Apex (2026) Sinhala Subtitles ආයූබෝවේවා හැමෝටම!!! ඔන්න කොච්චර වැඩ තිබුනත් ආපහු වතාවක් ෆිලුමක් අරගෙන බයිස්කෝප් නිවහනට ගොඩවැදුනා. ඔයාලා දැනටමත් දන්නවා මොකක්ද මම අරගෙන ඇවිත් තියෙන්නේ කියලා. නෙට්ෆ්ලික්ස්ලා ඊයේ දවසේ නිකුත් කරපු අළුත්ම සුපිරි චිත්‍රපටය තමයි මේ ගෙනාවේ. මගේ ප්‍රියතම රංගන ශිල්පීන් දෙන්නෙක්…
Apex (2026) Sinhala Subtitles
ආයූබෝවේවා හැමෝටම!!! ඔන්න කොච්චර වැඩ තිබුනත් ආපහු වතාවක් ෆිලුමක් අරගෙන බයිස්කෝප් නිවහනට ගොඩවැදුනා. ඔයාලා දැනටමත් දන්නවා මොකක්ද මම අරගෙන ඇවිත් තියෙන්නේ කියලා. නෙට්ෆ්ලික්ස්ලා ඊයේ දවසේ නිකුත් කරපු අළුත්ම සුපිරි චිත්‍රපටය තමයි මේ ගෙනාවේ. මගේ ප්‍රියතම රංගන ශිල්පීන් දෙන්නෙක් ඉන්න නිසා ට්‍රේලර් එක ආපු දවසේ ඉඳලා මේක බලන්න ආසාවෙන් හිටියේ. ඒ වගේම වැඩෙත් හොඳ නිසා වෙලාවකුත් ලැබුන නිසා ඔයාලත් එක්කත් මේක බෙදාගන්න හිතුනා.
සාෂා සහ ටොමී කියන්නේ කඳු නගින පිස්සුවෙන් ඉන්න යුවලක්. ලෝකේ හැම තැනම වගේ කඳු නැගලා තියෙන මේ දෙන්නා මෙදාපාර තෝරගන්නේ නෝර්වේ වල ට්‍රෝල් ප්‍රාකාරය කියන විශාල කන්ද. ඉතිං මේ වැඩේ වෙද්දි අවාසනාවන්ත සිදුවිමකට මූණ දුන්න සාෂා මේ හැමදේම අමතක කරන්න ඕස්ට්‍රේලියාවේ සංචාරයක යෙදෙනවා වගේම මෙයා ඒකට තෝරගන්නේ ඕස්ට්‍රේලියාවේ වන්ඩාරා ජාතික වනෝද්‍යානයේ කඳවුරු බඳින එකයි. ඒ වගේම පලාතේ ගොඩක් මනුෂ්‍ය අතුරුදහන් වෙන නිසා පරිස්සම් වෙන්න කියලා වනෝද්‍යානයට ඇතුල් වෙද්දිම රේන්ජර්ස්ලා සාෂාට අනතුරු අඟවනවා. ඉතිං කැලේ ඇතුලේ හිටපු පළවෙනි රාත්‍රියෙදීම සාෂාට අමුතු සිදුවීමකට මූණ දෙන්න වෙනවා වගේම එයාට කැලේ ඇතුලේ ඉන්න අමුතු පහේ මනුස්සයෙකුත් හම්බවෙනවා. හැබැයි මේ මුණ ගැසීම කෙළවර වෙන්නෙ මහා ඛේදවාචකයකින් කියලා සාෂා ඒ වෙලාවේ හිතන්නේ නැතුව ඇති.
මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ Adrift, Beast වගේ චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු Baltasar Kormákur විසින්. ඒ වගේම මේක මේ වෙද්දි 6.3ක IMDb අගයක් සහ 65%ක කුණු තක්කාලි අගයක් ලබාගන්නත් සමත් වෙලා තිබෙන අතර Taron Egerton, Charlize Theron සහ Eric Bana ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වනවා. ඔයාලා The Hunt (2020) , Ready or Not (2019) , Split (2016) වගේ චිත්‍රපට වලට කැමති අය නම් අනිවාර්‍යයෙන්ම මේකටත් කැමති වෙයි කියලා හිතනවා.
ඒ වගේම මට මේ ෆිලුම වෙන් කරලා දුන්න රවිඳු හේෂාන් සහෝටත් ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕන. ඔයාලත් උපසිරසි අරගෙන කොමෙන්ටුවක් හලාගෙන යන්න. වාසනාවක් තිබුනොත් තවත් උපසිරසියකින් නැවත හමුවෙමු. ජය වේවා!
Apex (2026) Sinhala Subtitles

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.
4,640 downloadsDownload Apex-2026.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Apex Sinhala SubtitlesSubtitles by
යුරාන් ධනුක
Subtitles
- #Apex (2026) Sinhala Sub
- #Apex (2026) Sinhala Subtitles
- #Apex Sinhala Sub
- #Apex Sinhala Subtitles
- #Must Watch
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #The Strangers
- #උපසිරැසි
- #යුරාන් ධනුක
- #සබ්ටයිටල්ස්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
5 comments
BlackShip
Buddhika laKMal
සබ් එකට තෑන්ක්ස්
Sahan Gayantha
thanks a lot Yuran saho sub ekata
Ishan Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට.
Harshana Atapattu
Thanks for sub brother.
Advertisement
![Apex (2026) Sinhala Subtitles | බිහිසුණු විලෝපික මානවයා [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/04/Apex-2026-2.jpg)
Thanks