Watch Trailer

Pichaikkaran (2016) with Sinhala Subtitles | අම්මා වෙනුවෙන් ඔහු හිගන්නෙක් විය [සිංහල උපසිරසි සමඟ]

“ඔයාලට එක දවසක් කියන්නෙ එක දවසක් තමයි.. ඒ වුනත් එයාලට, තුන් වේලක්.. කෑම ලැබෙයිදෝ නොලැබෙයිදෝ කියල විශ්වාසයක් නැති තුන් වේලක්.. ඔයාටයි, මටයි මේ ලෝකෙ ඉන්න අනිත් හැමෝටමයි ඉන්නෙ එකම එක හතුරයි සර්.. දිනෙන් දින එන හතුරා.. බඩගින්න! සමාවෙන්න.. -ඔයා කවුද? මමත් එයාලගෙන් කෙනෙක් තමයි. හිගන්නෙක්! “ ඇත්තම කියනවනම…

Pichaikkaran (2016)

“ඔයාලට එක දවසක් කියන්නෙ එක දවසක් තමයි.. ඒ වුනත් එයාලට, තුන් වේලක්.. කෑම ලැබෙයිදෝ නොලැබෙයිදෝ කියල විශ්වාසයක් නැති තුන් වේලක්.. ඔයාටයි, මටයි මේ ලෝකෙ ඉන්න අනිත් හැමෝටමයි ඉන්නෙ එකම එක හතුරයි සර්.. දිනෙන් දින එන හතුරා.. බඩගින්න! සමාවෙන්න.. -ඔයා කවුද? මමත් එයාලගෙන් කෙනෙක් තමයි. හිගන්නෙක්! “

ඇත්තම කියනවනම් මේ ලෝකය හරිම පුදුමාකරයි, කෙනෙක් පෝසතෙක් කරවල තවත් කෙනෙක්ව දුප්පතෙක් කරනවා. දුප්පතා කෑම පස්සෙ යනව වගේ පෝසතා සල්ලි පස්සෙ යනව. මන් මේ ෆිල්ම් එකට උපසිරැසි දානකොට පොඩ්ඩක් ඒ වැඩේ පැත්තකට දාල හිතුව ඇයි දෙවියන් මේ වගේ වර්ග දෙකක් මැව්වෙ කියල. එකේක ප්‍රශ්න ඔළුවට ආව, ඒවට උත්තරත් ලැබුන. හැබැයි ගොඩක් ඒවට උත්තර ලැබුනෙ නෑ. ?_ _ _ 🙁 සාමාන්‍යයෙන් අපි හිතල තියෙනවද ගෙයක් දොරක් නැති, ඉන්න හිටින්න තැනැක් නැති, නමක් අනන්‍යතාවයක් නැති කෙනෙක් එයාගේ  ජීවිතය කොහොම ගත කරනව ඇත්ද කියල. බැලූ බැල්මට අපි හිතන්නෙ මේ හිගන්නෙක්, අනාතයෙක් අම්ම අප්ප නැති එකෙක් කියල. ඒ වුනත් අපි පොඩ්ඩක්වත් හිතුවද ඒ මිනිස්සුන්ගෙ අතීතය? එයාල කොහොම හිටපු අයද? ඇයි මෙහෙම වුනේ කියලවත්? [මෙච්චර කාලයක් මම එහෙම හිතල නෑ, නමුත් අද ඉදන් හිතනව.] 🙁 දුප්පත්කම තමයි ලෝකයේම තියෙන අප්‍රසන්නම දෙය. මම දැනුවත්ව ගොඩක් සිදු වීම් මගෙ ඇස් දෙකෙන්ම දැකල තියෙනව. ඒ වගේම මමත් මුහුණ දීල තියෙනව. ලැජ්ජ වෙන්න ඕනි නෑ. අපි හැමෝම පොඩි දේකින් හරි දුප්පත්. [සමාවෙන්න ඕනි මේ ලිපිය ලියනකොට දැන් මගේ ලග කවුරුත් නෑ. වෙලාවත් 12.32 පාන්දර. නිස්කලංක නිසා හිතට ආපු දේ කිව්ව.] මට කියන්න තියෙන්නෙ සල්ලි කියන්නෙ ජීවිතය නෙමෙයි යාළුවනෙ.

