ආයුබෝවන් හැමෝටම ඔන්න ඉතින් 2019 අගෝස්තු මාසයේ 30 වෙනිදා නිකුත් වුණ නවතම comedy ගණයට අයත් IMDb අගය 6.5 ක් අරගත්ත ෆිලුමක් ඔයාලට අරගෙන ආවා. ප්‍රධාන චරිතය meyaadha maan (2017), Nibunan (2017), Petta (2018) වගේ මැතක ආව චිත්‍රපට වලට දායක වෙලා තියෙන vaibhav Reddy නිරූපණය කරනවා. Palak Lalwani නවක නිළියෙක්…

ආයුබෝවන් හැමෝටම ඔන්න ඉතින් 2019 අගෝස්තු මාසයේ 30 වෙනිදා නිකුත් වුණ නවතම comedy ගණයට අයත් IMDb අගය 6.5 ක් අරගත්ත ෆිලුමක් ඔයාලට අරගෙන ආවා. ප්‍රධාන චරිතය meyaadha maan (2017), Nibunan (2017), Petta (2018) වගේ මැතක ආව චිත්‍රපට වලට දායක වෙලා තියෙන vaibhav Reddy නිරූපණය කරනවා. Palak Lalwani නවක නිළියෙක් පෙම්වතියගේ චරිතයෙන් දායක වනවා වගේම තවත් දමිල සිනමාවේ චිත්‍රපට 50කට අධික සංඛ්‍යාවකට විකට චරිතයක් විදියට පණ දෙන Sathish දායක වෙනවා. කතා වස්තුව පැය 2කුත් විනාඩි 8ක් පුරා දිව යන එකක්.
කතාව දිහාට පොඩ්ඩක් හැරුණොත් ආදි කියන්නෙ කොන්ත්‍රාත් සයිට් වල වැඩ කරන කෙනෙක්. මොන දේ වුණත් මිනිහා 6 වෙනකොට ගෙදර. ඒකට හේතුව තමයි 6න් පස්සේ එයාගෙ ඇස් පේන්නෙ නැතුව යනවා. බැරිවෙලාවත් 6 වෙද්දි ගෙදර එන්න බැරිවුණොත් ඉතින් යාලුවට තමයි කරදරේ. කොහේ හිටියත් ගෙදර එක්කගෙන එන්න ඕනෙ. අම්මයි තාත්තයි එකතුවෙලා කොහොමහරි හොද කෙල්ලෙක් හොයල බන්දලා දෙන්න කියල කපුවෙක්ට කියල ෆොටෝ එහෙම පෙන්නලා ආදිට ඒත්තු ගැන්නුවට එක්කෙනෙකුටවත් කැමති වෙන්නෙ නෑ. එයාම හොද කෙනෙක් හොයාගන්නම් කියල කල් ඇර ඇර ඉන්නවා. දවසක් වැඩ ඇරිලා ගෙදර එනකොට බීච් එක ගාවදි බයික් එකේ පැච් එකක්. වෙලාව 6ත් පහුවේගෙන එනවා. ගත්තා කෝල් එකක් යාලුවට වරෙන් මචං මම බීච් එකේ බයික් එකේ පැච් එකක් කියල. යාලුවත් හරි එන්නම් කියල තිබ්බ. ආදි එයා එනකම් බීච් එකට ගිහින් හෑන්ඩ්ෆ්රී එකත් ගහගෙන සින්දුවක් අහගෙන ඉන්නම් කියල හිතාගෙන ඉදගත්තා.
