2018 වසරේ නම් සෝනි සමාගම දෙයක් ඔප්පු කලා. ඒ තමයි එයාලටත් ෆ්ලොප් නොවී හොද නිර්මාණ බිහි කරන්න පුලුවන් කියලා. මතකනේ දහසකුත් බාධාක මැද්දේ Venom (2018) චිත්‍රපටය නිකුත් කරලා ලබපු සාර්ථකත්වය. කියන්න සතුටුයි සිනමැටික් යුනිවර්ස් එකේ අය එයාලා ලග තියෙන චරිත පාවිච්චි කරලා අලුත් නිර්මාණ එලි දක්වද්දී සෝනි සමාගම…

2018 වසරේ නම් සෝනි සමාගම දෙයක් ඔප්පු කලා. ඒ තමයි එයාලටත් ෆ්ලොප් නොවී හොද නිර්මාණ බිහි කරන්න පුලුවන් කියලා. මතකනේ දහසකුත් බාධාක මැද්දේ Venom (2018) චිත්‍රපටය නිකුත් කරලා ලබපු සාර්ථකත්වය. කියන්න සතුටුයි සිනමැටික් යුනිවර්ස් එකේ අය එයාලා ලග තියෙන චරිත පාවිච්චි කරලා අලුත් නිර්මාණ එලි දක්වද්දී සෝනි සමාගම පුලුවන් විදිහට එයාලා ලග තියෙන චරිත ටික පාවිච්චි කරලා මෙතෙක් වැඩි අවධානයක් දක්වපු නැති චරිත වලින් හොද නිර්මාණ බිහි කරන්න පටන් අරන් තියෙන්නෙ. ඉතින් 2018 වසරේම එලි දක්වපු එවැනිම අති සාර්ථක නිර්මාණයක් අරන් තමයි අද මුණගැහෙන්නෙ.
ස්පයිඩර්-මෑන් කියන්නේ කවුද කියලා දන්නවා ඇතිනේ? ඒත් මේ වෙද්දී මාවල් කොමික් චිත්‍රකතා තුලින් ප්‍රේක්ෂකයන් අතරට ගෙනාපු මාතෘකාවක් පදනම් කරන් තමයි මේ චිත්‍රපටය බිහිවෙන්නෙ. ඇත්තටම කොමික් විතරක්ම නෙවෙයි ඇනිමේෂන් කතාමාලා තුලිනුත් ක්‍රොස්ඕවර් කොටස් වලින් යම්තාක් දුරකට මේ ගැන කතා කරලා තියෙනවා. ස්පයිඩර්-මෑන්. කිව්වම ඕනම කෙනෙක් මේ චරිතේ හොදාකාරවම දන්නවා. මාවල් කොමික් ඉතිහාසයෙ රන් සලකුණ ස්ටැන් ලී එක්ක ස්ටීව් ඩිට්කෝ නිර්මාණය කරපු හරි අපූරු චරිතය. ඒත් මේ ස්පයිඩර්-මෑන් චරිතය නිර්මාණය වෙලා කාලයත් එක්ක ස්පයිඩර්-මෑන්ගේ චරිතේ විවිධාකාර සංස්කරණයන්ගේ චරිත බිහි වෙනවා. සාමාන්‍යයෙන් හුග දෙනෙක් ස්පයිඩර්-මෑන් කිව්වම දන්නේ අම්මා, තාත්තා දෙන්නම නැතුව බෙන් වගේම මේ කියන පීටර්ගේ නැන්දා හා මාමා එක්ක හැදි වැඩි වෙබ් තැබීමක් බෙන් මැරිලා යන, පීටර් මේරි ජේන් එක්ක ආදර සම්බන්ධයක් පවත්වන ස්පයිඩර්-මෑන්ගේ චරිතයනේ. ඕක ඉතින් ඕන කෙනෙක් දන්නවා මොකද 616 ලෝකේ ඉන්න වීරයො වගේම දුෂ්ටයෝ ගැන වෙනසක් නැතුව ඕන කෙනෙක් දන්නවා. ඒත් මේ සාමාන්‍ය ලෝකෙන් එහා සමාන්තරව පිහිටලා තියෙන ලෝකවල එකම චරිතය වෙනස් නමකින්, අදින පළදින විදිහෙන්, සුපුරුදු චරිතයේ වෙනස් වීමකින් දකින්න ලැබෙනවා. ඔය විදිහට ස්පයිඩර්-මෑන් කියන චරිතය ගත්තොත් මේකේ විවිධාකාර සංස්කරණයන් සිය ගානක් කොමික් විශ්වය තුල දැකගන්න හැකියාව ලැබෙනවා. අන්න ඒ චරිතවල චරිත කිහිපයක් එක්කාසු කරලා තමයි Spider-Man: Into the Spider-Verse ච්ත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නෙ.
