Watch Trailer

Shut In (2022) Sinhala Subtitle | මව් සෙනෙහස [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් ටික කාලෙකට පස්සෙ චිත්‍රපටයකට උපසිරැසික් ගේන්න හැකි වුණා. මේක මගේ 48 වැඩි උපසිරැසි නිර්මාණයද වෙනවා. මේ පාර අරන් ආවේ මේ අවුරුද්දෙ නිකුත් වුණ Thriller, Horror කාන්ඩයට අයත් චිත්‍රපටයක්. මේ වෙනකොට මේ චිත්‍රපටයට IMDb 7.1 ඉහල අගයක් ගන්න සමත් වෙලා තියෙනවා සහ මේ අගය තවත් අඩු වෙන්නත් ඉඩ තියෙනවා.…

ඔන්න එහෙනම් ටික කාලෙකට පස්සෙ චිත්‍රපටයකට උපසිරැසික් ගේන්න හැකි වුණා. මේක මගේ 48 වැඩි උපසිරැසි නිර්මාණයද වෙනවා. මේ පාර අරන් ආවේ මේ අවුරුද්දෙ නිකුත් වුණ Thriller, Horror කාන්ඩයට අයත් චිත්‍රපටයක්. මේ වෙනකොට මේ චිත්‍රපටයට IMDb 7.1 ඉහල අගයක් ගන්න සමත් වෙලා තියෙනවා සහ මේ අගය තවත් අඩු වෙන්නත් ඉඩ තියෙනවා. මේක ගෙන එන්නේ The Daily Wire චිත්‍රපට සමාගම විසින් සහ මේක අධ්‍යක්ෂණය කරන්නේ D.J. Caruso විසිනි. ඔහු නිර්මාණයෙන් දායක වුණ චිත්‍රපට ගැන කිව්වොත් I Am Number Four, Disturbia, Redeeming Love, Taking Lives ආදිය වෙනවා. ඒවැයින් Taking Lives කියන්නේ මං බලලා තියෙන සුපිරි ට්විස්ට් එකක් තියෙන චිත්‍රපටයක්. ඒත් උපසිරැසි නම් ලැබී නෑ තාම හැකි වුණොත් එයටත් උපසිරැසි ගේන්නම්. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු,

ජෙසිකා කියන්නෙ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා හිටපු සහ ඒවාගෙන් ඈත් වුණ කාන්තාවක්. ඇයට පොඩි ළමයි දෙන්නෙක් ඉන්නවා. ළමයින්ගේ තාත්තා වන රොබ් මත්ද්‍රව්‍ය වලට තදින්ම ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක්. ඉතින් ඔහු ජෙසිකා එක්ක තරහකින් ඉන්නෙ ඇය මත්ද්‍රව්‍ය වලින් ඈත් වුණ නිසා. ‍රොබ් හිතන්නේ ජෙසිකා ඔහුව පහත් කරනව කියල මොකද ඔහුට මත්ද්‍රව්‍ය වලින් ඈත් වෙන්න බැරි වුණ නිසා. දවසක් රොබ් අසිහියෙන් ජෙසිකගේ නිවසට එනවා ඔහුගේ යාළුව සැමීත් එක්ක. එතනදී වෙන බහින්බස් වීමක් නිසා රොබ්ට කේන්ති ගිහින් ජෙසිකව කාමරේකට දාල වහල දොරට ලී ගහනවා. ඒත් සමගම ඔහු ක්‍රිස්ටල් මෙත් කුඩු ග්‍රෑම් තුනකුත් ජෙසිකට දීල යනව. මොකද ඔහුට ඕනෙ ජෙසිකව ආයෙත් පරණ හිටපු තත්වෙට දාල දෙන්නම එක හා සමානයි කියල පෙන්නන්න. ඉතින් එතනින් මෙයාලගෙ කරදර නැති වෙන්නෑ මොකද රොබ්ගෙ යාළුව සැමී කියන්නෙ ළමා අපචාරකයෙක් ජෙසික කාමරේ හිර වෙලා ඉන්න අතර වාරයේ ඔහු එනවා ළමයින්ට කරදර කරන්න. ඉතින් මේ චිත්‍රපටයෙදී ළමයි අම්මා නැතුව තනිවම වැඩ කරගන්න හැටිත් ජෙසිකාගේ මව් සෙණෙහස ගැනත් මෙයාලගේ ඉරණම මේකෙන් වෙනස් වෙන හැටිත් අපට බලාගන්න හැකි වෙනවා.

ඒ විතරක් නෙවේ ඔයාලට මේ චිත්‍රපටය බලල පාඩමකුත් ඉගෙන ගන්න පුළුවන් වෙයි. ඒකත් මොකක්ද කියල චිත්‍රපටය බලන්නම වෙයි දැනගන්න. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා. ජයවේවා!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

3,495 downloadsDownload Shut-In-2022.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

3,495 downloadsDownload Subtitles27 KB

15 comments

  1. aks

    nightmare alley
    355
    the clean
    kimi film wala sinhala sub dennako

  2. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  5. Anonymous

    හොදයි

  6. Mihin Benway

    ඔයාලගෙ මහන්සිය අගය කරනව

  7. lakshan

    thanks ...................

  8. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  9. Sithum

    Sub Denakan Balan hitiye

  10. Malith samarawickrama

    Thanks malli sub ekata

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Dewadithya

    Thanks for Sub!

  13. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  14. kavishka dilshan

    සිංහල උපසිරසියට ස්තූතියි❤️
    Redeeming love 2022 movie එකේ උපසිරසි දාන්න පුලුවන්ද

    1. Shan

      Hadala danawada loku deyak