මේ වෙලාවෙම බීච් එකේ තවත් සිද්දියක් වෙන්න නියමිත වෙලා තිබ්බා. K.P.කියල ලොකු මැරයෙක් දේශපාලන සහයෙන් පවත්වාගෙන කොලේජ් එකක මහාචාර්ය වරිය වන විමලා රාණී මාර්ගයෙන් ඒකෙ ඉන්න ගැහැණු ළමුන් අපයෝජනයට යොදා ගන්නවා. මේ ගැන උද්ඝෝෂණයක් පැවැත්වෙන්න යොදාගෙන තියෙනවා බීච් එකේදීම. ඒක වාර්තා කරන්න රූපවාහිනි කණ්ඩායමකුත් පැමිණෙන්න නියමිතවෙලා තියෙනවා. ආදි බීච් එකේ වාඩිවෙලා ඉදගෙන හෑන්ඩ්ෆ්රී ගහගෙන සින්දු අහගෙන ඉන්නවා යාලුවා එනකම්. උද්ඝෝෂණය කරන කට්ටිය ආදි වටකරගෙන උද්ඝෝෂණය කරනවා. මේ මොනවත් ආදි දන්නෙ නෑ මොකද එයාට 6න් පස්සෙ ඇස් පේන්නෙ නෑ… හෑන්ඩ්ෆ්රී ගහගෙන ඉන්න නිසා සද්දෙ ඇහෙන්නෙත් නෑ. පොලීසියෙනුත් ඇවිල්ලා උද්ඝෝෂණය කරන අය යවන්න හදන අතරතුර දේශපාලන සහය තියෙන කේ.පී.එයාගෙ ගෝලයෝ කට්ටියක් එවනවා උද්ඝෝෂණය අවුල් කරන්න හිතාගෙන. එයාල ඇවිත් කට්ටියට ගහලා යැව්වත් ආදි නැගිටින්නෙ නැතුව සින්දු අහගෙන ඉන්නවා. එක මැරයෙක් ආදිගෙ බෙල්ලට පිහිය තියල දුවන්න කිව්වත් ආදි නෙමෙයි හෙල්ලෙන්නෙ. මේක බලාගෙන ඉන්න දුවල ගියපු උද්ඝෝෂණය කරපු අය ආපහු ඇවිත් උද්ඝෝෂණය කරන්න පටන් අරගෙන විමලා රාණි කියන ගෑණු ළමයි අපයෝජනයට පොළඹවන කාන්තාව අත් අඩංගුවට ගන්න තැනට වැඩ සිද්ද කරනවා. මේ තැනට වැඩ සිද්දකරේ ආදි කියල ආදිව ප්‍රවෘත්ති නාළිකාවල පවා ප්‍රචාරය වෙනවා. මේ ගැන දැනගන්න කේ.පී. ආදි එක්ක ගැටෙන්න පටන් ගන්නවා. එතනනින් එහාට වෙන්නෙ මොකද්ද කියල ඔයාලම බලන්න..
හැමෝටම තෙරුවන් සරණයි..

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Proper Web-DL පිටපත සඳහා අදාළ වේ.
9,018 downloadsDownload Sixer-2019.zip61 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-09-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
23 comments
Udaya Saman
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi sahooo sub eka dunnata..
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!ඔෂද ධනංජය
ස්තූතියි සහෝ...පෝස්ටර් එකත් නියමෙට දීල තියෙනවා
chadilan
Thanks buddy..
D.Chamara
bohoma sthuthi sahooo
darshana100
thanks yalu budusaranai
Sanjeewa2010
Pattaaaaaaaaa
Cool_maths
Ela bn..thnx..
Ayesh Prashan
Thank You
Shalitha111
Thnq brother
L.G.T.Dilshan Liyanage
Tnx❤
ranga11112
thanks saho....
gayanmagee
thanks
C lakmal
ජය වෙිවා
Chamara Diaz
එලම...
Lahiri
THAnkz saho
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
nalin83dhanus
තෑන්ක්‍යු සබ් එකට
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nish47
ස්තූතියි සහෝ
PrabuddhaDaskon
Thanks bro
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ඔන්න පලවෙනි කමෙන්ට් එක මම දැම්මා..බොහොම ස්තූතියි උපසිරසියට සහෝ..ඔන්න ගත්තා