🕷 මයිල්ස් මොරාලිස්
ස්පයිඩර්-මෑන්ගේ විශ්වයක් වන Earth-1610 වලදී මුණගැහෙන චරිතයක් තමයි මයිල්ස් මොරාලිස් කියන්නේ. තවමත් උසස් පාසලට යන තරුණයෙක්. කලින් සදහන් කරපු විදිහට විකිරණශීලි මකුළුවෙක් කාලා තමයි ස්පයිඩර්-මෑන් කෙනෙක්ට ලැබෙන්න ඕන දේවල් එයාට ලැබෙන්නේ. මෙයාගේ ලෝකෙත් ස්පයිඩර්-මෑන් කෙනෙක් ඉන්නවා. හැබැයි ඒ කෙනා ග්‍රීන් ගොබ්ලින් එක්ක ඇතිවෙච්ච සටනකින් මිය යනවා. කාලයත් එක්ක තමන්ගේ හැකියාවන් අදුර ගනිමින් තමයි මයිල්ස් මොරාලිස් ස්පයිඩර්-මෑන් බවට පත්වෙන්නෙ. කොමික් වලදී මයිල්ස් මාවල් කොමික් විශ්වයන්වල තියෙන සාමාන්‍ය, හුරු පුරුදු විශ්වයට ඇතුළු වෙලා එහෙ ඉන්න පීටර් පාකර්ගෙන් උපදෙස් එහෙමත් අරගෙන තියෙනවා.
ළමා වයසේ පසුවෙන ස්පයිඩර්-මෑන්ගෙ චරිතයක් ගොඩනගන්න ස්ටෑන් ලීගෙන් ලැබුණු අනුමැතිය එක්ක Brian Michael Bendis හා Sara Pichelli දෙදෙනාගේ අතින් තමයි මේ චරිතය නිර්මාණය වෙන්නේ. 2011 වසරේ නිකුත් වෙන Ultimate Fallout 04’වැනි කලාපය හරහා තමයි මයිල්ස් මොරාලිස් මුලින්ම කොමික් චිත්‍රකතා අතරට එන්නේ. සාමාන්‍යයෙන් ස්පයිඩර්-මෑන් කෙනෙක්ගෙන් දකින්න ලැබෙන හැකියාවන් වලට අමතරව,
- වෙස්මාරුවක්, එහෙමත් නැත්තම් අදෘශ්‍යමාන වෙලා නොපෙනී යන්න හැකියාව මයිල්ස් තියෙනවා.
- වෙන්න තියෙන දෙයක් කලින්ම එයාගෙ ඔළුවට කෙරෙන අනතුරු ඇගවීමක් වගේ සංඥාවක් නිකුත් කෙරෙනවා. මේ නිසාම මේ දේවල් සිද්දවෙන්න පටන් ගත්තම එයාට ලේසියෙන් ඒවට ක්‍රියා කරන්න පුලුවන්.
- බයෝ-ඉලෙක්ට්‍රික් එහෙමත් නැත්තම් ජෛව විද්‍යුත් ශක්ති පදාර්ථයන් එයාගෙ ඇගිලි හරහා ලේසියෙන්ම පිට කරන්න පුලුවන්. ඔය විදිහට මේ හැකියාව පාවිච්චි කරලා කම්පනයක්, තල්ලු කිරීමක් හෝ පහර දීමක් ඒ ශක්තින් හරහා කරන්න හැකියාව එයාට තියෙනවා.
