සොබාදහම… හරිම අපූර්ව අත්දැකීම් අපිට ලබා දෙන තෝතැන්නක් කිව්වොත් මම වැරදි නෑ. ඒ ලැබෙන අත්දැකීම් අපිට අපේ ජීවිතේ සුන්දරම අත්දැකීම් වෙන්නත් පුළුවන් වගේම. ජීවිතේ අපි ලබන කටුකම අත්දැකීම වෙන්නත් පුළුවන්. සොබාදහමේ සුන්දරත්වය වගේම තමයි සොබාදහම දරුණු අතට හැරුණොත් ලැබෙන ප්‍රතිවිපාකත් අපිට හිතාගන්නවත් බැරි තරම…
සොබාදහම… හරිම අපූර්ව අත්දැකීම් අපිට ලබා දෙන තෝතැන්නක් කිව්වොත් මම වැරදි නෑ. ඒ ලැබෙන අත්දැකීම් අපිට අපේ ජීවිතේ සුන්දරම අත්දැකීම් වෙන්නත් පුළුවන් වගේම. ජීවිතේ අපි ලබන කටුකම අත්දැකීම වෙන්නත් පුළුවන්. සොබාදහමේ සුන්දරත්වය වගේම තමයි සොබාදහම දරුණු අතට හැරුණොත් ලැබෙන ප්‍රතිවිපාකත් අපිට හිතාගන්නවත් බැරි තරම් දරුණුයි. ඒ නිසාම තමයි ස්වභාවික විපත් අළලා චිත්‍රපටි ලොකු ප්‍රමාණයක් මේ වෙද්දිත් නිපදවලා තියෙන්නේ. හැබැයි ඒ හැම චිත්‍රපටයක්ම හිතපු තරම් සාර්ථක නොවුන අවස්ථාත් ඕනි තරම් තියෙනවා. හැමදාම එකම විදිහේ ස්වභාවික ආපදා ගැන ෆිල්ම් බලලා ඔයාලට ඇති වෙලාද? භූමිකම්පා නිසා කඩා වැටෙන ලොකු ගොඩනැගිලි, සුනාමි, ගිනිකඳු පිපිරීම් වගේ එකම රටාවක ෆිල්ම් බලලා ඇති වෙලාද? එහෙනම් මෙන්න මම අද අරගෙන ආවේ ඒකට හොඳම විසඳුම Crawl (2019). දැනටමත් ගොඩක් අය මේ ෆිලුම ගැන දන්නවත් ඇති මොකද මේ අගෝස්තු මාසෙදි මේ ෆිල්ම් එක ලංකාවේ තිරගත වීමත් ආරම්භ වුන හින්දා. අපි ටිකක් බලමු මේ ෆිලුම ගැන එහෙනම්.
IMDB මනාප 13457 කින් 6.6 ක අගයක් ලබාගන්න සමත් වුන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Alexandre Aja විසින්. 2010 වසරෙදි නිකුත් වෙලා ගොඩක්ම ජනප්‍රිය වුන Piranha 3D චිත්‍රපටය ඔයාලට මතක ඇති. අන්න ඒ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළෙත් Alexandre Aja විසින්. එ් විතරක් නෙමෙයි The Hills Have Eyes(2006), Horns(2013), High Tension(2003) වගේ සුපිරි චිත්‍රපට අධ්‍යක්ෂණය කළෙත් මෙයාම තමයි. ඉතින් හිතාගන්න පුළුවන්නේ එහෙනම් මේ ෆිල්ම් එක ගැනත් නේද? ඩොලර් 13,500,000 ක වියදමින් නිපදවුනු මේ චිත්‍රපටය ඇමෙරිකාවේ තිරගත වුන පළමු සතිය ඇතුළදීම ඩොලර් 12,005,210 ක ආදායමක් උපයගන්න සමත් වෙලා තියෙනවා. Kaya Scodelario සහ Barry Pepper යන නළු නිළියන්ගෙන් රංගනයෙන් හැඩ වුන මේ ෆිලුම වැටෙන්නේ Action, Drama, Horror කාණ්ඩයට. මේ කියපු ප්‍රධාන නළුවා සහ නිළියගේ නම් දෙක නම් The Maze Runner චිත්‍රපටි මාලාව බලපු අයට අමතක නැතුව ඇති. අවුරුද්දක් ගානේ නිකුත් වන මෝරු සම්බන්ධ චිත්‍රපටි, ස්වභාවික විපත් ගැන චිත්‍රපටි බොහොමයක් අසාර්ථක වෙන්නේ තරු බලය රහිත නළු නිළියන්ව යොදාගැනීම හින්දා. ඒත් මේ ෆිල්ම් එකේ එහෙම අඩුවකුත් නැති බව ඔයාලට මං කිව්ව නම් දෙක දකිද්දිම දැනෙන්න ඇති.
