2022 වසරේ ජනවාරි මස 13 දා නිකුත් වූ මේ චිත්‍රපටයට Imdb අගය මේ වෙනකොට 7.1ක්(මනාප 40ක්). Times of India විචාරක අගය 3.0ක්. Drama වර්ගීකරණය අයත් මේ චිත්‍රපටය තම පියා රැකගැනීමට වෙහෙසෙන, තමන් දකින හීන හැබෑ වෙන පුතෙක් වටා ගෙතී යනවා. Drama චිත්‍රපටි බලන්න කැමති කෙනෙකුට හොඳ චිත්‍රපටියක් කියලා හඳුන්වන්න පුළු…

2022 වසරේ ජනවාරි මස 13 දා නිකුත් වූ මේ චිත්‍රපටයට Imdb අගය මේ වෙනකොට 7.1ක්(මනාප 40ක්). Times of India විචාරක අගය 3.0ක්. Drama වර්ගීකරණය අයත් මේ චිත්‍රපටය තම පියා රැකගැනීමට වෙහෙසෙන, තමන් දකින හීන හැබෑ වෙන පුතෙක් වටා ගෙතී යනවා. Drama චිත්‍රපටි බලන්න කැමති කෙනෙකුට හොඳ චිත්‍රපටියක් කියලා හඳුන්වන්න පුළුවන්. එහෙනම් මුලින්ම කතාවට හැරිලා ඉමු.

ශංකර්, ITI ඉගෙනගෙන රස්සාවක් හොයමින් ඉන්න තරුණයෙක්. ශංකර් රස්සාවකට ගිහින් පලවෙනි පඩිය ගන්න කල් තාත්තා එක්ක කතා කරන්නෙ නැහැ කියලා දිවුරලා තියෙනවා. ශංකර් හැමදාම රස්සාවක් හොයාගෙන ගෙදරින් පිටත් වෙනවා. ශංකර්ට තිබුණ විශේෂත්වය තමයි පොඩි කාලේ ඉඳන්ම එයා දකින හීන හැබෑ වෙනවා. බොහෝ හීන එහෙම හැබෑවටම වෙලා තිබුණා. ශංකර් මෑතකදී දැකපු හීනයකදි එයාගේ තාත්තා කාර් එකක හැප්පෙනවා දැක්කා. කුණු ට්‍රක් රථ රියදුරෙක් වුණ ශංකර්ගේ තාත්තා කොහොම හරි ශංකර් කැමති පොලිස් රස්සාව අරගෙන් දෙන්න ක්‍රමයක් ගැන හිතමින් හිතමින් හිටියේ. ශංකර්ගේ තාත්තා රස්සාවෙන් අස් වෙලා, ලැබෙන විශ්‍රාම සල්ලි වලින් කොහොම හරි ශංකර්ට පොලිස් රස්සාවක් අරගෙන දෙන්න ලෑස්ති වුනා. සුබ්බුරායන් (ශංකර්ගේ තාත්තා) වෙනදා වගේම කුණු එකතු කරගෙන යන ගමන් තේ කඩේ ගාවින් වාහනේ නතර කරා. ඒත් අද නතර කලේ තේ බොන්න නෙවෙයි. හෙට ඉඳන් වැඩට එන්නෙ නැහැ කියලා කියන්න. අලුතෙන් රස්සාවකට බැඳුණු ශංකර්ට පඩිය ලැබුණ නිසා තාත්තට තුන් වතාවක් කෝල් කරලා තිබුණත් සුබ්බුරායන් ෆෝන් එක ඉස්සුවෙ නැහැ. එයා සුපුරුදු විදිහටම ශංකර්ට වට්ස්’ප් එකෙන් වොයිස් මැසේජ් යවන ගමන් හිටියා. එක්වරම හිතන්නත් කලින් කාර් එකක් සුබ්බුරායන්ව හප්පාගෙන ගියා. වේලාසනින්ම මේ හීනෙ දැක්කත් ශංකර් ඒ වෙනකොට පරක්කුයි. ශංකර් තාත්තව පෞද්ගලික රෝහලකට ඇතුලත් කරනවා. තාත්තව බේරගන්න රු. ලක්ෂ 10ක් ඉල්ලනවා. ඒ වගේම තාත්තව හැප්පුව කාර් එක හොයාගත්තොතින් තෙවන පාර්ශව රක්ෂණයෙන් රෝහලේ බිල අය කරගන්න පුළුවන් කියලා දොස්තර මහත්තයා අදහසක් දුන්නා. ශංකර් ඒ කාර් එක මොකක්ද කියලා සෝදිසි කරන් හිටියා. දවසක් නින්දෙන් ඉද්දි ශංකර්ට හීනෙන් ඒ කාර් එක පෙනුනා. කාර් එකෙන් කෙනෙක් බහින්න ඔන්න මෙන්න තියෙද්දි ශංකර්ට ඇහැරුණා. ඇහැරුණා නෙවෙයි, රෝහලේ වැඩ කරන සේවිකාවක් ශංකර්ව ඇහැරෙව්වා. ශංකර් සේවිකාවට බනින්න ගත්තා. ඒත් සේවිකාව ගැන අනුකම්පා හිතුන ශංකර් සේවිකාව හොයාගෙන ගියා. ශංකර් සේවිකාවට මේ හීන දකින එක ගැන කිව්වා. මේ ඔක්කොම ඇහුව සේවිකාව ශංකර්ට අදහසක් දුන්නා. හීනේ දැක්ක දවසේ මොනවද කලේ, මොනවද කතා කලේ, ඒවා ආපහු ඒ විදිහටම කරන්න කිව්වා. ශංකර් තියෙන එකම බලාපොරොත්තුව මේ හීනය නිසා ආයේ එදා කරපු දේවල් මුල ඉඳන්ම කරන්න ගත්තා. ඒ විදිහටම කරන්න හිතුවත් අතරින් පතරින් ශංකර්ට බාධා ඇති වුණා. ඒ බාධා මඟහැර ගෙන හීනෙ දකින්න ශංකර්ට ඊලඟ දවසෙදිත් ඒ විදිහටම කරන්න වුණා. ශංකර්ට කිසිම වෙනසක් නොවී එදා වුණ විදිහටම ආයේ කරන්න පුළුවන් වේවිද? පිස්සෙක් වගේ ඇවිදින ශංකර්ට තාත්තා එක්ක කතා සදහටම කතා කරන්න බැරි වේවිද?