හරි එහෙනම් මන් පන්ඩිත කතා නොකිය ෆිල්ම් එකේ තොරතුරු ටික්ක් කියන්නම්. 🙂 මේ ෆිල්ම් එක අද්‍යක්ෂනය කරල තියෙන්නෙ Sasi. ඒ වගේම ෆිල්ම් එකේ කතාවත් ලියල තියෙන්නෙ Sasi ම තමයි. ඒ වගේම ෆිල්ම් එකේ  සංගීත අධ්‍යක්‌ෂනය කරල තියෙන්නේ Vijay Antony. එයා තමයි මේ ෆිල්ම් එකේ ප්‍රධාන නළුව. ඒ වගේම ප්‍රධාන නිළියනම් ඔයාල වැඩිය දන්නෙ නැතුව ඇති මොකද මේක ඇයගෙ පළමු දමිල චිත්‍රපටයයි. ඇගේ නම Satna Titus. කිසිම අසාධාරණයක් නැතුව ලස්සනට රගපාල තියෙනව. ඒ වගේම ඔයාල දන්නවත් ඇති Vijay Antony කියන්නේ සංගීත අද්‍යක්ෂකවරයෙක්.. එයා රගපාපු ෆිල්ම් වලින් “Naan” || “Salim” කියන ෆිල්ම් ගොඩක් ජනප්‍රිය වුණා. ඒ වගේම එයාගෙ රගපෑමත් විශිෂ්ටයි. තව කිව්වොත් ඔයාල අනිවාර්යයෙන් ඒ කිව්වේ දමිල චිත්‍රපට බලන රසිකයන් අනිවාර්යයෙන් නැරඹිය යුතු නෑ පොදුවේ හැමෝම නැරඹිය යුතු සුපිරිම ෆිල්ම් එකක් තමයි මේ ෆිල්ම් එක. ඉන්දියාවේ වැඩි දෙනෙක් අතර ගොඩක් කතා වට ලක්වුණු ෆිල්ම් එකක් කිව්වොත් නිවැරදී. 2016 වසරේ ආපු විශිෂ්ටතම නිර්මාණයක්. හරි එහෙනම් මන් කතාවේ මොකද්ද වෙන්නෙ කියල කෙටියෙන් කියන්නම්.

චිත්‍රපටය ආරම්භ කරන්නේ අරුල් රට ඉදන් එන කොටසකින්. ඉතින් මේ අරුල් සෙල්වකුමාර් කියන්නෙ කෝටිපතිනියක් වන බුවනේෂ්වරීගේ එකම පුතයි. ඉතින් මෙයා යන්නේ එයාගේ කර්මාන්ත ශාලාවේ පැවැත්වෙන උත්සවයකට සහභාගි වෙන්නයි. ඉතින් ඒකට සහභාගි වෙන අපේ අරුල්ට අරුල්ගේ අම්මා කර්මාන්ත ශාලාවේ සියළුම වගකීම් භාර දෙනවා. ඉතින් අරුල් අරුල්ගේ අම්මා එක්ක කර්මාන් ශාලාවෙ ඇවිදන් ඉන්නකොට අම්මගේ අවාසනාවන්ත කමකට අණතුරකට පත් වෙනවා. ඉතින් අම්මව රටේ තියෙන හැම ඉස්පිරිතාලෙකටම අරුල් අරන් යනවා. [පළමුවන සිංදුවෙන් වැටහෙයි.] ඒ වුනත් කිසිම ඵලක් නෑ. අම්මා කෝමා තත්ත්වයෙන් ඉන්න නිසා දිනෙන් දින ඇගේ අන්තිම කාලයට පැමිණිලයි තිබුනෙ. අරුල් අම්මට ගොඩල් ආදරෙයි. ඉතින් ඔය අතරෙ දවසක් අරුල් කල්පනා කර කර ඉන්නකොට සාමි කෙනෙක් කෑ ගහනව ඔතනින් එන්න එන්න කියල. එතනින් ආව ක්ෂණිකයෙන් ගහේ අත්තක් කඩන් වැටෙනවා. ඉතින් සාමි ලගට යන මෙයා අම්මව බේරගන්න මාර්ගයක් සාමිගෙන් අගනවා. ඉතින් සාමි අරුල්ට මාර්ගයක් කියනව. අරුල් ගත කරන සැප පහසු ජීවිතය අත ඇරල තමන් කවුද කියලවත් කියන්නෙ නැතුව, සියළු බලතල පාවිච්චි නොකර දින 48 ක් පුරා හිගන්නෙක් ලෙස ජීවිතය ගත කරන්න කියනවා! ඉතින් අම්මව බේර ගන්න අරුල් මේ අභියෝගය භාරගනීද? අභියෝගය භාරගත්තත් අරුල්ට මොනවගෙ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වේවිද? පොහොසතෙකුව සිටින අරුල්ට මේ හිගන ජීවිතය ගත කරන්න පුලුවන් වේවිද? ඉතින් ඔය ප්‍රශ්න වලට උත්තර ෆිල්ම් එක බලලම දැන ගන්න යාළුවනේ.