ෆිල්ම් එක කොච්චර සුපිරිද කියලා දැනගන්න නම් මේ කිව්ව වැල් වටාරම් ටික හොඳටම ඇති මං හිතන්නේ. අපි ඒ හින්දා මේකෙ කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු. හේලි කියන්නේ පීනන්න දක්ෂ තරුණියක්. පිහිනුම් තරඟ වලදී එයාට දිනන්න මඟ පෙන්නපු කෝච් තමයි එයාගේ තාත්තා ඩේව්. පවුලේ ඇති වුන ප්‍රශ්න හින්දා හේලි, ඩේව්, හේලිගේ අම්මා, හේලිගේ අක්කා බෙත් වෙන වෙනම තමයි ජීවත් වෙන්නේ. කතාව වෙන්නේ මෙහෙමයි. ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ඇතුළු ප්‍රාන්ත කිහිපයකට බලපාන විදිහට 5 මට්ටමේ සුළි කුණාටුවක් කඩා වදිනවා. ඒ අතරේ හේලි ඉන්නේ එයාගේ පිහිණුම් පුහුණුවීම්වල. ආපදාවට ලක් වුන ප්‍රදේශයේම තමයි හේලිගේ තාත්තා ජීවත් වෙන්නේ. ඉතින් තාත්තගෙන් කෝල් එකක්වත් ආපු නැති හින්දා කලබල වුන හේලිගේ අක්කා බෙත් හේලිට කතා කරලා කියනවා තාත්තගෙන් ආරංචියක් නෑ කියලා. ඊට පස්සේ හේලි යනවා තාත්තාව හොයන්න. ඊට පස්සෙ තමයි වැඩේ පටන් ගන්නේ. 5 මට්ටමේ ප්‍රචණ්ඩ කුණාටුව මදිවට බඩගින්නේ ගොදුරු හොයන ඇලිගේටරයෝ ( කිඹුල්ලු) රොත්තකට හේලියි, එයාගේ තාත්තයි මැදි වෙනවා. කතාවේ අවසානේ වෙනකම් හිතාගන්න බෑ අවසානය මොකක් වෙයිද කියලා නම්. මේ දෙන්නම මැරිලා යයිද නැත්නම් එක්කෙනෙක් හරි ජීවිතේ බේරගනියිද? කුණාටුවක් අස්සේ සැඩ සුළං, ගංවතුර එක්ක ඇලිගේටරයොත් සෙට් වුනාම කොහොමද ආතල් එක. ඔයාලම බලන්න.
ඒ වගේම 5 මට්ටමේ සුළි කුණාටුව කියන්නේ මොකක්ද කියලා සමහරුන්ට ප්‍රශ්නයක් ඇති. මූලාශ්‍ර වලට අනුව නම් සුළි කුණාටු බෙදන්න පුළුවන් ප්‍රධාන කොටස් 5 කට.
1 වෙනි මට්ටම – සුළඟේ වේගය පැයට සැතපුම් 74-95 – තරමක් හානිදායක වන අතර දැඩි සුළං පවතී – 2002 වසරේදී ජැමෙයිකාවට කඩා වැදුණු Sandy සුළි කුණාටුව මේ මට්ටමට අයත් වේ.
2 වෙනි මට්ටම – සුළඟේ වේගය පැයට සැතපුම් 96 – 110 – විශාල හානියක් සිදු කළ හැකි අතර ඉතා දරුණු සුළං පවතී – 2004 වසරේ ෆ්ලොරිඩාහි බටහිර ප්‍රදේශයට කඩා වැදුණු Frnaces සුළි කුණාටුව මේ මට්ටමට අයත් වේ.
3 වෙනි මට්ටම – සුළඟේ වේගය පැයට සැතපුම් 111 – 129 – අතිශය ව්‍යසනකාරී වේ – 2005 වසරේ ෆ්ලොරිඩාවට බලපෑ Wilma සුළි කුණාටුව මේ මට්ටමට අයත් වේ.
