හලෝ යාළුවනේ,ඔන්න මම මගේ 2 වැනි සබ් එකත් ගෙනාවා.මතක ඇතිනේ මම මීට සති කීපයකට කලින් යශෝධ අයියගෙ යෝජනාවට අනුව මගේ 1 වැනි සබ් එක විදියට Alex Rider – Operation Strombreaker 2006 ෆිල්ම් එක ගෙනාවා. හම්මෝ ! මම හිතුවෙ මට ආයෙ නම් සබ් එකක් ගහන්න බැරිවෙයි කියලා. මොකද විභාගෙ ලකුණු දෙන හින්දා. ඒත් ඇති යන්තම් ලකුණ…

හලෝ යාළුවනේ,ඔන්න මම මගේ 2 වැනි සබ් එකත් ගෙනාවා.මතක ඇතිනේ මම මීට සති කීපයකට කලින් යශෝධ අයියගෙ යෝජනාවට අනුව මගේ 1 වැනි සබ් එක විදියට Alex Rider – Operation Strombreaker 2006 ෆිල්ම් එක ගෙනාවා. හම්මෝ ! මම හිතුවෙ මට ආයෙ නම් සබ් එකක් ගහන්න බැරිවෙයි කියලා. මොකද විභාගෙ ලකුණු දෙන හින්දා. ඒත් ඇති යන්තම් ලකුණු එල කිරියට තියෙනවා. ඒක හින්දා ඔන්න මට මේකට සබ් දෙන්න පුළුවන් වුනා.
හැබැයි ඉතිං ස්ටෝම්බ්‍රීකර් එකේ සබ් එකේ මගෙ පොඩි වැරදි වගයක් තිබුනා කියලා කියන්න මම ලැජ්ජා වෙන්නෙ නෑ.මොකද ඒක මගෙ පළවෙනි එකනේ.හරි හරි.ඔයාල ඒක බලන්න ඇතිනේ?ඔන්න ඉතිං මම ඒ වැරදි හදාගෙන අලුත් ෆිල්ම් එකකට උපසිරැසි දුන්නා. සොරි සොරි,අලුත් ෆිල්ම් එකක් නෙමෙයි බව ඇත්ත.ඒත් මේක තාමත් අලුත් වගේ තමයි. හරි හරි මේ තමයි Scooby Doo 2 – Monsters Unleashed. මේක තමයි Scooby Doo 2002 ෆිල්ම් එකේ 2 වැනි කොටස. මතක ඇතිනේ මේකට අපේ තරුෂ නයනජිත් සහෝදරයා Scooby Doo 2002 භූත දිවයින කියලා මීට කලින් සබ් එක දුන්නා.ඒත් ඒකෙ 2 වැනි කොටසෙ සබ් එක දීල තිබුනෙ නෑ.ඔන්න මම ඒ අඩුව පිරෙව්වා.මීට කලින් ඔයාල මේක බලලා තියෙනවා කියලා මම දන්නවා. ඒත් ඒ සිංහල සබ් නැතුව, නැත්තම් සිරස ටීවි එකේ සිංහල හඬ කවපු එක. හරි ඔන්න එහෙනම් සිංහල සබ් එක තියෙනවා, අවුලක් නැතුව නිවිහැනහිල්ලෙ බලන්න. 720p වගේම 1080p Bluray rip වලටත් එකම සබ් ෆයිල් එක තමයි.
මේකට සබ් දෙන්න ගත්ත වෙලේ නම් මට බයිස්කෝප් එකේ ගොඩක් අයව අඳුන ගන්න පුළුවන් වුනා. පූසා අයියා,රොයිලි අයියා, විමා අයියා වගේ ගොඩක් අය. අම්මෝ ඔයාලට මේ ලිපිය කියවන්න එපා වෙන්නත් ඇතිනේද?ඔන්න ඔන්න…
හැබැයි මම හිතනවා මම මේක ගැන වැඩිය විස්තර කියන්න ඕන නෑ කියලා. මොකද ඔයාල දන්නව ඇතිනේ මේ චිත්‍රපටය ගැන.ඒත් දන්නැති අයත් ඇතිනේ.හරි හරි.මේ ස්කුබි ඩූ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ Raja Gosnell මහතා. ඒ වගේම මේකෙ ප්‍රධාන නළු නිලියන් ලෙස Freddie Prinze Jr (ෆ්‍රෙඩී) Sarah Michelle Gellar (ඩැෆ්නි) Linda Cardelini (වෙල්මා) Matthew Lillard (ෂැගී) හඳුන්වන්න පුලුවන්. 2004 මාර්තු 20, (කැනඩාවල) 2004 මාර්තු 26, (එක්සත් රාජධානියේ) මේක තිරගත වෙලා තියෙනවා. විනාඩි 93 පුරා (පැය 1 ½ පමණ) දිවෙන මෙම හාස්‍යජනක චිත්‍රපටය ඩොලර් මිලියන $181.5 ක බොක්ස් ඔෆිස් වාර්තාවක් පිහිටුවලා තියෙනවා. ඒ වගේම මේකෙ Imdb අගය 4.9 වෙලා තියෙනවා????????එච්චර අඩු ඇයි දන්නෙ නම් නෑ. ඒත් 2002 ෆිල්ම් එකේ ගානමයි. කොහොම හරි මේක 2014 ජූනි 14 රීබූට් වෙලා තියෙනවා. හරි,කතාවෙ සාරාංශය මේකයි.