ඒ වගේම මේ චිත්‍රපටයත් මම අසා ලිවීමෙන් කරපු එකක්. අන්තර්ජාලයේ කිසිම උපසිරැසියක් තිබුනේ නැති නිසා කාල රාමු හදන්න සිද්ද වුනා. ඒ වගේම මේ ෆිල්ම් එකේ හොද කොපියක් ආවෙ බ්‍රහස්පතින්දා. ඉතින් වෙනද වගේම උදේ පාන්දරින්ම ඒ ගැන කියල මැසේජ් එකක් දාල තිබුනෙ සදුන් අයිය තමයි . ස්තූතී සදුන් මාමෙ ඔයාටත්. 🙂 [මම දැන් මාම කියන්නෙ.] එහෙනම් මම යනව. ආපහු සුපිරි ෆිල්ම් එහෙකින් හමු වෙන්නම්කෝ. ජය වේවා!

Pichaikkaran (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Pichaikkaran [2016] Tamil HDRip x264 400MB

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

15,626 downloadsDownload Pichaikkaran.2016.Baiscopelk.com_.rar52 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/SnakeRaj.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SNAKE RAJ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

SNAKE RAJ

Subtitles

15,626 downloadsDownload Subtitles52 KB

54 comments

  1. Lakmal Wanniarachi

    200% tanx bro

  2. maheshbabu

    ela kollekne,,,,meka denakan hitiye,,,,,,,thank's bro,,,,,,thawa telugu,kannada tikak demuko bro.....

  3. anuradha rathnasiri

    torrent file eke link eka dennethi nisa torrent hoyaganna amarui

  4. lahiru

    tx macho.. godak pin

  5. buddhika

    supiri macho..supirima wedak..puluwannm ithuru tamil movies tikath ikmanatama denna..jaya wewa..

  6. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි.. !

    2015-2016 අලුත් චිත්‍රපට සඳහා
    උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
    ස්තූතියි.......

  7. ධනුෂ්ක සම්පත්

    පට්ට film එක බාල දැනට දෙපාරක් බැලුව sub ඇවිත් ඉතිං ආයේ බලන්න වෙනෝ

    thank යාලු

  8. Global

    සාමාන්‍යයෙන් කෙනෙක් දුප්පත් පොහොසත් වෙන්නෙ ඔව්න්ගේ පෙර ආත්මවවල පව් පින් නැතිනම් කර්මය අනුව. කෙනෙක් මේ ආත්මයේ පොහොසතෙක් උනත් ඔහු කරන කියන දේවල් අනුව මේ ආත්මයේම ඔහු දුප්පතෙක් වෙන්නත් පුළුවන්. මේ ආත්මයේ මොන සැප වින්දත් ඊළඟ ආත්මයේ ඔහුට මනුස්ස ආත්මයක් පවා නොලැබෙන්නත් පුළුවන්. ඒ හින්ද මේ ලැබුණු වාසනාවන්ත මනුස්ස ජීවිතේ පුළුවන් තරම් හොඳින් ගත කරන්න අපි හැමෝම හිතට ගන්න ඕනි. කොහොම උනත් මේක චිත්‍රපටයක් විතරයි නෙනේ ? සැබෑ ලෝකෙදි මෙහෙම දේවල් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.
    සබට බොහොම ස්තූති Bro ..
    Baiscop සියලු දෙනාටම පින්......ජයවේවා..!

  9. ro

    Thank You Bro

  10. Sanath Indika

    thx brooo

  11. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! වෙනසක් තියන ෆිල්ම් එකක් වගේ. බලන්න ඕනේ.
    සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි.

  12. Kulanjana Maduranga

    niayamai…thanks RAJ saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. yasitha

    ane kawru hari download link ekak dapallako ban..loku udawwak..net eke hemathenama search kala..link ekak na hoya ganna...

  14. Sene

    dwnlord link 1k depanko ban epa wenawa hoya ganna be broooooooo

    1. Tharaka

      සහෝ... ගොඩාක් දමිළ චිත්‍රපට බාගන්න තියන වෙබ් සයිට් එකක් තමයි tamilrockers.lu වෙබ් අඩවිය. ඔයා ඒකට ගොස් Pichaikkaran [2016] Download Tamil (Original Audio) Movie HDRip x264 400MB කියා search කර ෆිල්ම් එක download කරගන්න.