4 වෙනි මට්ටම – සුළඟේ වේගය පැයට සැතපුම් 130 – 156 – අතිශයින්ම විනාශකාරී සුළි කුණාටු මේ යටතට වැටේ – 2017 වසරේදී ටෙක්සාස්, ලුසියානා වැනි ප්‍රදේශවලට බලපෑ Harvey සුළි කුණාටුව මේ ගණයෙහි ලා සැළකේ.
5 වෙනි මට්ටම – සුළඟේ වේගය පැයට සැතපුම් 157 හෝ ඊට වැඩි වන අතිශයින්ම විනාශකාරී දරුණුතම මේ සුළි කුණාටුවලට විශාල ජීවිත හා දේපළ හානි ඇති කළ හැකියි. මේ මට්ටමේ කුණාටුවකදී නිවාස වුවද කැඩී බිඳී යාමට ලක්විය හැකියි. 1924 වසරෙන් පසු දැනට ගොඩබිමට බලපාන පරිදි ඇති වී ඇත්තේ මේ මට්ටමේ කුණාටු 3 ක් පමණි. ඉන් මෑත කාලීනම සුළි කුණාටුව 1992 වසරේ ෆ්ලොරිඩාවට බලපෑ Andrew Back සුළි කුණාටුවයි.
කෙසේ වුවද මේ චිත්‍රපටයට පාදක වී ඇත්තේද 5 මට්ටමේ සුළි කුණාටුවකි. මේ මට්ටම් 5 ගැන වැඩි විස්තර දැනගන්න කැමති අයට ගූගල් සර්ච් කරලා බලන්න පුලුවන්
දේ තමයි මේ ලිපිය ලියද්දි වගේම සබ් එක හදද්දිත් මං කිඹුලා කියන වචනේ වෙනුවට පාවිච්චි කළේ ඇලිගේටරයා කියන වචනේ. මොකද කිඹුලා (Crocodile) කියන්නෙයි ඇලිගේටරයා ( Alligator) කියන්නෙයි එකම සතාට නෙමෙයි. මේ සත්තුන්ගේ වෙනස්කම් ගත්තොත් ඇලිගේටරයන්ට තියෙන්නේ U අකුරේ හැඩයේ හොම්බක්. ඒ වුනත් කිඹුලන්ට තියෙන්නේ තරමක් උල් වුන V අකුරේ හැඩයේ හොම්බක්. ඒ වගේම තමයි කිඹුලා කට සම්පූර්ණයෙන්ම වැහුවත් උගේ සමහර දත් අපිට පිටට පේන්න තියෙනවා. ඒත් ඇලිගේටරයා සම්පූර්ණයෙන්ම කට වැහුවට පස්සේ අපිට උගේ කිසිම දතක් පිටට පේන්නේ නෑ. ඒකට හේතුව ඇලිගේටරයන්ගේ උඩු යනුව යටි හනුවට වඩා පළලින් වැඩි වීම. ප්‍රමාණය අතින් ගත්තොත් හොඳින් වැඩුණු කිඹුලෙක් හොඳින් වැඩුණු ඇලිගේටරයෙක්ට වඩා තරමක් දිගින් වැඩි වෙන්න පුළුවන්. වතුරේදී වගේම ගොඩබිමදිත් වේගවත් බව අතින් ඇලිගේටරයා කිඹුලට වඩා ඉස්සරහින් ඉන්නවා. ඇලිගේටරයන්ට සාපේක්ෂව කිඹුල්ලුන්ගේ වර්ණ ටිකක් ලා පාටට හුරු වුනත් ඇලිගේටරයන්ගේ දකින්න ලැබෙන්නේ ටිකක් අඳුරු වගේම තද පාටවල්. ඒ වගේම තමයි ඇලිගේටරයන්ව අපිට දකින්න ලැබෙන්නේ ඇමෙරිකාවේ සහ චීනයේ පමණයි. ඒත් කිඹුල්ලුන්ව අපිට ලෝකය පුරාම දැකගන්න හැකියාව තියෙනවා.

මේ සත්තු දෙන්නගෙ තියෙන වෙනස්කම් ගැන වැඩි දුර දැනගන්න කැමති අයට wikihowඩොට් කොම් එකට ගිහින් බලන්න පුළුවන්.
