විටත් චිත්‍රපට හතරක් අධ්‍යක්ෂනය කර සිටි තිස් හැවිරිදි ස්ටැන්ලි කූබ්රික් චිත්‍රපටයේ අධ්‍යක්ෂණයට එකතු වී ඇත. මේ වෙනකොට ස්පාටකස් දැවැන්ත ව්‍යාපෘතියක් වෙලා තියෙන්නේ. ඒක ඩොලර් මිලියන 12 ක අයවැයක්. රගපාන නලු නිලියන් ගණන 10,500 ක්.

චිත්‍රපටයේ සමූහ මිනිසුන්ගේ කෑ ගැසීම නාලිකා තුනකින් ශබ්ද උපකරණ භාවිතා කර මිචිගන් ප්‍රාන්තයේ නොට්‍රේඩේම් විද්‍යාලයේ පාපන්දු තරගයකදී ප්‍රේක්ෂකයින් 76,000ක් ගේ ශබ්දය පටිගත කර ඇත.

චිත්‍රපටය රූපගත කිරීම් අතරතුර පොඩි පොඩි ආරවුල් ටිකකුත් ඇතිවෙලා. ඒ වන විට සෑහෙන චිත්‍රපට ගණනාවක වැඩ කරලා අත්දැකීම් ඇති ප්‍රවීණයෙක් වන රසල් මෙට් තමයි චිත්‍රපටයේ කැමරාව හසුරවලා තියෙන්නේ. නමුත් අධ්‍යක්ෂකගේ අසාමාන්‍ය ලෙස නිවැරදි සවිස්තරාත්මක උපදෙස් නිසා රසල් මෙට් මේ පිළිබදව නිෂ්පාදකයින්ට පැමිණිලි කරලා තියනවා.

(ස්ටැන්ලි කුබ්රික් සහ රසල් මෙට් චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර, කැමරාවට ඇස තබාගෙන ඉන්නේ ස්ටැන්ලි කූබ්රික්ය)

චිත්‍රපටය ගැන කතා කරන්න නම් තව බොහෝ දේවල් තියනවා. නමුත් අවසානයේ විනාඩි 184ක් පුරා දිවෙන අති දැවැන්ත සිනමා නිර්මාණයක් එළිදැක්වුනි. ස්පාටකස් අති විශාල බොක්ස් ඔෆීස් සාර්ථකත්වයක් ලබා ඩොලර් මිලියන 60ක ආදායමක් ලබාගත් අතර, ඔස්කාර් සම්මාන 4ක් දිනාගැනීමට ද සමත් විය. තවද හොදම ඓතිහාසික වීර කාව්‍යයන් අතරට ශ්‍රේණිගත කිරීමක් ලෙසද එක්විය. IMDb 7.9ක අගයක් ද ලබාගෙන ඇත.

චිත්‍රපට 50කට ආසන්න ගණනක රගපෑ ස්පාටකස් හී ප්‍රධාන චරිතය වන සිපාටකස් ලෙස රගපෑ Kirk Douglas පසුගිය පෙබරවාරි මස 5 වනදා කැලිෆෝනියාවේදී අභාවප්‍රාප්ත විය. Diana Douglas සමග වූ පළමු විවාහය අසාර්ථක වීමෙන් පසු ඩග්ලස්, Anne Buydens සමග දෙවන වරට විවාහ විය. Michael Douglas, Eric Douglas, Peter Douglas, Joel Douglas යන දරුවන් ගේ පියා වූ ඩග්ලස් මිය යන විට 103 වැනි වියේ පසුවිය.

ඉතින් අදට මම ඔයාලගෙන් සමුගන්නම්. ආයෙත් දවසක මේ වගේම ලස්සන චිත්‍රපටයකට සිංහල සබ් අරන් මම එන්නම්. එතෙක් බයිස්කෝප් යහළු යෙහෙලි හැමෝටම ජයග්‍රාහී සුබ දවසක්…

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත සඳහා අදාළ වේ.