  15. Charitha

    anith tamil tikatath denna bro

  16. Tharaka

    ගොඩාක් දමිළ චිත්‍රපට බාගන්න තියන වෙබ් සයිට් එකක් තමයි tamilrockers.lu වෙබ් අඩවිය. ඒකට ගිහිල්ලා Pichaikkaran [2016] Download Tamil (Original Audio) Movie HDRip x264 400MB කියා search කර ෆිල්ම් එක download කරගන්න.

    1. Sukiribatta

      thanks broo

  17. niro

    thnx bro umbalage kapaweema aththatama agaya karanawa

  18. yeshu

    tnx

  19. baika

    supirima film ekak kalekin balapu.patta sabath niyameta yanawa

  20. #Klaus

    tnx sahoo

  21. ලහිරු ප්‍රසාද්

    උපසිරැසියට ස්තූතියි සහෝ..
    ජය.

  22. Ishan

    Thanx machn me wage patta film ekakta sub dunnata. mama godak Tamil film blna kenek newei eth me film eka Film blna okkotoma recomnd karanna puluwan. godak kalekin aheta kadulak apu film ekak.

  23. Athula

    thank u for the sub........go ahead........

  24. Imila Umeshan Amarasinghe

    Thanx mcn... good luck

  25. Athula

    wena film ekaka sub ekakne mekata enne. mokakda karanne ekata.............

  26. Kottege Mendis

    thanks bro..good luck..

  27. wooobox.net

    මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SNAKE RAJ” සොයුරාට අප සැමගේ ස්තූතිය.

    “SNAKE RAJ” සොයුරාගේ සිංහල උපසිරැසි සමග මෙම චිත්‍රපටිය නොමිලයේ online නැරබීමට සහ මෙම උපසිරැසි වලට ගැලපෙන Movie ෆයිලය නොමිලේ ඩිරෙක්ට් බාගත කර ගැනීමට එන්න wooobox.net වෙත

  28. Menu

    Thank you!

  29. Gihan

    Elama bro.

  30. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. Isuru Ishara Sankalpa

    thanks

  32. wooobox

    நல்ல கதை. மிகவும் உணர்ச்சி படம். மிக்க நன்றி SNAKE RAJ

    I know it takes longer time and effort to make a subtitle file. We only can give you the heart full of thanks for that.Thank you very much SNAKE RAJ. :)

    Vanda Devulle Full Video Song https://www.youtube.com/watch?v=cbYDHuq5vc4

    Long Live baiscopelk...

  33. mithun

    බලන්න ඔනෙමයි කියල හිතන් උන්නු චිත්‍රපටයක් ඔන්න දැන් බානව
    සලිම් එකෙන් පස්සෙ මර අසාවක් ඇති උනෙ මෙ ඇක්ටින්ට සුපිරි නලුවෙක් රන්ගනය විශිෂ්ටයි ස්තුතියි උපසිරැසි ලබ දුන්නට ඔබට

  34. Snake Raj

    කොමෙන්ට් කරපු හැම යාළුවෙකුටම ස්තූතී...
    ආදරෙයි ඔයාලට!
    ජය වේවා! :) :)

    1. Anonymous

      sub ek eka ganata paly wenne nne

    2. විමා

      බයිස්කෝප් ඩව්න්ලෝඩ්ස් එකෙන් වීඩියෝ කොපිය අරගන්න සහෝ. එක එක වීඩියෝ කොපි තියෙනව නෙට් එකේ.

  35. Banuka

    අනේ කොල්ලෝ පුලුවන් නම් Wide screen හරි නැත්තම් බොල්ට් Font එකෙන් downlod කරන්න පුලුවන් විදිහට හදන්නකෝ...

  36. zeshiu

    thanz bro

  37. ravindu prabashwara

    Suppa bro සුපිරි film එකක් sub එකත් niyamai

  38. Indrajith

    thanks for the subtitle

  39. gayan indika

    dakapu supirima moive eka

  40. Nilush Angana

    Sub ekata thanx

  41. Anu

    Thanks bro.....

  42. Akashpc

    Tnx

  43. anushkawebnet

    thanx bro

  44. Sheron

    Me sub eka download denne nane

  45. Anonymous

    Sub eka veda na

    1. Lakshan

      Me sub eka veda nane mcn kauruhari link ekak ewannako plz

  46. Anonymous

    thank you

  47. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  48. Ravindra

    Sub ekata thanks dewani film ekatath sub one

    1. Anonymous

      thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.