Watch Trailer

Ms .45 (1981) Sinhala Subtitles | උමතු වූ ඇය…. [සිංහල උපසිරැසි සමඟ] 18+

කොහොමද යාළුවනේ, ඔන්න ඉතින් මම අද අරගෙන ආව ටිකක් පැරණි චිත්‍රපටයක්. පැරණි චිත්‍රපට රස විඳින්න කැමති යාලුවො නම් ගොඩක් කැමති වෙයි. 😁 Ms.45 – 1981 වර්ෂයේ දී තමයි තිරගත වෙලා තියෙන්නේ. Crime | Drama | Thriller යන කාණ්ඩ වලට අයත් වෙන මෙම චිත්රපටය IMDb දර්ශකයේ 6.8 ප්‍රේක්ෂක මනාපයක් දිනා ගෙන තියෙනව, ඒවගේම කු…

කොහොමද යාළුවනේ, ඔන්න ඉතින් මම අද අරගෙන ආව ටිකක් පැරණි චිත්‍රපටයක්. පැරණි චිත්‍රපට රස විඳින්න කැමති යාලුවො නම් ගොඩක් කැමති වෙයි. 😁 Ms.45 – 1981 වර්ෂයේ දී තමයි තිරගත වෙලා තියෙන්නේ. Crime | Drama | Thriller යන කාණ්ඩ වලට අයත් වෙන මෙම චිත්රපටය IMDb දර්ශකයේ 6.8 ප්‍රේක්ෂක මනාපයක් දිනා ගෙන තියෙනව, ඒවගේම කුනු තක්කාලි දර්ශකයේ 85% ප්‍රේක්ෂක මනාපයක් දිනා ගෙන තියෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ 1992 වසරේදී තිරගත වූ Bad Lieutenant චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂ Abel Ferrara විසින්. මෙහි ප්‍රධාන චරිතයට රඟපාන නිළිය තමයි Zoe Lund. මෙය ඇයගේ ප්‍රථම චිත්‍රපට රඟපෑම වනවා. වයස අවුරුදු 19 දී තමයි ඇය මෙම චිත්‍රපටය සඳහා සම්බන්ධ වී තිබෙන්නේ. 1999 අප්‍රියෙල් 16 වන දින ප්‍රංශයේ පැරිස් නුවරදී වයස අවුරුදු 37 දී ඛේදජනක ලෙස තරුණ වියේදී ඇය මත්ද්‍රව්‍ය සම්බන්ධ හෘදයාබාධයකින් මිය යනවා. Zoe Lund කියන්නේ තදින්ම හෙරෝයින් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී සිටි නිළියක්. හරි එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු. මම කතාව ගැන ටිකක් කියල ඉන්නම්…

මෙහි ගොළු චරිතයකට රඟපාන “තැනා” කියන්නේ උපතින්ම ගොළු ගෑණු ළමයෙක්. ඇය ඇඟලුම් සේවිකාවක්. “තැනා” වැඩ කරන්නේ අළුත් ඇඳුම් මහන විලාසිතාගාරයක. පිටතට පේනවට වඩා හරිම අත්භූත, භයාණක තරුණියක් තමයි මේ “තැනා” කියන්නේ. චිත්‍රපටය නරඹන කොට ඔයාලටම තේරෙයි ඒක. ඉතින් මේ “තැනා” රැකියාව කරන ප්‍රදේශයේ දවසක් වැඩ නිම වෙලා නවාතැනට යන අතරතුරේ වීදියක දී ඇයව දූෂණය කිරීමකට ලක් වෙනවා, උමතු වැටී ඒ සිද්දියෙන් පසු නවාතැනට ගිය “තැනා” එහිදීත් එදිනම නැවතත් දූෂණයට ලක් වෙනවා. ඉතින් එක් දිනකදී දෙවරක් මෙසේ දූෂණය වූ “තැනා” මේ සිද්දියෙන් වියරු වැටෙනවා. ඇය පිරිමි පාර්ෂවයට වෛර කරන්න පටන් ගන්නවා. පසුව ඇය නිව් යෝර්ක් නගරයේ වීදිවලට ගොස් අහඹු ලෙස මිනිසුන්ව මරන්න පටන් ගන්නවා….

හරි එහෙනම්, ඉතින් මීට වඩා කතාව මම කියන්න යන්නේ නෑ, ඔයාලටම බලන්න කියල ආරාධනා කරනවා. එහෙනම් නැවත හමුවෙනතුරු හැමෝටම ජය…!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම BR පිටපත් සඳහා අදාළ වේ.

2,596 downloadsDownload Ms..45.1981.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක ලක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-07-02
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,596 downloadsDownload Subtitles24 KB

15 comments

  1. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ..
    පුලුවන් නම් Damage (1992) කියලා තියෙන ෆිල්ම් එකටත් සිංහල උපසිරැසිය හදන්න Try කරන්නකො. ජය වේවා !!

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
    ජය වේවා.!

  3. muditha gayan

    Thankzzzzzzzz

  4. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  5. Supun

    Bhangra paa lee ඒකේ sub එක දෙන්ට පුළුවන්ද

  6. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  7. Dewadithya

    Thanks for Sub!

  8. Priyantha Dayakeerthi

    හොඳ සිනමාපටයකට ඔබේ මේ සබ් දීලා තිබෙන්නේ. එය අනිවාර්යයෙන් නරඹනවා. හැකිනම් සම්මාන
    ලාභී IMDb 250 ෆිල්ම් වර්ග කිරීම් තුළ ඇති 1978 වර්ෂයේ තිරගත වූ The Deer Hunter සිනමාපටයට සබ් දෙන්න, ස්තුතියි!

  9. indika75

    thanks..

  10. TMK

    thanks

  11. Suranjan

    Thanks jayawewa......!

  12. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  13. kavindu

    thank for your sub

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Anonymous

    film eka hoyaganna link ekak nadda

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.