2,652 downloadsDownload Spartacus.1960.zip77 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,652 downloadsDownload Subtitles77 KB

21 comments

  1. jagath55

    Thanks

  2. Kalingu

    Thx bn... meekt hena aasawen idiye. Stanly kubricge godk eewage sub tiyee biscop ekee nati eewa tikata daanko...

  3. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට :) :) ...
    ජය වේවා.!

  4. Suranjan

    Thanks jayawewa....!

  5. Priyantha Dayakeerthi

    රොෂාන් ශමීර ජයසිංහ සොයුර,
    ඔබ "Spartacus" සිනමාපටයට සිංහල උපසිරසි දීලා තිබෙනවා දැක්කම මට ලොකු සතුටක් දැනුණා. මෙයට උපසිරසි ලබාදෙන මෙන් ඔබට යෝජනා කළේ මම විසින්. මේවා පසුකාලීන යුගයේ ඉතා වටිනා දැවැන්ත සිනමා නිර්මාණ. ඔබ ලොකු මෙහෙයක් මේ සිදුකර තිබෙන්නේ ඒවා ප්‍රිය කරනා රසිකයන් වෙනුවෙන්. මෙම වීඩියෝව දැනටත් මා ළඟ තිබෙනවා. දැන් එය ඔබගේ වෙහෙසින් නිමවූ මේ වටිනා උපසිරැසිය සමඟ නරඹන්නට පුළුවන්. 1958 වර්ෂයේ තිරගත වූ "Hercules" සිනමාපටයට හැකිනම් උපසිරසි ලබාදෙන ලෙස යෝජනා කරනවා. එයද අතීත දැවැන්ත සිනමා නිර්මාණයක්. ඔබේ මේ වටිනා කාර්යය වෙනුවෙන් ස්තුති කරන අතර ඔබට ජය පතමි!!!

    1. රොෂාන් ශමීර

      බොහොම ස්තූතියි ප්‍රියන්ත සහෝදරයා...

  6. Lahiru Oshan Dahanayake

    thanks broooooooo!!!!!!

    1. Damith Manatunga

      ස්තුතියි උපසිරසියට වගේම හොඳ තත්වයේ පිටපතක් ලබා දුන්නාට. උසස් පැරණි සිනමා නිර්මාණ තවත් ලබාදෙන්න පුළුවන් නම් හොඳයි.

  7. Priyantha Dayakeerthi

    මෙහි ප්‍රධාන නළුවා මියගිය පුවත මමත් දැක්කා. ඒ ලිපියත් මම කියවලා තිබෙනවා.

  8. Isuru Srinath SJS

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට !!

  9. Anonymous

    .

  10. Sandaru Nimsara

    Sub ekata tnx bro

  11. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  12. Dewadithya

    Thanks for sub!

  13. Priyantha Dayakeerthi

    ඔබේ සිහල උපසිරැසිය සමග මා සිනමාපටය නැරඹුවා. ඉතාමත් පැහැදිලි ලෙස ඔබ එය ලබාදී තිබෙනවා. මා මීට පෙර ඔබ නිර්මාණය කළ ඒවාත් නරඹලා තිබෙනවා. ඒ සියල්ලමත් එසේමයි. ඔබට ඒ සියල්ලටම නැවතත් මා ස්තුති කරනවා!!! නැවතත් අගනා එකක්ම ලබාදෙන්න.

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. රොෂාන් ශමීර

      ස්තුතියි රොයිලි සහෝදරයා...

  15. Wicki

    සිංහල උපසිරසට ස්තූතියි

  16. Shamal manojan

    බොහොම ස්තූතියි උපසිරැසියට. තව පැරණි ඉංග්‍රීසි චිත්‍රපට ලබාදෙන්න.

  17. sasanka

    thanks for the sub

  18. Thisara Prabhath Senarathne

    Thanks brother

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.