අභිරහස් කණ්ඩායම කෞතුකාගාරයකට එයාල අල්ලපු අවතාර වල ඇඳුම් පරිත්‍යාග කරනවා.ඊට පස්සේ ඒවා කෙනෙක් හොරකම් කරලා ඇත්තම අවතාර හදන්න පටන් ගන්නවා.ඊට පස්සෙ අපේ ෂැගීයි ස්කුබියි දෙන්නා අතින් වැරදීමකින් බොත්තමක් එබිලා අවතාර හැදෙනවා.ඊට පස්සෙ ඒක නවත්තලා අර කලිං කිව්ව කෙනාව අල්ලන එක තමයි මේකෙ කෙටිම සාරාංශය.ඒත් නොකිව්ව කෑලි ගොඩක් තියෙනවා.
මම මේක පුළුවන් තරම් ලස්සනට පරිවර්තනය කලා. ඒත් හොඳද නැද්ද කියන්න ඕන ඔයාලයි. ඉතිං මට කියන්න හොඳ නරක.අම්මෝ,මේකෙ තේරෙන්නෙ නැති විද්‍යාත්මක අපබ්‍රංස ගොඩක් තිබුනා. මාර ගේමක් දීලා ඩික්ෂනරියෙ පිහිටෙන් ඒක ටිකත් හොයාගත්තා. හැබැයි ගිය පාර සබ් එකට වඩා ඉක්මනට මට මේකට සබ් දෙන්න පුළුවන් වුනා. මම ඊලඟට උපසිරසියක් දෙන්න යන්නෙ තවත් ලස්සන චිත්‍රපටයකට. මම කොහොමත් උපසිරැසි 10 තමයි දෙන්නේ. (පුළුවන් වුනොත් තව සබ් දෙන්නම්. ඒක වෙනම කතාවක්) මොකද අනිත් උපසිරැසි දෙන්නෙ O/L, A/L ඉවර වෙලා තමයි. මොකද මම තාම 9 වසරෙනේ. ඉතිං පාඩම් කරන්න ගන්න ඕන. ඔන්න ඉතිං දෙයියන්ගෙ පිහිටෙන් විභාගෙට ලකුණු තිබ්බ හින්දා 2 වැනි උපසිරැසිය දෙන්න පුළුවන් වුනා. එහෙනම් ඉතිං ඔන්න බුදු සරණයි හැමෝටම! මම නැවතුනා. සබ් එක බාගෙනම ෆිල්ම් එක බලන්න. මම බලපු සිංහල සබ් නුදුන්න ලස්සනම ෆිල්ම් ටිකට තමයි සබ් දෙන්නේ. 3 වැනි සබ් එකෙන් හමුවෙමු. හැබැයි මීට පස්සෙ මට සබ් දෙන්න ටිකක් කල් යයි. දෙවි පිහිටයි…!
Due to copyright issues, we do not provide any torrent links.
Scooby.Doo.2.Monsters.Unleashed.2004.720p.BluRay.H264.AAC-RARBG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
739 downloadsDownload Scooby.Doo_.2.Monsters.Unleashed.2004.Baiscopelk.com_.rar33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/YomalSenanayaka1-e1472752308383.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යොමාල් සේනානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යොමාල් සේනානායක
Subtitles
20 comments
Udara Damith B\K
Udara Damith B\K
මන් එක හෝහෝහෝහෝහෝහෝහෝහෝහෝහෝහෝහෝහෝහෝහෝහෝහෝහෝහෝහෝහෝහෝහෝහෝ
Udara Damith B\K
:) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :)
කාලයක් බලන් හිටියා මේකට උපසිරස දෙනකල් එල
:) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :)Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
අසිත
elama saho thanks
Ishan Madusha
ස්තුතියි සහෝ
praneeth madu
ela mcn keep going
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!
චාමිකර
නියමයි මල්ලි. ජය වේවා!!
kasun Harshana
Aradhana (1969) film ekata sub karanna barida katawathma? A film eka baisecopelk eke tiyennama oni ekak.
Asanka
Sub eka weda ne..
Malinda
good luck malli
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි.. !2015-2016 අලුත් චිත්‍රපට සඳහා
උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
ස්තූතියි.......Hiru
thanks macn.. mama hama movie ekatama comment damme meka denna meka denna kiyala. thanks a lot mcn..
Chalana Rukshan
thnx malli. puluwan nan scooby doo animations denna balanna site eke thama dila nathi.
නිලන්ත [Rumesh Nilantha Jayaweera]
thank you verry much film eka thiyanawa sub eka gatha..............Good Luck
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sajana_pathirana
❤️✌️
Sajana_pathirana
❤️✌️
Eranda Malith 2.0
Ela bro thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි