දරුණු රිය අනතුරකට මුහුණ දී ජීවිතයෙන් සමුගත් තම පියාගේ අභාවයත් සමග දැඩි මානසික පීඩනයක ලක් වන කේල්, එහෙමත් නැත්නම් අපි කවුරුත් දන්න Shia La Beouf තම පාසලේ ස්පාඤ්ඤ භාෂාව උගන්වන ගුරුවරයාත් සමග ඇති කරගනු ලබන ආරවුලක් නිසා මාස 3 ක නිවාස අඩස්සියකට ලක් කරනු ලබනවා.. අවසානයේ තමන්ගේ මවගේ ඇනුම් බැනුම් මැද නිවසට…

දරුණු රිය අනතුරකට මුහුණ දී ජීවිතයෙන් සමුගත් තම පියාගේ අභාවයත් සමග දැඩි මානසික පීඩනයක ලක් වන කේල්, එහෙමත් නැත්නම් අපි කවුරුත් දන්න Shia La Beouf තම පාසලේ ස්පාඤ්ඤ භාෂාව උගන්වන ගුරුවරයාත් සමග ඇති කරගනු ලබන ආරවුලක් නිසා මාස 3 ක නිවාස අඩස්සියකට ලක් කරනු ලබනවා.. අවසානයේ තමන්ගේ මවගේ ඇනුම් බැනුම් මැද නිවසටම වී කාලය ගත කරන ඔහු, තමන්ගේ හොදම යාළුවා රොනීත් සමග නිවසේ දුරදක්නය යොදාගනිමින් අවට වට පිටාවේ සිටින පුද්ගලයින්ගේ දින චර්‍යාව නිරීක්ෂනයට පෙළබෙනවා.. මේ අතර තමයි අපේ කතා නායිකාව ඈෂ්ලි, කේල් ගේ නිවස අසල පදිංචියට පැමිනෙන්නේ..
මෙහෙම දවසක් රෑ කම්මැලිකමෙන් දුරදක්නයෙන් අවට නිරීක්ෂණය කරමින් ඉන්න අතර කේල්ට, අසල්වැසි නිවසක සිදු වීමට යන මිනීමැරුමක් ඇසගැටෙනවා.. තමන්ගේ ප්‍රදේශයේ සිදුවන ඝාතන රැල්ල හා මෙම සිදුවීම අතර සම්බන්ධයක් ඇතැයි සැක කරන කේල් මෙම සිදුවීම පිළිබද සෙවීමට ඈෂ්ලි හා තම මිතුරා රොනීගේ සහයෙන් මෙහෙයුමක් ආරම්භ කරනවා.
අවසානයේ නොසිතූ ලෙස ජීවිතයත් මරනයත් අතර සටනක් බවට පත්වෙන මෙම මෙහෙයුමෙන් සැබෑ ඝාතකයාව සොයා ගැනීමට කේල්ට හැකියාව ලැබෙයිද.. ප්‍රදේශයේ සිදුවන දාම ඝාතන හා මෙය අතර සම්බන්ධය කුමක්ද? රතු කෙස් ඇති ගැහැණු ළමුන් ඝාතනය කිරීමේ පිටුපස ඇති අභිරහස කුමක්ද?
Transformers චිත්‍රපට පෙලේ ප්‍රධාන චරිතයකට පන පෙවූ Shia La Beouf නම් විශිෂ්ඨ නළුවාගේ අපූරු රංගන හැකියාවෙන් ඔපවත් වූ Disturbia, IMDB දර්ශකයේ 6.8 ක ප්‍රේක්ෂක මනාපයක් සනිටුහන් කර ගැනීමට සමත් වී තිබෙනවා. මුලු චිත්‍රපටිය පුරාම ප්‍රේක්ෂකයාව කුතුහලය හා ත්‍රාසය මුසු අපූරු ගමනක් ගෙන යන මේ සළරුව නැරඹීමට ඔබටත් ආරාධනා කරන ගමන් චිත්‍රපටය තුල සිප වැළදගැනීමේ දර්ෂණ කිහිපයක් අඩංගු වන බවත් මතක් කරනව.
එහෙනම් 26 වන උපසිරසියෙන් ඔබව හමුවීමේ බලාපොරොත්තුවෙන් මා සමුගන්නවා.. පරිස්සමෙන් සතුටෙන් ඉන්න. බුදුසරණයි..
2011 ජනවාරි 3 විකියා සොහොයුරා විසින් පල කළ ලිපිය.