ලියපු විදිහේ ලොකු ලස්සනක් නැති වුනත් ලිපිය නම් සෑහෙන දික් වුනා. මේ කිව්ව විස්තර ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. ඒ වගේම තමයි මේ ෆිල්ම් එකේ කැම් කොපියට තමයි මුලින්ම සබ් එක හැදුවේ. ඒ හින්දා සබ් එකේ පොඩි පොඩි අඩුපාඩු තිබුණොත් සමාවෙන්න කියලත් ඉල්ලන ගමන් අදට එහෙනම් මම ගිහින් එන්නම්. ආයෙත් හම්බෙනකම් හැමෝටම ජය වේවා !!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD | WEB-DL | Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
33,039 downloadsDownload Crawl-2019-Blu-Ray-Update.zip122 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සොහාන් ජයසූරිය
Subtitles
133 comments
C.R.Jayalath
Udaya Saman
උපසිරසියට බොහොම තුති මලේ..ආව ගමන් hd එකට දුන්න එහෙනම්.පට්ට එකක්නේ .....ස්තුතියි මලේ
gihan perera
පට්ට බං....මේක දානකන් හිටියේ...ස්තුතියි උපසිරැසි දුන්නට....දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....
Dhanushkadill
Thanksssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!1
baiscopeshanukap
Thanks bro sub ekata....
geeganagamage
බොහොම ස්තුතියි නියම වැඩක්
ප්‍රශාත් මදුෂංක
Tnx ! Brother..
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති ,
Mewatath sub dennakoAmerican psycho (2000)
Public enemies (2009)
Marjorie prime (2017)
Thr ballad of buster scruggs (2018)
Midsommar (2019)Sanjeewa2010
Pattaaaaaaaaaaaa
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi sahooo sub ekataa ...
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
බොහොමයක්ම ස්තුතියි සහෝ උපසිරැසියට මේකට සිංහල උපසිරැසි දෙනකන් මඟ බලන් හිටියේ.! ඒ වගේ මහන්සි වෙලා හොයලා දාලා තියෙන විස්තරයටත් බොහොමයක්ම ස්තුතියි.!
devinday
Gdk Pin Malli....jaya
suranuwan
thanks bro...
thilz
thank uuuu
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. ;)
arawindasunimal
thanks sub ekata balanna ashawen hitapu movie ekak
Rumesh dhanushka
Thanks sohan.
Suranjan
Thanks........ jayawewa......!
lgunasekara
එල....
wnrodrigo
Good work friend Thanks!
kodagoda
tnx sahoo
Saketha Pulasthi
එල බන්.ගෙදර ආවම ෆිල්ම් එක දියන් ඈ.
UI
thnx lot
Rmadushanka
Thanks for sub
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!darshana100
thanks brother
Shalika_dulan
18 +
OsandaFdo
EKa ftt..aththatma lassana film eka..❤️
Lt.Snk
Penume hetiyatanam "Bait 2012" wage. Balamu..
sub ekata sthuthiසොහාන් ජයසූරිය
ඔව් මූලික හරය ගත්තොත් නම් ඒ වගේ තමා.. අරකේ සුනාමියක් එක්ක මෝරු එනවා මේකෙ ගංවතුර එක්ක කිඹුල්ලු එනවා..
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!DDSK
Thank you very much
dinesh hapuarachchi
Thanks bro
යුරාන් ධනුක (දනුවා)
උපසිරැසියට බොහෝම ස්තූතියි සොහාන් සහෝ !!!
isururko
යකු පට්ට අද තමයි දන්නෙ කිබුලයි ඇලිගෙටරුයි දෙන්නෙක් කියලා, සුපිරි ටැන්ක්ස් බ්‍රො..
Amalidu
සුපිරිම
WA@
Elah...
wajira
Thanks for sub
yase.lake
thnks for your sub, full awesome movie..
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
CW19
Ranidu
thanks for sub bro supiri paharak
jaya wewaAsanjana_Lahiru
tnq saho jayawewa
iduminda
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි!
තව තවත් උපසිරැසි කිරීමට
කාලය, ශක්තිය, ධෛර්ය ලැබේවා.
ජය වේවා!
තෙරුවන් සරණයි!silentnight
sub ekta bohoma sthuthi sahoo..lipiyath supiri..jaya wewa..
Hasitha Madush
ඉතාමත් කලාතුරකින් බලන්න ලැබෙන සුපිරිම film එකක්..සබ් එකත් තියෙනවා සුපිරියටම..ස්තූතියි සහෝ
Emi
Thank you
Ayesh Prashan
Thank You
thusithak91
thx
Chamalka
elama
Sujithsssl
එල එල
ranga11112
supiri film akak...bohoma sthuthiy saho....
Advertisement
සුබ පැතුම් සොහානයා