Watch Trailer

Scary Movie 3 (2003) Sinhala Subtitles | රූපවාහිනියෙන් පැමිණි මාරයා [සිංහල උපසිරසි]

Scary Movie 3 (2003) Sinhala Subtitles කොහොමද යාලුවනේ! මම අද අරගෙන ආවේ ලෝක ප්‍රසිද්ධ Scary Movie චිත්‍රපට මාලාවේ තුන්වෙනි කොටස වන “Scary Movie 3 ” චිත්‍රපටයයි. මේ චිත්‍රපටය ආතල් එකේ මුල ඉදන් අගටම එක දිගට බලන්න පුලුවන්. චිත්‍රපටය ගැන කෙටියෙන් කිව්වොත් කලින් චිත්‍රපට කොටස් දෙක වගේම මේ චිත්‍රපටයත් හාස…

Scary Movie 3 (2003) Sinhala Subtitles

කොහොමද යාලුවනේ!  මම අද අරගෙන ආවේ ලෝක ප්‍රසිද්ධ Scary Movie චිත්‍රපට මාලාවේ තුන්වෙනි කොටස වන “Scary Movie 3 ”  චිත්‍රපටයයි. මේ චිත්‍රපටය  ආතල් එකේ මුල ඉදන් අගටම එක දිගට බලන්න පුලුවන්.

චිත්‍රපටය ගැන කෙටියෙන් කිව්වොත් කලින් චිත්‍රපට කොටස් දෙක  වගේම මේ චිත්‍රපටයත් හාස්‍යය/විනෝදය උපරිමයෙන්ම පිරුණු නිර්මාණයක්. මෙහි විශේෂත්වය තමයි එවකට ජනප්‍රිය වෙලා තිබුණු  The Ring (2002), Signs (2002), The Matrix Reloaded (2003), 8 Mile (2002)  වගේ චිත්‍රපට ගණනාවක් උපහාසයට ලක් කරමින් මේ කතාව නිර්මාණය වෙලා තිබීම. කතාව පටන් ගන්නේ අද්භූත වීඩියෝ පටයක් නැරඹීමෙන් පසු මිය යන තරුණියන් දෙන්නෙක්ගෙන්. ඊට පස්සේ සින්ඩි කැම්බල් මේ මරණ පිටුපස තියෙන රහස හොයාගෙන යන අතරතුර ඇයට මුණගැසෙන අමුතුම චරිත සහ සිදුවීම් මාලාව ඉතාමත් විනෝදජනක විදියට මෙහි ඉදිරිපත් කරලා තියෙනවා.  මේ චිත්‍රපටය ගැන තවත් විස්තර කිවුවොත් මේ චිත්‍රපටය IMDb අගය 5.6 ක අගයක් ලබාගෙන තිබනවා. ඒවගේම ඩොලර් මිලියන 48 ක වියදමකින් නිශ්පාදනය වූ මෙම ච්ත්‍රපටය  ලොව පුරා  ඩොලර් මිලියන 220 ක ආදායමක් හොයා ගන්න සමත් වුනා. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ  David Zucker යන අධ්‍යක්ෂවරයායි. ප්‍රධාන නළු නිළියන් වශයෙන්  Anna Faris, Charlie Sheen, Regina Hall, Anthony Anderson, Leslie Nielsen, Kevin hart ආදී නළු නිළියන් එක් වෙලා තියනවා. ඉතින් යාලුවනේ මේ මගේ පළමුවන උපසිරැසි ගැන්වීම,මගේ උපසිරැසි ගැන්වීමේදී අඩුපාඩු තිබුණොත් ඒ ගැන පහළින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. චිත්‍රපටය නරඹලා ඔයාලගේ අදහස් දක්වන්න. ඒ වගේම මම ඊලග චිත්‍රපටයටත් උපසිරැසි දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් තවත් උපසිරැසියකින් ඉක්මනින්ම හමුවෙමු! හැමෝටම ස්තූතියි. Scary Movie 3 (2003) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any download links.

ලබා දී ඇති උපසිරැසි Bluray පිටපත් සඳහා පමණක් අදාළ වේ.

447 downloadsDownload Scary-Movie-3-2003.zip45 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් මදුකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2026-04-26

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Scary Movie 3 Sinhala Subtitles

Subtitles by

සචින් මදුකාන්ත

Subtitles

447 downloadsDownload Subtitles45 KB

4 comments

  1. නිශාන් සමීර

    පළවෙනි උපසිරැසි ගැන්වීමට සුභ පැතුම් ❤️
    දිගටම කරගෙන යමු ❤️

  2. Buddhika laKMal

    පළවෙනි සබට සුබ පැතුම් සහෝ...
    වෙලාවක් තියෙන වෙලාවට තව සබ් ගේමු....
    ස්තූතියි මේ උපසිරැසියටත්

  3. sumed

    thank you bro

  4. sumed

    උපසිරැසිය සුපීරියට කරලා තියෙනවා.සුභ පතනවා