මේ බයිස්කෝප් එක ගැන කියන්න කලින් අතීත කතාව කට්ටියට කියල ඉන්න ඕනේ…මෙන්න මෙහෙමයි මම ඉතිං පොඩි කාලේ ඉඳලා බයිස්කොප් පිස්සනේ…මේ බයිස්කොප් එකත් ආපු අලුතම වගේ බා ගත්තා..ඒත් බලන්න හිතුණෙම නෑ..ඒ මොකද කියලා නම් දන්නේ නෑ..ඔන්න දැන් වර්තමානේ ඒ කියන්නේ 2010 අවුරුදු 3කට පස්සේ මට යාළුවෙක් කියනවා මම දීපු බයිස්කෝප් එකක් බැලුවලු මැක්සලු…මම ඇහුවා මොකද්ද ඒ බයිස්කෝප් එකේ නම කියලා මෙන්න මේකෙ නම කිවුවනේ..හි හි..ඔන්න ඉතිං මිනිහගේ වදේ නිසාම බැලුවා අප්පා සුපිරිනේ…ඔන්න ඔහොමයි වැඩේ වුණේ…දැන් ඔන්න මම බයිස්කෝප් එක ගැන කියන්නම් මෙන්න මෙහෙමයි…. බයිස්කෝප් එකේ ප්‍රධාන චරිතය රඟපාන්නේ Shia LaBeouf විසින්…මොහු රඟපෑ Wall Street: Money Never Sleeps,Transformers ,Eagle Eye බයිස්කෝප් බලලා ඇතිනේ. ජනප්‍රිය නළුවෙක්..
කතාව පටන් ගැන්මේදීම ලොකු රිය අනතුරකට මෙහි කතා නායකයා හා ඔහුගේ පියා ලක්වෙනවා..මේකෙන් දිවි ගලවා ගැනීමට සමත් වෙන්නේ පුතා පමණයි..කෙසේ නමුත් පියා නොමැති සාංකාව නිතරම මොහුගේ මනස තුළ සැරිසරසනවා..දිනක් පාසලේ ගුරුවරයෙකු සමග ඇතිවන බහින් බස් වීම නිසා ගුරුවරයාට මොහු විසින් පහර දෙනවා…එයින් මොහුගේ පාසල් දිවිය තාවකාලික නැවතීමකට ලක් වෙනවා..පොලීසිය විසින් මොහුව නිවාස අඩස්සියේ තබනවා..මොහුගේ පාදයේ සවිකරන එක්තරා උපාංගයක් නිසා මොහුට යෑමට පුළුවන් වන්නේ නිශ්චිත දුරකට පමණයි..එය නොතකා ගමන් කළොත් පොලීසිය ඉතාම අඩු කලකදී මොහුව අල්ලාගෙන යනවා..ඉතිං ඊට පස්සේ කරන්නම දෙයක් නැති කමින් පාළුව මකා ගන්න මිනිසෙකු වශයෙන් කරන්න පුළුවන් හැම දේම කරනවා..දුරබලන කණ්ණාඩියකුත් මේ අස්සේ කරළියට එනවා..මොකද පාළුව මකා ගන්න වට පිට බලන එකත් ලොකු දෙයක්නේ..ඒ කොහොම උණත් මේ දුරබලන කණ්ණාඩිය නිසා කිසිවිටකත් නොපැතූ නොසිතූ ත්‍රාසජනක ඉරණමකට මොහුට මුහුණ දෙන්න වෙනවා….

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා අදාළ වේ.
6,463 downloadsDownload Disturbia-2007.zip40 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉෂාන් මධුෂංක(ඉෂූ)
Subtitles
83 comments
Rukshan Hanry
Rukshan Hanry
Town film eka danna adahasak naddooo?
chamath
ela saho onna baganna damma.ela .thama saw na neda kamak na.ela ela .h,,,,,,,,,,,,,,mmmmmmmmmmmmmm :/
Anonymous
mama3333333333333333333
Prasanna
Niyama film ekak hamoma baganna
l
meloke rahak ne,,,me wage parana athal1k dennath dawas2k yanawane,dan film 2nne dawasak ara dawasakda,me parana magulakne,
suranga
ela film akak thamai
telecome aka home package ake speed wadikaralath na price adu karalath na
meka unhappy broadband
1Mb nam elkiri wage movie down karanna puluwan
asadarana wadakgayan b.s.
aiyo. Dan biscope nam kisi wedak nehe.parana film denawa. sinhala subtitle aththeth nehe.Issra dunnu loku talks kohomada.Dan kisi saddayak nehe.torrent site wala aluth films ona tharam thiyanawa. danne parana film.Meka kabal biaskope site ekak,,,,
sunanda
onna ha ha pura kiyala aluth awurudde banna demma.2010 wagema 2011 api baiscop ekka innawa............
Tharindu Sasalanka
Elaaaaaaaaaaaaa
Suren n. Semage
Hemotama Siyalu balaporotthu itu wena Subama Suba Aluth Auruddak wenna kiyala mulinma prarthana karanawa. Film ekatath godak sthuthi saho.