🕷 ස්පයිඩර් ග්වෙන්
මතකනේ ග්වෙන් ස්ටේසි කියන චරිතේ? The Amazing Spider-Man (2014) චිත්‍රපටයෙ අවසානයේදී ඔරලෝසු කුළුනේ උඩ ඉදන් බිමට වැටිලා මැරිලා ගියෙ? අන්න ඔය කියන ග්වෙන් ස්ටේසිගෙ චරිතෙම Earth-65 වල විකිරිණශීලි මකුළුවෙක් එයාව හපා කාලා හැකියාවන් ලැබෙන්නේ. මේ ලෝකෙදිත් එයා පීටර් පාකර්ව හොදින් අදුරනවා. ග්වෙන් මෙහෙදී වැඩියෙන්ම ආසාවක් දැක්වුවේ සංගීතයට. මිඩ්ටවුන් උසස් පාසලේ ගැහණු ළමයි එක්ක සංගීත කණ්ඩායමක ඩ්‍රම් වාදකයෙක් විදිහට වැඩ කරලත් තියෙනවා. ග්වෙන්ට හැකියාවන් ලැබුනට පස්සෙ පීටර් පාකර් ග්වෙන් ගැන ඉරිසියා හිතිලා උසස් පාසලේදී අඩම් තේට්ටම් වලට ලක් වේවි හිටිය පීටර් තනියම තමන්වම අත්හදාබැලීමක් කරලා කටුස්සෙක් බවට පත්වෙලා තියෙනවා. ඒ කිව්වේ The Amazing Spider-Man (2012) චිත්‍රපටයේ ප්‍රතිකාරයක් හොයන්න ගිහින් බිහිවෙච්ච සත්වයා වගේ.
65’වැනි පෘතුවියෙ ඉන්න මීට කලින් අපරාධ වෙනුවෙන් සටන් කරලා පසුකාලිකවම විශ්‍රාමික සුවයෙන් කාලය ගත කරන ජැනට් වෑන් නොහොත් එහෙ “වාස්ප්” විදිහට කටයුතු කරපු කෙනා තමයි ග්වෙන්ට සූට් එකක් වගේම මකුළු දැල් විදින උපකරණයක් ලබා දෙන්නේ. Jason Latour හා Robbi Rodriguez දෙදෙනාගේ අතින් තමයි මේ චරිතේ බිහිවෙන්නේ. 2014 වසරේ නිකුත් වෙච්ච Edge of Spider-Verse චිත්‍රකතා මාලාවේ දෙවැනි කලාපය හරහා තමයි ස්පයිඩර් ග්වෙන් ප්‍රේක්ෂකයන් අතරට එන්නේ. මෙයාටත් සාමාන්‍ය ස්පයිඩර් මෑන් කෙනෙක්ට තියෙන හැකියාවන් වලට අමතරව,
- යම් දෙයක් ගැන හොදට විශ්ලේෂණය කරන හැකියාව ග්වෙන්ට ලැබිලා තියෙනවා. මේ නිසාම දක්ෂ පරීක්ෂකවරියක් විදිහටත් මෙයාව සලකනවා. ඒ හරුනම මෙයාගේ තාත්තා පොලිස් නිලධාරියෙක් නිසා පොලිසියේ සිද්දවෙන මුලපත්‍ර හා ක්‍රමවේද ගැනත් හොද අවබෝධයක් එයාට තියෙනවා.
- ග්වෙන් කියන්නේ තනියම සටන් කරන්න ඉගෙන ගත්ත තමන්ගේම කියලා ආවේනික සටන් ක්‍රම තමන් සතු කරගත්ත කෙනෙක්. විශේෂයෙන්ම කියනවනම් කුංෆු සටන් ක්‍රම පවා එයා ඉගෙනගෙන තියෙන්නේ චිත්‍රපට බලලා ඒවායෙන් ලබාගත්ත අධ්‍යනයන් වලින්.