ආර්. ස්‍රීනුවාසන්ගේ අධ්‍යක්ෂණයක්. ස්‍රීනුවාසන් මීට පෙරදී Annadurai (2017) චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබුවා. මේ චිත්‍රපටය විදාර්ත් ප්‍රධාන නළුවෙක් විදිහට වෘත්තියේ 25 වෙනි චිත්‍රපටියයි. මෑතකදී නිකුත් වුණ Anbarivu (2022) චිත්‍රපටයේ දුෂ්ඨයාගේ චරිතය ඔහු විසින් ඉදිරිපත් කරනු ලැබුවා. මීට අමතරව, දාන්‍යා බාලක්‍රිෂ්ණන්, ජී. මාරිමුතු, මුන්නාර් රමේෂ් යන අයද රංගනයෙන් දායක වෙනවා.

විශේෂත්වය වෙන්නෙ මේ චිත්‍රපටියේ සංස්කරණය Maanaadu (2021) චිත්‍රපටයේ සංස්කරණ කටයුතු කල ප්‍රවීන් කේ. එල්. විසින්. මෙහි සංගීතය අධ්‍යක්ෂණය සෑම් සී. එස්. විසින්. Sabaapathy (2021), Enemy (2021), Kaithi (2019), Vikram Vedha (2017) යන චිත්‍රපට වලට ඔහු මීට පෙරදී සංගීතය සපයා තිබෙනවා. ගීත ගායනයෙන් ප්‍රසිද්ධ ගායන ශිල්පී හරිචරන් එක් ගීතයකට හඬ සපයා තිබෙනවා.

වෙනදා වගේම අදහස් දක්වන හැම දෙනාටම ස්තූතියි! දිගටම අපි එක්කම අදහස් දක්වමින් ඉන්න. හැකි ඉක්මනින්ම ආයෙමත් උපසිරැසියකින් හමුවෙමු.

බුදු සරණයි! සියළු දෙවිවරුන්ගේ රැකවරණයි!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි TRUE WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

2,921 downloadsDownload Carbon-2022.zip43 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිඳු නවින්

Subtitles

2,921 downloadsDownload Subtitles43 KB

17 comments

  1. Anonymous

    Thanks for sub

  2. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  3. Kushan

    Sub akta thanks

  4. Deshan

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
    ජය වේවා!!!

  5. Anonymous

    Patta

  6. Samith

    Thanks brother

  7. Naveen

    උපසිරසියට තුති

  8. Manoj

    උපසිරසියට ස්තුතියි

  9. Anonymous

    තැන්කු වේවා

  10. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  11. Gayan

    බොහොම ස්තුතියි

  12. Anonymous

    Bohoma sthuthiyi saho
    Digtma aluth film demu

  13. Dineth de silva

    Thanks brother

  14. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  15. Niro

    Badva rascal
    Love you rachchu sub denna puluwn nm

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!