Jayen wewa Baiscopelk!
Nirmal
ade elane mama mee movie ekanam balannama kiyala tamai hitiye hebai hoyanna welaawak tibune naa.......
Thnx a lot for Vikiya bro for ur commitment to bring this one towards us!!
Wish Baiscope site and da whole crew a very happy n a prosperous new year!!!!අමිල
meka download karanda one.. අඩේ එස්.එල්.ටී. මෝඩයො අන්ලිමිටඩ් එක ලිමිට් කරලනේ 8ජීබී වෙනකම්.. පිස්සු හරක්ක්
Anonymous
jayawewaaaa
Asitha
ela machan විකියා.............
Udaya
meka maru baiscope ekk. rasa weda godak tiyenawa....
චින්තක
onna apith banawa..
elaaa fillm ekak.chamila
meka balala thiyenawa. film aka hodai...
Anonymous
ටිකක් අමුතුයි වගේ
බලමුකො ඔයා කියන්නෙ ඇත්තද කියලා
බාමිMucha
Ane apata The Chronicles Of Narnia eke Sinhala subtitle dennako
sandaru
thanks sahooo. jaya wewa.filme ekanam maru.
-HacKrisH-
පට්ට සයිට් එක අයියා... ඔයාලා කරන වැඩේ නම් එල... නියමේට කරනවා... මම ඔයාලා දාලා තිබ්බ සේරම සබ් බා ගත්තා... ගොඩක් ඒවා බලලා තියෙනවා... ඒත් ආයෙත් සිංහල සබ් එක්කම බලනවා... තැන්කූ... ජය වේවා!!!
වා.මු. නිලන්ත පියසිරි
මේක බලලා තියෙනවා. දැන්වූවාට පිං.
rohan
thanksss
onna baana demmavishva yapa
niyama baiscoe akk ...hamoma bagana balane...
Akalanka Yapa
දැන්මම බා ගන්නවා..... බොහෝම ස්තුතියි.....
Lakshitha
කමෙන්ට් එකක් නොදා යන්නෙ කොහොමද ඉතින්... බොහොම ස්තුතියි...
විකියා
කමෙන්ට් කල සියලු සහෝලට තුති,,,,,,,කට්ටියම බලන්න නියම බයිස්කෝප් එකක්....
Anonymous
Download button eka nane
Ramraj
balamu.
Pasindu
කියන නිසයි බලන්නෙ ඔන්න.... ;)
Thanx... :Dashan kandy
baluwa bluwa wage matakai sure na ban.. e nisa bala balanawa... :D
ashan kandy
@ amila.. macho e katawa boruwak ne da?.. slt call kara man.. ehema ekak na kiyanne.
Amila
@ashan- siraa da?
AL1717
Appatasiri Matath Okama Una Ban...
Mamath Meka Bewa.. Ane Thama Nam Bala la Ne. :D :D Mage Back UP Wala Thiyanawa.
Onna Henam Mamath Kiwwa Nisama Balanawa.
Balala Kiyannam ko Mokada Case Eka Kiyala..Jaya Wewaaa....!!
Anonymous
එස්.එල්.ටී එක ඩවුන් ලෝඩ් අන් ලිමිටඩ් එක අයින් කරල නෑ ඒක බොරු කතාවක්.
බය නැතුව බාගන්න යාලුවනේ.රොබින්හුඩ්
බොහොම ස්තූතියි විකියා සහෝ. එහෙනම් මේකත් බලමු...
Priyantha De Silva
niyamai ne. honda speed torrent ekak. onna mamath denn dl demma.thanks kiyalama
Lahiru
maxa movie එක,අන්තිමෙදී නරකයා එලටම මැරුම් කනවා!!!!!!!
Manoj
Patta film 1k..ful athal....balanna..
shane
patta film ekak brother.....
Kasun.D
filma eka ela.
Kalum Gunasekara
මමත් මේක ගිය අවුරැද්දෙ මුලදි බැලුවෙ. හැබයි වචන 2ක් නෑ. ඵළකිරි... Thank u very much. නොබලපු අයට බලන්න මේක දැම්මට.
chamath
patta film eka saho balapu nathi aya aniwa balla.maxama film eka
k.dhanushka
maru maru
Akila
baganna oni den
Anonymous
ela ela degatama karagana yanda
sampath and ishi
ela ela degatma karagana yanda
sampath and ishi in uk
apa free day aka gawana oyala nesa.thanka machala.sinhala sub akka dana wadanan elama keri...
Sajindu
film aka nam niyamayi, Thank you very much...
prashakthi
maxxa film eka machooo0
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ada mama palaweniya.. mama meka ballala thyenawa... ela film eka...