ඉතින් මේකේ ඉන්න ප්‍රධාන චරිත දෙකක් ගැන තමයි ඔය කිව්වේ. තවත් චරිත කිහිපයක්ම මම මංසලට ලියපු ලිපියේ අන්තර්ගත වෙනවා. ඒ නිසා වැඩිදුර කියවන්න කැමති නම් මෙතනින් ගිහිල්ලා කියවන්න>>>>
2015 වසරේ මෙවැනි චිත්‍රපටයක් එළිදක්වන බවට නිවේදනය කර, 2015 වසරේ අප්‍රේල් මාසයේදී තමයි හඩ කැවීම් සිදු කරන අය ගැන නිවේදනය කිරීමක් කරන්නෙ. ඊටපස්සේ 2017 අප්‍රේල් මාසයේදී තමයි මේ චිත්‍රපටය නිර්මාණය කිරීමේ කටයුතු ආරම්භ වෙන්නෙ. 2018 දෙසැම්බර් 06’වැනිදා සිංගප්පූරුවේ මංගල දර්ශනයෙ ඉදන් ඇමරිකාව ඇතුළු බොහොමයක් රටවල දෙසැම්බර් 12 වැනිදා ඉදන් විකාශය වීම සිනමාශාලා 3,813 ක් පුරාවටම ආරම්භ කරපු මේ චිත්‍රපටය හෙමින් සීරුවේ අද වෙද්දී හොද ගමනක් ඇවිත් තියෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 90 ක වගේ මුදලක් යොදලා නිර්මාණය කරපු මේ චිත්‍රපටය මේ වෙද්දී සම්පුර්ණ ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 358+ වැඩියෙන් උපයලා තියෙනවා. Bob Persichetti වගේම Peter Ramsey දෙදෙනා විසින් අධ්‍යක්ෂණය කරන මේ චිත්‍රපටයේ තිරපිටපත්වල කටයුතු සිද්දවෙන්නේ The Lego Movie (2014), Smallfoot (2018) අතිශය ජනප්‍රිය ත්‍රිඩි ඇනිමේෂන් චිත්‍රපට බිහි කිරීමට දායක වූ Phil Lord වගේම Rodney Rothman දෙදෙනා විසින්. ප්‍රේක්ෂක මනාප 97,615 ලබා ගනිමින් IMDb දර්ශකයේ 8.7/10 ක අගයකුත්, Rotten Tomatoes වෙබ්අඩවිය තුල 97%ක ඉතාමත් ඉහල අගයක් ලබාගෙන තියෙනවා. PG චිත්‍රපටයක් විදිහට දිගහැරෙන මේ චිත්‍රපටය Animation, Action, Adventure කැටගරි වලට අයත් වෙනවා. හඩකැවීම ගැන කතා කරනවානම් Nicolas Cage, Chris Pine, Hailee Steinfeld ඇතුළු තවත් අතිශය නළු-නිලි කැලක් තමයි මේ සදහාත් දායක වෙලා තියෙන්නේ. මීට ආතරව විශේෂයෙන්ම මතක් කරන්න ඕන,
- IMDb දර්ශකයේ වැඩිම අගයක් ලබාගත් හොදම චිත්‍රපට 250 ඇතුලත 26’වැනි ස්ථානය දිනාගන්නට මේ චිත්‍රපටයට හැකියාව ලැබිලා තියෙනවා.
- 2019 වසරේදී පැවැත්වූ ගෝල්ඩන් ග්ලෝබ් සාම්මන උළෙල මෙන්ම BAFTA සම්මාන උළෙලදී පවා හොදම ඇනිමේෂන් චිත්‍රපටය සදහා සම්මාන ද්විත්වය ඇතුළු තවත් සම්මාන උළෙලවල් වලදී සම්මාන 33 ක්ම දිනාගන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒවගේම 2019 වසරේදී පැවැත්වීමට නියමිත ඇකඩමි සාම්මාන උළෙල එහෙම නැත්තම් බොහෝ දෙනෙක් දන්නා ඔස්කාර් සම්මාන උළෙල තුල පවා “හොදම ඇනිමේෂන් චිත්‍රපටය” සදහා සම්මානයට නිර්දේශ වෙලා තියෙනවා. ආයෙ ඉතින් අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ ඔස්කාර් සම්මානේ එන්නෙත් මේකටම තමයි.
- මේ චිත්‍රපටයේ නමින්ම හරිම අපූරු ගීත ඇල්බමයක් නිකුත් වීමක් වුනා. ඒ අතරින් චිත්‍රපටයේ තේමා ගීතය වූ Sunflower නම් Post Malone හා Swae Lee දෙදෙනා ගායනා කරන අතිශය ජනප්‍රියත්වයට පත්වුණා.
ප්‍රධාන වශයෙන් නිෂ්පාදන කටයුතු සිදු කරලා තියෙන්නේ Columbia Pictures, Sony Pictures Animation වගේම Marvel Entertainment එක්කාසුවෙන්. බෙදාහැරීමේ කටයුතු Sony Pictures Releasing යටතේ සිදුවෙලා තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕන සෝනිලා නිර්මාණය කරපු කොමික් චිත්‍රකතා ඇසුරින් නිර්මාණය වෙච්ච චිත්‍රපට එක්ක බලද්දී මේක තමයි සෝනිලගේ 3D ඇනිමේෂන් තාක්ෂණයෙන් නිර්මාණය කරපු මුල්ම කොමික් චිත්‍රපටය වෙන්නෙත්.
මෙච්චර දේවල් කිව්වට පස්සෙත් මමනම් හිතන්නේ නැහැ මේ වගේ හොද නිර්මාණයක් නොබලා ඉන්න කෙනෙක් ඉදිවී කියලා. මොකද මේ චිත්‍රපටය ඒ තරමටම හොද පැසසුමක් ලබා ගත්ත මෑත කාලින කොමික් චිත්‍රපටයක් විදිහට සලකන්න පුලුවන්. ඒවගේම නැවතත් කියනවා අර මංසලේ පල කරලා තියෙන ලිපිය කියවන්න නිකමට හරි කියවලා බලන්න කියලා. මොකද චිත්‍රපටයේ අවසානයේ අන්තර්ගත වෙන පසු දර්ශන වලදී මම ලිපියේ සදහන් කරපු තවත් අලුත් සප්යිඩර්-මෑන්ගේ සංස්කරණයක් හදුන්වා දීමක් සිද්ද කරනවා. ඒ නිසා ඉතින් කියවන තරමටම ඔයාලටම හොදා. 😆 මේ චිත්‍රපටය බලලා අවසන් වෙන අයට කියන්න තියෙන සුභ ආරංචිය තමයි Spider-Man: Into the Spider-Verse දෙවැන්නක් වගේම ස්පයිඩර්-ග්වෙන්ගේ තනි ස්පින්-ඕෆ් චිත්‍රපටයක් ඉදිරි කාලයේදී නිකුත් වීමට නියමිත බව මේ වෙද්දීත් දැනුම් දීලා තියෙනවා.
එහෙනම් ඉතින් අරගෙනම බලන්නකෝ මේ කතාව හොදයිද කියලා. මං ගිහින් එන්නම්. ජය!!
ප:ලි: මංසලේ පල කරලා තියෙන ලිපියේ සදහන් වෙන්නේ ස්පයිඩර්-මෑන්ලා 11 දෙනෙක් ගැන විතරයි. තව ඔය ලිපියට ඇතුලත් කරන්න බොහොමයක් ස්පයිඩර්-මෑන් චරිතේ සංස්කරණ තියෙනවා. ඔය ලිපිය හෙමීට ලියමින් ඉන්න කාලෙක තමයි එක පාරටම මේ චිත්‍රපටයේ වෙබ් කොපිය නිකුත් වුණේ. ඒ නිසා ඉතින් හිතේ හිටිය චරිත ඔක්කොම ටික නම් ලිපියට ඇතුලත් කරන්න බැරි වුනා. ඒත් මේ ලිපිය ඇතුලේ තියෙන චරිත දෙකක් වගේම ඒ ලිපිය මේකට සම්බන්ධ කරන්න ඕන නිසා මංසලේ පල කරන්න වුනා. ඒත් ඉදිරියේදී ඔය ලිපියටම තවත් ස්පයිඩර්-මෑන් චරිතේ සංස්කරණ ඇතුලත් කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඇතුලත් කරන හැම අලුත් චරිතයක් ගානෙම බයිස්කෝප් මංසල ෆේස්බුක් පිටුව හරහා දැනුම් දීමක් කරන්නම්.

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB/HD/Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
41,845 downloadsDownload Spider-Man-Into-the-Spider-Verse-2018-Blu-Ray.zip288 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
155 comments
Kingdomd
Nilush Angana
Sub ekata thanx
Pasindu ukwatta
thnks
C.R.Jayalath
Thanks Chamara Aiye...
Congratssachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයgeeganagamage
බොහොම ස්තුතියි spider man කියන්නේ පොඩි කාලේ ඉදලා ගොඩාක් ආසාවෙන් බලපු චරිතයක් . මේකත් අනිවාර්යයෙන්ම බලනවා .
Subhash13
සුපිරිම මචන්
sad800
ela bro.......
Amalka Himeshan
Thanks machan sub ekata
subodha
Thanks
chandika1975
thank you so much for the subtitle.
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති චාමර සහෝ උපසිරසට...හැමෝම වගේ මාත් මේක එනකම් බලාගෙන හිටපු ෆිලුමක්..බුදුසරණයි...ජය වේවා!!!
Ayesh Prashan
Thank You
Sahanimoradeniya
Thank you
Sandeepmadushan
ගොඩක් ස්තූතියි සහෝ.. ජයෙන් ජය..
thathsaragayan
සබ් එක ඉක්මනට දුන්නට ගොඩක් Thank mcn .......
Madura Lakshan
Thanks saho sub ekata jaya wewa
Gathsara Umesh
bhooooooom Sthuthy Ayye......
Bludyphantom
thnxxxxxxxxxxxxxxxxxxxxxx brtherrrr
shevin
Thanks saho
Chanu mikhail
thank u.
Sahan Sulakkhana
sub ekata thanks saho
harshani11112
ස්තුති චාමර සහො
තෙරැවන්සරණයිශසිත් සඳරුවන්
සබට තුති කිව්වා.
ඔන්න ගත්තා..
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!hash99
අම්බෝ එනකං ගොඩක් කල් බලාගෙන හිටපු චිත්‍රපටියක්... ගොඩක් ස්තූතියි සහෝ...
Kushan Charuka
thank u Chamara Bro.
Supun_chinthaka
Thx
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි...
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි - දෙවි පිහිටයි..!Kantha_DLA
PSA Rips Best quality........
Small size...
parindyabopage
Thanks
ak
Sub ekati lipiyati thanks!
nisalt
Congrats
Waiting for Blu RayTRD
ස්තුතියි උපසිරසියට යහළුවා...!
bowalaa
Thanks bro
Pradeep Pasqual
Thanks for the sub...!
Iresh Sadeepana
Tnx for sub
ruka94
තැන්ක්‍ස් සබ් එකට
darshana100
niyamai saho thank u
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජයම වේවා!Rvmendis85
Thanks bro..
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
මේක එනකම් බලන් හිටියේ....
සුපිරි ලිපියක්...
සුපිරි ෆිල්ම් එකක් වගේ...
Spider -Verse එකත් මේ වගේ සුපිරියට දිගටම ගියානම් සුපිරි..දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
dilshan samarveera
thanks!
shaun_94
PAtta ah
DasunPancha
thanks bro
Jumanji
බොහොම ස්තුතියි.
Rasitha Pradeep
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
Shehan putha
thanks
Amal_indika
thank you machn
B Madushan
Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks saho.....! Siren season 2 sub demmoth vatinawa bro...